ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඒ, හානි පූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සිටිමින් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අයට රජයේ දෙපළකට වන්දි ලෙස රුපියල් අසූ අටලක්ෂ පනස් දහසක මුදලක් ගෙවීමට අනුමැතිය ලබාදුන්නැයි කියන සිද්ධියකට අදාළවයි.
සැකකාරිය අදාළ මුදල අනුමත කිරීම තුළින් එම මුදල් ගෙවීම් කිරීම සඳහා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් පෙළඹ වීමෙන් දූෂණය නමැති වරද හා පොදු දේපල පනතේ සාපරාධි සාවද්‍ය පරිහරණය යන වරද සිදු කිරීමට ආධාර අනුබල දීම සිදුකර ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරනවා.
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අයට රජයේ දේපලකට ( ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපලක්) වන්දි ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් 2022 වසරේ මැයි මස 22 දින විශේෂ නිලධාරී කමිටුවක් පත්කර තිබූ බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.
එම මුදල් ගෙවීම එම කමිටුව ඉකුත් 2023 නොවැම්බර් මස 01 වැනිදා ප්‍රතික්ෂේප කර තිබුණා.
එසේ තිබියදී සැකකාරිය හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ලෙස සිටිමින් සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ඉල්ලීම මත මනෝජි හේමලාල් ඒකනායක යන අයට මෙම වන්දි මුදල ගෙවීමට අනුමැතිය ලබාදී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරනවා
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.










