අමෙරිකාවේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිය අතරතුර සිදුවූ අකරතැබ්බ කිහිපයක් පිළිබඳ විදෙස් පුවත් වාර්තා කරනවා.Sri Lanka Latest News
ඉන් කිහිපයක් මුහුණපෑමට සිදුවී ඇත්තේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වීම ද විශේෂයි.
මහා මණ්ඩල සැසිය අමතන්නට ගිය ට්‍රම්ප්ට එහි ටෙලිප්‍රොම්ප්ටරය වැඩ නොකිරීම නිසා කතාකිරීමට සිදුවූ බව ට්‍රම්ප් කීවේ සිනාසෙමින් විහිළුවක් ද කරමින්.
‘මේ ටෙලිප්‍රොම්ප්ටරය ක්‍රියාත්මක කරන කෙනා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ’ ට්‍රම්ප් කියාසිටියා.
තත්පර කිහිපයක් නතර වී සිට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි විවේචන එල්ල කිරීමට සිය කතාව භාවිතා කළ අතර ගොඩනැගිල්ලේ දෝෂ සහිත එස්කැලේටරයක් තිබීම ගැන සංවිධානයට බැණ වැදුණා.
‘එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මට ලැබුණු කරුණු දෙක මේවායි: නරක එස්කැලේටරයක් සහ නරක ටෙලිප්‍රොම්ප්ටරයක්,’ ට්‍රම්ප් තවදුරටත් පැවසුවා.
ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේ තමා මෙහි එන විටදී විදුලි පඩිපෙළ ද නැවතුණු බව සිහිකරමින්.
ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා විදුලි පඩිපෙළට පා තැබූ විගස එය නැවතුණු අතර එය ඔහුගේ වීඩියෝ පටිගත කරන ශිල්පියා විසින් වැඩි ආරක්ෂාවට සිදුකරන ලද්දක් දැයි අනුමාන කෙරෙනවා.
එහෙත් “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යමෙකු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව පා තබන විට හිතාමතාම එස්කැලේටරය නැවැත්වූයේ නම්, ඔවුන් සේවයෙන් පහ කර වහාම විමර්ශනය කළ යුතුයා” යනුවෙන් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සමාජ ජාල ගිණුමක සඳහන් කර තිබුණා.










