• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීරගේ දකුණ – අනුරගේ වම ! කැලෙන් එළියට ආ කවුද මේ හැංගිලා හිටපු ජවිපෙ සේපාල? Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
විජේවීරගේ දකුණ – අනුරගේ වම ! කැලෙන් එළියට ආ කවුද මේ හැංගිලා හිටපු ජවිපෙ සේපාල? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ මධ්‍යම බස් නැවතුම නවීකරණය ආරම්භ වන මොහොතේ ජනාධිපති අනුර කුමාර සමග හිටපු සේපාල ලියනගේ පිළිබඳ ඇතැම්හු අද කතා කරති. ජවිපෙ නායක රෝහණ විජේවීරගේ රියැදුරකු වශයෙන්ද කටයුතු කළ ඔහු විජේවීර සමග වනගත වූ පිරිසටද අයත් විය. මේ, එම පුවත පසුබිමේ වූ සත්‍ය කතාවයි.Sri Lanka Latest News

රෝහණ විජේවීරගේ කළුපාට 404 වර්ගයේ මෝටර් රථය, ඩැට්සන් පිකප් රථය සහ පත්තර බෙදාහරින ලද වෑන් රථය පදවන ලද රියැදුරන් වූයේ ධර්මේ සහ ජයරත්නය. ඔවුන් නැති විටක අතිරේක රියැදුරු වූයේ සේපාල ලියනගේය.

1983 ජවිපෙ පක්ෂ තහනම සැලවීමත් සමගම 1983 ජූලි 29 පස්වරු 2.00කට විජේවීර සිය දරු දෙදෙනා සහ බිරිඳ සමගින් පක්ෂයට අයත් රතුපාට ඩැට්සන් කැබ් රථයෙන් තංගල්ල බලා පිටත්විය. තංගල්ලට ගිය එම කැබ් රථය පැදවූයේ බෙලිඅත්තේ සේපාල ලියනගේය. කොහිලවත්ත ජවිපෙ ශක්ති මුද්‍රණාලයේ සිටි සේපාල, මොරටුව විජේවීරගේ නිවසට ගියේ නන්දතිලක ගලප්පත්තිගේ උපදෙස් අනුවය. විජේවීරගේ දරු පවුල තංගල්ලේ නතර කිරීමෙන් පසු විජේවීර සහ කණ්ඩායම සමග රියැදුරු සේපාලද හම්බේගමුව කැලෑවේ මාසයක් පමණ ගත කළේය.

හම්බේගමුව කැලෑවේ විජේවීර සමග වනගතව සිටියදී සේපාල ලියනගේට ලොකු අකරතැබ්බයක් සිදුවිය. කරුණේ, තුවක්කුවට බෙහෙත් කොටමින් සිටියදී වැරදීමකින් තුවක්කුව පත්වී සේපාල බරපතළ ලෙස පිලිස්සීමට ලක්විය. දිගු කලක් පවුලෙන් ඈත්වීම නිසා සේපාල සිටියේ අතේ අමාරුවට වඩා සිතේ අමාරුවෙන් බව විජේවීර දැන සිටි බව එම අවස්ථාවේ එහි සිටි ගාමිණී මුතුකුමාරණ පවසා ඇත. ‘බැරිවුණොත් අපි සුමිත් ගෙන්නලා සේපාලව බාර දෙමු’ කියා විජේවීර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ගාමිණී පවසයි.
බෙලිඅත්තේ උපන් සේපාලගේ පියා වඩු කාර්මිකයෙකි. බෙලිගල්ල මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ සේපාල ජවිපෙට සම්බන්ධ වන්නේ පේරාදෙණිය සරසවියේ ආරියසේන හරහා 1969දීය. ලංගම රැකියාව අහිමි වීමෙන් පසු ජවිපෙ විමුක්ති ගී බස් රථයේ රියැදුරා වශයෙන් සේපාල පූර්ණකාලීනව වැඩ කළේය. ජවිපෙ සංස්කෘතික ප්‍රසංගයට සහභාගි වීම හේතුකොටගෙන මරණය නළලේ කොටාගෙන ජීවිතය ලැබූ කිහිපදෙනා අතර විමුක්ති ගී ප්‍රසංගයේ ශිල්පීන් රැගෙන ගිය බසයේ රියැදුරා වූ සේපාල ලියනගේද විය.
ක්‍ෂණික විහිදුම් බළකාය මගින් 1989 ජූලි 07 කොළොන්නාවේදී අත්අඩංගුවට ගත් සේපාල ලියනගේ මාස තුනක් කොළොන්නාව සහ මත්තේගොඩ කඳවුරුවල රඳවාගෙන සිට පසුව නිදහස් කරන ලදී. පසුව යළි ලංගම සේවයට එක්වූ ඔහු ජවිපෙ සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් වශයෙන්ද කටයුතු කළේය.

විජේවීරගේ පෞද්ගලික රියැදුරකු වශයෙන් කටයුතු කළ නිට්ටබුව කන්දහේනේ ගාර්ඩියර් පුංචිහේවාගේ ජයරත්න හෙවත් කිරිකනරත්න හෙවත් කළු 1989 ඔක්තෝබර් මස ජාඇල පොලිසිය මගින් කඳානේදී අත්අඩංගුවට ගෙන තිරස්චීන වධබන්ධනවලට ලක්කරන ලදී. අහංගම කතළුවේ 1951 උපන් ජයරත්න 1969 ජවිපෙ‍‍ට සම්බන්ධ විය. පසුව 1975 දී යුද හමුදාවට බැඳුණි. යුද හමුදාවෙන් 1978 ඉවත් වූ ජයරත්න පසුව ජවිපෙ‍‍ට පූර්ණකාලීනව එක් විය. හෙතෙම දෙදරු පියෙකි.

ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් 1983 ජූලි ගැසට් මගින් තහනම් කිරීම පිළිබඳ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කැබිනට් මණ්ඩලය හමුවේ දැනුම් දුන්නේ 1983 ජූලි 28 දා රාත්‍රියේදීය. පසුදින උදෑසන එවක මුදල් ඇමැතිව සිටි රොනී ද මැල් විසින් මේ පිළිබඳ ජවිපෙ රෝහණ විජේවීරට පණිවුඩය ලබාදුන්නේ පියදාස රණසිංහ හරහාය. ඒ අනුව පියදාස රණසිංහ විසින් ජවිපෙ ඉහළ පෙළේ නායකයන් වන විජේවීර, ගමනායක සහ සුමිත් අතුකෝරළට පණිවුඩකරුවන් මගින් වහාම දැනුම්දෙනු ලැබීය. එවකට ජවිපෙ නිල ලේකම් වූ ලයනල් බෝපගේ සමග මතභේදයක් තිබූ බැවින් බෝපගේට ඒ පිළිබඳ දැනුම්දීමක් නොකෙරිණි.

ජවිපෙ තහනම විජේවීරට සැලවූයේ 1983 ජූලි 29 දහවල්ය. අසල්වැසි නිවසක සිටි දිමුත් මල්ලී අත පණිවුඩයක් යවන රෝහණ ජවිපෙට අයත් කැබ් රථයෙන් චිත්‍රාංගනී සහ දරු දෙදෙනා සමගින් තංගල්ල බලා පිටවිය. නිවසේ කිසිවකු නොසිටි බැවින් සියල්ල වසා යතුරු දමන ලදී. සෝමවංශ අමරසිංහද ගමනට එක්වූ අතර කළුතරදී ඔහු බැස ගියේය. මොරටුවේදී චිත්‍රාංගනීගේ පුංචි අම්මාගේ නිවසටද ගිය විජේවීර නිවස බලා කියාගන්නා ලෙස ඉල්ලා සිටියේ පුංචි අම්මාගේ බෑණා වන ජවිපෙ සාමාජිකයකු වූ ටී.කේ. පීරිස්ගෙනි. ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් රජය මගින් 1983 ජුලි 30 වැනිදා තහනම් කළ බව රෝහණට ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණේ තංගල්ලේ සිටියදීය. චිත්‍රාංගනී සහ දරුවන් දෙදෙනා රෝහණගේ මව වන නැසිනෝනා වික්‍රම කළුතොටට භාරදුන් රෝහණ, ආනන්ද මල්ලීට සහ චිත්‍රානි නැගණියට ඔවුන්ව හොඳින් බලාගන්නා ලෙස කියමින් තංගල්ල නිවසින් පිටව ගියේය. රෝහණගේ ‍මාතර කෝට්ටේගොඩ මුල් නිවසේ පදිංචිව සිටියේ ඔහු‍ගේ තාත්තාගේ කනිටු සොහොයුරාය.

කළු ජූලිය 1983 ජුලි 24 ආරම්භ වීමෙන් පසු 1983 ජූලි දෙමළ සංහාරය පිළිබඳ එල්ලවූ විවේචනවලට ප්‍රතිඵලයක් වශයෙන් එය ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට හංවඩු ගසමින් 1983 ජූලි 30 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් රජය තහනම් කරන ලදී. මෙම හේතුව නිසා ජවිපෙ යළි රහසිගත දේශපාලනයට යොමුවන්නට සිදුවිය.

ජවිපෙ තහනමින් පසු හම්බේගමුව වනාන්තරේ විජේවීර සැඟවී සිටියදී 1983 ඔක්තෝබර් මසදී සුමිත් අතුකෝරළ ගනු ලැබූ මෙම ඡායාරූපයේ වමේ සිට සිටින්නේ සිරිපාල නෙත්තිකුමාර, පක්ෂයේ රියැදුරකු වූ සේපාල ලියනගේ (සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම්), විජේවීර, පියසේන රාමනායක, ඊෂ්වරගේ ආරියසේන, ධනපාල හෙවත් මුවා (වර්තමානයේ පොළොන්නරුවේ පදිංචිය.) සහ තංගල්ලේ මුනිදාස වේ. මින් තිදෙනකු පසුව ඝාතනයට ලක්විය.

මේ, කොළඹ මධ්‍යම බස් නැවතු⁣ම නවීකරණය ආරම්භ වන මොහොතේ ජනාධිපති අනුර කුමාරගෙ වම්පසින් සිටින්නේ සේපාල ලියනගේය.

විජේවීරගේ පෞද්ගලික රියැදුරකු වශයෙන් කටයුතු කළ නිට්ටබුව කන්දහේනේ ගාර්ඩියර් පුංචිහේවාගේ ජයරත්න

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

අධ්‍යක්ෂවරයායි අමාත්‍යංශ ලේකම්වරු 25කුයි එක්ක තිබ්බ සාකච්ඡා අසාර්ථකයි! වෘත්තීය සමිති නායකයන් සාකච්ඡාව අතරමැදදී විරෝධය පා නැගිට යයි! විදුලි වර්ජනය දැඩි වන ලකුණු! I Sri Lanka Latest News

Next Post

වේලුපිල්ලෙයිගේ අන්තිම පැය කිහිපය! බීබීසීය කරපු අලුත්ම විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.