• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අහසින් බැස යන චන්ද්‍රමණ්ඩලය හරිස්චන්ද්‍ර! Sri Lanka Latest News

October 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අහසින් බැස යන චන්ද්‍රමණ්ඩලය හරිස්චන්ද්‍ර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හරිස්චන්ද්‍ර කියන නම අපි කාටත් බොහොම හුරුපුරුදු නමක්. මොකක්ද හරිස්චන්ද්‍ර කියලා කියන්නේ? හරිස්චන්ද්‍ර කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරයකට හිමිවෙලා තිබුණු ගෞරවනීය නාමයක්. හරිස්චන්ද්‍ර කියන ගෞරවනීය නාමය සහිත මාතර අභිමානනීය ව්‍යාපාරය පහුගිය දවසක වෙනත් කෙනෙක් විසින් මිලදී ගත් බව සඳහන් වෙලා තිබුණා. මේ කාරණාවත් එක්ක අපිට හිතුණා මේ හරිස්චන්ද්‍ර කියන නම ගැන හොයලා බලන්න. හරිස්චන්ද්‍ර කියන නම ගැන කතාකරද්දී එහි ඉතිහාසය 1949 තෙක් අතීතයට යනවා කියලා තමයි අපි ඒ ගැන සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ කරනු ලැබූ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ.Sri Lanka Latest News

එක්තරා වසරක මාතර සමුපකාරයේ ප්‍රධානියාව හිටපු පුද්ගලයා යම් වංචාවක් කරලා සමුපකාරයට බඩු ගන්න සල්ලි නැති වෙනවා. ඒ වෙලාවේ අදාළ සමුපකාරයේ ප්‍රධානීන් ගිහිල්ලා එවක ව්‍යාපාරිකයෙක් වූ හරිස්චන්ද්‍ර මහත්තයාව මුණගැහෙනවා. හරිස්චන්ද්‍ර මහත්තයා ඒ වෙලාවේ කියනවා මෙන්න මෙහෙම. ‘මහජන සේවයක් කරනවා නම් සමුපකාර සේවය මගින් තමයි කරන්න පුළුවන්. හොඳයි මම මේ වාරේ බඩු ගන්න සල්ලි දෙන්නම්’ කියලා. ඒ ගැන සඳහන් වෙන්නේ සමාජ මාධ්‍යවල. ඉතින් ඒ අවස්ථාවේදී ඔහුගෙන් සල්ලි ලැබෙනවා. සමුපකාරයට බඩු ගන්නවා. ඉන් පස්සේ මේ අයම ගිහිල්ලා සමුපකාරය භාරගන්න කියලා එතුමාට ආරාධනා කරනවා. එතුමාගේ සභාපතිත්වය යටතේ මාතර සමුපකාර සංගමයට නායකත්වය ලැබෙනවා. මේ නායකත්වයත් එක්ක ඔහු විවිධ උපක්‍රම භාවිත කරමින් සමුපකාරය ඉහළ තැනකට ගන්න සමත් වෙනවා.

එතුමන් සමුපකාර සංගමයේ සභාපති වුණාට පස්සේ, එන්.එල්.ඩී. සිල්වා මහත්තයාගේ පරණ ගොඩනැගිල්ලක් තමන්ගේ රුපියල් 80,000ක් ගෙවලා මිලදී අරගෙන සමුපකාරයට ඒක පරිත්‍යාග කරනවා. මේ අවස්ථාවත් එක්ක සමුපකාරයේ වත්කම් ප්‍රමාණය ඉහළ යනවා. ඒ වගේම, හරිස්චන්ද්‍ර මහත්තයා ඒ කාලේ මේ සියලු සේවකයන්ව තමන්ගේ හිතමිතුරන් විදිහට පවත්වාගෙන ඉතාම සාර්ථකව ව්‍යාපාරය ගොඩනැගුව බවත් අපිට මේ තුළදී දකින්න ලැබෙනවා. ඒ වගේම සමුපකාර රෝහල් කියන සංකල්පය අපි දන්නවා බොහෝ වෙලාවට අද රටේම දකින්න ලැබෙන දෙයක්. 1949 50 කාලේ මේ මාතරට රෝහලක් සමුපකාරය හරහා ගෙන එන්නට අවශ්‍ය කරන පහසුකම් හදන්න එතුමා මහන්සි වෙච්ච බවත් සඳහන් වෙනවා.

මේකට හේතුව විදිහට සඳහන් වෙන්නේ අපූරු කතාවක්. මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ ඉගැන්නුව ඒ.එම්. ජයවර්ධන මහත්තයා. ඔහුගේ බිරිඳට දරුවෙකු ලැබෙන්න අසනීප වෙලා රෝහලේ වෛද්‍යවරයෙක් හමුවෙන්න ගිය අවස්ථාවේ, හවස පහ පහුවෙච්ච නිසා, දැන් රෝගියා බලන්න බෑ, හෙට මට හම්බන්තොට යන්න තියෙනවායි, රෝගියා පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් වෙලා තියෙනවා. ‘ඉතින් ලෙඩා මැරෙයිනේ’ යනුවෙන් ජයවර්ධන මහත්තයා කී විට, ඇඟට පතට නොදැනී වෛද්‍යවරයා පවසා තියෙන්නේ, ‘ඉතින් කැරකෝප්පුව තියෙන්නේ’ යනුවෙන්. ඉතින් මේ කතාවත් එක්ක ඉංග්‍රීසි වෛද්‍යවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව පියවරක් ගතයුතු බව මාතර නගරයේ හිටපු තරුණ හරිස්චන්ද්‍ර මහත්මයා ඇතුළු පිරිස කටයුතු කරපු බව සඳහන් වෙලා තියෙනවා.

ඉංග්‍රීසි වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරය බිඳින්න නම් කරන්න ඕනෙ මොකක්ද කියන එක සම්බන්ධ කතාවේදී සමුපකාර රෝහලක් තැනීම කාගෙත් ඒකමතික තීරණය වුණු බව සඳහන් වෙනවා. මෙන්න මේ සමුපකාර රෝහල නිර්මාණය කිරීමට මූලිකත්වය ගත්ත කෙනෙක් විදිහටයි හරිස්චන්ද්‍ර මහත්මයා ගෞරවයට පත්වෙන්නේ. මෙන්න මේ වගේ විශාල රාජකාරී ගොඩක් එතුමා අතින් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රධාන ගොඩනැගිල්ලේ වාට්ටු 40ක්, යාබද ගොඩනැගිල්ලේ ඇඳන් 12කින් යුතු වාට්ටුවක් ආරම්භ කරලා, මේ රෝහල තවත් දියුණු කිරීමේ තත්ත්වයට කටයුතු කළේ එවක ලේකම් ධුරය දරපු සිල්වා මහත්මයා සමග හරිස්චන්ද්‍ර මහතා බව තමයි මේ සම්බන්ධව සඳහන් කරන අය කියන්නේ.
ඉතින් කොහොම වෙතත්, මගේ පවුලේ කටයුතුත්, හරිස්චන්ද්‍ර ආයතනයත් ඇරුණම මගේ දෙවැනි තැන නිල්ඇල්ල වත්තට කියලා කියපු ඔහු, මගේ තුන්වැනි තැන තියෙන සමුපකාර රෝහලටයි කියලා සඳහන් කළා කියලා අතීතයේ සඳහන් වෙලා තියෙනවා.

ඔහු ඉතාම විශිෂ්ටයකු ලෙස කටයුතු කරමින් හිටපු අයෙක්. ඔහුගේ ව්‍යාපාරයේ නම ලෝකෙට අරගෙන යන්නට ඔහු විවිධ උපක්‍රම භාවිත කළා. ඔහු හැකි උපරිමයෙන්ම සාධාරණ සහ ගුණාත්මක සේවයක් ලබාදෙන්න කටයුතු කරපු බව තමයි සඳහන් වෙන්නේ. මාතර නගරයේ බොහෝ දේ ඉදිකරන්නට තමන්ගේ ශ්‍රමය, ධනය කැපකරමින් වෙහෙසුණු අපූරු පුද්ගලයෙක් විදිහටයි මේ මනුස්සයාගේ නම අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. අන්තර්ජාලය ඔස්සේ විවිධ තැන්වල අපි ඔහු ගැන හෙව්වා. ඔහු ගැන කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ ඔහුගේ අකටයුත්තක් ගැන. ඔහු රාජකාරිය දේවකාරිය කරගෙන, සමුපකාරය මිනිස්සුන්ට උපකාරයක් බවට පත්කරන්නට අපමණ කැපවුණු සැබෑ මහත්මයෙක් බවයි සඳහන් වෙන්නේ. කොහොම වුණත්, අද වෙද්දි හරිස්චන්ද්‍ර මහත්මයාගේ, හරිස්චන්ද්‍ර නම සහිත ව්‍යාපාරය විකුණලා දාලා කියලා සඳහන් වුණා. ඒ නිසයි අපි හරිස්චන්ද්‍ර කියන මනුස්සයා ගැන මේ විදිහට කිව්වේ. මාතර සමුපකාරිකයකු ලෙස සමුපකාරයටත්, මහජනතාවටත් සැබෑ සේවයක් කළ විශිෂ්ටයෙකුගේ ව්‍යාපාරයක් තමයි මේ විදිහට විකුණලා දාන්නේ. මේ විශිෂ්ට මනුස්සයා අද වෙද්දි මතකයක් බවට පත්වෙලා, මාතර මිනිස්සු ඔහුට මේ මොහොතේදී පවා ගරු බුහුමන් දක්වන බව නම් අමතක කරන්න එපා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජගත්ට පොලිසියෙන් දෙකක් දෙයි! I Sri Lanka Latest News

Next Post

වැලිගම වෙඩික්කරු නාවින්නෙන් අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.