පාතාලය සමග සමීප සබධතා පවත්වන ඇතැම් පොලිස් නිලධාරීන් සිය රාජකාරී හැදුනුම්පත පවා ඇතැම් පාතාල සාමාජිකයන් අතට පත් කොට ඇති බව වාර්තා වේ.
ඒ, දැනට අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රන්සිලිපේලිගේ බුද්ධික ප‍්‍රසාද් නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා සන්තකයේ තිබී පොලිස් කොස්තාපල් රියදුරෙකුට අයත් හැඳුනුම්පතක් පොලීසිය විසින් සොයා ගැනීමත් සමගය.
ඒ අනුව මෙම ‘‘ආමි සුරංග’’ නමැත්තා අදාළ හැඳුනුම්පත භාවිත කරමින් අපරාධ සිදුකළේ ද යන්න සොයාබැලීම සඳහා කටයුතු කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලූ පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.