• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහත්වරුන්ගේ ක්‍රීඩාව….! ඊයා හලෝ…! Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මහත්වරුන්ගේ ක්‍රීඩාව….! ඊයා හලෝ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ආසියානු කුසලාන තරගාවලිය මේ වතාවේ පැවැත්වෙන්නේ වෙනදා තරම් ජවයක් නැතුව. ආසියානු කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම තනි අශ්වයකුගේ තරගයක් බව ඉන්දියාව දිගින් දිගටම ප්‍රකාශ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒත් අවාසනාවකට හෝ වාසනාවකට ඔවුන් ගිය අවුරුද්දෙත් පරාජිතයෝ. ඔවුන්ට ගිය අවුරුද්දේ එහෙම තනි අශ්වයෙක් වගේ ඇවිල්ලා රේස් එක දිනන්න බැරි වුණා. නමුත් මේ අවුරුද්දේ සහභාගි වුණු තරග කීපයම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා. අර සනත් ජයසූරිය කියනවා වගේ ප්‍රතිවාදීන්ව පාගලා දාලා ජයග්‍රහණය කරලා ඔවුන් උදම් අනමින් ඉන්න අවස්ථාවක් තමයි මේක. ඔවුන් ඉන්නේ සතුටින්. ඔවුන්ගේ ජයග්‍රහණය ගැන උදම් විය හැකියි. ඇත්තටම ඉන්දියාවේ දක්ෂතාව ගැන ඔවුන් සතුටු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ.Sri Lanka Latest News

ඉන්දියාවෙන් ඉතාම හොඳ ක්‍රීඩකයෝ. අයි.පී.එල්. තරගාවලිය ඔස්සේ ඔවුන් ලබාගත්තු අත්දැකීමුත් එක්ක ඔවුන් විශිෂ්ට ක්‍රීඩකයෝ හදලා, විශිෂ්ට කණ්ඩායමක් හදලා ලෝකේ ක්‍රිකට් ඔවුන්ගේ තනි අතට අරගෙන ඉවරයි. ඇත්තටම පිටින් බලද්දී ක්‍රීඩා පැත්තෙන් බලද්දී මේක මේ විදියට පෙනුණට, ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන මාර්කටින් කියන කොටසේදීත් ඇත්තටම ඉන්දියාව මේ තරගාවලිය තුළ රැඳී සිටිය යුතුයි. ඉන්දියාවේ ජයග්‍රහණය ඉතා පහසු විය යුතුයි. ඉන්දියාව පරාජය වෙලා මුල් වටෙන් ඉවත් වුණු තැනට ආවොත් ප්‍රේක්ෂකයෝ බිලියනයක් අදාළ රූපවාහිනී නාලිකාවට අහිමි වෙලා යනවා.

දිගින් දිගටම ඉන්දියාව පරාජය වේ යැයි විශ්වාස කරන්න පුළුවන් මට්ටමක නම් තරගය තියෙන්නේ, බොහෝ වෙලාවට මේ ක්‍රිකට් තරග විකාශනය කරගන්න පවා නාලිකාවක් නැතිවෙන තැනට පත්වේවි. ඒ නිසා ජාත්‍යන්තර ක්‍රිකට්වල ඉන්දියානු සලකුණ ඉතාම වැදගත්. ඉන්දියාවේ ඉන්න බිලියනයක ප්‍රේක්ෂකයෝ වැදගත්. ඉන්දියාවේ ඉන්න මේ බිලියනයක ප්‍රේක්ෂක ප්‍රජාව වෙළෙඳ දැන්වීම් සඳහා ඔවුන්ට හරි වැදගත්. ඒ නිසා තමයි ඉන්දියාව ක්‍රිකට්වල ඉස්සරහට යනවට ලෝකය කැමැති වෙන්නේ. ක්‍රිකට්වල තියෙන ව්‍යාපාරික කොටසේදීත් ඉන්දියාව ඉදිරියට යාම වැදගත්.

නමුත් සූර්ය කුමාර් යාදෙව් ප්‍රමුඛ ඉන්දියානු ක්‍රීඩකයෝ අවසාන පාකිස්තාන – ඉන්දියානු තරගයේදී හැසිරුණු විදිහ ගැන අපට දැනෙන්නේ ඉතාම පහත් හැඟීමක්. අපි දන්නවා, පාකිස්තානය හෝ වෙනත් කණ්ඩායමක් විසින් ඉන්දියාවේදී සිද්ධ කරන ලද වෙඩිතැබීම්, මනුෂ්‍ය ඝාතන සියල්ල අපි හෙළා දකිනවා. ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිද්ධ කරන ප්‍රහාරයක් මිසක එය සමස්තයක් ලෙස පාකිස්තානය විසින් නිල වශයෙන් එල්ල කළ ප්‍රහාරයක් නොවන වගයි අපි දන්නේ. ඒ වගේම පාකිස්තානය කියන රාජ්‍යය විසින් එල්ල කරපු ප්‍රහාරයක් නෙමෙයි. ලෝකයේ තියෙන ජනරජයක් වෙච්ච පාකිස්තානය, නැත්නම් රටක් වෙච්ච පාකිස්තානය, පිළිගත්තු ආණ්ඩුවක් තියෙන පාකිස්තානය කිසිම ප්‍රහාරයකට සම්බන්ධ නැහැ.

මේ ප්‍රහාරය පිටිපස්සේ තියෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම් නම්, ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායම් එක්ක තමන්ගේ ගැටලුව නිරාකරණය කරගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. පිට්ටනිය තිබ්බේ ක්‍රිකට්, පිට්ටනිය තිබ්බේ ක්‍රීඩාව. පිට්ටනියේ ක්‍රීඩාව ඇතුළේ ත්‍රස්තවාදීන්ට සලකන විදියට ප්‍රතිවාදීන්ට සලකලා, ඔවුන්ට අතට අත නොදී, ඔවුන්ගේ මූණ නොබලා, ඔවුන් එක්ක හිනහා නොවී, ඔවුන්ට විහිළු තහළු නොකර, ඔවුන් එක්ක අමනාපයෙන් ක්‍රිකට් ගහන තැනට ලෝකේ ක්‍රිකට් පත්වෙනවා නම්, මෙහෙම ක්‍රිකට් එකක් තවදුරටත් ලෝකයට අවශ්‍ය නැහැ. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවැනි ක්‍රියා වහාම පිට්ටනියෙන් ඉවත් කරන්න ඕනේ. ඒකට හේතුව ක්‍රිකට් කියන ක්‍රීඩාව ඇතුළේ මේ විදියේ පසමිතුරුකම් හැදුණොත්, ලෝකයේ අමනාප රාජ්‍යයන් මේ විදිහට පිට්ටනියේදී අමනාප වෙන්න පටන් අරගත්තොත්, පිට්ටනියේදී ගැටෙන්න ගත්තොත් ඒක ක්‍රීඩාවට කරන අගෞරවයක් බවට පත්වෙන නිසා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන ගැටුම ඊයේ පෙරේදා ආරම්භ වෙච්ච එකක් නෙමෙයි. ඒක වසර ගණනක් තිස්සේ ආරම්භ වෙච්ච එකක්. අපි දන්නවා මේ තරගයට ඉන්දියානු කණ්ඩායමට සහභාගි වෙන්න එපා කියලා, ඉන්දියාවට පාකිස්තානයත් එක්ක තරග වදින්න එපා කියලා විශාල කලබගෑනියක් ඉන්දියාව ඇතුළේ සිද්ධ වුණා. ඒ සිද්ධ වෙන්නේ දේශපාලනික කලබගෑනියක්. දේශපාලනික ගැටුමක්. විවිධ රාජ්‍යයන් තමන්ගේ දේශපාලන කල්ලි, තමන්ගේ දේශපාලන කණ්ඩායම් තහවුරු කරගන්න, තමන්ට ඒ රට ඇතුළේ දේශපාලනික වශයෙන් ස්ථාවර වෙන්න, තමන්ගේ බලය පෙන්නන්න විවිධ යෝජනා, විවිධ චෝදනා එල්ල කරනවා. ක්‍රීඩාව කියලා කියන්නේ මේ සියල්ලටම ඉහළින් හෝ මේ සියල්ලටම ඈතින් තිබිය යුතු දෙයක්.

ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රීඩා කරපු තරගවලදී ඔවුන් අතින් අත අල්ලගන්න හැටි, අතට අත දෙන හැටි, ඔවුන් මිතුරන් ලෙස කටයුතු කරන හැටි, ඔවුන් සහයෝගයෙන් කටයුතු කරන හැටි අපි ඕනෙ තරම් දැකලා තියෙනවා. විරාට් කෝලිලා, රෝහිත් ෂර්මලා වගේ විශිෂ්ට ක්‍රීඩකයෝ, ඇත්තටම පිට්ටනියේදී හරිම කලබලකාරී ක්‍රීඩකයෝ, ගැටෙනසුළු ක්‍රීඩකයෝ. ඔවුන් පිට්ටනිය ඇතුළේ තමන්ගේ ගැටුම ඉදිරියට අරගෙන ගියේ නැහැ. අපිට මතකයි කම්රාන් අක්මාල්ගේ සහ ගෞතම් ගාම්භීර්ගේ යම්කිසි ගැටුමක් පිට්ටනියේ සිද්ධ වෙනවා. ඔවුන් වචන හුවමාරුවක් සිද්ධ කරගන්නවා. නමුත් ඔවුන් පසුව පිට්ටනියෙන් එළියට ඇවිල්ලා සමාව ඉල්ලනවා. ‘ගාම්භීර් හොඳ ක්‍රීඩකයෙක්, මට ගාම්භීර් එක්ක අමනාපයක් නැහැ’ කියලා කම්රාන් අක්මාල් කියනවා. ‘ඒ වෙලාවේ සිද්ධ වුණේ මගේ වැරැද්දක්’ කියලා ඔවුන් කියනවා. ඉතින් ඒක තමයි ක්‍රිකට්.

අපිට මතකයි 1996 ශ්‍රී ලංකාවට එන්න බෑ කියලා ඔස්ටේ්‍රලියාව, ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව්වෝ කිව්වම ඉන්දියානු ක්‍රීඩකයෝ, පාකිස්තානු ක්‍රීඩකයෝ දෙගොල්ලෝ එකතු වෙලා මොහොමඩ් අසරුඩීන්ගේ නායකත්වය යටතේ ලංකාවට ආවා. ඒ වෙලාවේ ලෝකයේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයෝ හිටියා පාකිස්තානයේ. ඔවුන් අසරුඩීන් යටතේ ක්‍රීඩා කළා. ඔවුන් ටීෂර්ට් පවා හුවමාරු කරගත්තා. ඒක තමයි ක්‍රීඩාව. ප්‍රතිවාදියා පාගලා දාන්න ඕනේ ලකුණුවලින්. ප්‍රතිවාදියා බිම වට්ටන්න ඕනේ පරාජයෙන්. හැබැයි ප්‍රතිවාදියාව මානසිකව වට්ටලා, ඔවුන්ට අතට අත දෙන්නේ නැතුව, ගිහිල්ලා දොරවල් වහගෙන, ගෑනු මිනිස්සු තරහා වුණාම හැසිරෙනවා වගේ හැසිරෙන තැනට පහත් ක්‍රිකට් එකක් ලෝකෙට අරගෙන එන නැතුව ඉන්දියාවට, අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපි දන්නවා අපි ප්‍රකාශ කළා කියලා කනගාටුවක් ඉන්දියාවට රිදෙන එකක් නැහැ. නමුත් මාධ්‍යවේදියෝ විදිහට, ශ්‍රී ලංකාවේ පිළිගත්තු මාධ්‍යයක් විදිහට, අපි ඉන්දියාවේ ක්‍රිකට් එක ගැන අපේ කනස්සල්ල පළකරනවා. ඉන්දියාවේ ක්‍රිකට් තවදුරටත් ක්‍රිකට් නොවන බව අපිට හිතෙනවා. අපි හිතුවේ යුද්ධය තියෙන්නේ යුදබිමේ කියලා. හැබැයි යුද්ධය පිට්ටනියට අරන් ආපු සූර්ය කුමාර යාදෙව්ට අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා.

ඇත්තටම සූර්ය කුමාරට යුද්ධ කරන්න ඕනෙ නම්, ඔහුට තියෙන්නේ පිත්තයි, හෙල්මට් එකයි, පෑඩ් ටිකයි ගලවලා තියලා, බෝලේ විකට් එක ගාවින් තියලා යුද්ධයට යන්න. ඔහුට පුළුවන් පාකිස්තානයෙන් පළිගන්න. ඔහුට පුළුවන් පාකිස්තානයට විරුද්ධව යුද්ධ කරන්න. ඔහුට පුළුවන් සටන් කරන්න. හැබැයි පිට්ටනියට ඇවිල්ලා යුද්ධ කරනවා නම් ඒක ක්‍රිකට් නෙමෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වහාම මීට පියවර ගත යුතුයි. ඔවුන් වහාම පාකිස්තානයෙන් සමාව ගන්නා තැනට පත්කළ යුතුයි. ඒත් අපි දන්නවා අයි.සී.සී. කියලා කියන එකේ මුල් අර්ථය මොකක් වුණත්, යට අර්ථය ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් වගේ එකක් කියලා මුළු ලෝකෙම පිළිගන්නවා. ඒකට හේතුවත් ඉන්දියාවේ තියෙන සල්ලි. ඉන්දියාවේ තියෙන මූල්‍ය බලය. මෙන්න මේ මූල්‍ය බලය සහිත ජාත්‍යන්තර ක්‍රිකට් තමන්ගේ අල්ලේ නටවන ඉන්දියාවට අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මුකුත් වෙන එකක් නෑ කියලා. ඒත් කනගාටුයි.

අපි දැක්ක ලස්සන ක්‍රිකට් දැන් කැතයි, අවලස්සනයි. තවදුරටත් ක්‍රිකට්වලට ප්‍රේක්ෂකයෝ හොයාගන්න ඕනෙ නම්, තවදුරටත් ක්‍රිකට් ලෝකයේ විකුණන්න අවශ්‍යයි නම්, තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ජාත්‍යන්තර වශයෙන් විකාශය කරන්න ඕනෙ නම්, ක්‍රිකට්වල තියෙන රස නිර්මාණය කරන්න ඕනෙ, සුන්දරත්වය නිර්මාණය කරන්න ඕනෙ. මේ විදියේ තක්කඩි ක්‍රිකට් එකක් පිට්ටනියට ගෙනාවොත් තවදුරටත් ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් නොවන තැනට පත්වේවි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

“මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුණු හැටි දැන උන්නේ – අලුතින් ඉදිවෙන අලුත් තැනක් ගැන බස් නැවතුම තව නෑ දන්නේ….” Sri Lanka Latest News

Next Post

අපහාසයක් කළාද? ප්‍රසාද් – හරිනි – ලක්මාලි තුන්කොන් සටන! Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.