• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්ද නැත්නම් සුද්දො එයිද? Sri Lanka Latest News

October 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අපිට CLOSED! සුද්දන්ට OPENED!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව යනු වසර ගණනාවක් මුළුල්ලේ සිටම සංචාරකයන් හා ව්‍යාපාරිකයන් පැමිණෙන දේශයක් බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එලෙස සංචාරක ආකර්ෂණය එදා මෙදාතුර අප දේශයට හිමිවනුයේ අප රටේ ඇති ස්වභාවික සෞන්දර්යයේ අනූන බව හේතුකොට ගෙන මෙන්ම ආගන්තුක සත්කාර, ඇවතුම් පැවැතුම් ආදියද ඉතාමත් ළෙන්ගතුව බෙදාහදාගන්නා බැවිනි. එහෙත් නූතනයේදී හුදෙක් එම තත්ත්වය යම් වෙනසකට බඳුන් වී ඇත. ඒ කෙසේදයත් සංචාරක විදේශිකයන් හට මෙරටදී මුහුණ දීමට සිදුවන විවිධ වූ නොමනා අත්දැකීම් හා නොමනා මානව ගතිපැවතුම් මෙන්ම ඔවුනට දක්වන ආගන්තුක සත්කාර හේතුකරගෙන අප රටේ තිබූ යහපත් පැතිකඩ ලෝකයට අඳුරු වලාකඩක් සේ නිරාවරණ වීම හේතුවෙනි.Sri Lanka Latest News

මේ පිළිබඳ කතිකාවක් ඉදිරිපත් කිරීම උදෙසා මා පෙලඹුණේ පසුගිය දිනෙක ලංකාවේ සංචාරය කිරීමට පැමිණි විදේශීය තරුණයකු හට කන්කසන්තුරේ වරායේදී මුහුණ දීමට සිදුවූ ගැටලුවක් පදනම් කොටගෙනය. එහිදී ඔහුට සිදුවූ ගැටලු පිළිබඳ සමාජ මාධ්‍ය හමුවේ කෙටි වීඩියෝවක් එළිදක්වා ලංකාවේදී සිදුවූ එම තත්ත්වය ඔහු ලෝකයටම කියාපා තිබිණි. මෙය හුදෙක් අප රටට ඉතාමත් ඍණාත්මක මෙන්ම ඛේදජනක වාතාවරණයකි. මන්දයත් අප රට තවමත් ලෝක ණය අර්බුදයක ගිලී සිටිනවා මෙන්ම රටේ ආර්ථික තත්ත්වයද ඉතාමත් යහපත් තත්ත්වයකට පත්ව නැත. එම හේතුවෙන් රටේ සංචාරක කර්මාන්තයෙන් රටට ලැබෙන ආර්ථිකමය ලාභයද මෙවැනි නින්දිත තත්ත්වයන් තුළ තවදුරටත් පහතට වැටෙනු නිසැකය.

මේ වෙනුවෙන් රටේ බලධාරීන් මෙන්ම සංචාරක සේවය තුළ නියැළෙන සියලු සේවකයන් වගකීම්සහගතව කටයුතු කළ යුතුය. එම තරුණයා තවදුරටත් ඔහුගේ වීඩියෝවෙහි සඳහන් කර තිබුණේ වරාය තුළ බොහෝ කාලයක් රැඳී සිටීමට සිදුවූ බවක්ය. මෙය සත්‍යයකි. මන්දයත් රාජ්‍ය සේවය තුළ රැකියා ක්ෂේත්‍රයන්හි රැකියාවන්හි නියුතු සියලු දෙනාගේ ස්වරූපය මෙහිදී මතක් කළ යුතුමය. ඒ කෙසේද යත් ඉතාමත් අලසව ඔවුන් තම රාජකාරි සිදුකරනු ලබයි. මෙය සංචාරක ක්ෂේත්‍රය තුළ පමණක් නොවේ, රටේ පවත්නා සියලු ක්ෂේත්‍රයන්හි පවතින ගැටලුවකි. මහජනයාගේ මුදලින්ම දිවිගෙවන ඔවුන්ගේ ක්‍රියා කලාපයන් රජයේ කාර්යාලයන්ගෙන් උපකාර ගැනීමට යෑමේදී අපට ඉතා හොඳින් අවබෝධ වූ අවස්ථා කොතෙකුත් ඇත්දැයි ඔබටම මතකයට එනු නිසැකය.

මෙය හුදෙක් පාලකයන්ගේ නොසැලකිලිමත්භාවය නොවේද? අප රට තවමත් තුන්වැනි ලෝකයේ රටක් වනුයේ මෙවැනි තත්ත්ව නිසාවෙනි. කාර්යක්ෂමතාව බින්දුවටම ගොස් ඇති ආකාරය හුදෙක් මෙවැනි ක්‍රියාදාමයන් තුළින් නිසැකවම විග්‍රහ වනු ඇත. එමෙන්ම මෙම ගැටලු කෙදිනක හෝ විසඳෙන ගැටලුවක් නොවන බවත් අප තරයේ මතක තබාගත යුතුය. මන්දයත් කාලාන්තරයක් සිට මෙම ගැටලුව පවතින බැවිනි. කිසිදු පාලන තන්ත්‍රයක් මෙම ගැටලු සඳහා විසඳුම් සපයා නොමැත. සේවක පිරිස සුළු ප්‍රමාණයක් සිටී නම් රැකියා විරහිත උපාධිධාරින් හට හෝ රැකියා විරහිත පිරිස් හට එම රැකියා අවස්ථා ලබාදිය යුතුය. එය රජයේ කාර්යයක් නොවේද? සංචාරක කර්මාන්තයෙහි මෙවැනි අකාර්යක්ෂමතා ක්‍රියාකාරකම් සිදුවීම රටේ ආර්ථිකයට මෙන්ම රට පිළිබඳව අහිතකර වූ මතයන් ඉදිරිපත් වීම නිතැතින්ම ඉඩ සලසන්නකි.

සංචාරකයන් විසින් අප රටේ ආදායම වසරකදී ඩොලර් බිලියන ගණනාවකට රැගෙන යාමට උපකාර කරනු ලබයි. එය තවදුරටත් වර්ධනය වනුයේ ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය, සංස්කෘතිකාංග මෙන්ම මානව සිරිත් විරිත් ආදිය පිළිබඳ ඔවුනගේ පවතින යහපත් ප්‍රතිචාරය ලෝකයට මුදාහැරීම හේතුවෙනි. එනමුත්ද යහපත් ප්‍රතිචාරයට පෙර අයහපත් ප්‍රතිචාරයක් ලෝකය හමුවේ පැනනැගුණහොත් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් උද්ගතවීමට නිසැකවම හේතුවනු ඇත. හුදෙක් මෙම ගැටලුව පමණක්ම සංචාරකයන් මුහුණ දෙන එක් ගැටලුවක් නොවේ. භාෂාවේ දුර්වලතා හේතුවෙන් නිරන්තරයෙන්ම වංචනික ලෙස මුදල් ඉල්ලීම්ද බොහෝ සෙයින් සිදුවෙයි. බස් රථ හා ත්‍රිරෝද රථයන්හි ගමන් කිරීමේදී මෙන්ම වෙළෙඳසල්හිද වංචනික ලෙස ගනුදෙනු කිරීම් වැනි ක්‍රියාවන් මගින් නිරන්තරයෙන් විදේශීය සංචාරකයන් අපහසුතාවකට පත්වනු ලබයි. එපමණක් නොව විදේශික කාන්තාවන්ගේ හා විදේශික පුරුෂ පාර්ශ්වයන්ගේ ද ආරක්‍ෂාවටද යම් යම් ගැටලු ඇති වූ අවස්ථා අප නිරන්තරයෙන් අසා ඇත. මෙවැනි තත්ත්වයන් වෙනුවෙන් රජය මැදිහත්වීම නිරන්තරයෙන්ම සිදුවිය යුතුය.

තවදුරටත් සඳහන් කිරීමේ දී මෙම ගැටලුවට මුහුණ දුන් විදේශීය තරුණයා සඳහන් කරනු ලැබූ තවත් එක් අර්බුදකාරී තත්ත්වයක් වූයේ විදේශිකයන්ගේ ගමන් මලු එහි සේවකයන් විසින් අනාරක්ෂිත ලෙස විසි කරන බවයි. ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැතිවීම මෙන්ම රාජ්‍ය සේවක රැකියාවන්හි ගුණධර්මයන්ගෙන් තොර, අමානුෂීයත්වය පෙරදැරි වූ සේවකයන් රජයට බඳවා ගැනීමේ වරද බව මෙහිදී සඳහන් කළ හැකිය. මෙකී සියලු පැතිකඩ ඔස්සේ අදහස් කරනුයේ විදේශිකයන් හට මෙන්ම ඔවුනගේ බඩු භාණ්ඩ ආදියටත් කිසිදු වූ ආරක්‍ෂාවක් නොමැති බවය. එවැනි වූ ආරක්‍ෂාවක් නොමැති කල අප රටට විදෙස් ආකර්ෂණය කෙසේ නම් හිමිවන්නේද? එමෙන්ම සංචාරක කර්මාන්තය කෙසේ නම් දියුණු වන්නේද? තවමත් මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග නොගැනීම හුදෙක් රටේ අනාගතයට මෙන්ම දියුණුවටද බාධාවකි.නිතැතින්ම රටේ උත්තරීතරම ස්ථානය වන පාර්ලිමේන්තුවෙහි කතා කළ යුත්තේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයන්ය. එමෙන්ම රටේ පාලකයන් පමණක් නොව, රටේ සමස්ත මානවයාම මේ පිළිබඳව තම වගකීම ඉටුකළ යුතුය. ආගන්තුක සත්කාර පිළිබඳ සංස්කෘතිය හමුවේ හරසර ලෙස සාම්ප්‍රදායිකත්වය පිළිබඳ අදහස් ප්‍රකාශ කලද විදේශකයන් හමුවේ දක්වන සත්කාර දූෂිත නම් සංස්කෘතියෙන් ඇති ඵලය කුමක්ද යැයි ගැටලුවක් මෙහිදී මතුවනු ඇත.

ඒත් සමගම කතා කළ යුත්තක් වනුයේ රටේ පරිසර පද්ධතියේ ඇති අපිරිසිදු භාවයයි. සංචාරක ආකර්ෂණය හමුවේ විදේශිකයන් පැමිණීමේදී ඔවුන් ප්‍රධානවම සැරිසරන නගර හෝ පිරිසිදු වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. පළමුව පිරිසිදු විය යුත්තේ ගුවන්තොටුපලයි. නගර අලංකරණයද මෙහිදී ඉතා වැදගත් වේ. කොළඹ යනු ශ්‍රී ලංකාවේ අගනුවර වීද අගනුවර පවතින තත්ත්වය එනම් බේරේ වැව හා අවට පරිසරය පවත්නා ඉතාමත් දූෂිත තත්ත්වය හා අපිරිසිදුභාවය නෙත ගැටෙන සංචාරකයන් ලංකාවට නැවත සංචාරයට සඳහා පැමිණෙතැයි කියා සිතිය හැකිද? එමෙන්ම කොළඹ අවටම බොහෝසෙයින් කුණු කඳු පවතී. ඒවායෙන් නිකුත්වන දුර්ගන්ධයන් හමුවේ සංචාරකයන් හට නැවත ලංකාවට ඒමට සිටීමත් ඇත්තෙන්ම කුතුහලයකි. මෙය හුදෙක් රජයේ මෙන්ම මහජනතාවගේ වගකීමක් නොවේද?

පවතිනුයේ හුදෙක් එක් ගැටලුවක් පමණක් නොවේ. ගැටලු රාශියක් පවතී. ගුවන් තොටුපළ සේවය තුළ ඇතැම් පුද්ගලයන් හටද අවම ඉංග්‍රීසි භාෂාව හෝ හසුරවාලීමට නොහැකිය. එවන් තත්ත්වයකදී විදේශිකයන් හට මඟ පෙන්වීම සිදුකරනුයේ කෙසේද? සංචාරක කර්මාන්තයෙහි මඟ පෙන්වන්නන් හට භාෂා හසුරවීමේ ඥානය නිතැතින්ම තිබිය යුතුය. මෙවැනි තත්ත්ව රටේ දියුණුවට ගැටලුවක් නොවේද යන්න පාලකයන් දැඩි සේ අවබෝධ කරගත යුතුය. අප රටට සාපේක්ෂව අනෙත් රටවල් තාක්ෂණයෙන් මෙන්ම සියලු ක්ෂේත්‍ර ඔස්සේ ද දියුණු වී ඇත. ඉදින් මෙවැනි පහසුකම් බොහෝ විට ඔවුන් අපේ රටෙන්ද බලාපොරොත්තු වනු ඇත. මන්දයත් නිදහස හා විනෝදය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් සංචාරයේ යෙදෙනු ලබයි. එහිදී ඔවුනට තවදුරටත් නිදහස හෝ විනෝදය ලඝු. වුවහොත් එය ඉතාමත් නොමනා ක්‍රියාවලියක් වනු ඇත.

මා කුඩා වියේ සිටම අසා ඇති දෙයක් නම් සිංගප්පූරුව සංවර්ධනයට යොමුවූයේ සෑම අතින්ම ශ්‍රී ලංකාව දෙස බලා, අනුකරණය කරමින් කියාය. එනමුත් වර්තමානයේදී අප රටට සාපේක්ෂව කෙතරම් නම් එවැනි රටවල් දියුණු වී ඇත්ද? වරද වී ඇත්තේ අප රටේ මිනිසුන් තුළ පවත්නා ගති ලක්ෂණයන්ය. එමෙන්ම පාලන තන්ත්‍රය තුළ පවත්නා ගැටලුසහගත තත්ත්වයන්ය. අප කට වචනයට ‘සුද්දෝ’ යැයි අර්ථකථනය කළද නමින් පමණක් නොව ඔවුන් ඇතුළාන්තයෙන්ම දීප්තිමත්ය. ඔවුන්ගේ සංස්කෘතිය කෙසේ වීද ඔවුන් ප්‍රියකරන දේ හමුවේ අප රටට ලැබී ඇති වටිනාකම් ඉහළය. ඔවුන් අප රට අගය කරමින් විටෙක ග්‍රන්ථ පවා රචනා කොට ඇත. එයයි ඔවුන් අපට ලබාදෙන වටිනාකම. එවන් සුභදායක තත්ත්වයක ලාංකිකයන් වශයෙන් අප ඔවුනට ගෞරව කළ යුතුය. ඔවුන්ව රැකගත යුතුය. මන්දයත් ලංකාව යන නම ලෝකයට රැගෙන යනුයේ ඔවුන් බැවිනි. ඒ වෙනුවෙන් අක්‍රමවත් සියලු දේ වෙනස් විය යුතු බවත් මෙන්ම ඉක්මන් පියවර කඩිනමින් ගත්ත නොගත හොත් ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ අඳුරු සිතුවමක් ලෝකය හමුවේ විදේශිකයන් සිත්තම් කරනු නිසැකය.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක.

SendShareShare
Previous Post

බැඳලා මාස 10යි… දැන් හොඳටම අමාරුයි! Sri Lanka Latest News

Next Post

රාජසිංහ රජුගේ ඔටුනු දෙකම උස්සලා! Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.