• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ධන උල්පත් ගලන ප්‍රබල ග්‍රහ මාරුවක්! ලග්න 05ක ජීවිත උඩු යටිකුරු කරනවා! මීන, කටක, සිංහ ලග්න හිමියන් ප්‍රවේසමෙන්! Sri Lanka Latest News

October 4, 2025
in Astrology, Exclusive
Reading Time: 3 mins read
A A
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Share on WhatsAppShare on Facebook

ඔක්තෝබර් මාසය තුළ ප්‍රබලම ග්‍රහ මාරු කීපයක් තියෙන නිසා, ඒවාත් දැවැන්ත බලපෑම් ඔබේ ජීවිතයට උදාකරවනසුළුයි. ඉතින් ඒ ඔක්කොමත් එක්ක අපි අද කතා කරන්නේ පළවෙනි ග්‍රහ මාරුව ගැන. මේක තියෙන්නේ ඔක්තෝබර් මාසේ 03 වැනිදා ඉඳලා 24 දක්වා දියත් වෙනවා. එතකොට 03 වැනිදා ඉඳලා 24 දක්වා කාලය අපි කතා කරන්නේ. එතකොට මේ බුධ මාරුව සිද්ධ වෙලා මේ කාලසීමාව තුළ මොනවද ලග්න දොළහේ සුබ ඵලදායක තත්ත්වයන්, මිශ්‍ර ඵලදායක තත්ත්වයන් වගේ කාරණා අපි මේ ලිපියට අන්තර්ගත කරනවා. එතකොට ඒ තුළින් ඔබට පුළුවන් වැඩිදුර විස්තර ඔබේ ජ්‍යොතිර්වේදියාගෙන් දැන කියාගෙන, උපද්‍රව තත්ත්වයක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාරත් අහලා දැනගෙන කරගන්න.Sri Lanka Latest News

මේ බුධ කියන්නේ ඥානකාරක ග්‍රහයෙක් කියලා ඔබ මේ වෙනකොට හොඳටම දන්නවා. එතකොට බුධ ඥානකාරකත්වයක් තිබුණාට පොඩි ළමයෙක් වගේ ග්‍රහයෙක්. එයාගේ ගුණාත්මකභාවය ජන්මීන්ට ලැබෙන්නේ ඒ ආකාරයට.

බුධ ලැබුවාම රැකියා දියුණුව, සාර්ථකත්වය, එතකොට, පවුල් ජීවිතය තුළ ගැටලු අඩුවීම, ආර්ථික ස්ථාවරත්වය සහ ඉගෙනීමට වැඩි අතහිත දීමක් තියෙනවා. ඉතින් රැකියා ප්‍රශ්න තිබුණ අයට ඒවත් අඩු කරගන්න පුළුවන් තත්ත්වයක් මේ බුධ මාරුවෙන් උදා වෙනවා. එතකොට, මේ බුධ මාරුව තුළ සුබදායක ලග්න ගැන පුංචි විස්තරයක් මුලින් කතා කරන්නම්. අද අපි බලාපොරොත්තු වෙන්නේ ලග්න 12 ගැනම කතා කරන්න නෙවෙයි. නමුත් අපි මෙතැනදී සුබදායක ලග්න ගැන කතා කරනවා. එතකොට මේ මේෂ ලග්න හිමියන්ට සුබඵලදායක තත්ත්වයක් බුධ මාරුව තුළ අන්තර්ගත වෙනවා. දැඩි සතුරු කරදර ඉවරයක් වෙලා යනවා. හැමදාම තමන්ට කොනක් අල්ලගෙන දොස් කියපු, පීඩාවට පත්කරපු කෙනා ඔන්න අයින් වෙනවා. ඒ වගේම තමන්ව වැරදියට තේරුම් ගත්ත මිනිස්සු දැන් ඔන්න හොඳ විදිහට තමන්ව තේරුම් ගන්න කාලයක් වෙනවා. පරක්කු වෙලා, ඇදි ඇදී තිබිච්ච වැඩ ටික ආපහු පටන් ගන්න හිතෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා මේෂ ලග්න හිමියන්ට බුධ මාරුව සුබදායක ග්‍රහ මාරුවක් වෙනවා.

ඊළඟට වෘෂභ ලග්න හිමියන්ටත් බුධ මාරුව සුබයි. තමන්ගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගන්න පුළුවන් ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමන්ගේ පරපුරෙන් ඥාතීන්ගෙන් තමන්ට ලැබෙන්න දේපළක්, වස්තුවක් තියෙනවා නම්, අන්න ඒ දේවල් ලැබෙන්න ඉඩකඩක් සැලසෙනවා මේ කාලය තුළ. ඒ වගේම අලුත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා මේ බුධ මාරුව තුළ ඔබට. ඒ වගේම තමන්ගේ සතුරු කරදර පීඩාවලින් නිදහස ලැබිලා, බොහොම සාමකාමී විදිහට, තරගකාරීත්වය තුළ සටනක් දීගෙන ඉදිරියට යන්න තමන්ට පුළුවන් වෙන රටාවක් බුධ මාරුව ඔබට උදාකරලා තියෙනවා.

තුලා ලග්නයත් ඔන්න සුබදායක ගණයේලා අපිට සලකන්න පුළුවන් ලග්නයක් වෙනවා. එතකොට අමනාප වූ අය මිත්‍ර කරගන්න පුළුවන් වෙනවා තුලා ලග්න හිමියන්ට මේ ග්‍රහ මාරුව හරහා. ඒ වගේම, ඉඩකඩම්, ඔප්පු සම්බන්ධව තිබුණු ගැටලු, ලියකියවිලි සම්බන්ධව තිබුණා වූ ගැටලුකාරක තත්ත්වයන් නිමාවට පත් කරගන්න තුලා ලග්න හිමියන්ට පුළුවන් වෙනවා. රැවටීම්, වංචා වගේ දේවලට අහුවුණා නම්, ඒවායින් නිදහස් වෙන්න, තමන්ට වෙච්ච පාඩුව ඉවරයක් කරගන්න පුළුවන් වෙන කාලසීමාවක් වෙනවා සහ මානසික පීඩාවන් අඩුවෙලා යන කාලයක් වෙනවා.

වෘශ්චික ලග්න හිමියන්ටත් මේ ග්‍රහ මාරුව සුබ ඵලදායක ග්‍රහ මාරුවක් වනු නියතයි. ව්‍යාපාර සම්බන්ධව ප්‍රශ්න ඇතිවෙලා තිබ්බා අයට, නඩු කිය කියා හිටපු අයට, ඒ නඩුවලින් නිදහස් වෙන්න කාරණා සැලසෙනවා. ඒ වගේම හවුල්කරුවන් එක්ක හැම වෙලේම ඝට්ටනය වෙවී, ප්‍රශ්න ඇතිවෙලා තිබ්බා නම්, ඒවාත් ඉවරයක් කරගන්න ලැබෙනවා. සාම කතා ඇති වෙලා ඒවා ඉවරයක් කරගන්න හම්බවෙනවා. දුරස් වෙලා හිටපු අයට ආපහු සමීප වෙන්න ඉඩකඩ බුධ මාරුව විසින් ඔබට ලබාදීම බොහොමත් සුබඵලදායක දෙයක් වෙනවා.

කුම්භ ලග්න හිමියොත් ඔන්න මේ ග්‍රහ මාරුවේ සුබ ඵලදායක ගොන්නට අපිට දාලා කතා කරන්න පුළුවන් ලග්න කොට්ඨාසක් වෙනවා. කුම්භ ලග්න හිමියන්ට, තමන් අතහැරලා ගිය වාසනාව යළිත් තමන් වෙතට එන ලග්න කොට්ඨාසක් කියලා හඳුන්වන්න පුළුවන්. කීර්තිය නැවත ලැබෙනවා. තමන්ගේ හොඳ නම නැතිවෙලා තිබ්බා නම් ඔන්න නැවතත් හොඳ නම පැතිරෙන්න ගන්නවා. ඒක තමන් වෙතට ආපහු ආකර්ෂණය වෙන්න ගන්නවා. ඒ වගේම තමන්ගේ වටේ ඉන්න අයගෙන් උදව් උපකාර ලැබෙනවා. තමන්ට ඉහළට එන්න තව තවත් උදව් උපකාර කරන අය හම්බවෙනවා. ඒ වගේම තමයි, මානසික පීඩා ක්‍රම ක්‍රමයෙන් අඩුවෙනවා. නීති ප්‍රශ්න තිබුණා නම් ඒවා ඉවරයක් වෙලා හිතට සහනය එන්න ගන්නවා. තමන්ගේ ගමන සාර්ථකව යන්නට. ඒ වගේම, වාහන, ලියකියවිලි, සහතික, අස්සන් කිරීම් සම්බන්ධ ගැටලු ප්‍රශ්න තිබුණා නම් ඒවාත් ඉවර වෙලා, තමන්ගේ මනස සැහැල්ලු වීම ප්‍රධාන කාරණාව වෙනවා.

මීන ලග්න හිමියන් මේ ග්‍රහ මාරුවේදී ප්‍රවේශම් විය යුතු ලග්න කොට්ඨාසක් වෙනවා. මේ අයට මානසික කම්පනය යම්කිසි විදිහකට දැනෙන්න පුළුවන්. හවුලේ කරන වැඩ කටයුතුවලින් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද ඒරාෂ්ටක තත්ත්වයකුත් අස්සෙනේ ඉන්නේ. ඒ නිසා, මානසික පීඩාව හරි දැඩියි. එතකොට හැම වෙලාවෙම, හැම දේකටම මුහුණ දෙන්නේ ටිකක් කේන්ති, ආවේගශීලීත්වය පිරි මනසකින්. එතකොට ඒවායින් තව තවත් තමන්ගේ කටයුතු අවුල් වෙන්න, ගැටලු ඇති වෙන්න, පීඩා ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔබ ඉතාම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ.

ප්‍රවේශම් විය යුතු ලග්න කොටස විදිහට කටක ලග්න හිමියොත් අපිට හඳුන්වන්න පුළුවන්. හරි පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. උද්දච්චකම, ආඩම්බරකම, හිතුවක්කාරකම හිතෙන් අයින් කරලා කටයුතු කරන්න ඔබ මේ කාලයේදී වගබලාගන්න ඕනේ. ප්‍රශ්න ඇතිවෙලා තිබුණු අයට, විවාහයේ විසඳුම් ගැන, හවුල් ව්‍යාපාර ගැන, යම් යම් දේවල්වලට එකඟවීම සම්බන්ධ, ගිවිසුම්ගත වීම් සම්බන්ධ ප්‍රශ්න තිබුණා නම්, අන්න ඒ දේවල්වලට හරි විදිහට, සාමකාමීව මුහුණ දීලා විසඳගන්න උත්සාහ කරන්න ඕනේ.
ඒ වගේම, සතුරු කරදර නිතර නිතර ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් අඩුකරගන්න බුද්ධිය ඔළුව පාවිච්චි කරලා වැඩකරන්න. ඒ වගේම, තමන්ගේ වචනයෙන් අන් අයට නිතරම රිද්දන්න උත්සාහ කරන මානසික මට්ටමක් ඔබ තුළ ඇති වෙනවා. ඒ නිසා අන් අයත් එක්ක කතාබහ කරන්න හිතෙන්නේ නැත්නම්, අනිත් මිනිස්සු රුස්සන්නේ නැත්නම්, තමන් එක්ක එකතු වෙලා ඉන්න අයව ඔබට පේන්න බෑ වගේ, නොරුස්සන ගතියක් තියෙනවා නම්, වැඩිය ඒ සමාජ සම්බන්ධතා පවත්වන්නේ නැතුව, පැත්තකට වෙලා ඉන්න ඔබේ හිත නිවෙනකම්.

සිංහ ලග්න හිමියන් යම්කිසි විදිහකට ප්‍රවේශම් වියයුතු ලග්න කොට්ඨාසය තුළ ඉන්නවා. තමන් යම්කිසි මානසික පීඩනයක හිටියා නම්, තවදුරටත් ඒක බලපවත්වන්නට ඉඩ තියෙනවා. ඒ හින්දා බොහොම ඉවසිලිවන්තව ඒ පීඩාකාරී කාලසීමාව අවසාන වෙනතුරු ඒකට මුහුණ දෙන්නට ඕනේ. ඒ වගේම ඉවසිලිවන්තභාවය ඇති කරගන්නට ඕනේ. තැන්පත් ධනය වර්ධනය කරගන්න මේ වෙලාවේ උපරිම උත්සාහය ගන්න, මොකද ඒවා වැය වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි හින්දා. ඊට අමතරව ප්‍රබන්ධ, නිර්මාණ ආදී දේවල් කරන අය තවදුරටත් සාර්ථකව, දිරිමත්ව ඒ දේවල් කරගෙන යන්න. අතරමග නතර කරන්න එපා. ඔබට අතරමග ඒවා නතර කරන්න සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සිතුවිල්ලකට ඔබව නතර කරන්න දෙන්නේ නැතුව, ඔබ හිතේ ශක්තියෙන් ඉස්සරහට යන්න මේ කාලය තුළ උනන්දු වෙන්නට ඕනේ.

ඉතින් ඔය ආකාරයට තමයි අපිට බුධ මාරුව ගැන කතා කරන්න තියෙන්නේ. බුධ මාරුව ලග්නවලට බලපාන ආකාරයේදී, සුබදායක ප්‍රතිඵලයන් කවුද, ප්‍රවේශම් වියයුතු ලග්න හිමියෝ කවුද කියලා අපි කතා කළා. එහෙමනම් සුබ ඵලදායක අය තවත් ඒ සුබ ඵලතාවය වර්ධනය කරගන්න වෙහෙස මහන්සි වෙන අතර වාරයේ, ප්‍රවේශම් විය යුතු ලග්න හිමියෝ දැන කියාගන්න ඕනා තමන්ගේ ප්‍රවේශම සකසා ගන්නේ කොහොමද කියලා.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදීනී ප්‍රසාදිනී නර්මදා

SendShareShare
Previous Post

ලස්සන පනත අවුරුදු 10ක් කැත තැනක! Sri Lanka Latest News

Next Post

‘විනිසුරුවරයකුගේ වැරැදි තීන්දුවක් නිසා බොහෝ යහපත් දේ විනාශ විය හැකියි’! ‘කාර්යක්ෂම සහ සාධාරණ මනසක් ඇති බුද්ධිමත් විනිසුරුවරුන් අධිකරණයට ඕනෑ’! ‘අද අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය අතිශය ප්‍රමාදයි’! ‘අධිකරණ ක්‍රමවේදයට ඩිජිටල්කරණය හඳුන්වා දුන්නා’ ! ‘වැරැදිකරුවන්ට ඉක්මනින් දඬුවම් කළ යුතුයි’ !අගවිනිසුරුවරයාගෙන් ප්‍රකාශයක්! Sri Lanka Latest News

MORE NEWS

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

Load More
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී පාසල්...

Read more
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.