• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව සජිත්ව ගෙන්නුවේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

November 8, 2025
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ඉන්දියාව සජිත්ව ගෙන්නුවේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1992 දිවයින පත්තරේ තුන්වැනි පිටුවේ කොනක කාගේත් අවධානයට ලක් නොවූ පින්තූරයක් තිබිණි. එහි හෙඩිම වූයේ චන්ද්‍රිකා ඉන්දීය සංචාරයක යන්නය. පින්තූරයේ චන්ද්‍රිකා සහ එවක ඉන්දීය විදේශ ලේකම් ජේ.එන්. ඩික්සිත් සාකච්ඡා කරමින් සිටියහ. චන්ද්‍රිකා දිල්ලි ගියේ දිල්ලියේ නේරු විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා යැයි සඳහන් වුවද ඇයගේ සංචාරය සංවිධාන කළේ ඉන්දීය ආණ්ඩුවය. එතකොට චන්ද්‍රිකා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරියක්වත් නොවීය. ඇය බහුජන පෙරමුණ අතහැර ශ්‍රීලනිපයට එක්වී ටික කාලයකින්ම මෙම ඉන්දීය සංචාරය සැලසුම් විය. ඇයගේ ඉන්දීය සංචාරයට එකල ඇයත් සමග ශ්‍රීලනිප නායකත්වයට මාරාන්තික සටනක් කළ ඇගේ මල්ලී අනුර සහ අනුරවාදීන් ඔච්චම් කළත් ඉන්දියාව ඇයට ආරාධනා කළේ ඇය ශ්‍රීලනිපයට එක්වීමත් සමග ඇයගේ දේශපාලන අනාගතය හොඳින් කියවලාය. ඇයගේ ඉන්දීය සංචාරය වනවිට ජනාධිපති ධුරයේ සිටියේ ප්‍රේමදාසය. ඒ වෙනකොට ප්‍රේමදාස ඝාතනය වෙයි කියා කවුරුත් හිතුවේ නැත. යූ.ඇන්.පී. ආණ්ඩුව වැටෙයි කියා කවුරුවත් හිතුවේ නැත. ඒත් ප්‍රේමදාසගෙන් පසු චන්ද්‍රිකාගේ අනාගතය ඉන්දියාව කලින්ම කියවාගෙන තිබිණි. 1992 චන්ද්‍රිකා ඉන්දියාවට ගියාය. 1993 ඇය බස්නාහිර මහ ඇමැති වූවාය. 1994 අගමැති වූවාය. 1994 ජනාධිපති වූවාය.Sri Lanka Latest News

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වූයේ 2002දීය. ඒ වෙනකොට මහින්දට ඉන්දියාව සමග ලොකු සබඳතාවක් තිබුණේ නැත. හැබැයි 2003 ජනවාරියේ ඉන්දියාව මහින්දට නිල විදේශ සංචාරයක් සඳහා ආරාධනා කළේය. මහින්ද ඉන්දියාවට ගියේය. 2003 පෙබරවාරි 14 මහින්ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහුගේ ඉන්දීය සංචාරය ගැන මෙසේ කීවේය.

‘මගේ ඉන්දීය සංචාරය කරුණු කීපයක් නිසා වැදගත් වුණා. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ඉන්දීය රජයේ සහ විපක්ෂයේ නායකයන් සමග සාකච්ඡා කළා. නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නය විශේෂයෙන් අවධානයට ගත්තා…’
මහින්ද රාජපක්ෂ
2003.02.14

2013 අගෝස්තු මාසයේ එවක විපක්ෂ නායක රනිල් ඉන්දියාවේ සංචාරය කොට ඉන්දියාවේ ආණ්ඩුවේ නායකයන් හමුවිය. එය නිල සංචාරයක් නොවුණද මහින්දගේ ආණ්ඩුව ඒ සංචාරයට බයවී රනිල්ගේ සංචාරයට පසු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ව ඉන්දියාවට යැව්වේය. 2014 රනිල් අගමැති විය.

2018 පුංචි ඡන්දය ජයගෙන මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත්වූ පසු ඉන්දියාව මහින්දව සහ නාමල්ව ඉන්දියාවට ගෙන්වා ගත්තේය. ඒ, 2015 පරාජයට පසු ඉන්දියාව තමන්ව පරාජය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි මහින්ද චෝදනා කර තිබියදීය. 2015 පරාජයට පසු රාජපක්ෂ පවුල ඉවර යැයි මුළු ලෝකයම සිතා සිටියත් 2018 පුංචි ඡන්ද ජයග්‍රහණයත් සමග මහින්ද සහ රාජපක්ෂ පවුලේ දෙවැනි ගමන ඉන්දියාව කියවා ගත්තේය. 2019 මහින්ද අගමැති විය. ගෝඨා ජනාධිපති වී රාජපක්ෂ පවුල රජ විය.

2024 පෙබරවාරියේ ලංකාවම පුදුමයට පත්කරවමින් ඉන්දියාව ජවිපෙ නායක අනුරට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා කළේය. එකල අනුර නිකම්ම නිකම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් විය. ඊටත් වඩා ජවිපෙට ඉන්දීය විරෝධී ඉතිහාසයක් තිබිණි. ඒ සියල්ල අමතක කොට ඉන්දියාව අනුරට ඉන්දියාවේ රතු පලස් එළුවේය. ඒ වෙනකොටත් අනුරලා රටේ රැල්ලක් හදමින් සිටියත් රටේ මධ්‍යම පන්තිය අනුරට රට පාලනය කරන්න පුළුවන් කියා විශ්වාස කළේ නැත. ව්‍යාපාරික සහ ප්‍රභූ පන්තියද අනුරට රටක් කරන්න පුළුවන් දැයි සැක පහළ කළහ. අනුරට තිබුණු ඒ අවාසිසහගත මතය වෙනස් වුණේ අනුරගේ ඉන්දීය සංචාරයෙන්ය. අනුරගේ ඉන්දීය ගමනෙන් අනුර ලංකාවේ ඊළඟ ජනාධිපති බව ඉන්දියාව කියවා ගෙන ඇති බව මෙරට දේශපාලන විචාරකයන්ගේ මතය විය. අනුර ඔහුගේ ඉන්දීය සංචාරයෙන් ලොකු පිම්මක් පැන්නේය. ඒ ඔහුට පැනගන්න බැරිවූ පිම්මකි. 2024 පෙබරවාරි ඔහු දිල්ලි ගියේය. 2024 සැප්තැම්බර් ඔහු ජනාධිපති විය.

පසුගියදා ඉන්දියාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා කළේය. සජිත් ඉන්දියාවට ගොස් අනුර ඉන්දියාවට ගොස් හමුවූ ඉන්දීය විදේශ ඇමැති, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකට අමතරව තවත් නායකයන් හමුවිය. ඉන්දියාව ලංකාවේ විපක්ෂ නායකයන් ගෙන්වන මෝස්තරය අධ්‍යයනය කළොත් ඉන්දියාව ඒ මෝස්තරය අනුගමනය කරන්නේ ලංකාවේ දේශපාලනය පිළිබඳ දීර්ඝ කියවීමකින් පසුවය.

සජිත් ප්‍රේමදාස ඉන්දියාවට ලංකාවේ විපක්ෂ නායක පමණක් නොවේ. ප්‍රේමදාසගේ පියා රණසිංහ ප්‍රේමදාස ඉන්දීය සාමසාධක හමුදාව ලංකාවෙන් පලවා හැරීම පිළිබඳ අමිහිරි අත්දැකීම් ඉන්දියාවට ඇත. එය දැන සජිත් සිය දේශපාලනය තුළ තම පියා පිළිබඳ ඉන්දියාවට ඇති ඒ මතය වෙනස් කරන්න ලොකු උත්සාහයක් ගත්තේය. ඔහු වරක් හම්බන්තොට මෝදි ගම්මානයක් හැදුවේය. මෝදි 2019 ලංකාවට ආ විට එවක විදේශ ඇමැති මංගල සජිත්ව මෝදිගේ පරිවාරක ඇමැති ලෙස නම්කරනු ලැබුවේ මෝදි සමග මිත්‍ර වීමට සජිත්ට හොඳ අවස්ථාවක් ලබාදෙමිනි. ගුවන් යානයෙන් බැස මෝදි සජිත්ට අතට අත දෙමින් පැවැසුවේ ඔහුගේ නිවාස වැඩපිළිවෙළට ඉන්දියාව ආධාර කරන්න සූදානම් බවය. ඔහු සිය පියා ගැන ඉන්දියාවේ මතය වෙනස් කළේ උපායශීලීවය. අනුර ජනාධිපති වූ පසු ලංකාවට පැමිණි මෝදි සජිත් හමුවිය. එහිදී මෝදි කීවේ ඉතා ඉක්මනින් සජිත්ට ඉන්දීය නිල සංචාරයක් සඳහා ආරාධනා කරන බවය. මෝදි ඒ පොරොන්දුව ඉටු කළේය.
සජිත් ඒ අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගෙන ඉන්දීය ආණ්ඩුව, ඉන්දීය රාජ්‍යතන්ත්‍රය, ඉන්දීය මාධ්‍ය අතර හොඳ ප්‍රතිරූපයක් හදාගත්තේය.

‘ඉන්දියාවට නිල විදේශ සංචාර ගිය හැම විපක්ෂ නායකයාම ලංකාවේ රාජ්‍ය නායකයා වුණා සේ සජිත් ලංකාවේ රාජ්‍ය නායකයා වෙයිද…?’

ඒක හරියටම කියන්න බැරිය. හැබැයි ඉන්දියාව වැඩකට නැති විපක්ෂ නායකයන් ගෙන්වා ගෙන අතින් කාලා හරක් බලන්නේ නැති බව නම් ෂුවර්ය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පරදින සමුපකාර රැල්ලට පස්සෙ ප්‍රාදේශීය සභා නගර සභා අයවැය පරද්දන රැල්ලකුත් එයිද? Sri Lanka Latest News

Next Post

මට හරි ආස හිතුණා තිරයේ මාව එවැනි චරිතයකින් දකින්න…! මේක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්…! ජනප්‍රියත්වය කියන දේ අපිට බලෙන් රඳවා පවත්වා ගන්න බැහැ…!Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.