කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරකයන් සදහා වසාදැමුණු මාලදිවයින සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට එරට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඊයේ (15) දින සංචාරකයන් 107ක් සහ මාලදිවයින් ජාතිකයක් 27ක් රැගත් කටාර් එයාර්වේස් යානයක් මාලදිවයින් ‘වෙලානා’ ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් ටිව්ටර් පණිවුඩයක් තබමින් මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලි ප්‍රකාශ කර ඇත්තේ නැවැතත් හිරු මාලදිවයිනට පායා ඇති බවත්, සංචාරකයන් රැගත් පළමු ගුවන් යානය මාලදිවයිනට ගොඩබැස්වූ බවත්ය.
කොරෝනා වෛරසය මුල්කරගෙන ඉකුත් මාර්තු 27 දින සිට ජූලි 15 දක්වා කාලය මාලදිවයින සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබිණ.










