ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පසුගිය දින කිහිපය පුරාවට නුවරඑළිය නගරාධිපතිවරයාගේ හා ආන්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික උවනාවන් මත මහ නගර සභා ආඥා පනතට පටහැනි අන්දමින් ලබා දෙන සංවර්ධන යෝජනාවලට නාගරික කොමසාරිස්වරයා එරෙහි වීම හා එම යෝජනාවන් සඳහා අවශ්‍ය නෛතික අවසරය ලබා ගැනීමට කටයුතු කිරිමේදි ඇතිවන සාමාන්‍ය කල් ගැනීම හමුවේ නාගරික කොමසාරිස්වරයාට ස්ථාන මාරුවක් ලබා දීමට ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් ගෙන ගිය අත්සන් ව්‍යාපාරයට හා නුවරඑළිය නගර මධ්‍යයේ නගරයේ අලංකරණයට දැඩි ලෙස තර්ජනයක් වන අන්දමින් ඉදිකිරීමට ගිය අට්ටාල සහ කූඩාරම් සදහා නාගරික කොමසාරිස් අවසර ලබා නොදීම සම්බන්ධව නගරාධිපතිවරයා ප්රමුඛ නාගරික මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් අවුස්සා ඊයේ (30) සිදුකළ විරෝධතාවයට විරෝධය පාමින් නුවරඑළිය මහ නගර සභාවේ රාජ්‍ය සේවයේ සියලු තරාතිරම්වල නිලධාරීන් මෙලෙස පැය තුනක වැඩ වර්ජනයක නිරත වූහ ,Sri Lanka Latest News
වැඩ වර්ජනය නිරත වූ පිරිස කියා සිටියේ නීතිය ප්‍රතිපාදන අනුව වැඩ කරන නාගරික කොමසාරිස්වරයාගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීම් සහ පාක්ෂික ආධාරකරුවන් උසිගන්වා සිදුකරන උද්ඝෝෂණ තරයේ හෙලා දකින බවය ,
තවද පැය තුනක කාලයක් පුරාවට සිදුකළ වැඩ වර්ජනය අතරතුරදි නගරාධිපතිවරයා ප්රමුඛ නාගරික මන්ත්‍රී මණ්ඩලයේ සේවක මහතුන් සමඟ සාකච්ඡාවක් සිදු කර ඇති අතර එහිදීම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තාවකාලික එකඟතාවයකට එළඹීමෙන් පැය තුනකින් වැඩ වර්ජනය අවසන් කිරීමට කටයුතු කළද නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට රාජ්‍ය සේවකයන් කටයුතු කරන බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය .
මෙම ගැටළුව සම්බන්ධව සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් අප සිදු කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් නුවරඑළිය සහකාර කොමසාරිස් වයි.පී.විජේවර්ධන මහතා කියා සිටියේ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකරගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසන විට නුවරඑළිය මහනගර සභාවේ සේවකයන් බීමත්ව උද්ඝෝෂණයක් සිදු කිරීමට සැරසෙන බවයි.





















