ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටු අංක 126හි සදහන් ආකාරයට කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කර නිර්දේශපාලනීකරණයට ලක් කොට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න බවත් 17 හා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළ සංවරණ හා තුළන ක්‍රමවේදය තුළ මෙරට පොලිස් සේවාව අපක්ෂපාතීව ස්වාධීනව ක්‍රියාත්මක කරන්න බලය දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
පොලිස් සේවාව තුළ සිදු කරන මේ මාරුකිරීම තනි අතකට එනම් පොලිස්පතිවරයාට පැවරී ඇති බවත් මේක පොලිස් රාජ්‍යයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් මේ රටේ සංවරණ හා තුලන තිබිය යුතු බවත් පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් හෝ පඹයෙක් කළ නොහැකි බවත් පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාගේ තනි අතට ලබා දීම ගැන විපක්ෂයක් ලෙස පොදුවේ විරෝධය පළ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.










