• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇවිදගන්න බැරිව වෙව්ල වෙල්ලා යනකම් ජනාධිපතිකම් ඇමැතිකම් නළුකම් කර්තෘකම් කරන සියලු සත්වයන්ට ධනපාලගෙන් මාර ආදර්ශයක්! මේක කියවලාවත් වෙලාව ආවම විශ්‍රාම ගනිල්ලා! Sri Lanka Latest News

November 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇවිදගන්න බැරිව වෙව්ල වෙල්ලා යනකම් ජනාධිපතිකම් ඇමැතිකම් නළුකම් කර්තෘකම් කරන සියලු සත්වයන්ට ධනපාලගෙන් මාර ආදර්ශයක්! මේක කියවලාවත් වෙලාව ආවම විශ්‍රාම ගනිල්ලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ සෑම සියලු නිර්මාණයකට හෝ වේවා පුද්ගලයකුට හෝ වේවා නියමිත වූත්, නිශ්චිත වූත් කාලයක් ඇත. උපතත්, වර්ධනයත්, පරිපූර්ණත්වයක් හා ගෞරවාන්විත අත්හැරයාමක් යනු මනුෂ්‍ය ජීවිතය ලබන්නා වූ වටිනාම දායාදයකි. වෘත්තීය ජීවිතයේදී හෝ බලයේ සිටින විටදී වුවද නිවැරදිම මොහොතේදී ගෞරවයෙන් හා තෘප්තිමත්ව සමුගැනීමට හැකිවීම හුදෙක් සැබෑ නායකත්වයෙහි මෙන්ම පුද්ගල චරිතයන්හි පවත්නා උත්තරීතර වූ ලක්ෂණයක් බැව් අර්ථකථනය කළ හැකිය. මන්දයත් ආගමානුකූල දර්ශනයන්හිද හරය වනුයේ එවැනිම වූ අරුතකි. මෙම අත්‍යාවශ්‍ය වූ දර්ශනය හුදෙක් රාජකාරියෙන් සමුගැනීමක්ම නොවේ. හුදෙක් එය තමන්ගේ කාර්යභාරය සම්පූර්ණ කළ බවට ලැබෙන උසස් පිළිගැනීමකි. එය සමාජය වෙනුවෙන් නව ඉඩකඩක් ලබාදීමට හේතුවනවා මෙන්ම අන්තර්ඥානය තම සමාජයට දායාද කිරීමකි. එහි ඇත්තේ හුදෙක් ගෞරවයක් පමණි. ඒ අනුව ‘ධනපාල උඩවත්ත’ මහතා ගායන ක්ෂේත්‍රයේ විශ්‍රාම ගැනීම මෙම ‘හරි වෙලාව ආපුවම අතහැරලා යන්න ඕනෙ’ යන දර්ශනයට කදිම වූ සමකාලීන උදාහරණයක් සපයන්නකි. පසුගිය දිනෙක ඔහු සිය විශ්‍රාම යෑම සහෝදර කලා ශිල්පීන් ඉදිරියේ ප්‍රකාශයට පත්කරමින් ලබන දෙසැම්බරයෙන් පසු තමන් ප්‍රසංග වේදිකාවේ දැකගන්නට නොලැබෙන බව කියා සිටියේය. එනයින් මෙම ලිපිය හරහා ගෞරවාන්විත වූ නික්ම යාමක වැදගත්කම පිළිබඳ පසක් කරනු ලබනු ඇත.Sri Lanka Latest News

ඕනෑම ක්ෂේත්‍රයක එනම් දේශපාලන, කලාව, ආර්ථික, අධ්‍යාපනික හෝ කිනම් ක්ෂේත්‍රයක වීද තම වෘත්තීය තුළ ගෙවන කාලය හුදෙක් උපතේ සිට මියයන තෙක්ම සිදුකළ නොහැක්කකි. මන්දයත් දිනෙන් දින නවීකරණය වන ලෝක සමාජයක පැරණි සංකල්ප නවීනත්වයට පත්වීම නිසකවම සිදුවිය යුත්තක් බැවිනි. එය හුදෙක් දේශපාලනයේදී ජනාධිපති, අගමැති ධුරයන්හිදීත්, රංගනයේදී නළු නිළියන් මෙන්ම පත්තර කලාවේදීද අනාගතයට ඉඩක් දීමට හුදෙක් ඔවුනොවුන් කටයුතු කළ යුතුය.

අප රටේ දේශපාලන ක්ෂේත්‍රය වුවද හුදෙක් ධුරයට බොහෝ සෙයින් ලොබකම් කරන්නා වූ එක් පැතිකඩකි. ගෞරවයෙන් බැබළීමට හැකි වුවත් අවසානයේ නොඇසිය යුතු, නොලැබිය යුතු සියලු නින්දා අපහාස විඳ ධුරයෙන් ඉවත් වන තෙක්ම බලයට කෑදර බොහෝ දේශපාලනඥයන් මෙරට සිට ඇති බව හුදෙක් ඔබ අප දන්නා කරුණකි.
වසර 33ක කුරිරු යුද්ධයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හමාරකොට සිය ධුරයෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට අවස්ථාව ඔහුට හිමිව තිබුණද තවදුරටත් බලයේ රැඳී සිටීමට තිබූ ආශාව හේතුවෙන් සිය කීර්තිනාමයට ඔහු කැළලක් එක්කර ගත්තේය. එනයින් තහවුරු වනුයේ කල් ඉකුත් වූ පසුත් බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීම හෝ ජනතා අප්‍රසාදය පැහැදිලිවම පෙනෙන අවස්ථාවලදී ඉවත් නොවී සිටීම දේශපාලන චරිතයකට අවසානයේ අගෞරවය ගෙනදෙන බවය.

දේශපාලන ක්ෂේත්‍රය තුළ වුවද රටක් පාලනය විය යුත්තේ ලෝකය ගමන් ගන්නා අනාගත, නවීන ක්‍රමවේදයකට අදාළවය. තාරුණ්‍ය තුළින් ගොඩනඟා ගතයුතු ලෝකය වයස්ගත දේශපාලනයට නොතේරේ නම් ඔවුන්ව පාලනයෙන් ඉවත් කිරීමට හෝ බලහත්කාරයෙන් ඉවත් කරවීමට ජනතාවට සිදුවේ. ගෝඨාභය රාජපක්ෂයන්ට සිදුවූයේද එයමය. අරගලයක ස්වරූපයෙන් ලංකාවේ කැලඹීමක් ඇති වූයේද එවැනි කල් ඉකුත් වූ පසුත් පාලනයට ලොබකම් කියූ දේශපාලකයන් නිසාය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ අවස්ථා ගණනාවක් සහ ජනාධිපති ධුරයේත් කටයුතු කළ චරිතයකි. අවසානයෙහි තම නිවසත්, පුස්තකාලයත් පීඩිත වූ ජනතාව අතින්ම පුලුස්සාගෙන යාමට ඔහුට සිදුවිය. එමෙන්ම රනිල් වික්‍රමසිංහ තවදුරටත් උත්සාහ දරන්නේ කෙසේ හෝ නැවත වතාවක් බලයට එන්නටය. බලයේ රහ බලන්නටය. අවුරුදු 30ක් එජාපයේ නායකකම් කොට පක්ෂය බින්දුවටම බැස්සවීමෙන් පසුද පුටුව දමා යන්නට රනිල්ට හිතක් නැත.

තම දේශපාලනයෙහි ඇති වත් පොහොසත්කම් හමුවේ පවුලේ උදවිය හටද එම බලය ලබාදී අගෞරවය ලැබූ දේශපාලන චරිත සඳහා ධනපාල උඩවත්ත කලාකරුවාගේ අදහස ඉතා වැදගත් වනු ඇත.

රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකද සිය ක්ෂේත්‍රයෙන් ගෞරවනීය ලෙස ඉවත් වීමට තීරණය කළ යුතුමය. මන්දයත් ඒ මත ඔවුන්ගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂක මතකය තුළ රැඳෙන නිසාය. නොයෙක් කලාකරුවන් තමන්ගේ ප්‍රධාන රංගන කාලසීමාව ඉක්මවා ගොස් චරිතයන්ට නොගැළපෙන වයස් සීමාව තුළදී ප්‍රධාන චරිත හෝ තරුණ චරිතයන් රඟපෑමට උත්සුක වීම බොහෝ අවස්ථාවන්හිදී ප්‍රේක්ෂක විවේචනයන්ට ලක්වීමට හේතුවන්නකි. එහිදී හුදෙක් නිසි කලට ගෞරවාන්විතව තිරයෙන් ඈත් නොවී සිටීම ඔවුනගේ සදාකාලික වූ කීර්තියට බලපෑමක් ඇතිකරනු නියත බවත් රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පසක් කරගත යුතුය. මන්දයත් තාරුණ්‍යයට ගැළපෙන ලෙස ඔවුනගේ රුචි අරුචිකම් හුදෙක්, තරුණ රංගන ශිල්පීන් හට ඇදී යන බැවිනි. ජෝ අබේවික්‍රම කලාකරුවාණන් ප්‍රේක්ෂක හදවත්හි අදටත් ගෞරවනීය ලෙස රැඳී පවතින්නේ ඔහුගේ සමුදීම නවකයන් හට ඉඩක් සලසමින් රංගන දිවියෙන් ඈත් වූ බැවිනි.

කර්තෘත්වයද එවැන්නකි. කර්තෘවරයකු තමන්ගේ කාර්යභාරය අවසන් වූ බැව් තීරණය කිරීමේ දී එය ඔවුනගේ සමස්ත කෘති එකතුවටම අරුතක් ගෙන්වනු ලබන්නකි. එමෙන්ම නිවැරදි වූ නිහඬ බව ඔවුනගේ නිර්මාණයන්හි පවත්නා ගුණාත්මකභාවයද රකිනු ඇත. මාර්ටින් වික්‍රමසිංහ ගත්කතුවරයා යනුද එවැනිම වූ චරිතයකි. නිර්මාණශීලී කලාකරුවන් හෝ කතුවරුන් නිසි කලට විශ්‍රාම නොයාම යනු හුදෙක් ගුණාත්මක නිර්මාණ බිහිවීම අවම කරන්නක් වනු ඇත. පුවත්පත් කර්මාන්තය තුළ බොහෝ සෙයින් මෙම ස්වරූපය දැකගත හැකිය. වර්තමානය වන විට පුවත්පත් බොහෝ සෙයින් පහතට වැටී ඇත. පැරණි කර්තෘවරුන්ගේ ස්වරූපය වර්තමානයට නොගැළපීම මීට මූලික හේතුවයි. නව තාක්ෂණයට, අලුත් ලෝකයට හුරු නොවීම තවත් හේතුවකි. ඒ නිසා අනාථ කර්තෘවරයන් එක තැන පල්වන ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ පල්වීම එළියට එන්නේ ඔවුන් කර්තෘත්වය දරන පත්තරවලිනි.

නවකයන් හට ඉඩ ලබා නොදීම පුවත්පත් කර්මාන්තය දිනෙන් දින බිඳවැටීමට ඉඩකඩ සලසනු ඇත. මන්දයත් නූතන තාක්ෂණය මෙන්ම ලෝක ගමන් මග පිළිබඳ යාවත්කාලීන වූ දැනුමක් ඔවුනට නොමැති බැවිනි. තවද තරුණ නවකයන් හට ඉඩහසර ලබා නොදෙමින් ඔවුනගේ පුටුව රැකගනිමින් නව අදහස් උද්දීපනය නොකරවීමට ඔවුනගේ ප්‍රයන්තය හුදෙක් පුවත්පත් කර්මාන්තය පහත හෙළීමට තවදුරටත් හේතු වන්නකි. නූතනය වනවිට තාරුණ්‍ය පුවත්පත් කියවීම අවම කොට ඇත්තේ ද මේ හේතුවෙනි. සෑම දිනකම එකම ආකාරයෙන් පුවත්පතක් කියවීමට හුදෙක් තාරුණ්‍ය රුචි නොකරයි. දිනෙන් දින එකම තැන පල්වෙවී ඇති කාලසීමාවක තාරුණ්‍ය වෙනුවෙන්, නවකයන් වෙනුවෙන් දොරගුළු විවර කරලීම විනා බහිරවයන් මෙන් මියයන තෙක් පුටු බදාගෙන රැඳී සිටීම සිදු නොවිය යුත්තක් බව ඔවුනොවුන් පසක් කරගත යුතුය.

ඒ අනුව ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ධනපාල උඩවත්ත මහතාගේ විශ්‍රාම යාම ඉහත සඳහන් කළ සියලු ක්ෂේත්‍රයන්හි නිවැරදි වෙලාවට අත්හැරයාමේ උතුම් දර්ශනයට කදිම උදාහරණයක් සපයයි. එය ශ්‍රී ලංකාවේ ජනාධිපතිකම්, අගමැතිකම්, නළුකම්, නිළිකම් සහ කර්තෘකම් ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ට අදාළ වන හරි වේලාව ආ සැණින් ගෞරවාන්විතව අත්හැර යායුතු බවත්,එය ජීවිත දර්ශනයේ ප්‍රායෝගිකත්වය හා සමකාලීන පිළිතුර බවත් ඔහු සඳහන් කරයි. එනයින් ඔහු ගත් තීරණය මගින් නිසි කලට ඉවත් නොවී අගෞරවයට පත්වීමට ඇති අවදානම වළක්වා ගනිමින් සිය කලා දිවියෙහි ගෞරවය ස්ථිරවම තහවුරු කිරීමට ධනපාල උඩවත්ත කලාකරුවාණන්ට හැකියාව ලැබීමත් ගෞරවයකි.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය

SendShareShare
Previous Post

හැමදාම වැඩ පටන් ගන්නේ පාන්දර 2ට! අවුරුදු 9ක් නොකඩවා කරනවා! මුළු ලෝකෙටම ඉන්න ලොකුම පින්වන්තයා පාලිත! දැනටමත් සෑ රජාණන් වහන්සේලා 18 නමක් හදලා! Sri Lanka Latest News

Next Post

ලංකාවෙ BYD වාහන ගත්ත මිනිස්සු අමාරුවෙ වැටුණද? පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නත් වෙලා! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.