අංග සම්පූර්ණ සංගණනයක් සමග පිළිතුරක් අවශ්‍ය බවත් අඳුරේ අතපත ගා මේවා විසඳිය නොහැකි බවත් නිශ්චිත කරුණු මත එක් පැත්තකින් මානුෂීය අයිතිය රකින්නටත් අනික් පැත්තෙන් වැව් රක්ෂිතය ද රැකිය යුතු බවත් මේ දෙකම ජයගන්න යම් ස්ථාවරයක් කරා ප්‍රවේශ විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනුරාධපුරයේ දී පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවර වැව රක්ෂිතයේ ඉඩම් හිම්කම් පිලිබඳ ගැටලු සාකච්ඡා කිරීම සදහා අනුරාධපුර Platinum හෝටලයේදී පැවැති ජන හමුවකදීය.
මේ සෑම දෙයක්ම කළ හැක්කේ නිශ්චිත කරුණු මත බවත් තොරතුරු නිශ්චිත විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.




















