• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘විනිසුරුවරයකුගේ වැරැදි තීන්දුවක් නිසා බොහෝ යහපත් දේ විනාශ විය හැකියි’! ‘කාර්යක්ෂම සහ සාධාරණ මනසක් ඇති බුද්ධිමත් විනිසුරුවරුන් අධිකරණයට ඕනෑ’! ‘අද අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය අතිශය ප්‍රමාදයි’! ‘අධිකරණ ක්‍රමවේදයට ඩිජිටල්කරණය හඳුන්වා දුන්නා’ ! ‘වැරැදිකරුවන්ට ඉක්මනින් දඬුවම් කළ යුතුයි’ !අගවිනිසුරුවරයාගෙන් ප්‍රකාශයක්! Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අගවිනිසුරු තනතුරට අනුර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නම නිර්දේශ කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘වර්තමානයේ සමාජ සන්දර්භයක් තුළ කිසිවෙකුත් සිතාමතාම කැමැති වෙන්නේ නැහැ අධිකරණයක නඩුවක් පැවරීමට හෝ නඩුවකට මුහුණ දීමට. එසේ සිදුකිරීමට ඇත්තටම අවශ්‍යතාවක් නොමැති නම්, බොහෝ දෙනකු තමන්ට සිදුවන අසාධාරණකම් නිහඬව විඳදරාගෙන සිටිනවා. එවැනි පුද්ගලයකු නීතිඥයකුගේ මෙහෙයවීමෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත්තද එය ඔහුගේ ජීවිතයට ආලෝකය ලබාදීමක් නොවේ. මේ නිසා කලකිරෙන ඔහුගේ ඊළඟ පරම්පරාව පවා නඩු පැවරීමේ මාවතකට පිවිසෙන්නේ නැහැ. වර්තමානයේ අධිකරණය තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රමය තුළ මෙවැනි ප්‍රමාදයන් ඇතිකරන විට නීතියේ නිසි ආධිපත්‍යයක් පවතින්නේ කෙසේද? නීතියේ පිළිසරණ පතන ජනතාව අධෛර්යවත් කරන සහ අසාධාරණයට නිහඬව ගොදුරු වීමට ඉඩ සලසන නීති ප්‍රමාදයන් පිළිබඳ ගැටලුව විසඳීමට ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කළ යුතුයි. මම අගවිනිසුරු ධුරය භාරගැනීමේදී එම ක්‍රියාවලිය සිදුකරන බවට ඔබට පොරොන්දු වුණා…’Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ නීතිමය සහ අධිකරණමය පසුබිමකට අදාළව ඇසෙන මෙම හරවත් කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම සුවිශේෂ කතාව පසුගියදා අපට අසන්නට ලැබුණේ මෙරට නව අගවිනිසුරුවරයා ලෙස පත්වුණු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන්ය. ශ්‍රී ලංකාවේ 49 වැනි අගවිනිසුරුවරයා ලෙස ඔහු 2025 ජූලි 27 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් පත්වීම් ලැබීය. ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට පෙර මෙරට මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේද විනිසුරුවරයකු ලෙස කටයුතු කළේය. එසේම ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙසද අගවිනිසුරු ධුරය හිමිවන තෙක්ම කටයුතු කළේය. නව අගවිනිසුරුවරයා පසුගියදා ඉහත සුවිශේෂ අදහස් ප්‍රකාශ කළේ කොළඹදී පැවැති එක්තරා උත්සවයකදීය. එනම් ඔහුට ප්‍රථම අගවිනිසුරු ධුරය දැරූ මුර්දු ප්‍රනාන්දු මහත්මියට සහ නව අගවිනිසුරු ලෙස පත්වුණු ප්‍රීති පද්මන් සූරසේන මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා කෝට්ටේ ඉම්පීරියල් මොනාර්ක් හෝටලයේදී පවත්වන ලදී. මෙම උත්සවය සංවිධාන කරනු ලැබුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසිනි. අගවිනිසුරුවරයා එහිදී තම කතාවේදී තවදුරටත් මෙම කරුණු අවධාරණය කර සිටියේය.

‘මම අගවිනිසුරු ධුරය භාරගැනීමෙන් පසුව මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ සිදුකළ යුතු පරිවර්තනයන් තුනක් ගැන ප්‍රකාශ කර සිටියා. ඒවා නම් ප්‍රමාදවී තිබෙන නඩු ඉක්මනින් විසඳීම ආරම්භ කිරීම, වැරැදිකරුවන්ට එරෙහිව පියවර ගැනීම සහ රට පුරා අධිකරණ තුළ ඩිජිටල්කරණය සිදුකිරීම වේගවත් කිරීම යන කරුණු තුනයි. මෙම ක්‍රමවේදයන් තුනම හැකි ඉක්මනින් අපගේ අධිකරණ පද්ධතිය තුළ සිදුකළ යුතුයි. මම මාගේ සහෝදර නීතිඥවරුන්ගේ හා නීතිඥවරියන්ගේ සහාය ඇතිව සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සහාය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිතිපතා වාඩිවී සිටින විනිසුරු මඬුලු පහක් හරහා නඩු විසඳීම ආරම්භ කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අපි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය සඳහා නඩු කළමනාකරණය සහ ඊ-උසාවි පද්ධති ද්වාරයන් දියත් කළා. මේ වනවිට අපි එම ක්‍රියාකාරකම්වල ක්ෂේත්‍ර තුනෙන්ම 50%කට වඩා වැඩි ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. මාස දෙකකටත් වඩා අඩු කාලයකින් මේ සියල්ල සාක්ෂාත් කරගැනීමට අපට හැකිවී තිබෙනවා. මෙය අප ලැබූ විශාල ජයග්‍රහණයක්…’

මේ අතර අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් මෙරට අධිකරණ ක්ෂේත්‍රයට අදාළ තවත් සුවිශේෂ කරුණු කිහිපයක්ද අවධාරණය කළේය. එනම් මහාධිකරණ විනිසුරුවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ මෙන්ම අධිකරණ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට හෝ සේවයෙන් පහකිරීමට හෝ ගත් තීරණද අගවිනිසුරුවරයා විසින් ආරක්ෂා කරමින් කියා සිටියේ කිසිදු ද්වේශසහගත වූ තීරණයක් එහිදී ගෙන නොමැති බවයි. එම තත්ත්වය ඔහු මෙසේ අවධාරණය කර සිටියේය.

‘අපි හිතුවක්කාර තීරණ ගත්තේ නැහැ. එසේම අපි ද්වේශසහගත තීරණ ගත්තෙත් නැහැ. එම තීරණ ගැනීමට අපහසු ඒවා වුණත් අප ඒවා සිදුකළ යුතුයි. අධිකරණ නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමෙන් අපට කිසිදු සතුටක් ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන යුතුකම වන්නේ නීති වෘත්තිය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම, වැඩිදියුණු කිරීම සහ පෝෂණය කිරීමයි. නීති වෘත්තියේ ගෞරවය, ගුණාත්මකභාවය සහ යහපැවැත්ම ගැන තැකීමක් නොකරන විනිසුරුවරුන්ට එරෙහිව පියවර නොගෙන අපට එම අරමුණ සාක්ෂාත් කරගත නොහැකියි. එවැනි අධිකරණ නිලධාරීන්ගේ සේවය රඳවා ගැනීමට මෙම වෘත්තිය නිසැකවම උනන්දු නොවනු ඇත. මේ රටේ නීති වෘත්තියේ සිටින සාමාජිකයන්ට මම ප්‍රශංසා කර සිටිනවා. විභාග කිහිපයක් සමත්වූ පමණින් මෙම වෘත්තියට ඇතුළත් වීමට බැහැ. ඒ සඳහා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් තිබෙනවා. එය අපගේ වෘත්තියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කණ්ඩායමක් විසින් අධීක්ෂණය කරනු ලැබේ. ඔවුන්ගේ කැපවීම ගැන මම හොඳින්ම දන්නවා. මෙම වෘත්තියට පැරැණි තේජස නැවත ගෙන ඒමට ඔවුන් කොතරම් අරගල කරනවද කියලත් මම දන්නවා. ඒක සත්‍යයක්…’

අගවිනිසුරුවරයා තම කතාව හරහා තවදුරටත් හරවත් අදහස් ගණනාවක් ප්‍රකාශ කර සිටියේය.
‘මෙම ක්ෂේත්‍රයට හොඳ නීතිඥයන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම පද්ධතියට හොඳ, කාර්යක්ෂම සහ සාධාරණ මනසක් ඇති විනිසුරුවරුන් පිරිසක්ද ඇතුළත් විය යුතුයි. එවැනි කාර්යක්ෂම විනිසුරුවරුන් පිරිසක් නොමැති විට පළමුව දුක් විඳීමට පටන් ගන්නේ වෘත්තියේ නියැළෙන නීතිඥයන් වන අතර, පසුව දුක් වේදනා විනිසුරුවරුන්ටත්, එතැනින් සමාජයටත්, අනතුරුව සමස්තයක් ලෙස මුලුමහත් රටටමත් සම්ප්‍රේෂණය වනවා. සරලම නඩුවේ සිට සංකීර්ණම නඩු දක්වාම එම ක්‍රියාවලියේ නිපුණතාව රඳාපවතින්නේ නීතිඥවරයාගේ නිපුණතාව මතයි. එසේම අධිකරණ විනිසුරුවරයකු විසින් වැරැදි තීන්දුවක් ප්‍රකාශ කිරීමෙන් සමාජයේ බොහෝ යහපත් දේද විනාශ විය හැකියි….’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ධන උල්පත් ගලන ප්‍රබල ග්‍රහ මාරුවක්! ලග්න 05ක ජීවිත උඩු යටිකුරු කරනවා! මීන, කටක, සිංහ ලග්න හිමියන් ප්‍රවේසමෙන්! Sri Lanka Latest News

Next Post

හදවතින් කියමු අපිත් ශ්‍රී ලංකා මාතා…! Sri Lanka Latest News

MORE NEWS

මහා සඟ සමුළුවේදී කරුණු 10ක සංඝ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කරයි! I Sri Lanka Latest News
Exclusive

27 වැනිදා හතරවටෙන්ම මහා සංඝරත්නය කොළඹට වඩින්නයි හදන්නේ! I Sri Lanka Latest News

සලේට එරෙහිව කාදිනල් හිමි අභියාචනාධිකරණයට!  I Sri Lanka Latest News
Exclusive

සලේට එරෙහිව කාදිනල් හිමි අභියාචනාධිකරණයට!  I Sri Lanka Latest News

අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News

හඳුන්නෙත්තිගෙන් පස්සේ.. හේවගේගෙන් පස්සේ අලුත්ම එක මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්ගෙන්! ‘යු ආ ද මෑන්.. මෑන් ඔෆ් ද මැච්..! හිස් ගෝ කෝනර් ඇන්ඩ් ද ලුක් එව්රිත්න්ග් අයි නෝ..! I Sri Lanka Latest News
Exclusive

‘ඕල්මෝස්ට් ලයික් අ ෂූටින් පෝෂන් ඔෆ් රොමෑන්ස්..!! මච් ලයික් අ චෙරිබ්ලොසම් ඔෆ් ජපෑන්..’! බලන්න මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් ෆෝන් එක බලාගෙන දෙන ඉංග්‍රීසි දේශනය කොහොමද කියලා..! මීට ඉස්සෙල්ලා කරපු එකකුත් තියෙනවා..! ආස හිතෙයි..! VIDEO I Sri Lanka Latest News

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News
Exclusive

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට සජිත් ප්‍රේමදාසව දිරවන්නේ නෑ! ඔහුට මඩ ගහනවා…! හිනාවෙනවා….! දැන් දිට්ඨ ධම්මවේදනීය කර්මය පළදීලා! VIDEO I Sri Lanka Latest News

Load More
මහා සඟ සමුළුවේදී කරුණු 10ක සංඝ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කරයි! I Sri Lanka Latest News
Exclusive

27 වැනිදා හතරවටෙන්ම මහා සංඝරත්නය කොළඹට වඩින්නයි හදන්නේ! I Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය මහාවිහාර වංශික ථේරවාද භික්ෂූන් වහන්සේ සහිත ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට එරෙහිව අපහාස කිරීම, අවතක්සේරු කිරීම, අවමන් කිරීම, අලාභහානි...

Read more
සලේට එරෙහිව කාදිනල් හිමි අභියාචනාධිකරණයට!  I Sri Lanka Latest News

සලේට එරෙහිව කාදිනල් හිමි අභියාචනාධිකරණයට!  I Sri Lanka Latest News

අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News

අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News

හඳුන්නෙත්තිගෙන් පස්සේ.. හේවගේගෙන් පස්සේ අලුත්ම එක මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්ගෙන්! ‘යු ආ ද මෑන්.. මෑන් ඔෆ් ද මැච්..! හිස් ගෝ කෝනර් ඇන්ඩ් ද ලුක් එව්රිත්න්ග් අයි නෝ..! I Sri Lanka Latest News

‘ඕල්මෝස්ට් ලයික් අ ෂූටින් පෝෂන් ඔෆ් රොමෑන්ස්..!! මච් ලයික් අ චෙරිබ්ලොසම් ඔෆ් ජපෑන්..’! බලන්න මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් ෆෝන් එක බලාගෙන දෙන ඉංග්‍රීසි දේශනය කොහොමද කියලා..! මීට ඉස්සෙල්ලා කරපු එකකුත් තියෙනවා..! ආස හිතෙයි..! VIDEO I Sri Lanka Latest News

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.