• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UNP එක බිහිකරපු.. UNP එක ආරක්ෂා කරපු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සජිත් සජබ මූලස්ථානයට අරන් එයි! දැනඋගත් දේශපාලන පරම්පරාවක් බිහිකිරීමේ යුගයේ අවශ්‍යතාව අදින් ඇරඹේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 11, 2025
in Exclusive
Reading Time: 27 mins read
A A
UNP එක බිහිකරපු.. UNP එක ආරක්ෂා කරපු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සජිත් සජබ මූලස්ථානයට අරන් එයි! දැනඋගත් දේශපාලන පරම්පරාවක් බිහිකිරීමේ යුගයේ අවශ්‍යතාව අදින් ඇරඹේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය රටේ ජනතාවට සුබ පණිවිඩයක් දෙන්න යන බවත් ඒ සුබ පණිවිඩය වන්නේ විදුලි බිල වැඩි කිරීම බවත් මේ විදුලි බිල වැඩි කිරිම සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරන බවත් රජය යම් හෙයකින් විදුලි බිල වැඩි කළ හොත් මහපාරට බැස මෙයට විරුද්ධව කටයුතු කරන බවත් විදුලි බිල වැඩි කිරිම තුළින් ගෘහයේ ආර්ථිකයේ පීඩා විදින්නේ මව්වරු සහ කාන්තාවන් බවත් දුක් ගින්නෙන් බඩගින්නෙන් පීඩනයෙන් අසහනයෙන් තැලී පොඩිවී සදාකාලික අනාථ භාවයට ලක් කරන රජයේ මේ දුර්දාන්ත ප්‍රතිපත්ති පරාජය කරන්නට කටයුතු කළ යුතු බවත් ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පෙරට එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්යාලයේ දී ශ්‍රීමත් මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරිම අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු විය. සමගි ජන බලවේගයේ දේශපාලන අධ්‍යාපන විද්‍යා පීඨය වන මෙය ලියාපදිංචි කර සියලු පහසුකම් සහිතව ආරම්භ කර තිබේ. ඒ අනුව මෙහි දී සමගි වනිතා බලවේගයේ පලාත් පාලන මන්ත්‍රීවරියන් වෙනුවෙන් වැඩමුළුවක් ද පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය, චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය, බුද්ධික පතිරණ මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද එක්විය.

පළාත් සභා ඡන්දයට ඉල්ලන්න සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුත් ඉල්ලා අස් වෙනවා

පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉවත්ව පළාත් සභාවට තරග කරන්න සූදානම් බවත් කැපකිරීම් කර පරිත්‍යාග කර පළාත් සභාව පක්ෂය ජයග්‍රහණය කරවන්න සූදානම් බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු මීට පෙර එවැනි දෙයක් කළත් විපක්ෂයෙන් එවැනි දෙයක් සිදු වීම දුර්ලභ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වූ සමගි ජන බලවේගය මේ වන විට දුරකථනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට එක් ජනාධිපතිවරණයකට සහ පළාත් පාලන මැතිවරණයකට තරග කර ඇති බවත් අද වන විට සමගි ජන බලවේගයටම පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රිවරියන් 1773ක් සිටින බවත් ඉන් 714ක්ම කාන්තාවන් බවත් ඔවුන් එදා සිට කළ පරිත්‍යාගවලට කැපකිරිම්වලට ස්තූතිය පළ කර සිටින බවත් දැන් ලංකාවේ දෙවැනි වැඩිම පළාත් පාලන මන්ත්‍රීවරුන් සිටින්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා හා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ලෝකය තුළ මෙන්ම ලංකාවේද නීති රීති අනපනත් හා ප්‍රඥප්ති ඇති බවත් මේවා ගැන බහුතර කාන්තාවන් නොදන්නා බවත් මේ නීති රිති ගැන දැනුවත් විය යුතු බවත් දැනුමෙන් සන්නද්ද විය යුතු බවත් තමා දැනුම ගැනත් ඉංග්‍රීසි භාෂාව ගැනත් කියද්දි පහර පිට පහර ගැහුවත් කවදා හෝ සත්‍ය ජය ගන්නා බවත් එම නිසා ඒ කතා ගැන තමා වැඩිය හිතන්නේ නැති බවත් පුළුවන් තරම් දැනුමින් සන්නද්ධ වී කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරියන්ගෙන් මෙන්ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊයේ පාර්ලිමේන්තුවේදී උසස් පෙළ හදාරණ පාසල් දූදරුවන් හමුවූ අවස්ථාවේදී පාසලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ඇත් ද කියා විමසූ අවස්ථාවේ ඔවුන්ගේ පුස්තකාලයේ එවැනි පිටපතක් නොමැති බවත් මෙය රටේ යථාර්ථය බවත් මෙය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අපේක්ෂාවේ අපේක්ෂාව…! Sri Lanka Latest News

Next Post

ආයෝජන කරන්න පුළුවන්ද කියලා බලන්න ලංකාවට ආපු අමෙරිකානු ව්‍යාපාරිකයන් අනුරව හමුවෙයි! අනුරගෙන් ව්‍යාපාරිකයන්ට ලොකු සහතිකයක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.