• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියලා නොමග යැව්වා! නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට ගෙනා විශ්වාසභංග යෝජනාවේදී නීතිපතියි-පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයයි කරපු දැනුම්දීම ගම්මන්පිල ප්‍රසිද්ධ කරයි! Sri Lanka Latest News

October 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘මේ රටේ තුන්වන පුරවැසියා වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියලා නොමග යවලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න ඉන්න පුද්ගලයාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලසලා තිබෙනවා.’ යැයි අද පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂයෙන් අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට එරෙහිව භාර දුන් විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කලා. නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනා පළමු වතාව මෙන්ම විශ්වාස භංග යෝජනාවක් විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව ලෙසයි මෙම සිදුවීම පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු වෙන්නේ. මෙම යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම ගැන තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් කතානායකතුමා ප්‍රකාශ දෙකක් කලා. සැප්තැම්බර් 10 වන දා කළ පළමු ප්‍රකාශයෙන් කිව්වේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගැන නීතියේ හෝ සම්ප්‍රදායේ නැති නිසා ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට සම්ප්‍රදායේ නැතිව ඒ අමිර්තලිංගම් විපක්ෂ නායකතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ කොහොමද කියලා විපක්ෂය ප්‍රශ්න කලා. වැඩේ වැරදුනා කියලා තේරුණු කතානායකතුමා සැප්තැම්බර් 25 වන දා තවත් ප්‍රකාශයක් කලා. ඒ ප්‍රකාශයෙන් කිව්වේ නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීමක් පවරලා නැති නිසා විශ්වාස භංග යෝජනාවක් ගේන්න බෑ කියලා. ඇමතිවරයා විදේශගත වන විට නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරන නිසාත් ජනාධිපතිතුමා විදෙස් ගත වන සෑම අවස්ථාවකම වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිතුමා පත් කරන නිසාත් මේ ප්‍රකාශයට පදනමක් නෑ කියලා විපක්ෂය කිව්වා. මේ අවස්ථාවේ කතානායක කිව්වේ තමන්ගේ ප්‍රකාශ වලට පදනම් කර ගත්තේ නීතිපති මතය සහ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ මතය කියලා. එහෙම නම් ඒ අය දුන්නු වාර්තා සභාගත කරන්න කියලා ගයන්ත කරුණාතිලක මන්ත්‍රිතුමා දිගින් දිගටම පීඩනයක් එල්ල කලා.

විපක්ෂයේ පීඩනය දරා ගන්න බැරි වුණාම මේ වාර්තා සභාගත කලා. අපිත් ඒවා ගෙන්නා ගෙන අධ්‍යනය කලා. ඒ වාර්තා වල මොකද තිබෙන්නේ? නීතිපතිතුමාගෙන් විමසා තිබුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පවතින නඩු හේතුවෙන් පාර්ලිමේන්තුවට මේ විශ්වාස භංග යෝජනාව විවාද කරන්න පුළුවන් ද කියලා. ඒත් නීතිපතිතුමා දැනුම් දුන්නේ පවතින නඩු වලින් මේ විවාදයට කිසිම බාධාවක් නෑ කියලා. ඒ අත්තේ එල්ලෙන්න බෑ කියලා තේරුණාම ඊට පස්සේ කතානායකතුමා ලේකම් මණ්ඩලයේ මතය විමසලා තිබුණා. ලේකම් මණ්ඩලය කියන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහ ලේකම් ඒකාබද්ධව කටයුතු කරන එකයි. ලේකම් මණ්ඩලය වාර්තා දෙකක් දීලා තිබුණා. ඒ අය කියලා තිබුණේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව විශ්වාස භංග යෝජනාව වෙනුවට censure motion නැතිනම් බරපතල ලෙස හෙලා දැකීමේ යෝජනාවක් ගේන්න පුළුවන්. මීට පෙර නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් නැතත් ඔහු තනතුරු දරන්නෙකු නිසා ලංකාවේ සම්ප්‍රදාය අනුව ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න පුළුවන්. දෙකෙන් එකක් ඔබතුමා තෝරා ගන්න කියලා. මේ කිසිම වාර්තාවක නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගේන්න බෑ කියලා නෑ.

මේ සිදුවීමෙන් අපට මොකක්ද පේන්නේ? අපි දන්නේ නැති වුණාට අරුණ ජයසේකර ඇමතිතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම ආණ්ඩුව ලොකු අර්බූදයකට තල්ලු වෙන දෙයක් වෙනවා. ආණ්ඩුවට මන්ත්‍රිවරු 159ක් සිටින නිසා මේ විශ්වාස භංග යෝජනාව ලෙහෙසියෙන්ම පරදන්න පුළුවන්නෙ. එහෙම නම් ආණ්ඩුව බය වෙලා තිබෙන්නේ විවාදයේ දී මතු වෙන්න ඉඩ තිබෙන ආන්දෝලනාත්මක තොරතුරකටයි. ඒ නිසා මේ යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කරන්න කියලා පැලවත්තෙන් හරි ජනාධිපතිගෙන් හරි වෙනත් යම් කෙනෙකුගෙන් හරි කතානායකතුමාට නියෝගයක් ලැබිලා තිබෙන්න ඕනි. නැතිනම් පාර්ලිමේන්තුව නොමග යවලා මේ විවාදය මග හරින්න කතානායක පෙළෙඹෙන්නේ ඇයි? මුලින්ම නීතිපතිගේ ඇඟේ එල්ලිලා යෝජනාව ප්‍රතික්ෂේප කරන්න නීතිපතිගේ මතය විමසුවා. නමුත් නීතිපති විවාදය කරන්න නඩු වලින් බාධාවක් නෑ කිව්වා. ඒ පාර ලේකම් මණ්ඩලයේ එල්ලෙන්න බැලුවා. ඒ අයත් විවාදය කරන්න පුළුවන් කිව්වා. කරන්න දෙයක් නැති වුණාම ඒ අයගේ වාර්තා අනුව කියමින් යෝජනාව ප්‍රතික්ෂේප කරලා පාර්ලිමේන්තුව නොමග යැව්වා.

ජනාධිපති, ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති වගේම ලේකම් මණ්ඩලයත් සිය මතය දැනුම් දෙන්නේ කතානායකට. මේ අය එවන සංදේශ ගැනත් කතානායක බොරු කියලා පාර්ලිමේන්තුව නොමග යවන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මේ කතානායක පුටුවේ වාඩි කරගෙන තව දුරටත් පාර්ලිමේන්තුවට පවතින්න බෑ. කතානායකතුමා වහාම ඉල්ලා අස්විය යුතුයි. දුරාචාර්ය අසෝක රන්වල කතානායකතුමා යැවූ පාරේම වෛද්‍ය ජගත් වික්‍රමරත්නත් මහතාත් ගෙදර යවන්න ඕනි. මේ නොමග යැවීම පදනම් කරගෙන විපක්ෂය අනිවාර්රයෙන්ම කතානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න ඕනි. විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කළත් කතානායක සැබෑ ස්වරූපය හෙලිදරව් කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නොවේ, මාසයක් විතර කතානායකට තනතුරේ කටයුතු කරන්න බැරි වෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නු දවසේ සිට ඡන්දය විමසන දවස දක්වා ඔහුට කතානායක ධූරයේ කටයුතු කරන්න බෑ. මේ කළ කැත වැඩේට ඒකත් හොඳ දඩුවමක්.

පොලිස්පති පහර දුන් කොස්තාපල්ගේ පැත්ත ගත්තේ කොහොමද?

ගල්කිස්ස උසාවි භූමියේ දී නීතිඥයෙකුට පහර දුන් බවට චෝදනා ලැබූ පොලිස් කොස්තාපල් වෙනුවෙන් තමන් පෙනී සිටින බව පොලිස්පතිතුමා ප්‍රකාශ කර තිබුණා. පොලිසියයි නීතිඥවරුයි දෙකට බෙදිලා ක්‍රිකට් තරගයක යෙදී ඉන්න කොට නම් පොලිස්පතිතුමාට පොලිසිය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. අපි පොඩි කාලයේ පර්සි අබේසේකර ආනන්ද – නාලන්ද ක්‍රිකට් තරගයේ දී දෙපැත්තටම හුරේ දානවා වගේ ඕනෑ නම් දෙපැත්ත වෙනුවෙන්ම පෙනී ඉන්න පුළුවන්. මොකද පොලිස්පති පොලිස් නිලධාරියෙකු වගේම නීතිඥයෙක්. නමුත් මේක ක්‍රිකට් තරගයක් නොවේ, පහර දීමක් පිළිබඳ චෝදනාවක්.

පහර දීමක් පිළිබඳ විමර්ශනය කරන්න මේ රටේ තිබෙන එකම ආයතනය පොලිසිය. ඒ නිසා තමයි පහර කෑමට ලක් වුණු නීතිඥයාට පොලිසියට ගිහින් පැමිණිලි කරන්න සිද්ධ වුණේ. දැන් විමර්ශනය කරන ආයතනය පහර දුන්නු සැකකරු වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ආයතන ප්‍රධානියා ප්‍රකාශ කරනවා නම් වින්දිතයාට යුක්තිය ඉටු කරන්නේ කොහොමද? පොලිස්පතිවරයා ප්‍රකාශ කල යුතුව තිබුණේ සැකකරු පොලිස් නිලධාරියෙකු වුණත් සාධාරණ විමර්ශනයක් කරනවා කියන එකයි. අපි අපේ එකාගේ පැත්තේ කියලා ප්‍රසිද්ධියේම කියන කොට මෙහෙම පොලිස්පතිවරයෙකුගෙන් රටට යුක්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

නීතිඥයා තම රාජකාරියට බාධා කලා නම් ඔහුව අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරියාට බලය තිබෙනවා. නමුත් පහර දෙන්න අයිතියක් නෑ. පහර දුන්නේ නීතිඥයා ද පොලිස් නිලධාරියා ද කියා දැන් දෙපැත්තෙන්ම කතා දෙකක් කියනවා. ඇත්ත කතාව මොකක්ද කියා අධිකරණය තීරණය කරාවි. නමුත් ස්වාධීන විමර්ශනයක් කළ යුතු පොලිස්පති පැත්තක් ගැනීම වැරදියි. මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පවා විරුද්ධව පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා. නමුත් කවදාවත් පොලිස්පතිවරයා අපි පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා නෑ. මොකද පොලිස් නිලධාරියාට විරුද්ධව හරි අපට පැමිණිලි කරන්න තිබෙන්නේ පොලිසියටම තමයි.

දැන් පහර දුන් බවට චෝදනා එල්ල වුණු පොලිස් නිලධාරියාව අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කලේත් පොලිසියමයි. එතකොට පොලිස්පතිතුමා දැන් ඉන්නේ සැකකාර පොලිස් නිලධාරියාගේ පැත්තේ නම් විමර්ශනය කරන පොලිස් නිලධාරියාගේ පැත්ත ගන්න කවුද පොලිසියේ ඉන්නේ?

වත්මන් පොලිස්පතිවරයා පොලිසිය මාලිමාකරණය කිරීමේ ප්‍රතිඵලයක් විධියට තමයි මේ ප්‍රශ්න මතු වෙන්නේ. අතීතයේ පොලිසියට තිබුණු දේශපාලන මැදිහත්වීම් දැන් නෑ කියලා ඔහු වරක් ප්‍රකාශ කලා. අපිත් ආණ්ඩුවල හිටියා. ඒ නිසා නම් නොකර චෝදනා කලාම අපිත් බලපෑම් කලා කියලා ජනතාව හිතන්න පුළුවන්. එතුමන්ට රාජකාරියට බලපෑම් කරපු දේශපාලකයින්ව නම් කරන්න කියලා මම එතුමාගෙන් ඉල්ලා හිටියා. ඒ ගැන දැන් ශබ්ද නෑ.

විමල් වීරවංශ මැතිතුමා පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රසිද්ධියක් දුන්නා. ඒක සම්පූර්ණයෙන් නීතියට පටහැනි ක්‍රියාවක්. පොලිසියට ලබා දෙන ප්‍රකාශයේ අඩංගු කරුණු පොලිසිය බී වාර්තාවකින් අධිකරණයට දැනුම් දෙනවා මිස මාධ්‍ය වලට දෙන්න බෑ. පොලිසිය මෙහෙම සාක්ෂිකරුවන් පොලිසියට කියන දේවල් ප්‍රසිද්ධ කරන්න ගත්තොත් කිසිම පුද්ගලයෙකු අපරාධයක් කළ අයව දැන ගත්තත් ඒක පොලිසියට කියන එකක් නෑ. මොකද පොලිසිය ඒක ප්‍රසිද්ධ කලාම තමන්ගේ ජීවිතය අනතුරේ වැටෙන නිසා. ඒ විතරක් නොවේ, සාක්ෂි ප්‍රසිද්ධ වුණාම අපරාධකරුට පලා යන්න, සාක්ෂි විනාශ කරන්න වගේම සාක්ෂිකරුවන් බියපත් කරලා සාක්ෂි වෙනස් කරන්නත් අවස්ථාව ලැබෙනවා.

පොලිසිය පිළිබඳ සාක්ෂිකරුවන්ගේ විශ්වාසය ඇති වෙන්න නම් විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කරන්න කටයුතු කළ සියළුම දෙනාගේ වැඩ තහනම් කළ යුතුයි. නමුත් එවැනි තහනමක් පිළිබඳ අද වන තුරු අපට අහන්න ලැබුණේ නෑ. ඒ වැඩ තහනම සිදු වන තුරු අපරාධයක් පිළිබඳ තමන් දන්න ඇත්ත මේ රටේ ජනතාව පොලිසියට ඇවිත් ප්‍රකාශ කරාවි කියලා අපට නම් බලාපොරොත්තු වෙන්න බෑ. මෙහෙම ගියොත් පාතාල නායකයින්ට තමන් ගැන සාක්ෂිකරුවන් මොකද කියන්නේ කියලා දැන ගන්න සාක්ෂි දෙන අතරේ එෆ්බී ලයිව් දෙන්නත් ඉඩ තිබෙනවා.

අපේ පොලිසිය නඩත්තු කරන්නේ මේ රටේ මහජන මුදලින් මිස පැලවත්තෙන් නොවේ. ඒ නිසා ශ්‍රී ලංකා පොලිසිය මාලිමා පොලිසිය කරන්න එපා කියා පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

යුද හමුදාවට මොකක්ද මේ කරන්න හදන්නේ? Sri Lanka Latest News

Next Post

2022 සිහිකරමින් සජිත් කරපු ප්‍රාර්ථනාව! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 13 වන අදියර අරන් සජිත් මතුගමට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.