• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

NMRA වංචාව..! පාස්පෝට් වංචාව..! පරීක්ෂණ යට ගිහින්! පිටුපස ඉන්න හස්තය කවුද? I Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

එකම අන්තර්ජාල සේවා සපයන සමාගමක් මගින් සිදුකරන ලද වංචා ක්‍රියා දෙකක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලද නමුත් නව රජය යටතේ ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවීම කනගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී සිදුවී ඇති ප්‍රසම්පාදන අක්‍රමිකතා සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කරන ලද පැමිණිලිවල ප්‍රගතිය විමසා බැලීම සඳහා වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයන් අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.

තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට පටහැනි අන්දමට සහ රටේ පැවැති උද්ධමන අනුපාතයන් නොසලකා ඉහළ මිල ගණන්වලට පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා අදාළ ටෙන්ඩරය ලබාදී ඇති බවත්, 2003 වසරේ සිට මේ දක්වා වසර විසිදෙකකට ආසන්න කාලයක් මෙම අක්‍රමිකතාව අඛණ්ඩව සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය. අදාළ පාලන කාලවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරව සිටි සියලු අමාත්‍යවරුන් හා කොමසාරිස් ජනරාල්වරුන් මෙම වංචාව සම්බන්ධයෙන් වගකිවයුතු බවද ඔහු සඳහන් කළේය.

මේ අන්දමට තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි පරිදි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට යටත් නොවී අත්තනෝමතික ලෙස පාස්පෝට් මුද්‍රණයට අවස්ථාව ලබාදීම නිසා රජයට සිදුවී ඇති අලාභය කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ මෙන් තවත් බස් නැවතුම්පළවල් දහයකට අධික ප්‍රමාණයක් නඩත්තු කිරීමට තරම් අධික මුදලක් බවද ඔහු පවසයි.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් ද මේ අන්දමටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළත් එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, අදාළ අධිකරණමය කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යළි යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. නියාමන අධිකාරියේ දත්ත වංචාව සිදුවන විට සේවය කළ ඉහළ නිලධාරීන් රැසක් තවදුරටත් විවිධ ඉහළ තනතුරු දැරීම මෙම විමර්ශනවල සත්‍යතාව හෙළිකර ගැනීමට බාධාවක් බව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලද නමුත් ඔහු ඒ සම්බන්ධව සැලකිල්ලක් නොදැක්වීම ගැනද වෛද්‍ය චමල් සංජීව මහතා සිය අප්‍රසාදය පළ කළේය. දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියට ප්‍රසම්පාදන ක්‍රියා සම්බන්ධව ඉතා පැහැදිලිව අධිකරණය පවා උපදෙස් ලබාදී ඇති තත්ත්වයක් යටතේ අදාළ කරුණු උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී පොලිසිය භාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිනයක් ඉල්ලා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

දේශපාලන හිතවත්කම්වලින් තොරව මෙම විමර්ශන කඩිනමින් සිදුකොට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ඔහු පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

මන්නාරම තියෙන්නේ විකුණන්න නෙමෙයි! මන්නාරම ඉල්ලා මන්නාරම් වැසියෝ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ඇවිත් විශාල උද්ඝෝෂණයක! PHOTOS I Sri Lanka Latest News

Next Post

වසන්තට දුන්නා වගේම මිනිස්සු ඇමැති හේවගේටත් ලක්ෂ ගණන් සල්ලි දීලා! මෙන්න සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.