මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ කාර්යාලයේ තිබූ ඇයගේ ඡායාරූපයට මල් මාලයක් පැලඳූ අය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.
කෙසේවෙතත් වරුණි බෝගහවත්ත මහත්මිය මේ දිනවල අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙම සිදුවීම සිදුව ඇත.
වරුණි බෝගහවත්ත මහත්මිය විසින් සිදුකරනු ලබන රාජකාරීමය කටයුතු අතරතුර මෙවැනි තර්ජනයක් එල්ල වීම පිළිබඳව පොලීසිය දැඩි අවධානය යොමුකරමින් පරීක්ෂණ පවත්වන බව ද වාර්තා වේ.










