• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදවතින් කියමු අපිත් ශ්‍රී ලංකා මාතා…! Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හදවතින් කියමු අපිත් ශ්‍රී ලංකා මාතා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන හැමෝම කතාවෙන දවසක් ඇවිල්ලා. ඇත්තටම ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන විවිධ අවස්ථාවල විවිධ හැඩයෙන් කතා වුණා. හැබැයි ඒ කතාවෙච්ච හැම තැනකදීම අපි කතා වුණේ ජාතික ගීයේ අඩුපාඩුවක් ගැන, ප්‍රශ්නයක් ගැන, ගායනය කිරීමේ ගැටලුවක් ගැන, ගායනා කරද්දී වචන වෙනස් වෙච්ච එකක් ගැන, හඬ වෙනස් වෙච්ච එකක් ගැන, ගායනා කරනකොට තාලය වෙනස් කරපු එකක් ගැන, නැත්නම් සිංහල භාෂාවෙන් වෙනුවට තවත් භාෂාවකින් ගායනා කිරීමේ ගැටලුව ගැන. අපි කිසිම තැනකදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කරනකොට කතා කළේ නැහැ, එහි ඇති වටිනාකම ගැන. එහි ඇති රසවත්කම ගැන, ජාතික ගීයේ වචනවල තියෙන අර්ථය ගැන.Sri Lanka Latest News

ජාතික ගීය ලියන්නේ ආනන්ද සමරකෝන්. සමහරු කියනවා ආනන්ද සමරකෝන් සියදිවි නසාගත්තා කියලා. ජාතික ගීයේ පද වෙනස් කරලා, ජාතික ගීයේ හැඩය වෙනස් කරලා, යම් යම් කොටස් මේකට එකතු කිරීම නිසා ඔහුගේ හිත රිදුණා කියලා. ඒකේ සමහර දේවල් ගැන ලියුම්කරුට අවබෝධයක් නැහැ. හැබැයි, ජාතික ගීය මේ වතාවේ මේ විදිහට කතා කරන්නේ නුවන්දිකා නිසා. නුවන්දිකා සේනාරත්න, කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වුණු පළමු තරගයේදී ජාතික ගීය ගායනා කළා. ඇයත් සමග අනිත් පැත්තෙන් ඉන්දියානු ජාතික ගීය ගායනා කළේ ශ්‍රේයා ගෝෂාල්. ශ්‍රේයා ගෝෂාල් කියලා කියන්නේ ඉන්දියාවේ රියැලිටි ජයග්‍රහණයකින් පස්සේ ලතා මංගේෂ්කාර් විසින්ම මගේ අනුප්‍රාප්තිකාව ඇයයි කියලා හඳුන්වා දුන්න විශිෂ්ට ගායිකාවක්. අද වෙද්දී ඇයට ඒ තැන ඒ රට ඇතුළේ ලැබිලා තියෙනවා. ඈ විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට පත්වෙමින් මුළු ලෝකයේම ආකර්ෂණය දිනා ගන්නා ගායිකාවක් බවට පත්වෙලා. අපි පවා ශ්‍රේයාව දන්නවා.

දැන් නුවන්දිකා ඇයත් සමග එකතු වෙලා ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කළා. ජාතික ගීයේ තියෙන මිහිරි බව, ජාතික ගීයේ තියෙන රසවත් බව, ජාතික ගීයේ තියෙන අභිමානවත් බව නුවන්දිකා ලෝකෙට කිව්වා. ජාතික ගීයක තියෙන්න ඕනේ අභිමානය, අපේ ජාතික ගීයේ තියෙන බව අපිට සමහර විට පළමුවැනි වතාවට මතක් වෙන්නේ අද. ඒක අපේ ලොකු අඩුපාඩුවක්. අපි දැක්කා ඉන්දියානු කණ්ඩායම ආසියානු කුසලානයේදී ජාතික ගීය ගායනා කරද්දී හැසිරෙන හැටි. ඇස් දෙක පියාගෙන, පපුවට අත තියාගෙන, සියලු දෙනාම ජාතික ගීය මුමුණමින්, ජාතික ගීයට සහ තමන්ගේ රාජ්‍යයට ගෞරව දැක්වූවා. හැබැයි අපි ටිකක් මේ වැඩේදී පස්ස ගහනවා. අපිට ජාතික ගීයේ තියෙන වටිනාකම පිළිබඳ සාකච්ඡා කරනවට වැඩිය, සාකච්ඡා තිබුණේ ජාතික ගීය වෙනස් කරන්න, ජාතික ගීයේ වචන වෙනස් කරන්න, ජාතික ගීය වෙනුවට වෙනත් ජාතික ගීයක් හඳුන්වා දෙන්න. මේක දිග වැඩියි, මේකේ අරක අඩුයි, මේකේ අරක වැඩියි. මේවා තමයි අපි කිව්වේ.

හැබැයි දැන් ජාතික ගීය ගැන ඇතිවෙන්නේ මීට වඩා රස, මීට වඩා නිර්මාණශීලී කතාබහක්. නුවන්දිකා ගැන මුළු රටම අද කතා කරනවා. නුවන්දිකා කියලා කියන්නේ, දෙරණ ඩී්‍රම් ස්ටාර් හරහා ලෝකෙට ආපු ගායිකාවක්. ඈ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු දක්ෂ ශිෂ්‍යාවක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි හදාරමින් අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඇයට දෙරණ ඩී්‍රම් ස්ටාර් තරගයේ පළමු ස්ථානය ලබාගන්න බැරිවෙනවා අපි දන්නා තරමට. නමුත් ඈ යම් ජයග්‍රහණයක් ලබාගන්නවා මෙහිදී. ඈ, ඒ ජයග්‍රහණයෙන් ඩී්‍රම් ස්ටාර් තරගයට පවා සාධාරණයක් ඉෂ්ට කරමින් මේ වතාවේ ඇගේ විශිෂ්ටත්වය ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කළා.

ඈ එහිදී ප්‍රදර්ශනය කළේ ඇගේ විශිෂ්ටත්වය පමණක් නෙමෙයි. ඈ ඒහිදී ප්‍රදර්ශනය කළේ කාලෙකට පස්සේ අපිට අමතක වෙලා ගිය ආනන්ද සමරකෝන් කියන අතිවිශිෂ්ට කලාකරුවාගේ විශිෂ්ටත්වය. ඈ එහිදී ලෝකෙට කිව්වේ මේ ජාතික ගීයේ තියෙන අභිමානය. ඔව්, දැන් කිසිවෙක් ජාතික ගීය වෙනස් කරන්න කතාකරන එකක් නැහැ.
අපිට මතකයි පහුගිය කාලේ ගායිකාවක් කොහෙදෝ තැනක ජාතික ගීය ගායනා කරලා මොකක්ද මම දන්නේ නෑ, විශාල පටලැවිල්ලක් නිර්මාණය කරපු හැටි. මේ විදිහට ජාතික ගීය ගායනා කරද්දී, ජාතික ගීයේ වචනවල අර්ථය ගායනා කරන එක, සංගීතය රසවත්ව ගායනා කරන එක සමහර වෙලාවට අපි දැක්කේ නැහැ. ඒ නිසයි අපිට ජාතික ගීය අඩුපාඩු සහිතව පේන්න පටන් ගත්තේ. නමුත්, ශ්‍රේයා ගෝෂාල් ගායනා කරපු ඉන්දියානු ජාතික ගීය තරම්ම අපේ ජාතික ගීය අපේ හදවතට, පපුවට, ඇඟට, හිතට දැනෙන තැනට ගෙනාපු නුවන්දිකාට ස්තුතියි.

නුවන්දිකා විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට පත්වෙන ගායිකාවක් බවට දැන් අනාවැකි කියනවා. සමහර ගායිකාවන් වගේ ප්‍රසංග වේදිකාවල දුවමින් පනිමින්, ඔළුවෙන් හිට ගනිමින් කෝටි ගණන් හම්බ නොකරන, ලෝකයම තමන්ව වැලඳගත් බව කියමින් නිරුවත් ෆොටෝ ෂූට් නොකළට, නුවන්දිකා කියලා කියන්නේ අපේ හදවතේ ගායිකාව බවට පත්වෙන දවස වැඩි ඈතක නොවන බවයි මේ ජාතික ගීය ඇතුළේ අපිට හැඟුණේ, දැනුණේ. අපිත් ආයෙත් කියමු, ශ්‍රී ලංකා මාතා. අපිට දැනෙනවා ශ්‍රී ලංකා මාතා, අපිට ඇහෙනවා ශ්‍රී ලංකා මාතා, අපිට හැඟෙනවා ශ්‍රී ලංකා මාතා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘විනිසුරුවරයකුගේ වැරැදි තීන්දුවක් නිසා බොහෝ යහපත් දේ විනාශ විය හැකියි’! ‘කාර්යක්ෂම සහ සාධාරණ මනසක් ඇති බුද්ධිමත් විනිසුරුවරුන් අධිකරණයට ඕනෑ’! ‘අද අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය අතිශය ප්‍රමාදයි’! ‘අධිකරණ ක්‍රමවේදයට ඩිජිටල්කරණය හඳුන්වා දුන්නා’ ! ‘වැරැදිකරුවන්ට ඉක්මනින් දඬුවම් කළ යුතුයි’ !අගවිනිසුරුවරයාගෙන් ප්‍රකාශයක්! Sri Lanka Latest News

Next Post

ගඟ යට අවි ගබඩාව කාගෙද? Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.