• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතුවෙ වෙනසක් වෙයි කියලා! දේශපාලන අතපෙවීම් වැඩියි! මාව ‘බයිපාස්’ කරලා වැඩ කළා! සහයෝගයක් දුන්නෙ නෑ! ඇමැතිතුමා මාව අයින් කරන්න ප්ලෑන් ගැහුවා!රටට වැඩක් කරන්න තනතුරු-සල්ලිවලට පයින් ගහලා ඔස්ට්‍රේලියාවෙ ඉඳන් ලංකාවට ඇවිත් ජාතික විද්‍යා පදනමේ සභාපතිකම භාරගත් විශිෂ්ට බුද්ධිමතා මහාචාර්ය සමන් සේනවීර ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

September 19, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
හිතුවෙ වෙනසක් වෙයි කියලා! දේශපාලන අතපෙවීම් වැඩියි! මාව ‘බයිපාස්’ කරලා වැඩ කළා! සහයෝගයක් දුන්නෙ නෑ! ඇමැතිතුමා මාව අයින් කරන්න ප්ලෑන් ගැහුවා!රටට වැඩක් කරන්න තනතුරු-සල්ලිවලට පයින් ගහලා ඔස්ට්‍රේලියාවෙ ඉඳන් ලංකාවට ඇවිත් ජාතික විද්‍යා පදනමේ සභාපතිකම භාරගත් විශිෂ්ට බුද්ධිමතා මහාචාර්ය සමන් සේනවීර ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය යටතේ විවිධ තනතුරුවලට පත් කරන ලද කිහිප දෙනෙකු ම ඉල්ලා අස්වීමේ සිද්ධි රැසක් පසුගිය කාලය පුරා වාර්තා විය.Sri Lanka Latest News

ඒ අතරට, අලුතින් ම එක්වූ නිලධාරියා වී ඇත්තේ, ජාතික විද්‍යා පදනමේ සභාපති, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු තනතුරු රැසක් දැරූ මහාචාර්ය සමන් සේනවීර යි.

ඔහු මේ සතිය මුලදී ඉල්ලා අස්වූ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා තහවුරු කළේ ය.

මහාචාර්ය සමන් සේනවීර බීබීසීයට කියපු කතාව

රජයේ තනතුරුවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මහාචාර්ය සමන් සේනවීරගෙන් අදහස් විමසූ අතර, ඔහු ප්‍රකාශ කළේ, දේශපාලනික අතපෙවීම් හේතුවෙන් තමන් ඉල්ලා අස්වූ බව ය.

“ඔස්ට්‍රේලියාවෙ ඉඳලා විශ්වවිද්‍යාල කිහිපයක ම වැඩ කරලා ලංකාවට ආවෙ මොනවා හරි රටට වැඩක් කරන්න කියලා. එහෙම මම වැඩ කරගෙන යනකොට මම දැක්කා ඒකට සහයෝගයකට වැඩිය, මගේ රාජකාරිමය වපසරිය ඇතුළෙ මගෙන් වෙන්න ඕන දේවල් මම දන්නෙ ම නැතුව මාව බයිපාස් කරල සිද්ධ වෙන්න ගත්තා. මට ලොකු සහයෝගයක් හම්බ වුණෙත් නෑ වැඩ කරගෙන යන්න.”

“ජාතික නැනෝ තාක්ෂණ ආයතනයත් භාර ගත්තේ ඒක ලොකු පරිහානියකට යන වෙලාවක. ඉතින් ඒකයි ඔක්කොම කරගෙන යනකොට සහයෝගය හම්බ වුණේ නෑ. මට ආරංචියක් ආවා ඇමතිතුමා මාව මේකෙන් අයින් කරන්න ප්ලෑන් එකක් ගහනවා කියලා. ඉතින් මං තීරණය කළා ඇයි මං මේකෙ රැඳිල ඉන්නෙ කියලා. මං තීරණය කළා මේකෙන් අයින් වෙන්න.”

ඉල්ලා අස්වීමට බලපෑ හේතුව ඔහු පැහැදිලි කළේ, එලෙසිනි.

ඔස්ට්‍රේලියාවේ වාසය කළ ඔහු ජාතික විද්‍යා පදනමේ සභාපතිත්වය භාර ගැනීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, මීට වසර එක හමාරකට පෙර ය.

“අවුරුදු එක හමාරකට කලින් ලංකාවට ආවෙ. ඇවිත් රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩ කළා. ඒත් එක්ක ම තමයි, මට මේ තනතුර භාර ගන්න කියල කිව්වෙ. දන්නවනෙ ඉතින් ලංකාවට ආව ම හැරස්මන්ට් කියන එක තියෙනව නෙ. ඕවත් එක්ක මේක හරි තැනකට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් නැති වුණා. ඊට පස්සෙ තමයි මම අයින් වුණේ.”

‘අපට එන්න කිව්වට යන්තම්වත් සහයක් දෙන්නෙ නෑ’

“මම මොනවත් නැතුව ආව නෙවෙයි නෙ. මිනිස්සුන්ට මේ රටට එන්න කියනවා. ඒත් යන්තම්වත් සහයක් නෑ රට ඇතුළෙ, අඩු ම ගාණෙ මිනිස්සු හරියට ජොබ් එකට සෙට් වෙන්නෙ නැත්නම් ඒ මිනිස්සු එක්ක කතා කරල පිළිවෙළකට දැනුම් දෙන්න ක්‍රමවේදයක් නෑ. මට හිතුණෙ මේ මිනිස්සු තාමත් ප්‍රාථමික මට්ටමක ඉන්නෙ කියලා. වෙන තැන්වල මං දන්නෙ නෑ, විද්‍යාව හා තාක්ෂණය පැත්තෙ නම් ඒ වගේ තත්ත්වයක් නෑ. අපි මේව හදාගෙන යන්න හදනකොට ඒකටත් වළ කපනවා නම් කරන්න දෙයක් නෑ,” මහාචාර්යවරයා සඳහන් කළේ ය.

මහාචාර්ය සමන් සේනවීර පැවසුවේ, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් යම් සේවයක් කිරීමට අපේක්ෂා කරන බව ය.

“ආපහු ඉක්මනින් ඔස්ට්‍රේලියාවට යන්න හිතල නෑ. මට මෙහෙ තැන් කීපයක් ම කතා කරල තියෙනවා. ලංකාවේ ටික කාලයක් ඉන්නවා. ඔස්ට්‍රේලියාවෙත් වැඩ කරනවා. මම ඇත්තට ම ආසයි ලංකාවෙ ඉන්න. ඉතින් වෙන ලෙවල් එකකින් රට වෙනුවෙන් දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් කරන්න පුළුවන්.”

‘වෙනසක් සිදුවෙයි කියලා විශ්වාස කරල යි ආවේ’

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සහ සදර්න් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ මහාචාර්ය සමන් සේනවීර ශ්‍රී ලංකාවට පැමිණ රජයේ ආයතන කිහිපයක තනතුරු භාර ගැනීමට බලපෑ හේතුව පැහැදිලි කළේ, මෙලෙසිනි.

“මම ආපහු ආවෙ මේ ආණ්ඩුවෙ පොඩි වෙනසක් තියෙනව. ඒකට පොඩි සපෝර්ට් එකක් දෙන්න ඕන කියලා. ඒ අදහසින් තමයි, රුහුණු විශ්වවිද්‍යාලයට ආවෙ. මම උපාධිය ගත්තෙත් එතනින්. එතකොට මගේ අදහස තිබුණෙ රටේ වෙනසක් වෙන්න ඕන කියලා. ඒ වෙනස කරන්න නම් පිටරට ඉඳන් කෑගහල වැඩක් නෑ. රටට ඇවිත් වැඩ කරන්න ඕන කියල හිතුණා. ඒ නිසා තමයි ඔක්කොම දාලා ආවෙ. ඒ කාලෙ තමයි මට කතා කළේ, ජාතික විද්‍යා පදනමට.”

මහාචාර්ය සමන් සේනවීර යනු කවුද?

පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් සහ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු සිය ප්‍රථම උපාධිය ලබා ගත්තේ, රුහුණු විශ්වවිද්‍යාලයෙනි.

පසුව, ඔස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ශාක භෞතික විද්‍යාව ක්ෂේත්‍රයට අදාළව ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ ය.

එම විශ්වවිද්‍යාලයේ ශාක ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස ඔහු වසර 10ක කාලයක් සේවය කළේ ය.

පසුව, ජපානයේ තොහෝකු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ මහාචාර්යවරයා, ඇමෙරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ද සේවය කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඔහු යළිත් ඔස්ට්‍රේලියාවට ගොස් සදර්න් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සේවය කළේ ය.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ජාතික විද්‍යා පදනමේ සභාපති, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු තනතුරු රැසක් දැරූ අතර, තවත් ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේ ය.

ඔහු පැවසුවේ, තම සේවා කාලය තුළ වැදගත් ව්‍යාපෘති රැසක් ආරම්භ කළ බව ය.

“අපි ගොඩක් ව්‍යාපෘති කරන්න පටන් ගත්තා. ඒවා මොනව ද කියල හොයල බලන්න පුළුවන්. කවදාවත් කරල තිබුණෙ නැති වැඩක් අපි කළා. ලොකු වැඩපිළිවෙළක් කරගෙන යන අතරෙ තමයි මට එක පාරට ම එළියට යන්න වුණේ.”

“මම බලාපොරොත්තු වෙන්නෙ දේශපාලනික වශයෙන් ප්‍රහාරයක් එල්ල කරන්න නෙවෙයි. මට ඕන මේ තත්ත්වය වෙනස් කරන්න. ඒ ගැන පණිවුඩයක් දෙන්න ඕන නිසයි මම මේ තීන්දුව ගත්තෙ.”

මේ සම්බන්ධයෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගෙන් කරුණු විමසීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

කෙසේ වෙතත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නිත්‍ය ද සිල්වා ප්‍රකාශ කළේ, මහාචාර්ය සමන් සේනවීර පවසන අන්දමේ ගැටලුවක් නොපැවති බව ය.

BBC සංදේශය

SendShareShare
Previous Post

හම්බන්තොට ගල පෙන්වා කෝටි 2ක් ගැනීම! රෝහිතගෙන් වහාම ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

Next Post

හොර අලියකු ළඟ තියාගෙන හිටපු අලි රොෂාන් අවුරුදු 15ක් බරපතළ වැඩ ඇතිව හිරේ! ලක්ෂ 206ක දඩයක්! අලියත් රාජසන්තකයි! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.