• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගෙ විජේරාමේ ‘ලිෆ්ට් එක’ ! Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
නාමල්ගේ මඟුල් ගෙදර ලයිට් බිල නොගෙව්වා මදිවාට මහින්දත් ගෙදර ලයිට් බිල ගෙවලා නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබූ කොළඹ විජේරාම මාවතේ නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 51ක මුදලක් වැයකළ බවට නැගෙන චෝදනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පසුගියදා විකාශය වූ දෙරණ 360 දේශපාලන සංවාදයේදී පිළිතුරු ලබාදුන්නේ මෙසේය.Sri Lanka Latest News

ප්‍රශ්නය
2021 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ විජේරාම නිවස අලුත්වැඩියා කරන්න අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් කරනවා, 25,21,24,978ක්. 2022 ඒ නිවසම අලුත්වැඩියාවට අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් කරනවා 18,15, 20,617ක්. 2023 අවුරුද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ නිවසටම නැවත වියදම් කරනවා 3,88,83,477ක්. ඒ අගමැති කාර්යාලය. ජනාධිපති කාර්යාලය 2021 ඉඳන් 2023 දක්වා අවුරුදු තුනට මේ විජේරාම නිවස අලුත්වැඩියා කරන්න වියදම් කරනවා, 3,75,61,165ක්. මුළු වියදම ගත්තම අවුරුදු තුනක් තුළ මෙම නිවස අලුත්වැඩියා කරන්න කරන්න, 51,090,238ක්
. ජනතාවගේ බදු මුදල්වලින් කෝටි 51ක් අවුරුදු තුනක් ඇතුළත නිල නිවසක් අලුත්වැඩියා කරන්න යොදවද්දී, ඒ රාජපක්ෂ පාලන සමයේ තිබුණු දේශපාලනයේ නාස්තිකාර සංස්කෘතිය බොහොම පැහැදිලිව එළියට පේන අවස්ථාවක් නෙමෙයිද මේක?

පිළිතුර
නැහැ, ඒක වෙනත් විදියකටත් අර්ථ නිරූපණය කරන්න පුළුවන්නේ කලිඳු. ඒ කියන්නේ, ඔය තරම් අලුත්වැඩියා කරන්න තිබුණා නම්, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබාදීලා තිබුණේ කොයි ආකාරයේ නිවසක්ද කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක්ට වාසය කරන්න නුසුදුසු නිවසක් ලබාදුන්නා කියන කාරණය.

ප්‍රශ්නය
කෝටි 51කින් කොළඹ එතුමාට ඉන්න ඉතාම ගැළපෙන නිවසක් හදලා දෙන්න තිබුණා. කෝටි 51ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ?

පිළිතුර
මේ විදිහට හිතන්නකෝ, ඇස්තමේන්තු කරලා ඕවා හදන්නේ අග්‍රාමාත්‍යවරයාවත්, ජනාධිපතිවරයාවත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් නෙමෙයි. ඒක රජයේ යම්කිසි ක්‍රියාවලියක් තුළ, ටෙන්ඩර් කැඳවීමකින් පසුව, යම්කිසි ඇස්තමේන්තුවක් සකස් කරලා ඔවුන් විසින් හදන දෙයක්.

ප්‍රශ්නය
හැබැයි ඔවුන්ට දැනුවත් වෙන්න පුළුවන්නේ කොයි තරම් මුදලක් වැයවෙනවද කියලා.

පිළිතුර
ඒක තමයි. ඒ යන මුදල තමයි වියදම් කරලා තියෙන්නේ. එතකොට ඔය නිවස අද තියෙනවනේ. ඒක රජය සතුයිනේ. ඔය අලුත්වැඩියා කරලා, ඒකනේ කෝටි ගානකට ඕක දෙන්න පුළුවන් කියලා කිව්වේ. ඒ වියදම් කරපු මුදල මහින්ද රාජපක්ෂ ගෙදර අරන් ගියේ නෑනේ.

ප්‍රශ්නය
හරි. ඕක එක්තරා ආකාරයකට කිසිසේත්ම තර්කානුකූල නොවන තර්කයක් වෙන්නේ මහලේකම්තුමා, 2021 එතුමා අගමැතිතුමා. එතුමාට අරලියගහ මන්දිරයෙත් තිබුණා. එතුමා 2021 අරලියගහ මන්දිරයේ ඉන්න ගමන්, 2021 කියන්නේ මේ රට අපායකට තල්ලු වෙමින් තිබුණු අවුරුද්දක්. එතකොට එතුමාට නිවසක් තියෙන ගමන්, එතුමා විජේරාම නිවසත්, කැබිනට් අනුමැතියකින් මේ විදිහට තමන්ගේ නිවසක් විදිහට කරගෙන, ඒක අලුත්වැඩියා කරන්න මේ වියදම යද්දී කෝටි 25ක් 2021 ඇතුළේ. 2022 කෝටි 18ක්. ජනතාව ගත්තම තෙල් පෝලිම්වල ඉන්නවා, ජනතාව පෝලිම්වල මියයමින් ඉන්නවා, ජනතාවට දවසකට පැය දහයකට වඩා විදුලිය නෑ. ඊට පස්සේ ජනතාවගේ දරුවන් කිරිපිටි ටික නැතුව අඬන හැටි බලාගෙන ඉන්නවා. එතකොට රටේ අගමැතිවරයා කරන්න ඕනේ, තමන්ට මේ අරලියගහ මන්දිරයක් තියෙද්දී, තව නිවසක් මේ විදිහට කෝටි 25කුයි, 18කුයි දීලා ඒ අර්බුදයේ උච්චතම අවුරුදු දෙක ඇතුළේ, ඒක අලුත්වැඩියා කිරීම සඳහා, මෙතැන තියෙනවා, 1,43,00,000 ලක්ෂයක් වියදම් කරලා එස්කලේටර් එකක් සවිකරනවා. මේ රටේ මිනිස්සු දවසකට පැය දහයක් කරන්ට් එක නැතුව ඉඳිද්දී එතුමාගේ නිවසට එස්කලේටර් එකක් සවිකරන එකද ප්‍රමුඛතාවය? ඒක ඒ ගෙදර තියෙනවා කියන එක හරි. හැබැයි කෝ ප්‍රමුඛතාව?

පිළිතුර
ඔබ කියන තරම්ම, ක්‍රිටිකල්, ඒ කියන්නේ විවේචනාත්මක ආකාරයකින් මම ඒක දකින්නේ නැහැ කලිඳු, මෙන්න මේ කාරණය උඩ. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔය කියන කාලයේ යම්කිසි අපහසුතාවක් තිබුණා. ඔහුට පඩි නගින්න අපහසුතාවක්. එතකොට අරලියගහ මන්දිරයේ හෝ වෙනත් කිසිම තැනක හෝ ඒ තිබිච්ච අපහසුතාව මත තමයි එතුමාට අවශ්‍ය ඒ පහසුකම සපයා ගන්නේ.

ප්‍රශ්නය
නමුත් සාධාරණ මිනිසෙක්ගේ දෘෂ්ටිකෝණයෙන් මේ කෝටි 51යි, මේ කරපු වියදමයි සාධාරණීකරණය කරන්න පුළුවන්ද ඔබතුමාට?

පිළිතුර
ඒක සාධාරණීකරණය කරනවා කියන කාරණයම නෙමෙයි කලිඳු. ඔබ ඔය කියන දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් ඒක අසාධාරණයි කියලා කියන්නත් පුළුවන්. ඒ අවස්ථාවේ ඇතිවෙච්ච අවශ්‍යතාව කියන කාරණයයි, ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි මේ විදිහට…

ප්‍රශ්නය
ඔබ ඔබතුමා ඒ නිවසට ගිහිල්ලා ඇතිනේ….?

පිළිතුර
මම ගිහින් තියෙනවා කලිඳු. ඔය කියන තරම් මහා මේ…

ප්‍රශ්නය
නැහැ, ඒක අපි දැකලා නෑනේ….?

පිළිතුර
නැහැ, දැන් බලතැහැකිනේ.

ප්‍රශ්නය
ඒක ජනතා ප්‍රදර්ශනයට ඇරලා නෑනේ. දැන් ඔබතුමා ඔය කියන විදිහට, ඔය හදපු කෝටි 51කින් අපේ රටේ සහෝදර ජනතාවට ඕකට ගිහිල්ලා ඵලක් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒක මම දන්නේ නෑ ඉස්සරහට මොනා කරයිද කියලා. ඒක ආණ්ඩුවත් එක්ක අහන්න ඕනේ.?

පිළිතුර
මම හිතන්නේ ඵලක් ගන්නනේ යන්නේ. දැන් ඔය ඉස්සරහට සී.අයි.ඩී. එකද කොහෙද එතැනට ගේන්න යනවා කියනවනේ. ආණ්ඩුව ඒ සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නනේ යන්නේ.

ප්‍රශ්නය
නැහැ. මගේ ප්‍රශ්නයම වෙන්නේ, රටේ ජනතාව දන්නවා රට 2021, 2022 කොතැනද තිබුණේ කියලා. එහෙම තියෙද්දී, රටේ මුදල් ඇමැතිවරයා 2021. රටේ මුදල් ඇමැතිවරයා, රටේ මූල්‍ය කටයුතු ගැන ඉතාම හොඳින් දන්න ඇමැතිවරයා මේ විදිහට වියදම් කරනවට වඩා වියදම් කරන්න දේවල් තිබ්බා කියලා නම් රටේ මිනිස්සුන්ට තේරෙනවා.

පිළිතුර
ඒක කලිඳු මෙහෙමයි. ඔබ ඔය කියන තර්කය ඔබේ පැත්තෙන් හරි. හැබැයි අපි දන්නේ නැහැ කුමන තත්ත්වයන් යටතේ, මොකද ඒ වෙනකොට රටේ තිබිච්ච තත්ත්වය, රටේ තිබිච්ච ආරවුල්කාරී තත්ත්වය, විවිධ ප්‍රශ්නගත තත්ත්වයන්, මේ සියල්ල යටතේ කුමන…

ප්‍රශ්නය
ඒ කොහොමද අලුත්වැඩියාවට බලපාන්නේ? එතකොට ඔබ ගිහිල්ලා තියෙනවනේ. එතැන මොනවා හරි මුර කුටි විශාල කිරීමක්, නැත්නම් මේ එන අයගෙන් ප්‍රවේශම් වෙන්න හදපු එකකටද මෙච්චර මුදලක් ගිහිල්ලා තියෙන්නේ?

පිළිතුර
නෑ, ඔය කියන විදිහේ මහා ලොකු…

ප්‍රශ්නය
ඉතින් මේ මුදල් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කරන දත්තනේ?

පිළිතුර
ඔව්, ඒක තමයි කලිඳු. එතකොට ඕක කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගිහිල්ලා, බාසුන්නැහැ කෙනෙක් දාගෙන සිමෙන්ති ගෙනැහැල්ලා ඕක හදන්නේ නෑනේ.

ප්‍රශ්නය
නැහැ, එතුමාට තීරණය ගන්න පුළුවන්නේ, මේ වෙලාවේ මම මගේ නිල නිවස හදන්නේ නෑ. මට අරලියගහ මන්දිරයත් තියෙනවා. ඒ නිසා මම මේක හදන්නේ නෑ කියලා.

පිළිතුර
අපි දන්නේ නෑ ඒ අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් මොන ආකාරයේ උපදෙසක් දුන්නද කියලා.

ප්‍රශ්නය
ඔබ දන්නෙත් නැද්ද? ඒකයි ඔබෙන් අහන්නේ මම?

පිළිතුර
මම දන්නේ නැහැ. ඒක එතකොට ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක ප්‍රධානීගෙන් අහන්න ඕන කාරණයක්.

ප්‍රශ්නය
හැබැයි මේ වියදමත් එක්ක නාස්තිකාර සංස්කෘතියක හිටියා කියන එකට ඔබතුමා එකඟ වෙන්නේ නැද්ද? එකඟ නොවී ඉන්න පුළුවන්ද මේ වගේ දත්තත් තියෙද්දී?

පිළිතුර
ඒක තමයි මම කියන්නේ. ඒක ඔබ මතුපිටින් දකින දේනේ කතා කරන්නේ. දැන් ඔබ මට කිව්වා නම් මෙන්න මෙවැනි ප්‍රශ්නයක් මම ඔබෙන් අහන්න යනවා. මේ ගැන කරුණු සොයාගෙන එන්න කියලා මම එහෙම නම් කුමන තත්ත්වයන් යටතේ මේක කළාද, කුමන තත්ත්වයන් යටතේ මෙහෙම වියදමක් දැරුවද, ඇයි මෙහෙම වියදමක් දැරුවේ කියලා මම ඒ ටික හොයාගෙන ඇවිල්ලා…

ප්‍රශ්නය
නමුත් ප්‍රතිපත්තියක් විදිහටම අපි කලින් කතා කරලා සාකච්ඡා කරන්නේ නෑ?

පිළිතුර
ඒක තමයි. ඉතින් ඒක හරි. මම ඒක දන්නවා…

Ada Derana Sinhala

SendShareShare
Previous Post

‘මං ගමේ බයියා…’ Sri Lanka Latest News

Next Post

සර්පයො අල්ලපු පුතා – ඇමැති ඇවිත් කී කතා…! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.