• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසන්ත මෙච්චර සල්ලි හෙව්වේ කොහොමද? පවුලෙන් හම්බවුණාද? දේශපාලනයෙන් හම්බ කළාද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ! Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

තමන්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල් මිලියන 275ක දේපළ තමන්ට පවුල් උරුමයෙන් ලැබුණු ඒවා සහ තමන් ව්‍යාපාර කරමින් වැඩිදියුණු කළ ඒවා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.Sri Lanka Latest News

ප්‍රශ්නය
රුපියල් කෝටි 27.5ක වත්කම් ඔබට තියෙනවා, ඔබ කොහොමද මෙහෙම පොහොසත් වුණේ කියලා මෙන්න ප්‍රශ්න කරනවා සමාජ මාධ්‍ය තුළ ඇමැතිතුමා?

පිළිතුර
මම හිතන්නෙ ඔබ ප්‍රශ්නය අහන එක සාධාරණයි වගේම මෙහෙම ඒවා ඉතිහාසයේ වුණේ නැහැනෙ. ඒ නිසා අද අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරිය, කතානායකවරයා, ඇමැතිවරුන් ඇතුළු රටේ ප්‍රධාන වගකීම් දරන අයගේ වත්කම් – බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වෙබ්සයිට් එකේ ප්‍රසිද්ධියට පත්කරලා තියෙනවා. මම ඇමැතිවරයෙක් වීමත් සමග ලබාදෙන්න ඕනෙ අපේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශය, අපි ඒක තමයි දීලා තියෙන්නෙ. එතකොට මේ සමහර ෆේස්බුක් ඇතුළු අය අමන්දානන්දයට පත්වෙමින් මේ කියන කතාවට මගේ පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්න මට වගකීමකුත් තියෙනවා.

මේ වත්කම් හා වගකීම් ප්‍රකාශය දෙද්දී, මම තඹුත්තේගම අපේ ගම. තඹුත්තේගම කවුරුත් අපිව දන්නවා, අපේ පවුලත් දන්නවා. අපි තඹුත්තේගම සිට කොළඹ ඇවිත් කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා දේශපාලනය කරන ගමන් සමහරු හිතන් ඉන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලනය කරන අය මොකුත් කරන්නෙ නැතිව දේශපාලනය විතරයි කරන්නෙ කියලා. ඔය අපෙන් ප්‍රශ්නයක් අහනවානෙ පඩි ගන්නෙ නැතිව කොහොමද ඉන්නෙ කියලා. අපි දේශපාලනය කරන ගමන් අපෙ කළමනාකරණයකුත් තියෙනවා. ඒක ඇතුළෙ මට මගේ පවුලෙන් ලැබිච්ච දේපළ ප්‍රමාණයක් තියෙනවා, ඒ වගේම මම 1997 ඉඳන් ක්ලාස් කරන්න පටන් ගත්තා. එහෙම පටන් ගත්තාම මම කැලණිය විශ්වවිද්‍යාලයට එනවා, ඇවිල්ලා ටික දවසක් යනවා, ඒත් මම ක්ලාස් කරමින් යනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ පටන් ගත්තට පස්සෙ මට ක්ලාස් කරන්න බැරිවෙනවා. මම ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒකට අපේ තඹුත්තේගම ටවුමෙ තියෙනවා ඉඩමක්. මේ ඉඩමෙ අපි පොල්කොට ගහලා, මගේ විශ්වවිද්‍යාලෙ යාළුවො ආවා මුලින්ම, පටන් ගන්නකොට අපි පොල් කොටන් උඩ බංකු ගහලා එහෙම තමයි ක්ලාස් එක පටන් ගත්තෙ. ඒ ඉතිහාසය දැන් අවුරුදු 28කට වැඩියි. එතැන් සිට පොල් අතු වහලෙ ගැහුවා, තහඩු වහලෙ ගැහුවා, මම කොන්ක්‍රීට්වලට මේක ගියා, දැනට ගත්තොත් තඹුත්තේගම තියෙන විශාලම බිල්ඩින්වලින් එකක්. දැන් මම ඒක කුලියට දීලා තියෙන්නෙ. විශාල පන්ති ප්‍රමාණයක් පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වෘත්තීය පුහුණු මේ ඔක්කොම. දැන් තඹුත්තේගම ටවුමෙ මේ හරියෙ පර්චස් එකක් ලක්ෂ 30කට විතර යන්නෙ. මේ ඉඩම අපේ පරම්පරාවෙන් අපිට හිමිවෙච්ච ඉඩමක්. මෙතැන පර්චස් 40ක විතර කෑල්ලක් තියෙනවා, කෑලි දෙකක් තියෙන්නෙ. අපිට අක්කර භාගයක් හම්බවෙච්ච එකක් දෙපැත්තෙන්ම දේශපාලන බලය පාවිච්චි කරලා විවිධ අය අල්ලා ගත්තා. අපි තඹුත්තේගම ටවුමෙ පරණ අය. අපි ටවුන් එකේ ප්‍රධාන පුරවැසියෝ කිව්වොත් හරි. ඔය ඉඩම් එහෙම විශාල ප්‍රමාණයක් තිබුණා, ඔව්වායෙ ඉස්සර එහෙම වටිනාකම් තිබුණෙ නෑ. මේ ඉඩම මම ඩිවලොප් කරන් ආවා. මේකෙන් එන ආදායමත් එක්ක මම මේකත් හදහදා යනවා.

තට්ටු තුනේ වාණිජ ගොඩනැගිල්ල කියන්නෙ ඔය ක්ලාස් එක. මේක මේ දැන් නෙවෙයි ඡන්දෙට කලිනුත් ගැහුවා ඕක දාලා. දැන් අහපු එක හොඳයි, මම ඇමැතිවරයා අවුරුදු පහකින් මගෙන් කවුරු හරි ඇහුවොත් මේවා හැදුවෙ කොහොමද කියලා? ඔන්න මම දැන්ම කියලා තියෙනවා. මොකද මේවායෙ වටිනාකම වැඩිවෙනවනෙ. මේ බිල්ඩින් එක තවත් අවසන් කරලා නෑ. මේකෙ වහලවල් තියෙනවා වර්ග අඩි 7500ක් විතර වැඩියි. සෝලා දෙකක් තියෙනවා. තවත් සෝලා එකක් තියෙනවා ඒක දැන් මාස පහකට වැඩියි ගහලා ඒක තවම කනෙක්ට් කරගන්න බැරිවුණා. ඒක හදපු කොම්පැනියට මම තවම ගෙවලත් නෑ. මේවා මේ අහම්බෙන් එක දවසෙන් ආපු ඒවා නෙවෙයි. ඔය අනිත් බිල්ඩින් එක තමයි අපෙ මහගෙදර ළඟ තියෙන බිල්ඩින් එක. තඹුත්තේගම ටවුම මැද ඒක තියෙන්නෙ. ඒකට ආර්.ඩී.බී. එකෙන් ලෝන් එකක් අරන් තමයි මම වැඩ පටන් ගත්තෙ. පස්සෙ ව්‍යාපාරිකයෙක් ඒක ගත්තා. පස්සෙ අපි තව ලෝන් එකක් අරගෙන තට්ටු හතරකට ඒක ගැහුවා. මේක මේ හුදකලාව ආපු ගමනක් නෙවෙයි. ටිකෙන් ටික ආවා. අද ඒ බිල්ඩින් එකේ ඒවායෙ වටිනාකම තමයි මිලියන 225ක්, ඔව්. අවුරුදු 4කට විතර කලින් ඔය තඹුත්තේගම ක්ලාස් තියෙන ඉඩම මගෙන් මිලියන 100කට ඉල්ලුවා, අපි ටවුන් එකේ පරණ ගම්කාරයො නිසාම ඒවාටත් වටිනාකම් තිබුණා. නමුත් මම දුන්නෙ නෑ, අපි ඉතින් මේ වැඩේ කරගෙන යනවා. ඒක මම කුලියට දීලා තියෙන්නෙ, කුලී ආදායම එන්නෙ ඒක තමයි.

ප්‍රශ්නය
ඔබ විශ්වාසයෙන් කියනවාද අමාත්‍ය ධුරයට ආවාට පස්සෙ මේ වගේ දේපළ ඉපයීමක්, ආදායම් ඉපයීමක් ඔබ කරලා නෑ කියලා?

පිළිතුර
ඔව්, ඉතාම පැහැදිලියි. මේවා සියල්ලම මම මගේ වත්කම් – බැරකම් ලේඛනයේ දාලා සීල් කරලා දීපුවා. මේවා මට ආපහු වෙනස් කරන්න බැහැනෙ. අපි ඇත්ත කියලා තියනවා සමාජයට. මම සාමාන්‍යයෙන් පොඩි කාලෙ ඉඳන් බිස්නස් කරපු කෙනෙක්. මම උසස් පෙළ පන්තියට එනකොටත් අපි සාමාන්‍යයෙන් කෝච්චිවල බිස්නස් කළා ඒ කාලෙ. මම මහපොළවෙ හිටන් ඉඳපු මිනිහෙක්. මම ගොවිතැන් නම් ගොවිතැනුත් කරනවා. දෑතෙ රස්සාව. අපිට කඩ තියෙනවා ටවුන් එකේ. මම ඒ කඩවල කුස්සියෙ ඉඳන් ෆ්‍රන්ට් එක දක්වා ඕනෙ රස්සාවක් දන්න කෙනෙක්. මේ ගමන ඇතුළෙ මම අහුවෙන හැම අවස්ථාවක්ම පාවිච්චි කළා. මම දැනුත් ගොවිතැන් කරනවා. මට දැන් ටිකක් අමාරුයි, මාස හය හතකට කලින් මම ගොවිතැන් ඔක්කොම නැවැත්තුවා. යන්න එන්න වෙලාවක් නැති නිසා. ඕවා විතරක් නෙවෙයි, කොටස් වෙළෙඳපොළ ඇතුළෙ මම ගනුදෙනු කරලා තියෙනවා. ක්‍රිප්ටො කරන්සි, කොවිඩ් කාලෙ ගෙදරනෙ හිටියෙ. ඒ කාලෙ අහුවෙච්ච එකක් ක්‍රිප්ටො. මගෙ පුතා ටිකක් ටෙක්නොලොජි දන්න කෙනෙක්, එයා තමයි ඔය ගිණුම හැදුවෙ. එයාගෙ තමයි දැනුත් ඕවා අයිතිය තියෙන්නෙ.

ඒ නිසා මම විවිධ ක්ෂේත්‍ර අතපත ගාපු මිනිහෙක්. මගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන මම ආපු ගමන ඇතුළෙ තවත් ඉස්සරහට යන්න පුළුවන් නම් මම ඒ ගමන යනවා. හැබැයි මම රටට කියන්න ඕනෙ කිසිදු මහජන මුදලක්, ජනතාවට අයිති එක සතයක් අරගෙන මේ වැඩේ කරලා නෑ මම. මගේ හෘද සාක්ෂිය අනුව මට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්. මගෙ වත්කම් බැරකම් ප්‍රකාශය මම දීලා තියෙනවා. ඔතන තියෙනවා ගෙයක්, ඒ මගේ බිරිඳගේ ගෙදර. රත්තරන් බඩුවල වටිනාකම දීලා තියෙනවා. මම විවාහ වෙන්නෙ 2006. බත්තරමුල්ලෙ ප්‍රයිවට් බැංකුවකම හත්අට වතාවක් ඔය රත්තරන් බඩු තියලා තියෙනවා මගෙ විවිධ වැඩවලට. මේකෙ හංගන්න දෙයක් නෑ. ඕවා 2006 ඉඳන් ගත්තු ඒවා, වටිනාකම හැදෙන්නෙ දැන් අදටනෙ. බිරිඳගේ තැල්ලේ ඉඳන් අපි දෙන්නාගෙ මඟුල් මුදු දෙක, චේන් එක, මේ ඔක්කොම තියෙනවා. මම පවුමක් 2006 දී ගත්තෙ රුපියල් 6500ට. දැන් පවුම රුපියල් ලක්ෂ තුනක්. වටිනාකම ඒවායෙ වැඩිවෙනවා. ඒවා දැන් අද ගණන් හදපුවාම ඉතින් ගණන් තමයි. ඔය ඉඩමෙ වටිනාකමත් ඉදිරියේදී වැඩිවෙයි. ඒවා මගෙන් පස්සෙ මගෙ දරුවාට. කියන්න පුළුවන් නිසානෙ මම මේවා කියලා තියෙන්නෙ, හංගලා නෑ.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව පැවැසුවේ පසුගිය 15 වැනිදා රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

කෙසේ වෙතත් වසන්ත සමරසිංහ මහතාට සිය පාක්ෂිකයන් මුදලින් සහ වෙනත් පාරිභෝගික ද්‍රව්‍යාදියෙන් උපකාර කරන ආකාරය, මීට වසර කිහිපයකට පෙර ඔහු විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටියදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අයුරුයි මේ.

‘මම මෙතන ඉඳන් රත්පුරේ වැඩකට යනවා නම් රත්නපුරේ අය තමයි මගේ තෙල් ටික ගහන එක, එනකොට කෙසෙල් කැනක් කපලා දානවා වාහනේට, එහෙම නැත්නම් එළවළු ටිකක් දෙන්න පුළුවන් නම් දෙනවා, හාල් තියෙනවා නම් හාල් ටිකක් දෙනවා. එහෙම දෙනවා. අනුරාධපුරේ ගියපුවාම හාල් ටිකක්, පොල් ටිකක්, කුරුණෑගල පුත්තලම පැත්තට ගියාම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බවෙනවා. එතකොට ඒවා ද්‍රව්‍යමය දේවල්. ඊට අමතරව වාහනේට තෙල් ගහන්න ඒගොල්ලෝ තමයි බලන්නේ.’

2025 වසර සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලබාදුන් වත්කම් බැරකම් ප්‍රකාශය පහත පරිදිය. මෙය වසන්ත සමරසිංහ මහතා විසින්ම ලබාදුන්, ඔහුට අයත් දේපළ සහ වත්කම්වල නිල වාර්තාවයි.

ප්‍රසිද්ධ කළ පවුලේ සාමාජිකයන් ගණන දෙදෙනායි. (ඔහු සහ බිරිඳ)

වත්කම් :
▲ වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම රුපියල් මිලියන 150
▲ තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම රුපියල් මිලියන 75
▲️ පදිංචි නිවස – වටිනාකම රුපියල් මිලියන 10
▲️ කිලෝවොට් 30ක සෝලා පවර් යුනිට් දෙකයි – වටිනාකම රුපියල් මිලියන 6.5 (3.25 × 2)
▲ රත්තරන් පවුම් 17.5 – වටිනාකම රුපියල් මිලියන 4.5
▲ ටොයෝටා ප්‍රියස් මෝටර් රථය – වටිනාකම රුපියල් මිලියන 15
▲️ ස්ථාවර තැන්පතුව – රුපියල් ලක්ෂ 2
▲️ ඉතුරුම් තැන්පතුව i – රුපියල් ලක්ෂ 11
▲ ඉතුරුම් තැන්පතුව ii – රුපියල් ලක්ෂ 6.5
▲ එල්.ඕ.එල්.සී. සමාගමේ කොටස් 21,000 – වටිනාකම රුපියල් මිලියන 12
▲️ ක්‍රිප්ටො – ඇ.ඩො. 3000 (රුපියල් මිලියන 1)

ආදායම් :
▲ කුලී ආදායම i – රුපියල් මිලියන 5.1
▲️ කුලී ආදායම ii – රුපියල් මිලියන 7
▲️ සමාගම් ආදායම – රුපියල් මිලියන 3
▲️ සෝලා පවර් ආදායම – රුපියල් ලක්ෂ 2
▲️ සම්පූර්ණ වත්කම් (නිල) – රුපියල් මිලියන 275 (රු. කෝටි 27.5)


වසන්තගේ වත්කම්…

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය මාධ්‍යයට නිකුත් වීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් සමාජ මධ්‍ය තුළ නිර්මාණය වී ඇති පසුබිමක නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද ජන හමුවකදී ඒ පිළිබඳ මෙලෙස අදහස් දක්වා සිටියා.

‘ඉතින් මෙහෙමයි. වසන්ත සහෝදරයා කියන්නේ, වසන්ත සහෝදරයාගේ අම්මලා තාත්තලා, එයාලා තඹුත්තේගම නගරයේ තමයි එයාලගේ ගෙවල් තියෙන්නේ. මුළු පවුලටම, ඒ කාලේ පවුලේ දරුවෝ ඉන්නවනේ දහය පහළොව, ඒ ජාතියේ පවුලක් වසන්ත සහෝදරයාගේ. ලොකු පවුලක්. ඉතින් ඒ පවුලට කඩ තියෙනවා. එයාටත් කඩ තියෙනවා. ඒවා පරම්පරා. ඉතින් ඒවයේ වත්කම් මෙන්න මෙච්චරයි කියලා කිව්වා. ඒක වරදක් නෙමෙයි.’

Ada Derana Sinhala

SendShareShare
Previous Post

“මේක අපායක්….” – මෛත්‍රීපාල සිරිසේන! Sri Lanka Latest News

Next Post

සජබ මන්ත්‍රීවරු දුසිම් ගාණක් කඩලා අරන් ලොකු ෂෝ එකක් දාලා රනිල්-වජිර ගහන්න ගිය ගේම කුජීත වෙයි! එජාප සම්මේලනයට ගියේ සජබෙන් නම් කරපු තුන්දෙනා විතරයි! ආරාධනා කළත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ 3ක නායකයන් ඇවිල්ලත් නෑ! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.