• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

GS EVO Motors සමාගම සහ ජපානයේ ITOCHU සමාගම එක්ව JMEV EVEASY විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාට හඳුන්වා දෙයි! Sri Lanka Latest News

September 17, 2025
in Business
Reading Time: 3 mins read
A A
GS EVO Motors සමාගම සහ ජපානයේ ITOCHU සමාගම එක්ව JMEV EVEASY විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාට හඳුන්වා දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ කීර්තිමත්, මෝටර් රථ ගෙන්වා බෙදාහරින සමාගමක් වන ජී එස් එවෝ මෝටර්ස් (GS EVO Motors) සමාගම විසින් ජපානයේ කීර්තිමත් ඉතෝචු (ITOCHU) සමාගම සමඟ සහයෝගීතාවයෙන් ලොව කීර්තිමත් JMEV සන්නාමයට අයත් JMEV EVEASY විදුලි මෝටර් රථ මාදිලිය ලංකාවට හඳුන්වාදීම පසුගියදා කොළඹ වෝට්ර්ජ් එජ් හෝටලයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මෙරට මෝටර් රථ, බලශක්ති සහ තිරසාර සංවර්ධන යන ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් විශේෂ ආරාධිත අමුත්තන් රැසක් මෙන්ම එම සමාගම්වල කළමනාකාරීත්වය සහ නියෝජිතයින් රැසක් සහභාගී විය.Sri Lanka Latest News

JMEV EVEASY මාදිලියට අයත් මෝටර් රථ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම තිරසාරත්වය මූලික කරගත්, පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයන් ප්‍රවර්ධනය කිරීමේ ජාතික මෙහෙයුමෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ බව පැවසිය හැකිය. ඒ මෙම නව JMEV EVEASY මාදිලියට අයත් මෝටර් රථ එම මාදිලිය වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ නව පරිසර හිතකාමී තාක්ෂණයන්ගෙන් අනුන වන හෙයිනි. ඒ අනුව සෑම JMEV EVEASY රථයක්ම ශුන්‍ය කාබන් විමෝචනයක් ඉලක්ක කරගත් තාක්ෂණය ඇතුළු තවත් සුවිශේෂි අංගයන් සහ JMEV මෝටර් රථවලටම අනන්‍ය වන දැකුම්කළු නිමාව සමඟින් නිර්මාණය කෙරී ඇත.

වරක් ආරෝපණය කර කිලෝමීටර් 500 ක් දක්වා ධාවනය කළ හැකි JMEV EVEASY මෝටර් රථ, වසර 8 ක් හෝ කිලෝමීටර් 150,000 ක දුරක් සඳහා වලංගු වන බැටරි වගකීම් සහතිකයක් සහ වසර 6 ක් හෝ කිලෝමීටර් 150,000 ක සාමාන්‍ය වගකීම් සහතිකයක් හිමි වීම විශේෂත්වයකි. එමෙන්ම ආරෝපණය කිරීම සඳහා ක්‍රම ගණනාවක් ඇති අතර සාමාන්‍ය ආකාරයට පොදු ආරෝපණ මධ්‍යස්ථාන වලින් (DC) ධාරාවෙන් වේගවත් ආරෝපණයක් සිදු කරගැනීමට මෙන්ම බිත්තියට සවි කළ ආරෝපකයක් හෝ සාමාන්‍ය ප්ලග් එකක් යොදා ගෙන නිවසේ සිටම (AC) ධාරාවෙන් ආරෝපණය කිරීමටද JMEV EVEASY හිමිකරුවන් හට හැකියාව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් GS Group සමාගමේ සභාපති සුනිල් වෙත්තසිංහ මහතා මෙසේ පැවසීය, “මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගමක් වශයෙන් අපි විශ්වාස කරන සත්‍යයක් වන්නේ දියුණුව කරා යන ගමන වැදගත් අරමුණු පෙරදැරිව යා යුතු බවයි. ඒ නිසා JMEV EVEASY විදුලි මෝටර් රථ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම යනු මෙරට වෙළඳපොලට තවත් මෝටර් රථ හඳුන්වාදීමකින් ඔබ්බට ගිය, අපේ රටේ අනාගත තිරසාර දැක්මට ගැළපෙන සහ අපේ රටටම ගැළපෙන ඉංජිනේරු තාක්ෂණයෙන් සපිරි තිරසාර විසඳුමක් හඳුන්වාදීමක් වශයෙන් අපි සළකනවා. JMEV EVEASY සහ අප අතර සහයෝගීතාවය තිරසාරාත්මක උසස් ගුණාත්මකබවින් යුත් ප්‍රවාහන මාධ්‍යයක් ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් නිර්මාණය කිරීම වෙනුවෙන් වැදගත් පියවරක්. JMEV EVEASY අද්වීතීය තාක්ෂණය සහ GS Group සමාගමේ විශ්වාසනීය සේවය ශ්‍රී ලාංකික රියදුරන් හට ආත්ම විශ්වාසයෙන් යුතුව විදුලි මෝටර් රථ ප්‍රවාහනයේ අනාගතය කරා යොමු වීමට අවස්ථාව උදා කරනු ඇති.”

JMEV EVEASY විදුලි වාහන මාදිලිය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ග තත්ත්වයන් සහ දේශගුණික තත්ත්වයන් වලට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කර ඇති අතර දේශීය තත්ත්වයන් යටතේ තත්ත්ව පරීක්ෂණයන්ට භාජනය කර සාර්ථකත්වය තහවුරු කර ඇත. එමෙන්ම මෙම මෝටර් රථ පහත කොටස් බිම නොවදින ආකාරයට නැවත සකස් කර, සන්පෙන්ෂන් පද්ධතිය උපරිම කාර්යක්ෂමතාවය දක්වා වර්ධනය කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ මාවත් තුළ උපරිම සුවපහසුව ලබාදෙන බවට තහවුරු කර ඇත.

JMEV EVEASY මෝටර් රථ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා GS EVO Motors සමාගම සහ ITOCHU සමාගම සමඟ ඇති වුණු මෙම සබඳතාවය ශ්‍රී ලංකාවේ හරිත අනාගතයක් ඉලක්ක කරගත් තිරසාර ගමනේ එක් විශේෂ සන්ධිස්ථානයක් වශයෙන් හැඳින්විය හැකිය. ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පරිසර හිතකාමීබවින් සහ තිරසාරත්වයෙන් දියණු ප්‍රවාහනයක් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩවම, ලොව නවීනතම තාක්ෂණයෙන් යුත්, සුවපහසුවෙන් උසස්ම මෝටර් රථ මෙරටට සැපයීමට GS EVO Motors සහ ITOCHU සමාගම් කැප වී සිටී.

SendShareShare
Previous Post

මාලිමා මන්ත්‍රීයි ස්වාධීන මන්ත්‍රීයි ටවුම මැද ප්‍රසිද්ධියේ ගහගනී! මේකද හදනවා කියපු විනය..? අලුත් දේශපාලන සංස්කෘතිය..? VIDEO I Sri Lanka Latest News

Next Post

කොච්චර මැරුණත් කිසි ගාණක් නෑ! නීතියට බයත් නෑ! ඒ මදිවට ප්‍රශ්න කරන මගීන්ගෙනුත් ගේම ඉල්ලනවා! ෆෝන් එක ඔබ ඔබා බස් එක එළවන මේ ඩ්‍රයිවර්ව අල්ලගන්න තාම පොලිසියට බැරිවුණාද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.