• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

‘අංගොඩ ලොක්කා’ සමග ‘පත්තර සොක්කෝ’ කරපු ඒකාබද්ධ මෙහෙයුම (CID SPECIAL)

July 27, 2020
in CID, Exclusive
Reading Time: 2 mins read
A A
අංගොඩ ලොක්කා ඇත්තටම මැරුණද-නැද්ද?
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ බොහෝදෙනාගේ විශේෂ අවධානයක් යොමුවූ කාරණයක් වූයේ අංගොඩ ලොක්කා නමැති පාතාල අපරාධකරුගේ මරණය සම්බන්ධයෙන් වූ වාර්තාය. මේ සම්බන්ධයෙන් වූ බොහෝ තොරතුරු මාධ්‍ය ඔස්සේ වාර්තා වුවත් අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මේ වන විටත් වාර්තා වන්නේ සැක සහිත මට්ටමේය. ඔහුගේ මරණය පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා යම්කිසි පුද්ගලයකු තැබූ සටහනක් හරහාය. අංගොඩ ලොක්කා පිළිබඳ අවධානයෙන් සිටි ආරක්ෂක අංශයන්ගෙන් අනාවරණය වූ තොරතුරුවලින් පවා කියැවුණේ ඔහු මියගොස් ඇති බවයි. ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගත් එම තොරතුරුවලින් වැඩිදුරටත් කියැවුණේ අංගොඩ ලොක්කා නමැත්තාට වස ලබාදී ඝාතනය කර ඇති බවයි. ඉන්දියාවේ බැංගලෝර්වල ජීවත් වූ මොහු මීට සති කිහිපයකට පෙර රිය අනතුරට ලක්ව තුවාල ලැබූ බවත් ආරක්ෂක අංශ විසින් තොරතුරු අනාවරණය කර තිබේ. ඊට අමතරව ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජීවත් වන තම බිරියට දුරකතනයෙන් කතාකොට ඔවුන්ගේ දුකසැප විමසන බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබේ. ඉන්දියාවේදී ඔහුගේ අනියම් බිරිය වශයෙන් සිට ඇත්තේ ඔහුගේ සමීපතම මිතුරකු වූ රත්තරං නමැත්තාගේ බිරියය. මෙම රත්තරං නමැත්තා සමයං නමැති හිටපු පාතාල කල්ලි සාමාජිකයකු සමඟ පස් ව්‍යාපාරික ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමකදී වෙඩිතබා ඝාතනය කර තිබිණ. ඒ පිළිබඳ කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් යොදාගෙන මෙම ඝාතනය කර ඇති බවය.
ඒත් සමඟම අංගොඩ ලොක්කාගේ ගෝලබාලයන් කිහිපදෙනකුත් බන්ධනාගාරගතව සිටි සමයං විසින් මෙහෙයවූ කණ්ඩායම් අතින් ඝාතනය වේ. දේශපාලන රැකවරණය මත බන්ධනාගාරය තුළ සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ සමයං ජංගම දුරකතන ඔස්සේ මෙහෙයවා මෙම අපරාධ සිදුකළ බවට වාර්තා වී තිබිණ. 2017 ජනවාරි මාසයේදී කඩුවෙල අධිකරණයේ විභාග වන නඩුවකට ගෙනයන අතරතුර සමයං බන්ධනාගාර බසයක් තුළදී වෙඩි තැබීමකින් ඝාතනය වන්නේ ඒ අනුවය. එම ප්‍රහාරය අංගොඩ ලොක්කාගේ ක්‍රියාවක් බව කියැවෙන අතර එම වෙඩි තැබීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු, සමයං ඇතුළු පුද්ගලයන් 7 දෙනකු මියගොස් තිබිණ. ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන කොමාන්ඩෝ ආකරයේ මෙහෙයුමක් දියත් කර සමයං ඝාතනය කළ මෙම සිද්ධිය සැලැසුම් කළේ එකල ඩුබායිහි සිටි මාකඳුරේ මධුෂ් බවට තොරතුරු වාර්තා වේ. ආරක්ෂක අංශවලට අයත් ඇඳුම් හැඳ ටී-56 වර්ගයේ ගිනිඅවි පාව්චිචි කර මෙම ඝාතනය ක්‍රියාත්මක කර තිබූ බව ඒ පිළිබඳ සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබිණ.
ඒත් සමඟම අංගොඩ ලොක්කා ඔහුගේ ගෝලයකු වන අතුරුගිරියේ ලඩියත් සමඟ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගියේය. මෙහිදී ඉන්දියාවේ සිට ව්‍යාජ ගුවන් බලපත්‍ර ආධාරයෙන් මාකඳුරේ මධුෂ් ජීවත් වූ ඩුබායි බලා යෑමට උත්සාහ කිරීමේදී චෙන්නායිහිදී අත්අඩංගුවට පත්වී ලොක්කා බන්ධනාගාර ගත කෙරේ. එහිදී ඇප මත නිදහස් වූ ලොක්කා ඉන්දියාවේ සිටම ඔහුගේ කප්පම් හා මත්කුඩු ජාවාරම දිගටම මෙහෙය වීය. ඒ අතර හංවැල්ලේ සහ අංගොඩ ප්‍රදේශවල ඔවුන්ට කප්පම් නොදුන් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනය කිරීමටත් ලොක්කා කටයුතු කර තිබේ. මේ අතර ඔහුගේ තවත් කප්පම් කල්ලි යොදවා අංගොඩ ප්‍රදේශයේ විශාල වශයෙන් කප්පම් ගැනීම් ක්‍රියාත්මක කර තිබේ. ලොක්කාගේ ජාවාරම් සම්බන්ධයෙන් ලංකාවේ මුදල් ගනුදෙනු සිදුකළ පුද්ගලයා මීට සති දෙක තුනකට පෙර හිටි හැටියේම අතුරුදන් වී ඇත. ඔහු අතුරුදන් වීමත් සමඟ අංගොඩ ලොක්කා මියගිය බවට තොරතුරු වාර්තා වන්නට විය.
මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ලැබෙන තොරතුරුවලින් වාර්තා වන්නේ ලොක්කාගේ හැසිරීම සම්බන්ධයෙන් උරණ වූ ලඩියා ඇතුළු ඔහුගේ ගෝලයන් සැලැසුම් සහගතව ඔහුව ඝාතනය කර බවයි. එහිදී තවදුරටත් කියැවෙන්නේ ලොක්කාගේ කායවර්ධන ක්‍රීඩාවේ යෙදීමේදී ලබාගන්නා ශක්තිජනක පිටි වර්ගයකට වස කලවම් කර අනියම් බිරිය හරහා දිගුකාලීනව පානය කිරීමට සලස්වා හෘදයාබාදයක් සෑදී එහිදී ඔහු මියගොස් ඇති බවයි. මෙම මස 3 වැනිදා හා 5 වැනිදා අතර සිදුවූවා යැයි කියන ඔහුගේ මරණයෙන් පසු ආදාහන කටයුතු පවා කිසිවෙකුට නොදන්වා එහිදීම සිදුකර ඇති බවයි.
මෙහිදී ලංකාවේ ජීවත් වන අංගොඩ ලොක්කාගේ සහෝදරියක් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දිනෙක ඔහු ඇයට දුරකතන ඇමැතුමක් ලබාදුන් බවය. ඔහුගේ පවුලේ සාමාජිකයන් සාමාන්‍ය ලෙස ජීවත් වන නිසා ඔහුගේ මරණයට පිළිබඳව සැකයක් ඇතිව තිබෙන්නේ ඒ අනුවය. පසුගිය 23 වැනිදා අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව මාධ්‍ය වාර්තා කරන විට අංගොඩ පොලිසිය විසින් ඔහුගේ අංගොඩ පිහිටි නිවෙසට ගොස් තොරතුරු විමසීමේදී ඔහුගේ සහෝදරියට හෘදයාබාධයක් හටගෙන ඇයද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නීය. බ්‍රහස්පතින්දා දිනයේ ඇයගේ සුවදුක් බැලීමට ගිය සමීපතම ඥාති පිරිසට ප්‍රකාශ කර ඇත්තේ මල්ලි ගිය සඳුදත් මට කතා කළා මල්ලි මැරෙනව නම් මැරෙන්න ඕනෙ පසුගිය සඳුදයින් පසුව බවකි. ඔහුගේ ඇඹිලිපිටියේ පදිංචි බිරියකගෙන් කළ විමසීමේදී ඇය පවසා ඇත්තේ ලොක්කාගේ රිය අනතුර පිළිබඳ සති දෙකකට පෙර කතා කර විස්තර ලබාදුන් බවත්, ඊට පසු කතා නොකළ බවත්ය. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ චෙන්නායි මහකොමසාරිස් කාර්යාලයෙන් ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු වාර්තා කර නොමැති අතර මේ නිසා බොහෝදෙනාට ඔහු මැරුණද නැද්ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව තිබේ. තවත් වාර්තාවලින් කියැවෙන්නේ ඔහුගේ මෙම ක්‍රියාව ආරක්ෂක අංශ නොමඟ යැවීමට සිදුකළ කපටි ක්‍රීයාවක් බවයි.

පත්තරකාරයන් වැටුණු තැනක්

මේ අතර බන්ධනාගාර තුළ සිටින පාතාල කල්ලි සාමාජිකයන්, නොයෙක් අපරාධකරුවන් ඔවුන්ගේ කටයුතු සුපුරුදු පරිදි බන්ධනාගාරය තුළ සිටියදීම ජංගම දුරකතන ආධාරයෙන් කරගෙන යන ආකාරයක් වාර්තා විය. ඒත් සමඟම වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බන්ධනාගාරයේ විමර්ශන සඳහා නමක් දිනාගෙන සිටි දක්ෂ නිලධාරීන් බන්ධනාගාර ඉහළ පුටුවලට යැවීමට ඔවුන් තීරණය විය. එහි ප්‍රතිඵලයක් විදිහට තුෂාර උපුල්දෙනිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ධුරයට පත්වෙයි. එයින් බන්ධනාගාරය තුළ පාතාල කල්ලි සාමාජිකයන්ගේ ක්‍රියාකාරම් අඩපණ කිරීමට හැකයාව ලැබිණ. එහි ප්‍රතිඵලයක් විදිහට පාතාල කල්ලි සාමාජිකයන් හා දරුණු ගණයේ අපරාධකරුවන්ට දුරකතන සන්නිවේදන පහසුකම් ලබාගැනීමේ මඟ අහුරා තිබූ බූස්ස බන්ධනාගාරය දක්වා මාරු කර යැවිණ. මේ හේතුවෙන් බූස්ස බන්ධනාගාරය තුළ සිටින පාතාලයේ ප්‍රබලම පුද්ගලයන් උපවාසයක් ආරම්භ කරන්නේ නැවැත වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවන ලෙස. මේ සම්බන්ධයෙන් අපරාධකරුවන් සමඟ සාකච්ඡා කිරීමට බූස්ස බන්ධනාගාරයට ගිය බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු අපරාධකරුවන් පිරිසක් මරණ තර්ජන කර තිබිණ. මෙහිදී ඔවුන් පවසා ඇත්තේ “මේ ජනාධිපති, ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසට බලය තියෙන්නෙ තව අවුරුදු පහයි. අපේ බලය ඊට වැඩියි. අපි ඊට පස්සේ ඒ ගැන බලාගන්නම්” යනුවෙනි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කළ පැමිණිල්ලකට අනුව සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකරගෙන යයි. මේ පිළිබඳව බුද්ධි අංශ විසින් පොලිස්පතිවරයාට නිකුත් කළ විශේෂ වාර්තාවකින් කියැවෙන්නේ බූස්ස බන්ධනාගාරය තුළ සිදුකළ ජංගම දුරකතන සංසරණය වීම අඩු වීම අනෙක් මෙහෙයුම් නිසා අපරාධකරුවන් දැඩි ලෙස අඩපණ වී ඇති බවකි. මෙසේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ නැතිවී ගිය බලය නැවත ව්‍යාජ ආකාරයෙන් පෙන්වීමට බවයි. මේ අතර පසුගිය කාලයේ මාධ්‍ය සම්බන්ධ පිරිස් විසින් මෙම අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් දැඩි වශයෙන් උලුප්පා දක්වමින් වාර්තා කිරීමෙන් පාතාල අපරාධකරුවන්ගේ අවශ්‍යතා ඉටුකර දෙන්න උත්සාහ කර ඇති බවද එම බුද්ධි වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.

රතු ලයිස්තුවේ ඉන්නේ කොස්ගොඩ සුජී විතරයි

මේ අතර දැනට බුද්ධි අංශ හා පොලිසිය විසින් දැනට ක්‍රියාත්මක පාතාල අපරාධකරුවන් සම්බන්ධ ලේඛනයක් සකස් කර තිබේ. ඒ ලේඛනයට අනුව කොළඹ දැනට ක්‍රියාත්මක පාතාල කල්ලි 19ක් ගැන තොරතුරු වාර්තා වී ඇත. මේ කල්ලිවලින් සක්‍රිය මට්ටන් සිටින පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට බන්ධනාගාරගතව සිටිති. එහිදී තවදුරටත් කියැවෙන්නේ බස්නාහිර පළාත තුළ සක්‍රිය මට්ටමේ පවතින අපරාධ කල්ලි 26ක් පිළිබද තොරතුරු ලැබී ඇති බවකි. මේ අතර පාතාල කල්ලි නොවන තනි තනි පුද්ගලයන් වශයෙන් අපරාධ ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන් ගැනත් මේ වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබේ. බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක පාතාල කල්ලි 26ට අයත් සාමාජිකයන් 300කගේ පමණ පිරිසක් මේ ප්‍රදේශය පුරා විසිරී ඇති බවක් එම තොරතුරුවලින් හෙළිවී ඇත. ඊට අමතරව මේ වන විට රටින් පළාගොස් ඇති පාතාල කල්ලි නායකයන් 13 දෙනකුට රතු නිවේදන ලබාගෙන ඇති බව කියැවේ. එසේ රතු නිවේදන ලබාගත් එක් පුද්ගලයකු වන්නේ අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයායි. ඔහු පිළිබඳව රතු නිවේදනය ජාත්‍යන්තර පොලිසියෙන් නිකුත් වනවාත් සමඟය අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව මාධ්‍ය වාර්තා නිකුත් වන්නේ. රතු නිවේදන ලබපු අපරාධකරුවන් 13ක් පිළිබඳව පොලිසිය නිවේදනයක් නිකුත් කළත් ජාත්‍යන්තර පොලිස් වෙබ්අඩවියේ දැක්වෙන්නේ ලංකාවේ රතු නිවේදන නිකුත් කර ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 9ක් බවයි. ඒ පුද්ගලයන් 9 දෙනාගෙන් එක් පුද්ගලයක් වන්නේ කේ.පී. නමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාය. මීට පෙර 10ක්ව පැවැති එම ලැයිස්තුව පසුගියදා නිමාවූ රාඩා නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි එමිල්කාන්තන් එයින් නිදහස් වීමත් ඔහුගේ නම රතු නිවේදන ලැයිස්තුවෙන් ඉවත්ව ඇත. මෙම රතු නිවේදන ලැයිස්තුවේ පාතාල අපරාධකරුවකු ලෙස නම සඳහන් වන එකම පුද්ගලයා වන්නේ කොස්ගොඩ සුජී නමැති පාතාල අපරාධකරගේ නමයි. වෙනත් කිසිදු පාතාල අපරාධකරුවකුගේ නමක් මෙම රතු නිවේදන තුළ වාර්තා අතර සඳහන් වන්නේ නැත.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

කොළඹට සජිත්ගෙන් එන අලුත් තරුණ නායකත්වය චන්න

Next Post

ප‌ොලිසියේ අය පාතාලයන්ට රාජකාරී හැදුනුම්පත් පවා ලබා දීලා

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.