“ඉන්දියන් සාගර සියවස” (Indian Ocean Century) ලෙස තමන් හඳුන්වන නව යුගයකට ලෝකය අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන ආර්ථික මෙන්ම උපායමාර්ගික සම්බන්ධක පුරුකක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.Sri Lanka Latest News
සිංගප්පූරුවේ පැවැති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා (GEC) සමුළුව අමතමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඉන්දියන් සාගර කලාපය වඩාත් වැදගත් වන දශකයකට පමණක් නොව, කලාපයේ වර්ධනය වන ආර්ථික හා උපායමාර්ගික බලපෑම මගින් හැඩගැසෙන සුවිශේෂී සියවසකට මේ වන විට ගමන් කරමින් සිටින බවයි.
මිල්කන් ආයතනයේ (Milken Institute) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ඇමරිකානු නියෝජිත කර්ටිස් එස්. චින් මහතා සමඟ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, ශක්තිමත් සම්බන්ධතාවක් සහ ආර්ථික සහයෝගිතාවක් තුළින් ලොව ප්‍රධාන කලාපයන් අතර විශ්වාසනීය පාලමක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමන්ගේ දැක්ම බවයි.
එමෙන්ම, ගෝලීය ආර්ථිකය තුළ ප්රමුඛ පෙළේ භූමිකාවක් ඉටුකිරීම සඳහා මීළඟ පරම්පරාව සූදානම් කරන අතරතුර, නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය මගින් තරුණ පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කරදීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.
“ඉන්දියන් සාගරය සියවස් ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාරයන් එකිනෙක යා කළා. දැන්, එමඟින් අනාගතය යා කළ යුතුයි,” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.











