• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“රතු ලේ කිරි පින් මහිමයටයි අම්මාවරු දුක් ගන්නේ… ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමයි උපදින්නේ…” Sri Lanka Latest News

November 9, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
“රතු ලේ කිරි පින් මහිමයටයි අම්මාවරු දුක් ගන්නේ… ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමයි උපදින්නේ…” Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්මා කෙනෙක් කියන්නෙම සංසාරයක්. එහෙම කෙනෙක්, තමන්ට දරුවන් සිටිද්දිත් අසරණ වෙන්න ඕනෙද? එහෙම වෙන්න ඉඩ දෙන්න ඕනෙද? සමාජයක් විදියට අපි එහෙම අසරණ වෙන්න දෙන්න හොඳ නැහැ. එහෙම වෙනවා නම් ඒවා වළක්වන්න උත්සාහ දැරිය යුතුයි. ඇයි මෙහෙම වෙන්නේ කියලා සහ ඇයි මෙහෙම වුණේ කියලා හෙව්වොත් ඒ වගේ අසරණ මිනිස්සු වෙනුවෙන් අපටත් උපකාරයක් කරන්න පුළුවන් වුණොත් ඒක සමාජයට රටට කරන සේවයක්.Sri Lanka Latest News

පාරේ යන දියණියක් අම්මා කෙනෙක් දැකලා අහනවා අම්මට ළමයි නැද්ද කියලා. මේ අම්මා කියනවා ඉන්නවා රට කියලා. ඒත් මේ අම්මට හිමිවෙලා තිබුණේ මහපාර විතරයි. එහෙම වෙන්නේ කොහොමද? තමන්ගේ දරුවන් ගුණධර්මවලින් හොඳට පෝසත් කළා නම් අම්මට මොකද වුණේ, කොහෙද ඉන්නේ කියලා හොයන්න ඒ දරුවන්ට යුතුකමක් තියෙනවා. නමුත් මේ අම්මගේ කුසින් වදාපු එකම දරුවා අම්මට මොකද වුණේ කියලා හොයන්නේ නැහැ. ඇයි ඒ අම්මා පාරට වැටුණේ කියලා මේ ගෑනු දරුවා විමසලා තිබුණා. මේ අම්මා ඒ වෙලාවේ හිටියේ මහපාර අයිනේ අගුපිලක දිරච්ච කූඩයක් යට මල්ලක් තියාගෙන. පාරේ යන අය දෙන සල්ලිවලින් ජීවත් වුණා. පාරේ ගිය දැරියක් නිසා මේ අම්මාට එහි ප්‍රතිඵලයක් විදියට තමන්ගෙම පුතාව මුහුණු පොතෙන් දැකගන්නට හැකියාව ලැබිලා තිබුණා. මේ අම්මට ඒ පින්තූරය දැකලා කිසිම තරහක් හිතට ආවේ නැහැ. මුවින් පිටවුණේ ‘රත්තරන් කෑල්ලක් පුතේ උඹ මට අනේ…’ කියලා විතරයි. අම්මා කියන්නේ ඒකයි වෙනස. සාගරයක් වගේ දරුවන්ට ආදරේ දෙන්නේ හදවතේ එක දශමයකදු තරහක් නැතිවයි. මේ උපකාරය කළ දියණියට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕනේ.

මේ කතාව අපිට අසන්නට ලැබුණේ සමාජ මාධ්‍යයෙන්. ඒ කැලණිය ප්‍රදේශයේ අම්මා කෙනකුට අත්වූ ඉරණමක් ගැන. අම්මා කියන්නේ අපේ ජීවිතේ. ‘ගෙදර බුදුන් අම්මා’ කියලා අපි කියන්නේ කොයිතරම් ගුණයක් අම්මා ළඟ තියෙන නිසාද? අම්මා කියන්නේ නිකම්ම නිකන් ගැහැනියක් නෙවෙයි. අම්මා තුළ වටිනාකමක් අරක්ෂාවක් රැකවරණයක් දරුවකුට තියෙනවා. වෙන කවුරුවත් ළඟ නැති ගුණයක් අම්මා ළඟ තියෙනවා. ඒ නිසා අම්මාව බුදුවරයකුට සමාන කරලා තියෙන්නේ. ඒ නිසයි බුද්ධෝ විය මාතා (ගෙදර බුදුන් අම්මා) කියලා හඳුන්වන්නේ.

මේ පුවත හදවත කම්පනයට පත්කරනවා. මග යන හැම කෙනෙකුගේම ආදරය කරුණාව දිනාගෙන ඉන්න මේ අම්මට වයස අවුරුදු 82ක්. මහමග තනිවෙලා කාත් කවුරුවත් නැති වෙලා. මේ අම්මා කියන්නේ පුතා විදේශගත වෙලා කියලයි. අම්මාට හිමිවුණේ මහමග. මෙහෙම වෙන්න හේතු කාරණා ගොඩාක් තියෙන්න ඇති. මේ අම්මාට මෙහෙම විය යුතු නැහැ. ඒත් දරුවා කෙරෙහි අම්මාගේ හිතේ ආදරයක් මිසක් වෛරයක් එක අංශු මාත්‍රයක්වත් තිබුණේ නැහැ. මේ අම්මා ගැන තොරතුරු ඇහුව දැරියට අම්මා කිව්ව දේවලුත් එක්ක මේ පුතාව මුහුණු පොතේ සොයන්න ගන්නවා. පසුව ඇයගේ පුතාව මුහුණු පොතෙන් සොයාගන්නවා. අම්මා මේ පුතාගේ පින්තූරය හඳුනාගන්නවා.

දැරිය යෝගට් එකක් මේ අම්මට දෙනවා. දීලා අහනවා ඇයි අම්මේ මෙහෙම වුණේ කියලා. අම්මගේ සම්පූර්ණ නම මොකද්ද කියලා අහනවා. එතකොට ඇය කියනවා රණසිංහ ආරච්චිගේ චන්ද්‍රාවතී කියලා.

‘මම කැලණියට ඇවිල්ලා අවුරුදු 8ක් වගේ. මට හරියටම මතකත් නැහැ. ඉස්සෙල්ලාම පුතා ගියේ ඊශ්‍රාලයට. රජයෙන් තමයි ඇරියේ. තුන්සිය ගානක් විතර ගියා. ඇපල් වත්තකටද කොහේද ගියේ. ඒ ඇවිල්ලා තමයි පුතා කොරියාවට ගියා කියලා ආරංචි වුණේ. පුතාගේ සම්පූර්ණ නම චන්නක ලංකා විජේසිංහ. ලේලිගේ නම සුදර්ශනී. ලේලිගේ නමේ තව කෑල්ලක් තියෙනවා මට මතක නැහැ. එයාගේ ගම මහියංගනය. පුතාගේ තාත්තා කඩයක් දාගෙන හිටියා. පුතා ඒකේ කැෂියර් එකේ ඉන්නකොට තමයි ඔය ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා තියෙන්නේ…’ අම්මා කියලා තිබුණා.

දැරිය අහනවා අම්මාගෙන් පුතාගේ ෆොටෝ එකක් දැක්කොත් අඳුනනවද, ඔයාට පුතාව හොයලා දුන්නොත් එයා උදව් කරයි කියලා විශ්වාසයක් තියෙනවාද කියලා.
එතකොට අම්මා කියනවා, ‘අපෝ ඔව්’ කියලා.

‘පුතා තරහ වෙලාද ගියේ?’
‘අපෝ නැහැ’ කියමින් ඉකි ගසා මේ අම්මා හඬා වැටෙන්නට වුණා.
‘කොහොමද ඔයා දැනගත්තේ පුතා කොරියාවේ ගියා කියලා?’

‘පුතා ඉන්නකොට අපේ ගෙට අල්ලලා අනවසර ගෙයක් හැදුවා. ඒත් ඒ ගේ කැඩුවේ නැහැ. එයාගේ වයිෆ් සුදර්ශනී හරි එඩිතරයි. ගේ කැඩුවේ නැහැ. අපේ පුතා ලංකාවේ නැතිකොට එයා ගෙදරට නොම්මරයක් එහෙම ගත්තලු. අහල පහළ කෙනෙක් කිව්වා චන්ද්‍රා අක්කේ අක්කා නැතිවුණාට සුදර්ශනී ඔක්කොම වැඩ කරගත්තා කියලා…’
අවසානයේ මේ දැරිය පුතාගේ මුහුණු පොතේ පින්තුරයක් මේ අසරණ අම්මාට පෙන්වන්නට වුණා. එය දැකීමෙන් මේ අම්මා සතුටු කඳුළු වැගිරුවේ ඉකි ගසමින්.
‘අනේ මගේ පුතා කොණ්ඩේ කොටට කපලා. රත්තරන් කෑල්ලක් උඹ මට පුතේ… අනේ කොහොම හොයාගත්තාද මම මෙච්චර කාලයක් හෙව්වා හෙව්වා….’
රජ මැඳුරක නොඉපදුණත් මේ පුතා අම්මට රජෙක් විදියට පේන්නේ. ඒකයි අම්මලාගේ ගුණය වෙන්නේ.

‘මේ විඩියෝව දැක්කානම් උඹ පුතේ එක දවසක් හරි දස මාසයක් උඹව කුස තියන් ලේ කිරි කරලා උස් මහත් කළ මේ අහිංසක අම්මාගේ කකුල් දෙක අල්ලලා වැඳලා යන්න වරෙන්. උඹට අනේක වාරයක් පිං සිද්ධ වෙයි. අම්මාගේ හුස්ම පොද ගිලිහෙන්න කලින් වරෙන් පුතේ. ඒක උඹ කරගන්න ලොකු පිනක්…’ කියලයි අපිට නම් කියන්න තියෙන්නේ. අම්මලා අපේ ජීවිතවලට පහළ වෙන්නේ එක සැරයයි. ඒ අවස්ථාව මගහැරගන්න එපා. උඹට පසුතැවෙන්න සිද්ධ වෙයි.

මේ රටේ මේ වගේ අම්මලා කී දෙනෙක් හදවතින් දුක්වෙනවා ඇද්ද? ගුණධර්ම නොදන්නා දරුවන් නිසා කොයි තරම් අම්මලා හඬා වැටෙනවා ඇතිද? දරුවනේ පොඩ්ඩක් හිතලා බලපල්ලා.

ඒ කඳුළු දැක්ක අපිට අපේ හදවතට දැනුණේ ඇයි දරුවෝ මේ වගේ මවුපියන්ට කරන්නේ, දරුවන්ට රොබෝලා වගේ දරදඬු හදවත් තියෙන්නේ කොහොමද, මේ දරුවෝ මේ තත්ත්වයට පත්වුණේ කොහොමද කියලයි.

මවුපියෝ අමතක කරලා දරුවෝ සුන්දර ජීවිත හොයනවා. ඒක කවදාවත් හරියන්නේ නැහැ. මවුපියන්ගෙන් ගන්න ඕන දේවල් අරගෙන අයින් කරනවා. ස්වභාවධර්මයෙන් හරි දරුවන්ට ඒ වෙනුවෙන් දවසක දඬුවම් ලැබෙනවා. මෙවැනි සිදුවීම් අනන්තවත් සමාජයේ දැකගන්නට ලැබෙනවා. අම්මලා අතේ වැරදි තියෙන්න පුළුවන්. ඒ‍වාට දරුවන් සමාව දිය යුතුයි. වයසට යනකොට මවුපියෝ එහෙම වන්නට පුළුවන්. දරුවන් කොහොම වුණත් තමන්ගේ යුතුකම් ඉෂ්ට කළ යුතුමයි.

දැන් අම්මලාගේ කාලේ ඉවරයි. අපි තමයි හොඳට ජීවත් වෙන්න ඕනේ. අම්මලාට ඕනෙ දෙයක් වෙච්ච දෙන් කියලා හිතලා මොන රටක වැජඹුණත් වැඩක් නැහැ. මවුපියන්ට නොසලකා බත් කටක් කටට ගන්නකොට අම්මා තාත්තා කෑම කාලාද ඉන්නේ කියලා හොයන්නේ නැති දරුවෝ තමයි අද සමාජයේ බොහෝ ඉන්නේ.
ජීවිතේ කියන්නෙම ගනුදෙනුවක්. හරියට දරුවනුත් මවුපියනුත් ගනුදෙනු සිදුකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පවා සිඟාලෝවාද සූත්‍රයේ ගනුදෙනු සිදුවිය යුත්තේ කොයි ආකාරයටද කියලා දක්වලා තියෙනවා. ඒ ගනුදෙනු හරි ආකාරව සිදුවෙනකොට දෙපාර්ශ්වය කෙරෙහිම ‘අනේ අපි මෙහෙම දරුවන්ට කරන්න ඕනේ, අනේ අපි මවුපියන්ව මේ ආකාරයට බලාගන්න ඕනේ’ කියලා කටයුතු කරනවා. මවුපියන්ට නොසලකන්නා වසලයකු කියලා බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේ පවා දක්වලා තියෙනවා.
නජජ්ජා වසලෝ හෝති – නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ

කම්මනා වසලෝ හෝතී – කම්මනා හෝති බ්‍රාහ්මණා…’
(කෙනකු උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු නොවේ. කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නෙ ඔහු කරන ක්‍රියාව අනුවයි)

අම්මෙක්ගේ ඉවසීම මහ පුදුමාකාරයි. අම්මා කෙනෙක් දරුවෙක් පොඩි කාලේ ඇස්දෙක වගේ පරිස්සම් කරලා අතපය නොකඩා හැදුවේ නැත්නම් අද කකුල් දෙක පය ගහලා නැගිටලා ඉන්නේ කොහොමද කියලා දරුවෝ කල්පනා කරන්න ඕනේ. එහෙම මවුපියෝ අමතක කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. මේ වගේ දරුවන්ට දියුණුවක් ඇතිවෙන්න පුළුවන්ද? නැහැ. කවදා හරි විපාක ගෙනදෙනවා. දරුවා කොයිතරම් උසස් රැකියාවක් කළත් සත්පුරුෂ ගුණධර්ම නැත්නම් ඒ දරුවාගෙන් වැඩක් නැහැ. ඒ නිසා තමයි දරුවන්ට පුංචි කාලේ ඉඳලා ගුණධර්ම කියාදීලා දහම් අධ්‍යාපනය ලබාදෙන්න කියන්නේ. නැත්නම් අනතුරක් සිදුවන්නේ මවුපියන්ටමයි.

අනාගතයේදී මේ සමාජය යන්නේ කාම, මත්ද්‍රව්‍ය රැල්ලකට. ඒ රැල්ලෙන් දරුවන් මුදාගෙන යහපත් අනාගතයක් උදාකරදීම මවුපියන්ගේ වගකීමක්. ඒ වගේම දරුවන් තම මවුපියන් පෝෂණය කර මියගියාට පසු පින් පැමිණවීමත් යුතුකමක්. දරුවන්ව ධාර්මික පරිසරයකට හුරුකරන්න. කවදාවත් එවැනි දරුවන් අතින් පවුලට සමාජයට අයපහත් දෙයක් සිදු නොවන බව විශ්වාසයි.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කිසිදා එළියට ආපු නැති රෝහණ විජේවීර ලියපු ලියුමක් ‘ධර්මන්’ එළියට දායි! ලියුම අරගෙන ආපු විජේවීරගේ දොස්තරත් එළියට එයි…! Sri Lanka Latest News

Next Post

වාහනයක් දුන්නොත් මම අනිවාර්යයෙන් ගන්නවා! ඒකට අපිට අයිතියක් තියෙනවා! අපි වාහන ගන්නෙ නෑ කියලා කිව්වෙ නෑ! හැබැයි මාලිමාව බලය ගත්තේ වාහන ගන්නේ නෑ කියලා! ඒ අයට වාහනයක් ගන්න සදාචාරාත්මක අයිතියක් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.