• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පද්මෙ එක්ක සෙට්වෙච්ච හැටි! ගනේමුල්ල සංජීවට ගහපු හැටි! මාස 3ක් හැංගිලා හිටපු හැටි! ඡන්දෙ අස්සේ බෝට්ටුවෙන් පැන්න හැටි! නේපාලේ සැලුන් ගිය හැටි! ඕලුගල අල්ලපු හැටි! දැන් ඔක්කොම වමාරන හැටි! දැන් පෙන්වනවා… ඉෂාරා…! Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
පද්මෙ එක්ක සෙට්වෙච්ච හැටි! ගනේමුල්ල සංජීවට ගහපු හැටි! මාස 3ක් හැංගිලා හිටපු හැටි! ඡන්දෙ අස්සේ බෝට්ටුවෙන් පැන්න හැටි! නේපාලේ සැලුන් ගිය හැටි! ඕලුගල අල්ලපු හැටි! දැන් ඔක්කොම වමාරන හැටි! දැන් පෙන්වනවා… ඉෂාරා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.නේපා­ල­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන ‍‍ මෙර­ටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි රටින් පලා ගොස් ඇත්තේ පළාත් පාලන මැති­ව­ර­ණයේ උණු­සුම තදින්ම රටේ පැවති අව­ස්ථා­වේදී බව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනා­ව­ර­ණය වී තිබේ.Sri Lanka Latest News

අලු­ත්කඩේ අංක 05, මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු වූ ගණේ­මුල්ලේ සංජීව ඝාත­නය කිරී­මට වෙඩි­ක්කරු සමඟ ගිනි­අ­විය අධි­ක­ර­ණ­යට රැගෙන ගොස් තිබුණේ ඇය බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබිණි. එම ඝාත­න­යත් සමඟ වෙඩි­ක්කරු සමඟ ඇය අධි­ක­රණ සංකී­ර්ණ­යෙන් පලා යන අයුරු පවා ආර­ක්ෂක කැම­රා­වල සට­හන්ව තිබිණි.

මෙම ඝාත­නය මෙහෙ­යවා තිබුණේ, ඒ වන විට විදෙ­ස්ග­තව සිටි පාතාල අප­රා­ධ­ක­රු­වන්වූ කෙ‍ෙහ­ල්බ­ද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද නමැති අය විසිනි.

පසු­ගිය පෙබ­ර­වාරි 19 වැනිදා මෙම ඝාත­නය කිරී­මෙන් පසු වෙඩි­ක්කරු සමඟ ඉෂාරා සෙව්වන්දි එදි­නම ඉන්දි­යා­වට පැන්න­වීම මූලික සැල­සුම වී තිබී ඇත. කටු­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­ප­ළින් ඔවුන් පලා යෑමට අවශ්‍ය පහ­සු­කම් සිය­ල්ලක්ම ඒ වන විටත් සකස් කර තිබුණ ද වෙඩි­ක්කරු හලා­ව­තදී විශේෂ කාර්ය බළකා අත්අ­ඩං­ගු­වට පත්වී­මත් ඇය ගැන පොලී­සිය තොර­තුරු අනා­ව­ර­ණය කර­ගෙන සිටී­මත් හේතු‍‍වෙන් ඇයට එදින රටින් පලා යෑමට අව­ස්ථා­වක් ලැබී නැත.

මේ තත්ත්වය මත ඇයට රටින් පැන­ග­න්නට මාස තුනක පමණ කාල­යක් තැන තැන සැඟව සිටී­මට සිදුව ඇත. ප්‍රශ්න කිරීම් හමුවේ ඇය හෙළි­කර ඇත්තේ, මැයි මාසයේ පැවති පළාත් පාලන මැති­ව­ර­ණය අතරේ යාප­න­යෙන් බෝට්ටු­වක නැඟී ඉන්දි­යා­වට පලා­ගිය බවය.

පොලී­සිය මැති­ව­රණ රාජ­කා­රි­වල නිර­තව කාර්ය­බ­හු­ලව සිටින බැවින් වෙනත් කාරණා සම්බ­න්ධ­යෙන් වැඩි අව­ධා­න­යක් යොමු නොවන බැවින් එම කාලය ඇයව රටින් පැන්නී­මට යොදා­ගෙන ඇති බව විම­ර්ශන නිල­ධා­රීන්ට පෙනී ගොස් ඇත.

ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා ‍ මේ කාලය තුළ මතු­ග­මත්, මාත­රත්, වවු­නි­යා­වේත් ස්ථාන කිහි­ප­ය­කම රැඳී සිටි බවය. යාප­න­යෙන් ඇය ධීවර බෝට්ටු­වක නංවා­ගෙන ඉන්දි­යා­වට රැගෙන යන්නේ කේ. ශිව­දා­සන් නොහොත් ජේ.කේ. බායිගේ මෙහෙ­ය­වීම මතය. මේ සඳහා කෙහෙ­ල්බ­ද්දර පද්මේ විසින් ඔහුට රුපි­යල් කෝටි­යක මත්කුඩු ලබාදී ඇති බව ද අනා­ව­ර­ණය වී ඇත.

ඉන්දි­යා­වට ඇය ගොඩ­බැ­සී­මෙන් අන­තු­රුව ඇයට මාස­යක පමණ කාල­යක් එහි ගත­කි­රී­මට සිදුව ඇත. ඒ කාලය තුළ ඇයට පෙනී සිටී­මට සිදුව ඇත්තේ ඉන්දි­යානු කාන්තා­වක් ලෙසිනි. ඉන්දි­යාවේ රැඳී සිටි මිනිස් ජාවා­ර­ම්ක­රු­වන් නේපා­ල­යට ඇයව රැගෙන යන්නේ ජූනි මාස­යේ­දීය. දින හය හතක් තිස්සේ දුම්රි­යේත්, බස් රථ­ව­ලත්, කුලී රථ­ව­ලත් නංවා­ගෙන ඇයව නේපා­ල­යට රැගෙන ගොස් ඇත්තේ ඉන්දි­යානු තැරැ­ව්ක­රු­වෙක් විසිනි.

ඇයව නේපා­ල­යට ඇතුළු කරනු ලබන්නේ දේශ­සීමා පන්නාය. ඇයව නේපා­ල­යේදී භාර­ගැ­නී­මට පවා තැරැ­ව්ක­රු­වන් දේශ­සී­මා­වට පැමිණ සිට ඇත.

ඉෂාරා සෙව්ව­න්දිව නේපාල දේශ­සී­මා­වේදී එරට තැරැ­ව්ක­රු­වන් විසින් භාර­ගැ­නී­මෙන් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට ගන්නා­තු­රුම රැඳී සිට ඇත්තේ නේපා­ල­යේය. ඇයට එහි ජීව­ත්වී­මට අවශ්‍ය මුදල් ඇතුළු පහ­සු­කම් සිය­ල්ලක්ම සපයා ඇත්තේ ඒ වන විට ඩුබා­යිහි රැඳී සිටි ජේ.කේ. බායි විසිනි. ඔහු ඉඳ­හිට ඩුබායි සිට නේපා­ල­යට පවා පැමිණ ඇගේ සැප දුක් සොයා බලා ඇති බව ද සඳ­හන්ය.

නේපා­ලයේ තරුණ කැරැල්ල පසු­ගිය සැප්තැ­ම්බර් මාසයේ දිය­ත්වන විට පවා ඇය සිට ඇත්තේ අත්අ­ඩං­ගු­වට ගැනීම සිදුවූ භක්ත­පූ­ර්හිය. ඇය රැඳී සිටි ප්‍ර‍දේශයේ උද්ඝෝ­ෂණ ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශ­යෙන් සිදු වී නොමැත. ඒ නිසා ගැට­ලු­වක් නොමැ­තිව රැඳී සිටී­මට තමාට හැකිවූ බව ඇය පවසා ඇත.

ඉෂාරා සෙව්වන්දි ඇගේ රුව ගැන උන­න්දු­වක් දක්වා ඇත්තේ නේපා­ල­යේදී බව සඳ­හන්ය. එතෙක් පැවති ඇගේ පෙනුම වෙනස් වන්නේ නේපා­ල­යේ­දීය. නේපා­ල­යට යන­තු­රුම ඇය සිය රූපය ගැන උන­න්දු­වක් දක්වා නැත. ‍පැවති රූපය ‍ වෙන­ස­කට ලක්වෙ­මින් හඳුනා ගැනී­මට නොහැකි තර­මට ඇය වෙනස් වී ඇත්තේ නේපා­ල­යේ­දීය. ඇය රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­යන් වෙත ගොස් ඇත්තේ ද කාලය ගත­කි­රීම සඳ­හාය. පසුව ඇය ඊට ඇබ්බැහි වී ඇති බව ද අනා­ව­ර­ණය වී ඇත.

ඇය නේපා­ලයේ ද ස්ථාන කිහි­ප­ය­කම නවා­තැන් ගෙන සිට ඇතැයි ප්‍රශ්න කිරීම් හමුවේ අනා­ව­ර­ණය වී තිබේ. භක්ත­පූර් වෙත ඇයව රැගෙන යන්නේ ද තරුණ කැරැල්ල අත­ර­තු­ර­දීය.

ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ ‍‍ කෙ‍ෙහ­ල්බ­ද්දර පද්මේගේ ඉල්ලීම මත පෙබ­ර­වාරි 19 වැනිදා තමා අලු­ත්කඩේ අධි­ක­ර­ණ­යට ගිය බවය. වෙඩි­ක්ක­රුව ඊට පෙර දැන නොසිටි බවත් තමා ඔහු සමඟ එදා අලු­ත්කඩේ අධි­ක­ර­ණ­යට ගියේ ගණේ­මුල්ලේ සංජීව ඝාත­නය කිරීම සඳහා බව දැන­ගෙ­නම බව ද ඇය පවසා තිබේ. කිසිදු බියක් ඒ ගැන තමාට නොදැ­නුණ බව ද ඇය පවසා ඇත.

ගිනි­අ­විය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහ පොත තමා අතේ තිබුණු බව ඇය පවසා ඇත. අංක 05 අධි­ක­ර­ණ­යට ගණේ­මුල්ලේ සංජීව රැගෙන එන බැවින් එම අධි­ක­රණ ශාලා­වට යන ලෙස කෙහෙ­ල්බ­ද්දර පද්මේ විසින් කළ දැනු­ම්දී­මට අනුව වෙඩි­ක්ක­රුත් සමඟ තමා දෙවැනි මහලේ තිබුණු අංක 05 අධි­ක­රණ ශාලාව වෙත ගිය බව ද ඇය පවසා තිබේ. බැලූ බැල්මට නීති­ඥ­යන් ‍ ලෙස ‍ පෙ‍ෙනන ආකා­ර­යට හැඳ පැල­ඳ­ගෙන සිටි බැවින් තමන් කෙරෙහි කිසි­ව­කුත් සැක නොකළ බව ද ඇය පවසා ඇත.

ඇය පවසා ඇති ආකා­ර­යට වෙඩි­ක්කරු රැඳී සිට ඇත්තේ අධි­ක­රණ ශාලාව තුළය. ඇය රැඳී සිට ඇත්තේ අධි­ක­රණ ශාලාව ඉදි­රි­පිට බැල්කනි කොට­සේය. එහි සිට තමා අධි­ක­ර­ණ­යට ඇතු­ළු­වන ගේට්ටුව දෙස බලා සිටි බව ද ඇය පවසා ඇත. විශේෂ කාර්ය බළ­කායේ ආර­ක්ෂාව සහි­තව ගණේ­මුල්ලේ සංජීව රැගෙන එන විටම වෙඩි­ක්ක­රුට කතා­කර පොත ඇතුළේ සඟ­වා­ගෙන සිටි ගිනි­අ­විය ඔහු අතට පත්කළ බව ද ඇය පවසා තිබේ.

ගණේ­මුල්ලේ සංජීව අධි­ක­රණ ශාලා­වට රැගෙන එන විට තමා පහළ මහ­ලට ගොස් නීති­ඥ­ව­රුන් රැඳී සිටින ස්ථානයේ මඳක් රැඳී සිටි බව ද ඇය පවසා ඇත. ගිනි­අ­විය සඟවා ගෙන රැගෙන ආ දණ්ඩ නීති සංග්‍ර­හය එහි දමා යෑමට කිසිදු වුව­ම­නා­වක් නොති­බු­ණත් වෙඩි හඬ ඇසී­මත් සමඟ තමා කල­බල වූ බැවින් එය රැගෙන යෑමට අම­තක වූ බව ද ඇය පවසා ඇත.

තමාව කිසි දිනක පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගනීවි යැයි විශ්වා­ස­යක් නොති­බුණු බව ද ඇය පවසා ති‍බේ. නේපාල‍‍යේ සිට තමාව මුරු­සි­යට රැ‍ගෙන යන බව ‍ ජේ.‍ කේ. බායි පැවසූ බව ද ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ති‍බේ. ඊට අවශ්‍ය විදෙස් ගමන් බල­පත්‍ර පවා සකස් කර ඇතත් මුරු­සි­යට පැන යන්නට පෙර ඇයව හසු­වන්නේ සති 06ක පොලිස් මෙහෙ­යු­මක ප්‍රති­ඵ­ල­යක් ‍ ලෙසිනි.

එම මෙහෙ­යුමේ කොට­සක් මෙරට සිට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අසංක කර­විට මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් මෙහෙ­ය­වනු ලබයි. පසු­ගිය 11 වැනිදා නේපා­ල­යට යන බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ සහ­කාර පොලිස් අධි­කාරි රොහාන් ඕලු­ගල සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පොලිස් පරී­ක්ෂක ගිහාන් ද සිල්වා මහ­ත්වරු ‍ මෙහෙ­යුම අව­සන් කර­මින් ඉෂාරා සෙව්ව­න්දිට අම­ත­රව තවත් 05 දෙනෙක්ම රැගෙන මෙර­ටට එන්නේ පෙරේදා (15) ය.

ඒ අතර සිටින 26 හැවි­රිදි ඉෂාරා සෙව්වන්දි, ඇ‍‍ගේ රුවට සමාන බව කියන යාප­නය, චාව­ක­ච්‍චේ­රිය, වඩු­විල් උතුරු ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යක වන 23 හැවි­රිදි නන්ද කුමාර තක්ෂි, එම කාන්තා­වගේ සමී­ප­ත­ම­යෙක් බව කියන 36 හැවි­රිදි බී.පී.කෙනඩි නොහොත් සුරේෂ් සහ ඉෂාරා සෙව්වන්දි රටින් පන්නා ඇයට නේපා­ලයේ දී රැක­ව­ර­ණය දුන් මිනිස් ජාවා­ර­ම්ක­රු­වකු වන යාප­නය පලෙ­යිහි පදිං­චි­ක­රු­වකු වන 33 හැවි­රිදි කේ. ශිව­දා­සන් නොහොත් ජේ.කේ. බායි විම­ර්ශන සඳහා භාර දෙන්නේ කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සය වෙතය.

බෙම්මුල්ලේ පදිං­චි­ක­රු­වකු වන කෙහෙ­ල්බ­ද්දර පද්මේගේ අප­රාධ ජාලයේ කොට­ස්ක­රු‍වක් බවට හඳු­නා­ගත් 44 හැවි­රිදි නිශාන්ත කුමාර නො‍හොත් ‘බබා’ නමැත්තා විම­ර්ශන කට­යුතු සඳහා භාර දෙන්නේ කැල­ණිය කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යං­ශ­ය­ටය. නුගේ­ගොඩ, ජම්බු­ග­ස්මුල්ලේ පදිං­චි­ක­රු‍වකු වූ 49 හැවි­රිදි කේ.ඩී. ශ්‍යාමන්ත සිල්වා නොහොත් ‘බබී’ භාර කෙ‍රෙන්නේ බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සය වෙතය.

මේ සියලු දෙනාම ඉන්දි­යාවේ සිට නේපා­ල­යට නීති විරෝ­ධිව ඇතුළු වී ඇත්තේ මෙම වස­රේය. මේ අය අතර වැඩිම කාල­යක් නේපා­ලයේ රැඳී සිට ඇතැයි අනා­ව­ර­ණය වන්නේ ඉෂාරා සෙව්වන්දි පමණි. මේ හැම දෙනෙක්ම නේපා­ලයේ තරුණ අර­ග­ලය පැවති අව­ස්ථා­වේදී පවා රැඳී සිට ඇත්තේ එර­ටය.

මෙම සැක­ක­රු­වන් 06 දෙනා­ගෙන්ම පොලී­සිය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කර­මින් විම­ර්ශන පව­ත්ව­මින් සිටියි. ඉෂාරා සෙව්වන්දි රටින් පලා යන අව­ස්ථාව දක්වාම ඇයට රැක­ව­ර­ණය දුන් පුද්ග­ල­යන් සහ ස්ථාන ද හඳුනා ගැනී­මට ද පොලී­සිය දැඩි උන­න්දු­ව­කින් පසු‍‍‍වෙයි. ඒ සඳහා වැඩි කාල­යක් මේ පිරිස රඳවා ගැනීම පොලී­සියේ අපේ­ක්ෂා­වයි. එහි ප්‍රථම පිය­වර ලෙස පැයට 72ක කාල­යක් මේ සිය­ලු­දෙ­නාම රඳ­වා‍ගෙන ප්‍රශ්න කිරී­මට ඊයේ පොලී­සි­යට අධි­ක­ර­ණ‍‍යෙන් අව­සර ලැබී තිබිණි.

—-

මුරුසි ජාතික කාන්තා­වක් ලෙස ඉෂාරා සෙව්වන්දි මුරු­සි­යට පැන්නී­මට කෙ‍හෙල්බ­ද්දර පද්මේ සැල­සුම් කර තිබී ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.Sri Lanka Latest News

ඒ සඳහා සකස් කළ මුරු­සියේ විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් නේපා­ල­යේදී ඉෂාරා සෙව්වන්දි අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු සොයා­ගෙන ඇත.

එම විදෙස් ගමන් බල­ප­ත්‍රය සකස් කර දී ඇත්තේ ඉෂාරා සමඟ නේපා­ල­යේදී අත්අ­ඩං­ගු­වට ගත් ජේ.කේ. බායි නමැති පුද්ග­ල­යාය. ව්‍යාජ ලෙස සකස් කළ එම විදෙස් ගමන් බල­ප­ත්‍ර­යට මුරු­සියේ ආග­මන විග­මන නිල මුද්‍රා කිහි­ප­යක් පම­ණක් තැබී­මෙන් පසු ඇය මුරු­සි­යට පැන්නී­මට සැල­සුම් කර ඇත. යාප­නයේ පදිං­චි­ක­රු­වෙක් වන ජේ. කේ. බායි නිතර ඩුබා­යිහි රැඳී සිටින තැනැ­ත්තෙක් බව අනා­ව­ර­ණය වී තිබේ. අප­රා­ධ­ක­රු­වෙක් ලෙස ලේඛ­න­ග­තව නැති පුද්ග­ල­යෙක් වන ඔහු මෙරට අප­රා­ධ­ක­රු­වන් රටින් පැන්නීමේ කට­යු­තු­වල නිර­තව සිටි­න්නෙක් බව අනා­ව­ර­ණය වී ඇත. ඔහුට ජාත්‍ය­න්තර මාෆියා කල්ලි සමඟ බොහෝ සම්බ­න්ධ­කම් තිබෙන බවද අනා­ව­ර­ණය වී තිබේ.

ඉෂාරා සෙව්වන්දි රටින් පැන්නීම පවා කෙහෙ­ල්බ­ද්දර පද්මේ විසින් ලබාදී ඇතැයි පැව­සෙන්නේ ජේ.කේ. බායි­ටය. ඒ වෙනු­වෙන් කෙහෙ­ල්බ­ද්දර පද්මේ,ජේ.කේ. බායිට රුපි­යල් කෝටි­යක මත්කුඩු ලබාදී ඇතැ­යිද විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.

ඉෂාරා සෙව්වන්දි යාප­න­යෙන් බෝට්ටු­වක ගොඩ­කර ඉන්දි­යා­වට රැගෙන ගියේ යැයි කියැ­වු­ණත් ඒ ගැන තව­දු­ර­ටත් විම­ර්ශ­නය කළ­යු­තුව ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි‍යෙක් පැව­සීය. ඒ ගැන ඉෂාරා සෙව්වන්දි මෙන්ම ජේ.කේ. බායි‍ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතුව ඇතැයි ද නිල­ධා­රියා පැව­සීය.

විම­ර්ශ­න­ව­ලින් මේ වන විට අනා­ව­ර­ණය වී ඇති අකා­ර­යට අනුව ජේ.කේ. බායි අව­සන් වරට මෙර­ටින් පිටත්ව ඩුබායි බලා ගොස් ඇත්තේ 2023දීය. ඔහු නැවත මෙරට ගුවන් තොටු­පොළ හෝ වරාය ඔස්සේ නීත්‍ය­නු­කූ­ලව ආගිය බවට තොර­තුරු අනා­ව­ර­ණය නොවන බවද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත‍ෙ­ම්න්තුවේ උසස් නිල­ධා­රි‍යෙක් පැව­සීය.

ඉෂාර සෙව්වන්දි ආර­ක්ෂා­කා­රීව ලංකා­වෙන් ඉන්දි­යා­වට පන්නා ඉන්දි­යාවේ සිට නේපා­ල­යට රැගෙ

තක්ෂි නන්තකුමාර්

තක්ෂි නන්තකුමාර්

න යෑමේ මෙහෙ­යුම සිදුව ඇත්තේ ජේ.කේ. බායිගේ අධී­ක්ෂ­ණ­යෙන් බවද අනා­ව­ර­ණය වී තිබේ. ඉෂාරා සෙව්වන්දි නේපා­ලයේ රැඳී සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් අනා­ව­ර­ණය කර ගැනී­මෙන් අන­තු­රුව ඇය කොටු­කර ගැනීමේ රහස් මෙහෙ­යුම ක්‍රියා­ත්මක කර ඇත්තේ ශ්‍රී ලංකා පොලී­සියේ ඉතා සීමිත නිල­ධා­රීන් පිරි­සක් පම­ණක් සම්බන්ධ කර ගනි­මිනි. මේ සඳහා අස­ල්වැසි රටක ප්‍රසිද්ධ බුද්ධි අංශ­යක ද සහාය ලැබී තිබීම ද විශේ­ෂය.

ඉෂාරා සෙව්වන්දි නේපා­ලයේ රැඳී සිටින බව පැහැ­දි­ලි­වම තොර­තුරු අනා­ව­ර­ණය වීමෙන් අන­තු­රුව ජාත්‍ය­න්තර පොලී­සි­යේද සහාය ඇතිව ඇය අත්අ­ඩං­ගු­වට ගැනී­මේ‍ ‍මෙ­හෙ­යුම පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා‍ගේ අධී­ක්ෂ­ණ‍යෙන් ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අසංක කර­විට මහතා ඇතුළු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් සැල­සුම් කරන්‍‍‍නේ සති 6ක සිටය.

මෙරට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය, නේපා­ලයේ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සමඟ සම්බ­න්ධ­වෙ­මින් මේ මෙ‍හෙයු­මට රාජ්‍ය තාන්ත්‍රික සම්බ­න්ධ­තාව ගොඩ­නඟා ගෙන ඇත.

ඒ අනුව මේ මෙහෙ­යු­මට නේපා­ලය වෙත පිටත් කර හැරී­මට තෝරා­ගන්නේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරී රොහාන් ඕලු­ගල සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පොලිස් පරී­ක්ෂක ගිහාන් ද සිල්වා මහ­ත්ව­රුන්ය.

මේ නිල­ධා­රීන් දෙ‍දෙනා ඉෂාරා අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යු­මට ඒ අනුව මෙර­ටින් පිටත්ව යන්නේ පසු­ගිය 11 වැනි­දාය.

ඊට පෙර දින කිහි­පයේ රොහාන් ඕලු­ගල සිටින්නේ අස­නී­ප­යැයි පව­ස­මිනි. දින කීහි­ප­යක්ම ඔහු සිය රාජ­කාරි ස්ථාන­යට පවා වාර්තා කර නොති­බුණි.

බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළින් 11 වැනිදා උදෑ­සන පිටත්ව ශ්‍රීලං­කන් ගුවන් යාන­ය­කින් නේපා­ලය බලා යන විට ඒ අස­නීප තත්ත්ව­යන් සුව අතට පෙර­ළීය.

නේපා­ල­යට ඔවුන් පා තබන විට පිළි­ගැ­නී­මට ගුව­න්තො­ටු­පො­ළට පැමිණ සිටින්නේ නේපා­ලයේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලයේ නිල­ධා­රීන්ය. ඒ අය සමඟ තානා­පති කාර්යා­ල­යට යන ඕලු­ගල සහ ගිහාන් ද සිල්වා එහිදී මුලින්ම මුණ ගැසෙන්නේ එරට පිහිටි මෙරට තානා­පති කාර්යා­ලයේ නිල­ධා­රීන්ය. ජාත්‍ය­න්තර පොලී­සියේ නේපාල ශාඛාවේ නිල­ධා­රීන් සමඟ සාක­ච්ඡා­වක ද නිරත වී ඇත්තේ අන­තු­රු­වය.

ඒ වන විටත් ඉෂාරා කොටු­කර ගැනී­මට අවශ්‍ය මෙහෙ­යු­මට ඩුබා­යිහි සිටින තවත් බායි කෙනෙක්ද සම්බන්ධ කර­ගෙන සිට ඇති බව සඳ­හන්. ඉෂාරා නේපා­ල­යට ගෙන්වා රැක­ව­ර­ණය දෙමින් සිටි ජේ.කේ. බායි ගැන තොර­තුරු දැන සිටියේ ඔහුය. ඒ වන විටත් ජේ. කේ. බායි රැඳී සිටියේ නේපා­ල­යේය.

ඉෂාරා සෙව්වන්දි කොටු­කර ගැනීමේ මෙ‍හෙයු­මට ඒ වන විටත් නේපා‍ලයේ ප්‍රාදේ­ශීය පොලී­සි­යක කණ්ඩා­ය­මක් ද සූදා­නම් කර තිබී ඇත. එම කණ්ඩා­යම සමඟ ගොස් රොහාන් ඕලු­ගල සහ ගිහාන් ද සිල්වා මුලින්ම කොටු­කර ගන්නේ ජේ.කේ. බායිය. ඔහු ඒ වන විට රැඳී සිට ඇත්තේ කත්මණ්ඩු නුව­රට කිට්ටු ස්ථාන­ය­කය. වැට­ලීම සිදු­වන විට කිසිම නිල­ධා­රි­යෙක් ඔහු රැඳී සිටින නිශ්චිත ස්ථාන­යක් ගැන තොර­තු­රක් දැන සිටියේ නැත.

එබැ­වින් ජේ.කේ. බායි එළි­යට ගැනී‍මේ කට­යුත්ත සිදු­වන්නේ ඩුබායි සිට මේ මෙ‍හෙයු­මට සම්බන්ධ කර­ගත් බායිගේ සහාය ඇති­වය.

අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව කළ ප්‍රශ්න කිරී­මේදී ජේ.කේ. බායි කිසි­වක් නොදන්නා අයෙක් ලෙස හැසි‍රෙන විට ඔහුගේ කට ඇරෙන්නේ මෙරට සිට මෙහෙ­යුමේ සිටි නිල­ධා­රි­යෙක් සතුව තිබුණු ජංගම දුර­ක­ත­න­යට ආ ඇම­තු­ම­කින් අන­තු­රු­වය. එම ඇම­තුම පොලී­සියේ ඉහ­ළම නිල­ධා­රි­ය­කු­ගෙනි. එම නිල­ධා­රියා වීඩියෝ ඇම­තු­මක් මගින් අම­තන්නේ ජේ.කේ. බායි­ටය.

“බායි, අපට උදව් කරන්න. ඉෂාරා ඉන්න තැන කියන්න” ඔහු කතා­බහ පටන් ගන්නේ එසේය.

“ කවුද ඉෂාරා කියන්නේ මම මුකුත්ම දන්නේ නැහැ” ජේ.කේ. බායි පැව­සීය.

යාප­නයේ වැසි­යෙක් වූ ජේ.කේ. බායිට සිංහල හොඳින් කතා කළ නොහැ­කිය. සිංහල බස තේරු­ණද ඔහුට සිංහ‍ලෙන් කතා කළ හැකි­වූයේ වචන ගළ­ප­මිනි.

“ඔයා බිරි­යට, දරු­වන්ට ආද‍රෙයි නේද? එයාලා ඉන්න ගෙදර වටේට සී.අයි.ඩී. කට්ටිය මේ වන විට ඉන්නවා. අපට මේ වැඩේට උදව් කළේ නැත්නම් අපි ඒ හැමෝම අත්අ­ඩං­ගු­වට ගන්නවා. ඔයාට සිද්ධ වෙන්නේ බායි දුක් වෙන්න තමයි”

පොලිස් ප්‍රධා­නි­යාගේ එම ගැටේට ජේ.කේ. බායි හසු­වූ­යේය.

“සර්, මම ඇත්ත­ටම ඔය කියන ගෑනු කෙනා දැන් ඉන්න තැනක් දන්නේ නැහැ. මම එයාව ඒජන්ට් කෙනෙ­කුට භාර­දුන්නා. “යැයි බායි එසේ කට අරින්නේ පැයක දෙකක පමණ කාල­යක් හිතන්න කල්දී­මෙන් අන­තු­රු­වය.

ජේ.කේ. බායි විසින් එසේ හෙළි­ක­රන්න වූයේ නේපා­ලයේ තැරැ­ව්ක­රු­වෙක් ගැනය. නේපාල පොලී­සිය එම තැරැ­ව්කරු කොටු­කර ගන්නේ ජේ.කේ. බායිගේ තොර­තුරු මතය.

එම තැරැ­ව්ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී ඔහු පවසා ඇත්තේ සති දෙක­කට පෙර ඇය එ‍තෙක් රැඳී සිටි ස්ථාන­යෙන් වෙනත් තැන­කට ගිය බවය. ඒ ගැන තමා නොදන්නා බවද ඔහු පවසා තිබු­ණේය. ඒ ඔහු එම වැඩේ තවත් තැරැ­ව්ක­රු­ව­කුට පවරා තිබුණු බැවිනි. එම තැරු­ව්කරු සම්බන්ධ කර ගැනී­මේදී ඉෂාරා භාවිත කරන එරට ජංගම දුර­ක­තන අංක­යක් මිස නිශ්චි­ත­වම ඇය රැඳී සිටින ස්ථාන­යක් ගැන තොර­තු­රක් අනා­ව­ර­ණය කර ගැනී­මට නොලැ­බුණි.

එතැන් සිට ඉෂාරා කොටු­කර ගැනී‍මේ මෙහෙ­යුම ක්‍රියා­ත්මක වන්නේ ඇගේ ජංගම දුර­ක­තන අංකය ඔස්සේය. ඇය ලබා­ගත් දුර­ක­තන ඇම­තුම් ජාල ගත විශ්ලේ­ෂ­ණ­යක් කර­මින් කළ විම­ර්ශ­න‍යේදී පෙනී යන්නේ ඇගේ ජංගම දුර­ක­ත­නය ක්‍රියා­ත්මක වෙමින් තිබෙන්නේ භක්ත­පූර් දිස්ත්‍රි­ක්කයේ බවය. එම ප්‍රදේ­ශය මෙරට නුව­ර­එ­ළි­යට සමා­න­ක­මක් දක්වයි. නේපා­ලයේ කත්මණ්ඩු නිම්නයේ නැඟෙ­න­හිර කෙළ­වරේ අග­නු­වර වන කත්මණ්ඩු සිට කිලෝ­මී­ටර් 13ක් (සැත­පුම් 8.1) පමණ දුරින් පිහිටා ඇති නග­ර­යක් වන භක්ත­පූර් නේපා­ලයේ කුඩාම නග­රය මෙන්ම වඩාත්ම ජනා­කීර්ණ නග­ර­යයි.

කත්මණ්ඩු සිට භක්ත­පූර් වෙත ඉකුත් ඉරිදා ඕලු­ග­ලත්, ගිහාන් සිල්වාත් රැගෙන යන්නේ නේපාල පොලී­සියේ කණ්ඩා­ය­මකි. පොලිස් කණ්ඩා­යමේ ඉල­ක්කය වූයේ ඉෂාරා භාවිත කරන දුර­ක­ත­නයේ සංඥා නිකුත් කරන ස්ථාන­යයි. හිතූ තරම් එය පහසු කට­යු­ත්තක් නොවන බව පොලිස් කණ්ඩා­ය­මට පෙනී යන්නේ වර්ග මීටර් 800ක් පමණ ප්‍රදේ­ශ­යක් පුරා එම සංඥා විහිදී ඇති බව පෙනී යන්න වූ බැවිනි. එම ප්‍රදේ­ශය ජනා­කීර්ණ මෙන්ම සංචා­ර­ක­යන් ගැව­සෙන ස්ථාන­ව­ලින් සම­න්විත වූ බැවින් නිවාස සහ ගොඩ­නැ­ඟිලි පරීක්ෂා කර­මින් ඉෂාරා සෙවීම පහසු කට­යු­ත්තක් නොවීය. නේපා­ලයේ පව­තින නීති­මය තත්ත්වය මත එසේ ගෙයින් ගෙට සහ ගොඩ­නැ­ඟි­ල්ලෙන් ගොඩ­නැ­ඟි­ල්ලට ගොස් පරීක්ෂා කිරීම ගැටලු සහ­ග­තය. ඒ වන විටත් ප්‍රාදේ­ශීය පොලී­සියේ කණ්ඩා­ය­මක් ද එහි පැමිණ සිටින්නේ මධ්‍යම පොලී­සි­යෙන් කර තිබුණු දැනු­ම්දී­ම­කට අනු­වය. ඒ මෙහෙ­යු­මට සහාය දැක්වී­ම­ටය. ඒ වන විටත් දහ­වල ගෙවී ගොස් හමා­රය. නිවාස එකින් එක පරීක්ෂා කිරී­මට ගිය­හොත් නිවාස සහ ගොඩ­නැ­ඟිලි අඳුර වැටී­මට පෙර පරීක්ෂා කර අව­සන් කළ නොහැ­කිය. නේපාල පොලී­සිය රාත්‍රී කාල­යට මෙහෙ­යුම් කරන්නේ නැත. සුවි­ශේෂී කට­යු­ත්තක් හේතු­වෙන් රාත්‍රී කාල­යට මෙහෙ­යු­මක් කරන්නේ නම් ඊට ඉහ­ළින්ම අව­සර ලබා­ගත යුතුය. මෙහිදී එවැ­න්නක් කළ නොහැකි වූ බැවින් ඉෂාරා ඉන්නා තැනින් එළි­යට ගෙන අත්අ­ඩං­ගු­වට ගැනීම සුදුසු යැයි රොහාන් ඕලු­ගල ඇතුළු කණ්ඩා­යම තීර­ණය කළේය. ඒ සඳහා ඉත්තෙක් ලෙස යොදා ගන්නේ ජේ.කේ. බායිය. ඉෂා­රාගේ ජංගම දුර­ක­ත­න­යට ජේ.කේ. බායි මගින් ඇම­තු­මක් ගන්න සල­ස්වන්නේ සැල­සු­ම­කට අනු­වය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඉහ­ළම නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් ද මේ පිටු­පස සිටි­යේය.

එම ඇම­තුම මඟින් ඉෂාරා රව­ටන්නේ ඇගේ විය­ද­මට අවශ්‍ය මුදල් දැමූ බැංකු කාඩ්පත ලබා­දී­මට භක්ත­පූර්හී යම් ස්ථාන­ය­කට පැමි­ණෙන ලෙසය. පොලී­සියේ තිර පිට­ප­තට අනුව ජේ.කේ. බායි විසින් ඇයට දුර­ක­තන ඇම­තුම දෙමින් එතැ­නට පැමි­ණිය යුතු වේලාව පවා දැනුම් දුන්නේය. ඒ පසු­දින උදෑ­ස­නය.

එදින රොහාන් ඕලු­ග­ල­ටත් ගිහාන් ද සිල්වා­ටත් නවා­තැන් ගැනී­මට නේපාල පොලී­සිය ඉඩක් සලසා දෙන්නේ තට්ටු නිවාස සංකී­ර්ණය ආස­න්නයේ පිහිටි හෝට­ල­ය­කය. ජේ.කේ. බායි ද ඒ වන විටත් සිටින්නේ ඔවුන් භාර­යේය.

ඉෂාරා සෙව්වන්දි කොටු­කර ගැනී­මට එදා උදෑ­ස­නම නේපාල පොලිස් කණ්ඩා­යම සමඟ රොහාන් ඕලු­ග­ලත්, ගිහාන් ද සිල්වාත් සමඟ ගමන් කරන්නේ ජේ.කේ. බායි විසින් පෙර දින ඇයට ඇම­තු­මක් දෙමින් පැමි­ණෙ­න්නැයි කී තැන­ටය. ප්‍රාදේ­ශීය පොලී­සියේ නිල­ධා­රී­න්‍ ­ඉ­ෂා­රාව ඇය රැඳී සිටින ස්ථාන­යේ­දීම කොටු­කර ගැනීමේ අපේ­ක්ෂාව නේපා­ලයේ ප්‍රාදේ­ශීය පොලී­සිය අත­හැර දමා තිබුණේ නැත. එම ප්‍රදේ­ශයේ රැඳී සිටින ආග­න්තු­ක­යන් සහ විදේ­ශීය කාන්තා­වන් ගැන තොර­තුරු ඔවුන් පෙර දින රාත්‍රිය පුරාම රැස් කර තිබු­ණේය. ඒ අනුව සඳුදා දින උදෑ­සන ඇය ප්‍රාදේ­ශීය පොලී­සියේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගන්නේ ඇය නි‍ෙව­සින් පිට­තට ඒමට සූදා­නම් වූ විට­දීය. ඒ වන විටත් ඕලු­ගල ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­යම සිටින්නේ කිලෝ­මී­ටර් එක­හ­මා­රක් පමණ වූ වෙනත් ස්ථාන­යක රැ‍ඳෙමිනි. ඒ ඉෂාරා එතැ­නට ආපසු කොටු­කර ගැනී­ම­ටය.

ඉෂාරා තමන් අත්අ­ඩං­ගු­වට ගත් බව ප්‍රාදේ­ශීය පොලී­සිය කළ දැනු­ම්දී­මට අනුව නේපාල පොලිස් කණ්ඩා­යම සමඟ රොහාන් ඕලු­ග­ලත්, ගිහාන් ද සිල්වාත් ඒ තැනට යන විට පුදු­ම­යට පත්වන්නේ ඔවුන් පෙර දින රැඳී සිට ඇත්තේ ඇය රැඳී සිටි ස්ථාන­යට ආස­න්නයේ ඇති හෝට­ල­යක බව පෙනී ගිය බැවිනි.

සති ගණ­නක් තිස්සේ කළ සුවි­ශේෂී මෙ‍හෙයු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස ඉෂාරා කොටු­කර ගැනී­මෙන් අන­තු­රුව එම ජය­ග්‍ර­හ­ණය සම­ර­මින් ඕලු­ග­ල­ටත් ගිහාන් ද සිල්වා­ටත් ඇය රැගෙන මෙර­ටට ඒමට ඉඩක් නොවීය. ඒත් එක්කම ඔවුන්ට තවත් මෙහෙ­යු­මක් පැව­රුණි. ජේ.කේ. බායි විසින් නේපා­ල­යට ගෙන්වා­ගෙන රැක­ව­ර­ණය ලබා­දෙ­මින් සිටි කාන්තා­වක් ඇතුළු ති‍දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගැනෙන්නේ ඒ අනු­වය. ඔවුන් සිව්දෙනා අත්අ­ඩං­ගු­වට ගැනෙන්නේ නේපා­ලයේ වෙනත් ප්‍රදේ­ශ­ය­ක­දීය. ඒ අතර සිටින කාන්තාව යාප­නයේ පදිං­චි­කා­රි­යකි. ඇය බැලූ බැල්මට ඉෂා­රාගේ හැඩ රුවට සමා­නය. ඉෂා­රාගේ ඩමි­යක් ලෙස ඇයව නිල­ධා­රීන් විසින් හඳු­න්වනු ලැබීය. ඇය නමින් තක්ෂිය. ඇය සමඟ සුරේෂ් නමැති අයෙක්ද සිටි­යේය. සුරේෂ් ද යාප­න­යේය. මිනිස් ඝාතන ඇතුළු අප­රාධ රැස­කට ඔහු චෝදනා ලැබූ­වෙකි. කේරළ ගංජා ජාවා­ර­මට ද ඔහු සම්බන්ධ පුද්ග­ල­යෙකි. නේපා­ල­යට ඔහු පැමිණ ඇත්තේ තක්ෂිව ද රැගෙ­නය. ඔවුන් නේපා­ල­යට පැමිණ ඇත්තේ ඉන්දි­යාවේ සිටය. ඉන්දි­යා­වට ඔවුන් යන්නේ බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළින් ජූලි 21 වැනිදා බව මෙතෙක් කර ඇති විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. තක්ෂි මෙසේ නේපා­ල­යට ආ හේතු­වක් පැහැ­දි­ලිව මෙතෙක් අනා­ව­ර­ණය වී නැත. ඇය නේපා­ලයේ සිට යුරෝ­පීය රට­කට යෑමේ සූදා­න­ම­කින් සිට ඇති බව පැවසේ.

මේ මෙහෙ­යු­මේදී අත්අ­ඩං­ගු­වට ගත් සෙසු දෙදෙනා වන්නේ බබී සහ බබාය. බබී නුගේ­ගො­ඩය. බබා ගම්ප­හය. බබී සහ බබා පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ය. මත්කුඩු ජාවා­ර­මට ද සම්බන්ධ වූවෝය. නුගේ­ගොඩ ජම්බු­ග­ස්මු­ල්ලේදී 2019 වස­රේදී ව්‍යාපා­රි­ක­යෙක් වෙඩි තබා ඝාත­නය කිරී­මක් සම්බ­න්ධ­යෙන් ඔහු පොලී­සි­යට අව­ශ්‍යව සිටි­යෙකි. ඔහු එකල පොලී­සි­යෙන් බේරී­මට පැන්නේ ඩුබායි වෙතය. ඔහු සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බබා නමැත්තා කෙහෙ­ල්බ­ද්දර පද්මේගේ ගෝල­යෙකි. පසු­ගිය කාලයේ ගම්පහ ආශ්‍රි­තව සිදුවූ අප­රා­ධ­ව­ලට ඔහුගේ සම්බ­න්ධ­යක් ඇතැයි පොලී­සියේ සැක කරයි.

ඉෂාරා අල්ලන්න ගොස් හය දෙ‍නෙක්ම රැගෙන රොහාන් ඕලු­ග­ලත්, ගිහාන් ද සිල්වාත් ඊයේ සවස මෙර­ටට එන්නේ ශ්‍රීලං­කන් ගුවන් සමා­ග­මට අයත් ගුවන් යාන­ය­කිනි. මේ පිරිස රැ‍ගෙන ඒමට ඊයේ උදෑ­සන කාල­යේදී මෙර­ටින් කත්මණ්ඩු ගිය ගුවන් යාන­ය­කින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ තවත් නිල­ධා­රීන් දෙදෙ­නෙකි. ඉෂාරා ඇතුළු 06 දෙනා ගුවන් යානයේ නන්වා‍‍ගෙන රැගෙන ඒමේදී මේ පොලිස් නිල­ධා­රීන්ගේ ආර­ක්ෂා­වට අම­ත­රව ශ්‍රීලං­කන් ගුවන් සමා­ගමේ ගුවන් ආර­ක්ෂ­ක­ය­න්ගේද ආර­ක්ෂා­වක් ලැබිණි. ඒ අතර කාන්තා ගුවන් ආර­ක්ෂක නිල­ධා­රි­නි­යක්ද සිටි බව සඳ­හන්ය. රටින් පැන මාස 8කට පමණ පසු නැවත මෙර­ටට රැගෙන ආ ඉෂාරා සෙව්ව­න්දි­ගෙන් ප්‍රශ්න කිරී­මේදී හෙළි­වන තොර­තුරු මත ඉදිරි විම­ර්ශන සිදු­වනු ඇත.

මේ මෙහෙ­යු­මේදී ඉෂා­රා­ටත් වඩා පොලී­සි­යට වැද­ගත් වන්නේ ජේ.කේ. බායිය. ඒ පාතාල අප­රා­ධ­ක­රු­වන් බොහෝ දෙනෙක් රටින් පන්න­මින් විදේ­ශ­ය­න්වල රැක­ව­ර­ණය ලබා­දී­මට ජාත්‍ය­න්තර මාෆියා කණ්ඩා­යම් සමඟ සම්බ­න්ධ­කම් පවත්වා ඇත්තේ ඔහු වන බැවිනි. ජේ.කේ. බායි­ගෙන් ප්‍රශ්න කර ඒ ජාලය හෙළි­කර ගැනී­මට හැකි­වනු ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විශ්වා­ස­යෙන් සිටියි.

‘දිනමිණ පුවත්පතෙනි
— – – –

හරියටම මිට මාස අටකට පෙර එනම් පසුගිය පෙබරවාරි 19 වැනිදා සිට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු සිද්ධියක් වූයේ ගනේමුල්ල සංජිව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළ දී ඝාතනයට සම්බන්ධ බවට සැක කරන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව පලායෑමයි. ඇය මෙරට තුළ සිටිනවාද, රටින් පැනගොස් ඇද්ද යන්න ගැන සියලු දෙනාම විමසිලිමත් විය.

ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළ ගිනි අවිය රැගෙන ඉෂාරා සෙව්වන්දි අධිකරණයට පැමිණ ඇත්තේ නීතිඥවරියකගේ වෙස් ගෙනය. සති කිහිපයක් තිස්සේ ඉෂාරා සෙව්වන්දි සහ කොමාන්ඩෝ සලිඳු නමැත්තා ගනේමුල්ල සංජීව ඝාතනය සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් අනාවරණය වී තිබුණා. ඉෂාරා සෙව්වන්දි, සංජීව ඝාතනයට පමණක් නොව තවත් මනුෂ්‍ය ඝාතන කිහිපයකටම සම්බන්ධව ඇති බවයි පොලිසිය අනාවරණ කරගෙන තිබුණේ. එදින සංජීව ඝාතනයට කොමාන්ඩෝ සමිඳුද උසාවියට පැමිණ තිබුණේ නිතිඥයෙකු ලෙස වෙස්වළාගෙනයි. සංජීව ඝතනය කිරීමෙන් අනතුරුව කොමාන්ඩෝ සමිඳු නමැත්තා මන්නාරම ප්‍රදේශයට වෑන් රථයකින් පලායාමින් සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. එහෙත් ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොලැබුණේ ඒ වනවිටත් ඇය පලාගොස් සිටි නිසයි.
ඒ කතාබහේ උණුසුම පහව යමින් තිබියදී මේ සිදුවීම යළිත් කරළියට ආවේ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය තවත් සැකකරුවන් හයදෙනකු සමග නේපාලයේදී අත්අඩංගුවට ගැනීමත් සමගයි. නුගේගොඩ බබී නැමැත්තාද, ගම්පහ බබා නැමැත්තාද, යාපනය ප්‍රදේශයේ සුරේෂ්, බායි සහ චාවකච්චේරියේ තෂ්මි ඇතුළු සැකකරුවන් හයදෙනකු එලෙස අත්අඩංගුවට පත්විය. මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ස්ථාන තුනකදීයි. මෙම මෙහෙයුම සිදුව තිබුණේ ශ්‍රී ලංකාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නේපාල පොලිසිය සතු පරිගණක දත්ත මෙන්ම බුද්ධි තොරතුරු මෙහෙයුමකට අනුවයි. ඉෂාර සේව්වන්දිව අත්අඩංගුවට ගෙන තිබුණේ ඇය නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝමීටර 19ක් දුරින් පිහිටි බක්තපුර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටියදීය. පොලිස් තොරතුරු අනාවරණ කළේ පසුගිය 13 වැනිදා මෙම මෙහෙයුම සිදුකළ බවයි.

පැරණි නගරයක් වූ මෙම නිවාස ඉහළ මිල ගණන් යටතේ කුලියට ලබාගෙන ඇති බවයි අනාවරණ වී තිබුණේ. රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නවාතැන් ගෙන සිටියේ ඉෂාරා සෙව්වන්දි සැඟව සිටි නිවසට යාබදවයි. මේ අත්අඩංගුවට පත් පුද්ගලයන්ට එරෙහිව විවිධ අපරාධයන් සම්බන්ධයෙන් නඩු පැවරී ඇති බවද පොලිසිය අනාවරණ කරගෙන ඇත.

ඉෂාරාව ලංකාවේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට රැගෙන ගොස් එතැන් සිට දුම්රියකින් නේපාලය වෙත රැගෙන ගොස් තිබුණේ කෙනඩි බස්තියන්පිල්ලේ හෙවත් ජේ.කේ බායි නැමැත්තකු විසිනි. මුලින්ම අත්අඩංගුවට පත්ව තිබුණේ ජේ.කේ. බායි නමැත්තාවයි. ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය අනාවරණ කළේ. ඒ අනුව පසුගිය 15 වැනිදා සවස 5.55ට පමණ ඇය ඇතුළු සැකකරුවන් පිරිස ලංකාවට රැගෙන ආවේය. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර සිට පැමිණි යූ.එල්. 182 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකිනි. එම සැකකරුවන් වන්නේ වීරසිංහ පිනිපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි, ජීවදාසන් කනකරාසා, තක්ෂි නන්ද කුමාර, දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා කළුදාර, කෙනඩි බස්තියම්පිල්ලෙයි හෙවත් ජේ.කේ. බායි සහ වික්‍රමආරච්චිගේ දිනේෂ් නිශාන්ත කුමාර යන අයයි. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

ඉෂාරා සෙව්වන්දිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කෙහෙල්බද්දර පත්මේගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණා.

අත්අඩංගුවට ගත් කාන්තාව ඉෂාරාගේ රූපයට සමානකම් කියන ඩමි ඉෂාරා කෙනකු බවටයි හඳුනාගෙන තිබුණේ. ඇයව යොදාගෙන ව්‍යාජ ගමන් බලපත්‍රයක් සැකසීමට කුමන්ත්‍රණය කර තිබී ඇති බවද හෙළිව ඇත. ඇය දෙමළ ජාතික කාන්තාවක් වූ අතර, තක්ෂි නම් වූවාය. ඇයව යොදාගෙන ඉෂාරා යුරෝපයට පලායාමට සැලසුම් කර තිබී ඇත. කේ.ජේ. බායි නමැත්තා ඉෂාරා සෙව්වන්දිට මේ සියලු කටයුතුවලට සහාය වී තිබුණේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස්වලට අනුවය.

කෙහෙල්බද්දර පද්මේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන ඒමෙන් පසු සියලු සැලසුම් ව්‍යර්ථ වූ බවද අනාවරණය කරගෙන තිබුණා. ඉෂාරා සෙව්වන්දිගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු තමා දින කිහිපයක් කොළඹ වාසය කර ඇති බවත්, පසුව මතුගම ප්‍රදේශයටත් ඉන් පසුව මිද්දෙණිය ප්‍රදේශයටත් ගොස් ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන ඇති බවයි. එලෙස ඇය මාස 3ක පමණ කාලයක් මෙරට විවිධ ස්ථානවල සැඟවී සිට තිබුණා. පසුව කේ.ජේ. බායි නමැත්තාගේ උපකාරයෙන් යාපනය ප්‍රදේශයට ගෙනගොස් බෝට්ටුවකින් ඉන්දියාව වෙත යාමට කටයුතු කර තිබුණා. අපරාධකරුවන් නිත්‍ය නොවන මුහුදු මාර්ගවලින් ගෙනගොස් වෙනත් රටවල්වලට යැවීම රැකියාව කරගෙන සිටි බායි නැමැත්තා සෙව්වන්දි වෙනුවෙන් ලක්ෂ ගණනක මුදලක් කෙහෙල්බද්දර පද්මේගෙන් ලබාගෙන ඇතැයිද අනාවරණය වී ඇත. ඇයව ඉන්දියාවේ සති දෙකක කාලයක් තබාගෙන දුම්රිය මාර්ගයෙන් නේපාලය වෙත රැගෙන ගොස් තිබුණා. පසුව කත්මන්ඩු නුවර නිවසක් කුලියට ගෙන ඇයට නවාතැන් ලබාදීමට සහාය වී තිබුණේ බායි නමැත්තා විසිනි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඉෂාරා සෙව්වන්දි කොයිවෙලේක හරි තමාට මේ දෙය සිදුවන බව දැනගෙන සිටියා. ඇගේ මුවින් පිටව තිබුණේ,
‘මට හිතුණා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරෙස්ට් කරයි කියල. මට මාස 07ක් තිස්සේ නේපාලයේ හිරවෙලා ඉඳලා ඇතිවෙලා සිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා හිටියා…’
තමාගේ රූපයට සමානකමින් යුතු චාවකච්චේරියේ පදිංචි තක්ෂිගේ නමින් ගමන් බලපත්‍රයක් සකසාගෙන ඇති බවයි අනාවරණය වී තිබුණේ. එමගින් ඇය යුරෝපයට පලායෑමට උත්සාහ කර ඇති බවද සඳහන්ය.

මෙම මෙහෙයුමට කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ගිහාන් ද සිල්වා සහභාගි වී තිබුණා. අත්අඩංගුවට ගැනීම සඳහා ඉතා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇත. අදාළ නිවාස සංකීර්ණයෙන් සෙව්වන්දි එළියට එන්නේ දුරකතන ඇමතුමකට අනුවය. එම ඇමතුම ලබාදෙන්නේද මෙම රහසිගත මෙහෙයුමේ එක් පියවරක් ලෙසිනි. ඇයව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ජේ.කේ. බායි නමැත්තාද එම නිවාස සංකීර්ණයේ රැඳී සිට ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ. කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟව සිටින ස්ථානය සොයාගැනීමට පොලිසියට පහසු වී තිබුණා. නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙහෙයුම සඳහා පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා කටයුතු කර තිබුණා.
මේ සිදුවීමෙන් අප තේරුම්ගත යුත්තේ වැරදි කර සැඟවී සිටීමට නොහැකි බවත්, කෙදිනක හෝ නීතියේ රැහැනට එම වරදකරුවන් කොටුවන බවත්ය.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

BYD වාහනවල ලොකු අවුලක්! විකුණපු වාහන 115,000ක් ආපසු කැඳවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර භයානක කලාපයකට ඇතුළු වෙයි! ඔක්කොම ලෑස්තියි! මෙන්න වීඩියෝ එක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.