කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට, ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී තිබේ.Sri Lanka Latest News
පහරදුන් පිරිස, නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ද මුදාගෙන පලාගොස් තිබුණි.
ප්‍රහාරයට සැකපිට දසදෙනෙක් මේවනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවන් 5 දෙනෙක් ද සිටි.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් රාමනාදපුරම්, සුඩලකුලම් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ඊයේ (02) පෙරවරුවේ ගොස් තිබුණි.
ඊට සම්බන්ධ සැකකරුවෙක් එහිදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී , තවත් පිරිසක් එහි කඩාවැදී ඇත්තේ යකඩ පොලු සහ ලී පොලු රැගෙනය.
ඔවුන් එහි සිටි නිලධාරීන්ට පහරදී පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරු මුදාගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සටියි.
පහරදුන් පිරිස සොයා රාමනාදපුරම් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කළ අතර එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් 5දෙනෙකු සහ සැකකාරියන් 5දෙනෙකු ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 16ත් 32ත් අතර හා සැකකාරියන් වයස අවුරුදු 26ත් 45ත් අතර වයස්වල පසුවන අය බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් සියලුදෙනා කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.










