හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවක් විශ්වාස නොකළ බවත්, ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් කල් දැමීම ප්‍රශ්නයක් නොවන බව හිටපු ජනාධිපතිවරයා සිතා සිටින්නට ඇති බවත් පාස්කු ප්‍රහාරය පිළිබද සොයාබලන කොමිසම හමුවේ අනාවරණය විය.
හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මේ බව අනාවරණය කළේය.
තවදුරටත් ඒ මහතා පෙන්වා දුන්නේ එම කාල පරිච්ජේදයේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මතගැටුමක් නොපැවැති බවකි.
2015-2017 කාල සමයේ අබේකෝන් මහතා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර පසුව පෞද්ගලික හේතු මත එම ධූරයෙන් ඉල්ලා අස්විය.










