පසුගිය වසරේ මැතිවරණ ආසන්නයේදී ලංකා සතොසේ සේවකයින් 850ක් ගැටලු සහගත අන්දමන් ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණි. Sri Lanka Latest News
ඒ ලංකා සතොස නිලධාරින් එම කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේදීය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “සතොසේ ඉහළ තනතුරු 8ක් කොන්ත්‍රාත් පදනමින් බඳවාගෙන.”
සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා – “2024 සැප්තැම්බර් මාසයේ තිබුණ බොඩ් මීටිමක. වසර 2කට දුන් කොන්ත්‍රාත්තුව වසර 5කට දීර්ඝ කරලා. එතකොට වසර 5ක් මේ තනතුරුවල ඉන්න ඕනේ. ප්‍රතිලාභ පැකේජයේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. CEO කෙනෙකුගේ මූලික වැටුප රු.173,000යි. ඒ වැටුපට කවුරුත් මේකට ගන්න බැහැ.”
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “ආයතනයේ මූලික තැන් කොන්ත්‍රාත් පදනමින් වැඩකිරීම සුබදායී නැහැ.”
සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා – “ඒක පිළිගන්නවා”
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “2024 ජුලි 850ක් පමණ සේවකයෝ ඡන්දය එන්න කලින් ස්ථිර කරලා.”
ලංකා සතොස ජ්‍යෙෂ්ඨ කළමනාකරු සිසිර ගුණවර්ධන – “එම ස්ථිර කිරීම් ගැටලු සහගතයි.”










