• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති මාරුවෙන් පසු හොයාගන්න බැරිව සිටි බිමල් චීනයෙන් මතුවෙයි! ලොකු වගකීමකුත් චීනෙන් පවරලා! I Sri Lanka Latest News

October 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමැති මාරුවෙන් පසු හොයාගන්න බැරිව හිටපු බිමල් හිටිහැටියේ චීනයෙන් මතුවෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොහොමද මව්රට නිව්ස් එකේ තරම

පසුගිය සතිය වනවිට මුළු රටේම මාතෘකාවක් බවට පත්ව තිබුණේ කිසිදු ප්‍රසිද්ධියකින් තොරව ජනාධිපතිවරයා විසින් සිදුකළ මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය පිළිබඳවය. ජනාධිපතිවරයා විසින් හදිසියේම සිදුකරනු ලැබූ මෙම කැබිනට් සංශෝධනයේදී සිදුව තිබූ ප්‍රධානම වෙනස වූයේ ආණ්ඩුවේ ප්‍රබලතම අමාත්‍යවරයා වූ බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉවත් කොට තිබීමය. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව තිබුණේ බිමල් රත්නායක මහතාය. විපක්ෂය දේශපාලන වශයෙන් මෙම කාරණාව ඉස්මතු කරමින් රටට කියා සිටියේ ආණ්ඩුව ඇතුළේ දේශපාලන අර්බුදයක් මතුව ඇති බවත්, බිමල්ට ලබාදී තිබූ ප්‍රධානතම අමාත්‍යාංශයක් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවත්ය. වරාය මුල්කරගෙන සිදුවූ කන්ටේනර් 323 පලහිලව්ව ඊට බලපා තිබූ බවට සැකයක්ද විපක්ෂය පැත්තෙන් මතුකර පෙන්වන බවක්ද දැකගන්නට ලැබිණි. නමුත් ජනාධිපතිවරයා වරාය බිමල්ගෙන් ඉවත් කරන අතරවාරයේ තවත් අතිශය වැදගත් කොටසක් වූ නාගරික සංවර්ධන අධිකාරිය බිමල් යටතට පත්කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.Sri Lanka Latest News

කෙසේ වෙතත් පසුගිය සතියේදී බිමල් සම්බන්ධයෙන් මෙරට කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ සුවිශේෂ අනාවරණයක් රාජ්‍ය රහස් තීරය ඔස්සේ සිදුකිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී අප පෙන්වා දුන්නේ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමග බිමල් අතුරුදන් වූ බවය. නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ භාරගැනීමෙන් අනතුරුව බිමල් අමාත්‍යාංශය පැත්ත පළාතේ ගොස් නොතිබූ බවත්, සාමාන්‍යයෙන් වෙනදාට දිනපතාම යාවත්කාලීන වන බිමල්ගේ ෆේස්බුක් පිටුව එදින සිට යාවත්කාලීන වී නොමැති බවත් අපි එහිදී අනාවරණ කළෙමු. පසුගිය කාලවකවානුව පුරා මාලිමාව සහ ජවිපෙ අතරත්, මාලිමාව සහ බිමල් අතරත් යම් යම් මතගැටුම් පැවැතීම නිසා බොහෝ දෙනා, එම ගැටුමේ අතුරු ඵලයක් ලෙසටද බිමල්ගේ මෙම අතුරුදන් වීම වාර්තා කොට තිබිණි. කෙසේ වෙතත් අප කළ අනාවරණයෙන් කියා සිටියේ කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකළ දිනට පසු දිනම බිමල් විදේශගතව ඇති බවය. ඒ වනවිට ප්‍රධාන පෙළේ විදෙස් සමුළු කීපයක්ම පැවැතීම නිසා ඒ සමුළුවලට බිමල් සහභාගි වූවාද යන්න පිළිබඳවද අපි එහිදී සොයාබැලීමක් සිදුකළෙමු. ඒ වනවිට බාබඩෝස් රාජ්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව පැවැත්වෙමින් තිබූ නිසා ඊට සහභාගි වී සිටි මුජිබර් රහුමාන් මහතාගෙන් ඒ සම්බන්ධයෙන් අප විමසා සිටි අතර, ඔහුද අපට තහවුරු කොට කියා සිටියේ බිමල් එම සමුළුවට සහභාගි වීම සඳහා බාබඩෝස් රාජ්‍යයට පැමිණ නැති බවකි. ඒ අනුව බිමල් ගිය රට තහවුරු කරගැනීමට නොහැකි වීම නිසා පසුගිය සතියේ ‘මව්රට’ මුල් පිටුවේම පුවතක් වාර්තා කරමින් අප කියා සිටියේ ‘ඇමැති මාරුවෙන් පස්සේ බිමල් නෑ’ යැයි කියාය.

අතුරුදන් බිමල් චීනයෙන් මතුවෙයි

අප පුවත්පත සෙනසුරාදා පෙරවරුවේම එළියට පැමිණීමෙන් පසු දහවල් වනවිට අප ‘මව්රටනිවුස්‘ වෙබ් අඩවිය ඔස්සේද මෙම පුවත වාර්තා කරමින් බිමල් රට ගිය පුවත අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. ඒ අනුව ‘මව්රට’ පුවත්පත ඔස්සේත්, ‘මව්රට’ වෙබ් අඩවිය ඔස්සේත් අප කළ මෙම අනාවරණය කෙතරම් ප්‍රබල වූවාද කියනවා නම්, ආණ්ඩුවට කෙතරම් දැනී තිබෙනවාද කියනවා නම්, අපගේ පුවත කෙතරම් බලපෑමක් කිරීමට සමත්ව තිබෙනවාද කියනවා නම් සතියක් පුරා අතුරුදන්ව සිටි බිමල් පැය කීපයකින් එළියට ආ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සිය ෆේස්බුක් පිටුවේ සෙනසුරාදා දහවල් ඡායාරූපයක්ද සමග යාවත්කාලීන කරමින් බිමල් කියා සිටියේ තමන් චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ සංචාරයක නිරත වෙමින් සිටින බවත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුවන්ෂි කමිටුවේ ලේකම් චෙන් ගන්ග් මහතා ප්‍රමුඛ පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත් බවත්ය. ඒ වන තෙක්ම මාලිමාවේ සහ ජවිපෙ ඇතැමුන් පවා බිමල්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සොයාගැනීමට නොහැකිව සිටියද, ඔවුන්ද බිමල් ගිය තැනක් දැනගත්තේ බිමල්ගේ මෙම යාවත්කාලීන කිරීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් බිමල් චීනයේ සිටින බවට මේ හරහා අපටද තොරතුරු වාර්තා වුණද, එතැනින් බිමල් පිළිබඳ අපගේ සෙවිල්ල නතර වූයේ නැත. ඒ අනුව බිමල් කිසිවකුටත් නොකියා හොර රහසේම මෙසේ චීනයට ගියේ ඇයි, එහි සිදුකරන්නේ මොනවාද යන්න පිළිබඳව සොයාබැලීමටද අපි පියවර ගත්තෙමු. සාමාන්‍යයෙන් බිමල් සැලකෙන්නේ අතීතයේ සිටම චීන හිතවාදී අයකු ලෙසය. චීනයේ ප්‍රධාන පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය සමග බිමල්ට අතීතයේ සිටම විශේෂ සබඳකම් තිබිණි. එමෙන්ම ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් හැරුණු විට චීනය සමග ඉහළින්ම සබඳතා පවත්වන ජවිපෙ ප්‍රබලයා වන්නේද බිමල්ය. ඒ අනුව බිමල්ගේ මෙම හදිසි චීන ගමන පිටුපස කිසිවකුත් නොසිතන රහස් රැසක් ඇති බවට අපටද වැටහුණු නිසා මේ සම්බන්ධයෙන් දීර්ඝව සොයාබැලීමට අපි කටයුතු කළෙමු. සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ගුවන්ෂි පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට තමන් කටයුතු කරන බවක් පෙන්වීමට බිමල් කටයුතු කර තිබුණද අප කළ සොයාබැලීම්වලින් තහවුරු වූයේ ඊට එහා ගිය විශාල සැලසුමක් බිමල්ගේ මේ හදිසි චීන ගමන පසුපස පවතින බවකි. ඒ අනුව බිමල් චීනයේ ගොස් තිබුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ ආරාධනාවකට අනුවය. ඒ සඳහා චීනයෙන් ආරාධනා කොට තිබුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලියු හයසින්ග්ය. ඒ අනුව බිමල්ගේ නායකත්වයෙන් යුතුව ජවිපෙ දූත කණ්ඩායමක් මෙම චීන සංචාරයට එක්ව තිබිණි.

මීට පෙරාතුවද ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වාගේ නායකත්වය යටතේ ජවිපෙ මන්ත්‍රීවරුන් 38 දෙනෙකුගේ කණ්ඩායමක් චීන සංචාරයක නිරතව තිබිණු බව අපි මෙම තීරුවේ වාර්තා කර සිටියෙමු. සති දෙකකට අධික කාලයක් ටිල්වින් ඇතුළු මෙම ජවිපෙ මන්ත්‍රීවරුන් 38 දෙනා චීනයේ රැඳී සිටි බවත්, එහිදී චීන රජය විසින් ටිල්වින්ට විශාල පිළිගැනීමක් ලබාදීමට කටයුතු කළ බවත් අපි වාර්තා කළෙමු. එහි පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් එවකදී අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් චීනය සහ ලංකාව අතරත්, චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතරත්, චීන ජනාධිපතිවරයා සහ ලංකා ජනාධිපතිවරයා අතරත් විශේෂ සම්බන්ධතාවක් ගොඩනැගීම පිළිබඳ අදහස් හුවමාරු වී තිබූ ආකාරයක් වාර්තා කිරීමට පියවර ගත්තෙමු. මෙම චීන සංචාරය නිමවා ලංකාවට පැමිණි ටිල්වින්ගෛන් වරක් මාධ්‍ය ප්‍රශ්න කරද්දී ටිල්වින්ගේ කටින් යම් ඉඟියක් එළියට පැන්න ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ටිල්වින් කියා සිටියේ රට වෙනස් කිරීම සඳහා ජවිපෙ වසර 20ක් පමණ එක දිගට බලයේ සිටිය යුතු බවත්, මහමැතිවරණ කිහිපයක් එක දිගට ජයග්‍රහණය කළ යුතු බවත්ය. ටිල්වින්ගේ එම ප්‍රකාශය හරහා ජවිපෙද චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් එක දිගට බලයේ සිටීමට සැලසුම් කරන බවට වූ ඉඟිය එළියට පැන්න ආකාරය දැකගත හැකි විය. විපක්ෂය නම් ඒ මොහොතේදී යම් චෝදනාවක් නගමින් කියා සිටියේ ජවිපෙ මේ සැලසුම් කරන්නේ බහු පක්ෂය ක්‍රමය විනාශ කොට චීනයේ මෙන් තනි පක්ෂ ක්‍රමයකට රට ගෙනයෑමට බවය. හදිසියේම බිමල් ගිය මෙම චීන සංචාරය පිළිබඳවද අවධානය යොමුකළ යුත්තේද එය තවත් එක් හුදකලා සංචාරයක් ලෙස නොව ටිල්වින්ගේ මෙම චීන ගමනේ දිගුවක් ලෙසටය.

අලුත්ම චීන නියෝජිතයා

සියල්ලන්ම දන්නා පරිදි ජවිපෙ ප්‍රබලම සාමාජිකයන් පස්දෙනා අතර බිමල් ඉන්නේ තුන්වැනියාටය. බිමල්ට ඉහළින් එහි සිටින්නේ අනුර සහ ටිල්වින් පමණි. ජවිපෙ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලදී ටිල්වින් ප්‍රධාන භූමිකාව සිදුකළත්, ආණ්ඩුව සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලදී සහ පාර්ලිමේන්තුව ඇතුළේ ගන්නා තීන්දු තීරණවලදී ප්‍රබලයා වශයෙන් කටයුතු කරන්නේ සභානායක බිමල්ය. ඒ අනුව බිමල්ගේ මේ හදිසි චීන ගමනේ සැඟවුණු රහස වී ඇත්තේ බිමල්ද ටිල්වින්ගේ චීන ගමන තවත් ඉදිරියට ගෙනගොස් තිබීමය. බිමල් මෙහිදී චීන බලධාරීන් සමග සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති අතර, එහිදී රටවල් දෙකේ පක්ෂ දෙක අතර සබඳතා තරකර ගන්නා ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරංචිය.

මීට අමතරව චීන කොමියුනිස්ට් පක්ෂය මෙම සංචාරයේදී බිමල්ට විශේෂ වගකීමක් පැවරීමට කටයුතු කොට ඇති බව පැවසේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ චීන සංචාරයේදී එරට ජනාධිපතිවරයා සමග අස්සන් කළ ගිවිසුම් සහ 70කට අධික වූ අනෙකුත් ගිවිසුම් වහ වහා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ය. එම ගිවිසුම්වලට අනුව ඩොලර් බිලියන 3.9ක දැවැන්ත ආයෝජනයකින් යුතුව හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට නියමිතව තිබුණද ඒ කිසිදු ව්‍යාපෘතියක් මේ දක්වා ආරම්භ කිරීමට පසුබිම සකස් වී නොමැත. ඒ, අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් එල්ල වූ දැඩි බලපැම් මුල්කොට ගෙනය. මේ මොහොත වන විටත් චීන සිනොපෙක් සමාගම හම්බන්තොට වරායේ තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට සූදානමින් සිටියද ඇමෙරිකාවෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වීම හේතුකොට ගෙන එහි කටයුතු තවමත් ආරම්භ කිරීමට චීන සිනොපෙක් සමාගමට හැකියාවක් ලැබී නොමැත.

පසුගිය සති දෙකේදීම මේ සම්බන්ධයෙන් අතිවිශේෂ හෙළිදරව්වක් සිදුකරමින් අප කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය ඊට එරෙහිව දැඩි විරෝධයක් ඉදිරිපත් කොට ඇති බවය. එමෙන්ම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සිටියදීම හම්බන්තොට චීන තෙල් පිරිපහදුවට එරෙහිව දැඩි නිවේදනයක් නිකුත් කොට තිබිණි. මීට අමතරව කොළඹ වරාය නගරයේ දියත් කිරීමට නියමිත චීන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මේ වනවිට මහත් ආන්දෝලනයක් මතුව තිබේ. මේ සියලු කරුණු සලකා බලා චීනය බිමල්ට භාරදුන් රාජකාරිය වූයේ කුමන බාධක එල්ල වුවද චීනය සමග අස්සන් කළ ගිවිසුම්වලට අනුව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ වගකීමය. වෙනත් වචනවලින් කියනවා නම් මේ වනවිට චීනයේ ලංකා නියෝජිතයා බවට පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව බිමල්ය.

එමෙන්ම මෙම සාකච්ඡාවලදී චීනය සහ ලංකාව අතර ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමේදී ජවිපෙ සහ කොමියුනිස්ට් පක්ෂය අතර ඇති සබඳතා ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳවත්, වෙනත් ප්‍රබල පාර්ශ්වයන්ගේ සහාය ගන්නා ආකාරය පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා වී ඇති බවක්ද ආරංචිය. මීට අමතරව බිමල්ට අලුතින් පැවරී ඇති නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ලංකාවේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් සිදුකිරීමට හැකි නිසා එය ඉලක්ක කරගෙන විශාල වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වී ඇති බවක් දැනගන්නට ඇත. එහිදී කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන දැවැන්ත නවීකරණ ව්‍යාපෘති කිහිපයක්ම දියත් කිරීමට තීන්දු වී ඇති බවක් දැනගන්නට තිබේ.

කොළඹ අලංකරණය සහ නවීකරණය කිරීම සඳහා පසුගිය කාලයේදී පළමුව අත ගසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂය. ගෝඨා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී කොළඹ අලංකරණය කිරීම සඳහා ඔහුගේ ක්‍රමවේදයට අනුව ව්‍යාපෘති කිහිපයක් දියත් කොට තිබිණි. නමුත් මේ වනවිට බිමල් තීරණය කොට ඇත්තේ බිමල්ගේ ස්ටයිල් එකකට කොළඹ නගරය නවීකරණය කෙරෙන විශාල වැඩකොටසකට අත ගැසීමටය. විශේෂයෙන්ම කොළඹ සිට රට වටා දියත්වී ඇති දුම්රිය මාර්ග තවත් දීර්ඝ කිරීමටත්, නව දුම්රිය මාර්ග ඇතිකිරීමටත්, අධිවේගී මාර්ග අලුතින් ඉදිකිරීම වැනි දැවැන්ත ව්‍යාපෘති කීපයක් චීන ආධාර යටතේ බිමල්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි කාලයේදී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර සබඳතාව ටිල්වින් හරහා සිදුකිරීමටත්, චීන ආණ්ඩුව සහ මාලිමා ආණ්ඩුව අතර ඇති සබඳතා බිමල් හරහා සිදුකිරීමටත් මේ අනුව චීනය තීරණය කොට ඇති බවක් දැකගන්නට තිබේ. ඒ හරහා චීන ආයෝජන විශාල ප්‍රමාණයක් ඉදිරියේදී ලංකාවට ලැබීමේ ඉඩකඩක් මතුව ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් පෙන්වන්න! මේ දවස්වල දරුවන් පරෙස්සම් කරගන්න! I Sri Lanka Latest News

Next Post

ජගත්ට පොලිසියෙන් දෙකක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.