රහස් ඡන්දයෙන් මාලිමාවට බලය අත්පත් කරගත් ප්‍රාදේශීය සභා සහ නගර සභා රැසක අයවැය පරාජය කිරීම සඳහා මෙහෙයුමක් මේ වනවිට ආරම්භ වී ඇති ආකාරය දැකගන්නට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව එහි පළමු පියවර තබමින් පසුගිය සතියේ කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කොට තිබිණි.
එහිදී අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කර සිටියේ ඉදිරියේදී මේ අයුරින් මාලිමාවට බලය හිමි ප්‍රාදේශීය සභා, නගර සභා රැසක අයවැය පරාජයට පත්කිරීමට විපක්ෂය කටයුතු කරන බවකි.
පසුගිය සති කීපය පුරාම සමුපකාර ඡන්ද රැසකින්ද මාලිමාව පරාජයට පත්කොට බලය අත්පත් කර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කොට තිබිණි.










