තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුව තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද පොලීසිය විසින් සොයාගත් බවය.
මේ අතර එම නිවසේ සිටි තවත් අයෙක් හදිසියේ ඇති වූ අසනීප ත්ත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුළව ඇති අතර එහිදී ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රසපරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින බවද වාර්තා වේ.










