• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් වගේද කාර්කි…? අරගල කළ කොල්ලන්ට සැලකුවේ මෙහෙමයි! Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් වගේද කාර්කි…? අරගල කළ කොල්ලන්ට සැලකුවේ මෙහෙමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ගතවෙන්නේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් අවධියක්. ලෝක ප්‍රජාතන්ත්‍රවාදය මෙතෙක් කල් තිබුණේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ හැඩයේ. එහෙම නැත්නම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන හැඩයේ. ඉස්සර තිබුණේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට පෙර ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේදී සිද්ධ වුණේ පුර රාජ්‍යවල ජීවත් වෙච්ච මිනිස්සු එක තැනකට එකතු වෙලා තමන්ගේ අකැමැත්ත, කැමැත්ත ප්‍රකාශ කරලා තීන්දු තීරණ ගත්ත එක.Sri Lanka Latest News

හැබැයි මේ වෙලාවේ ලෝකයේ නව ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් නිර්මාණය වෙමින් තියෙනවා කියලයි අපිට හිතෙන්නේ. 2022දී ශ්‍රී ලංකාවෙත්, 2024 බංගලිදේශයෙත්, 2025 ඉන්දුනීසියාවෙත්, ආයෙත් 2025 නේපාලයෙත් අලුත් දේශපාලන ක්‍රමවේදයක් නිර්මාණය වුණා. මේ ක්‍රමවේදයේ ස්වරූපය තමයි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මැතිවරණයකට ගිහිල්ලා පාලකයන් ඉවත් කරලා නව පාලකයන් පත් කරගන්නවා වෙනුවට මහජනතාව, එහෙම නැත්නම් තරුණ තරුණියන් එළියට බැහැලා පවතින ක්‍රමයට විරුද්ධ වෙලා, අරගල කරලා, සටන් කරලා පාලකයන්ව පන්නලා දානවා. මේක තරුණ ප්‍රජාතන්ත්‍රවාදය, එහෙම නැත්නම් Z generation ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපිට හඳුන්වා දෙන්නත් ඕනෙ නම් පුළුවන්.

කොහොම වුණත් මේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය ඒ තරම්ම හොඳ එකක් කියලා අපිට කියන්නත් බැහැ. ඒකට හේතුව පහරදීම්, කඩාබිඳ දැමීම්, බොහෝ විට මනුෂ්‍ය ඝාතන මේ අරගල ඇතුළේ සිද්ධ වෙනවා. මේ අරගල හෝ මේ විප්ලව හෝ කියන නම්වලින් හඳුන්වන මේ කාරණාවලදී විවිධ දේශපාලකයෝ ඒකට මැදිහත් වෙලා ඒවා ඇතැම් විට කඩාබිඳලා දානවා. ඇතැම් විට ඒවා විනාශ කරලා දාන්න උත්සාහ කරනවා. ඇතැම් විට අරගල ජයග්‍රහණය කරනවා.

තරුණ තරුණියන් අරගල ජයග්‍රහණය කළත් මේ සියලු ප්‍රශ්න, ගැටලු නිමාවෙන්නේ සතියක දෙකක විතර පුංචි කාලයක් ඇතුළත අරගලය පැවතිලා, මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙලා. ඇතැම් විට දේශපාලකයෝ, ඇතැම් විට දේශපාලකයන්ගේ බිරින්දෑවරු, දේශපාලකයන්ගේ නෑදෑ හිතමිත්‍රාදීන්, ඒ වගේම විශේෂයෙන්ම අරගලකරුවන් මෙවැනි අවස්ථාවලදී ජීවිතක්ෂයට පත්වෙනවා. එහෙම ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ දේපළ හානි වෙනවා, විශාල දේපළ ප්‍රමාණයකට ගිනි තියෙනවා. ඉන් පසුව පාලකයන් මැදිහත් වෙලා කාලානුරූපව අරගලයට මැදිහත් වුණු, අරගලයට ඉදිරිපත් වුණු, අරගලයේදී සටන් පෙරමුණේ හිටපු අයව අත්අඩංගුවට ගැනීම්, දඬුවම් කිරීම් ලෝකයේ අපි දකිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපි ඒක දැක්කා. දේශපාලකයෝ විශාල ප්‍රමාණයකගේ දේපළ ගිනි තිබ්බා. කනගාටුදායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිට්ටඹුව ප්‍රදේශයේදී මියගියා. ඒ වගේම ගෙවල් විශාල ප්‍රමාණයකට ගිනි තිබ්බා. වාහන විශාල ප්‍රමාණයකට ගිනි තිබ්බා. මේ සියල්ල ගිනි අරගෙන විනාශ වෙලා මාස කීපයක් ගතවෙලා යද්දී අරගලයට සම්බන්ධ වුණු අයව අත්අඩංගුවට ගත්තා එකින් එක්කෙනාව. මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ වුණු ප්‍රමාණයම අත්අඩංගුවට ගත්තා. ඔවුන් මම හිතන්නේ තවමත් ඉන්නේ බන්ධනාගාරගතව, ඔවුන්ගේ නඩුව තාම ඉවර නැහැ.

ඒ වගේම නිවාස දේපළවලට හානි කරපු පුද්ගලයෝ අත්අඩංගුවට ගත්තේ නිකන් නෙමෙයි, පොදු දේපළ පනත යටතේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇප දෙන්නවත් බැරි තත්ත්වයකින් තමයි ඒගොල්ලන්ව අත්අඩංගුවට ගත්තේ. ඒ වගේම මේ කඩලා බිඳලා දාපු ගෙවල් දොරවල්වලට ශ්‍රී ලංකාවෙදී නම් විශාල ප්‍රමාණයෙන් වන්දි අයකරලා දෙන්නත් ආණ්ඩුව කටයුතු කළා.

කඩපු ගෙවල් දොරවල්වලට වඩා, සමහර කාර්යාලවලට වඩා කෝටි ප්‍රකෝටි ගණන්වලින් ඒ අයට ආදායම් ලැබුණා. තිබුණට වඩා හොඳ ගෙවල්, තිබුණට වඩා හොඳ කාර්යාල හදාගන්න ලංකාවේ පාලකයෝ ඉඩ දුන්නා. 2022 අරගලය නිවැරදි ජයග්‍රහණයක් දක්වා රැගෙන යන්නට එවක ශ්‍රී ලාංකික අරගලයේ යෙදුණු අයට බැරි වුණා. රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන දෙබෑයෝ එකතු වෙලා මේ පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන, ඔවුන්ට දඬුවම් කරලා, තමන්ගේ හෙන්චයියන්ට, එහෙම නැත්නම් අගතියට පත් වෙච්ච, තමන්ගේ දේශපාලන නෑදෑ හිතමිතුරන්ටත් ආදර සංග්‍රහ දක්වන්න මේගොල්ලෝ කටයුතු කළා.

හැබැයි නේපාලයේ තත්ත්වය මීට වඩා වෙනස්. නේපාලයේ අරගලය අතරතුරේදී එහි අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ පවා මියගියා. ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, නැත්නම් තරුණයන් 22ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් මියගිය බව පහුගිය කාලයේ වාර්තා වුණා. මේ අරගලයෙන් පස්සේ ඔවුන් බලාපොරොත්තු වුණු වෙනසට වඩා වෙනස් යම් දේවල් ටිකක් සිද්ධ වුණා. හැමෝම බලාගෙන හිටියේ නේපාල රැප් ගායකයෙක් ඒ රටේ අගමැති ධුරයට පත්වෙයි කියලා. නමුත් නේපාල ශිෂ්‍ය විරෝධතා අතරතුරදී බලාපොරොත්තු නොවුණු විදිහට අගමැතිනිය විදිහට සුෂිලා කාර්තික් පත්වුණා.

සුෂිලා කාර්කි කියලා කියන්නේ ඒ රටේ හිටපු අගවිනිසුරුවරියක්. බොහෝ අත්දැකීම් සහිත කාන්තාවක්. දිවිපිදූ තරුණ තරුණියන් සිහිපත් කිරීම සඳහා 17 වැනිදා නේපාලයේ මහජන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන්න තීරණය කරලා තිබුණා. සුෂිලා කාර්කිගේ අන්තර්වාර රජයේ පළමු කැබිනට් රැස්වීමේදී තමයි මේ තීරණය අරගෙන තිබුණේ. ඔවුන් දිවිපිදූ විරුවන් ලෙසයි මේ දිවිපිදූ ශිෂ්‍යයින්ව නම් කරලා තිබුණේ. ඒ වගේම දෙදිනක් පුරා පැවැති විරෝධතා අතරතුර සිදුවෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කරන්නත් පළමු කැබිනට් රැස්වීමේදීම මේ අය තීරණය කරලා තිබුණා. නේපාලයේ හිටපු අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ පාලන කාලය තුළ අනුමත කරනු ලැබූ සියලු යෝජනා අවලංගු කිරීමටත් මේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ.
ඒ අනුව මේ තරුණ තරුණියන්ට දඬුවම් කරනවා වෙනුවට තරුණ තරුණියන්ගේ ඉල්ලීම් ඉෂ්ට කිරීම සඳහා මේ අය කටයුතු කරනවා වගේ ගතියක් අපිට පේන්නට තියෙනවා. ඉතින් තරුණ තරුණියන් බලාපොරොත්තු වුණේ දේශපාලන වෙනසක්. මේ දේශපාලන වෙනස බංගලිදේශයේත් ඔවුන් බලාපොරොත්තු වුණා. ඔවුන් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගත්තා, නොබෙල් ත්‍යාගලාභී පුද්ගලයෙක් ඔවුන් අග්‍රාමාත්‍යවරයා විදිහට පත්කරගත්තා. නමුත් අපිට දැනගන්න තියෙන විදිහට බංගලිදේශ පාලනය යම් ආකාරයකින් ගැටලුකාරී බවට පත්වෙලා තියෙනවා මේ වෙනකොට. බලාපොරොත්තු වුණු වෙනස ඔවුන්ට කරගන්න බැරිවෙලා තියෙනවා.

ශ්‍රී ලංකාවේදී බලාපොරොත්තු වුණු වෙනස සිද්ධ වුණාද කියන්න අපි දන්නේ නැහැ. නමුත් බලාපොරොත්තු වුණු වෙනස සිද්ධ වුණා හෝ නොවුණා, ඊළඟ ඡන්දෙදී පාර්ලිමේන්තුවේ හිටපු 50 ගණනක් දෙනා ඡන්දෙට නෑවිදින් මගහරින තැනට පත් කරලා, ඡන්දෙන් උඩු යටිකුරු කරපු තීන්දුවක් දීලා, අද වෙද්දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලකයින්ට කොළඹ ගේ දොර පවා අහිමි වෙන තැනට දේශපාලන ප්‍රවාහය නිර්මාණය වෙලා තියෙනවා. මේක දේශපාලන සුළි සුළඟක් බවට පත් වෙලා, දේශපාලන කුණාටුවක් බවට පත්වෙන ලකුණු ලංකාවෙත් අද අපිට දකින්න ලැබුණට, මුලින් මුලින් දේශපාලන මැදිහත් වීම හරහා තක්කඩිකම් පාවිච්චි කරලා අරගලයේ යෙදුණු අයව මර්දනය කරන්නට විවිධ උපක්‍රම යෙදූ බවක් අපි දැක්කා. හැබැයි නේපාලයේ අපිට ඒක පේන්නේ නැහැ. නේපාලයේ විධිමත්ව මේ අවිධිමත්, අසංවිධිත ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධිත, ක්‍රමවත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කරන්නට උත්සාහ කරන බවක් අපිට පේන්නට තිබෙනවා.

1971 අරගලය අවස්ථාවෙත් මේ විදිහටම තරුණ තරුණියන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය පවා සකස් කළ යුතුයි කියලා, විධිමත් අධ්‍යාපනයක්, රැකියා මූලික අධ්‍යාපනයක් ශ්‍රී ලංකාවේ ඇති කළ යුතුයි කියලා සාකච්ඡා ඇති වුණු බවක් අපි අහලා තියෙනවා. ඒ වෙලාවේත් ලංකාවේ අගමැතිනිය විදිහට හිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක. මේ විදිහට කාන්තාවක් අගමැතිනිය විදිහට පත්වුණාම අම්මා කෙනෙක් දරුවෝ දිහා බලනවා වගේ මේ කාරණාවලදී බලනවාද කියලත් අපිට වෙලාවකට හිතෙනවා. කොහොම වුණත් අපි බලාගෙන ඉමු නේපාලයට හමන මේ සුළි සුළඟ කොයි අතින්, කොයි විදිහකින් කෙළවර වෙයිද කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වේලුපිල්ලෙයිගේ අන්තිම පැය කිහිපය! බීබීසීය කරපු අලුත්ම විග්‍රහය! Sri Lanka Latest News

Next Post

දේශපාලන බලපෑම් වැඩියි! ඇමැති මාව අයින් කරන්න ප්ලෑන් ගැහුවා! මම සභාපතිකමෙන් ඉල්ලා අස්වුණා! රට හදන්න ඔස්ටේ්‍රලියාවෙ ඉඳන් ලංකාවට ආව මහාචාර්යතුමාට වෙච්ච වින්නැහියක්! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.