• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලාවැව අලින්ට දුන්නාට කැලෑ කොලමේ ආචාරය! Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
කලාවැව අලින්ට දුන්නාට කැලෑ කොලමේ ආචාරය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරිසරයට, සතා සිවුපාවාට, ගහට කොළට ආදරය කරන මිනිසුන්ගේ හිත් හරි ලස්සනයි, අව්‍යාජයි. එහෙම හදවත් ගොඩක් එකට එක්වෙලා පොදු අරමුණක් සාර්ථක කරගැනීමට දායකත්වය දීමම කියන්නෙ අලුත් ඇරඹුමක්, අලුත් කතාවක්. එවන් සුන්දර හදවත්වල එකතුවක් පසුගිය 05-06-07 යන දිනවල කලාවැව් පිටියේදී දකින්නට ලැබුණා. අද කැලෑ කොලම වෙන් වන්නේ එලෙස එකතු වුණු කතන්දර ගොන්නක් වෙනුවෙනුයි. එකට එකතු වුණොත් කළ නොහැකි දෙයක් නොමැති බවට හොඳම උදාහරණය තමයි ඒ කතා ටික.

ධාතුසේන රාජ්‍ය සමයේදී ඉදිවුණු කලාවැව කියන්නේ මේ රටේ වාරි කර්මාන්තයේ මුදුන් මල්කඩක් යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවෙයි. වාරි කර්මාන්තයට මෙන්ම අලි ඇතුන්ටද කලා වැවෙන් සැලසුණු සේවය මෙතෙකැයි කියා නිම කරන්න බෑ. එසේ වන අලි ඇතුන්ට තෝතැන්නක් වුණු කලාවැව කාලයාගේ ඇවෑමෙන් අකාර්යක්ෂම වාරි කළමනාකරණය හා නිසි කලට නඩත්තු නොවීම නිසා අකාලයේ මියැදෙන්නට පටන් ගත්තා. ඉන් වැඩිපුරම හානියට හා අගතියට පත්වුණේ කලාවැව රජදහන කරගත් මහේශාක්‍ය අලි ඇතුන්. අන්තිම ප්‍රතිඵලය වුණේ ඉන් බොහෝ දෙනෙකුට මිනිස් ක්‍රියාකාරකම් එක්ක ගැටී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීමයි. ඊට හොඳම උදාහරණය වනුයේ කලාවැවේ හිටපු සද්දන්තයන් වන භරත, රේවත, වලගම්බා, දීඝ 01, දීඝ 02 වැනි ඇතුන් අකාලයේ සමුගැනීමයි.Sri Lanka Latest News

මෙසේ කලාවැව අභාවයට යෑමට පටන් ගත්තේ දශක කීපයක සිටයි. ආක්‍රමණික ශාක වන ජපන්ජබර, අගඩ වැනි දෑ ඉතා ශීඝ්‍රයෙන් වැව් පිටිය ආක්‍රමණය කිරීම නිසා අලින්ට අවශ්‍ය තෘණ වැව් පිටියෙන් අතුරුදන් වුණා. ඉන්පසු අලින් කෑම සොයා ගම්වැදෙන්නට සිදුවීම අලි – මිනිස් ගැටුමට මූලික ආරම්භය බව සඳහන් කළ හැකියි. කලාවැව් පිටිය ආසන්නයේම සිටින ගොවි මහතෙකු වන කුමාර අයියා වසර ගණනාවක් තිස්සේ මේ ඛේදවාචකය ගැන අදාළ අංශ හා නිලධාරීන් දැනුවත් කළත් ඵලක් වුණේ නෑ. ඒත් කුමාර අයියා සිය උත්සාහය අතහැරියේද නැහැ. මේ ගැන ‘වයිල්ඩ් ටස්කර් ශ්‍රී ලංකා’ සංවිධානයට, අපේ කුෂාන් සමීර මල්ලීට හා චන්දික ලක්මාල් හරහා දැන්වීමෙන් පසුව අපි කළේ කලාවැවේ තෘණ භූමිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීමයි. ඊට ග්‍රීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, වනජීවී දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, පළාත් පාලන ආයතන හා ත්‍රිවිධ හමුදාව, ස්වේච්ඡා සංවිධාන, ගොවි සමිති, සමාජ මාධ්‍ය සංවිධාන හා පරිසරයට ආදරය කරන අනෙකුත් පුරවැසියන් ඒ වෙනුවෙන් අපට සහයෝගය දැක්වූවා.

මෙහිදී අප සඳහන් කළ යුතුව ඇත්තේ මීට සහභාගි වූ සියලු දෙනාම ස්වේච්ඡාවෙන් මෙකී කාර්යය සඳහා දායකත්වය දැක්වූ බවයි. විශේෂයෙන්ම කුඩා දරුවන් සමග දින දෙකක් අපගේ මෙම පාරිසරික මෙහෙයුමට දායකත්වය දැක්වූ කුටුම්භය ගැන සඳහන් කළ යුතුමය. එකී කුටුම්භයේ පියාගෙන් මා ඇසූ විට ඔහු කීවේ කුඩා කල සිටම තම දරුවන් පරිසරයට ආදරය කරන පිරිසක් කිරීම සඳහා ඔවුන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම වෙනුවෙන් දරුවන්ද රැගෙන මෙම කාර්යයට සම්බන්ධ වූ බවයි. අවුරුදු පහට අඩු කුඩා දරුවන්ද රැගෙන මෙකී කාර්යයට සම්බන්ධ වූ මවුපියන්ටද අපගේ කෘතඥතාව පළකර සිටිමු.

තවත් එක් විශේෂම කරුණක් වනුයේ දින තුනේම ශ්‍රමදානයට සහභාගි වූ ගාල්ලේ සිට යතුරු පැදියකින් තනිවම පැමිණි සහෝදරිය ගැනයි. ඇයට තිබූ කැපවීම හා උනන්දුව ඉතාමත්ම ඉහළින් අගය කළ යුතුමය. ගල්කිරියාගම වනජීවී කාර්යාලයෙන් ලැබුණු සහයෝගය ඉතාමත්ම කනගාටුදායකය. ඇමැතිවරයා පැමිණෙතැයි සිතූ දවසේ අවසන් දිනයේ රාජකාරී නිල ඇඳුමින් ඔවුන් සැරසී සිටීම විනා සිදුවූ වෙන දෙයක් නොමැත. කලාවැවේ අලින් පෙන්වා ජීවිකාවට යමක් හරිහම්බ කරගන්නා අය මෙකී කාර්යයට සක්‍රීය දායකත්වයක් ලබාදුන්නේ ඉතා අල්ප වශයෙනි. අලි වැට බලාගැනීමට මෑතකදී පත්කළ අනියම් සේවකයන්ද සහභාගි වූයේ නැත. මේ සියල්ල කළමනාකරණය කරගැනීම සිදුකළ යුතුව තිබුණේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් හරහාය. ඔවුන් සුපුරුදු පරිදි වෙන දේ බලාගෙන සිටියා පමණි.

අමාත්‍යතුමනි, අධ්‍යක්ෂ ජනරාල්තුමනි, මේවා ගැන සොයාබලන්න. කාර්යක්ෂම නිලධාරීන් මෙවැනි ව්‍යාපෘති සඳහා සහ මෙවැනි ආයතන සඳහා පත්කිරීමට වගබලා ගන්න.
කලාවැව් පිටියට යාබද ගම්මානවල ගොවි ජනතාව හා විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව දැක්වූ සහයෝගය ඉතා අගනේය. නමින් සඳහන් කළ නොහැකි වුවද, නම්වලින් අපි නොදන්නා බොහෝ පිරිසක් මෙම සද්කාර්යය සඳහා දායක විය. අලි ඇතුන්ගේ ඡායාරූප ගන්නා බොහෝ පිරිසකගේ සහභාගිත්වය අඩු වීම ඉතා කනගාටුදායක තත්ත්වයකි. අලියෙක් හෝ ඇතෙක් සිටිනවා යැයි ආරංචි ලද සැණින් කලාවැවට හෝ වෙනත් ප්‍රදේශයකට දහස් ගණනින් මිල මුදල් වැය කොට එන ඔවුන් මෙකී කාර්යය සඳහා උනන්දුවක් නොදැක්වීම ශෝචනීය තත්ත්වයකි. කුමන අපහසුතා තිබුණද සැලකිය යුතු වනජීවී ඡායාරූප ශිල්පීන් පිරිසක් සහභාගි වීම සතුටට කරුණක් විය. ඔවුනටද අපගේ උපහාරය මෙලෙස පිරිනමමු. පරිසරය රැකුණොත් අලි ඇතුන් රැකෙන බව වටහාගත් ලස්සන හිත් ඇති කාචකරුවන් දැක්වූ සහයෝගයට මල් මිටක් පුද කරමු.

අතිසාර්ථක ලෙස පුරා දින තුනක් කලාගම ප්‍රදේශයේ හා බලලුවැව පිටියේ ආක්‍රමණික ශාක ඉවත් කර අලින්ට සුදුසු තෘණ භූමියක් සකස් කර දීමට කාලය, ශ්‍රමය, ධනය කැපකළ සියලු දෙනාට ‘කැලෑ කොලමේ’ හෘදයාංගම ස්තුතිය හිමිවේ. ඉදිරියටත් මෙම වැඩපිළිවෙළ නොකඩවා ක්‍රියාත්මක වන බව ක්ලීන් ශ්‍රී ලංකා හා වයිල්ඩ් ටස්කර් ශ්‍රී ලංකා සංවිධානය අප හා පැවැසීය. ඉදිරියේදීත් එකී වැඩසටහන්වලට සහයෝගය ලබාදීමට ලස්සන හිත් ඇති සොඳුරු මිනිසුන් පෙළගැසෙන බව කැලෑ කොලමේ විශ්වාසයයි. අලි ඇතුන්ගෙන් පිරි කලාවැව් පිටියක නැවත හමුවෙමු.

කලාවැව අලින්ට දෙමු ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාරයාලය හා ක්ලීන්ශ්‍රීලන්කා ලේකම් කාර්‍යාලය සමග සම්බන්ධීකරණය කරනු ලැබුවේ මාද්‍යවේදී අසන්ක නිලගරත්න සහෘදයා විසිනි. ඔහුගේ කැපවීම නොවන්නට අපිට මේ ව්‍යාපෘතිය සාර්ථක කිරීමට නොහැකි වන්නටද තිබුණි.

එකී උත්සාහයට ස්තූතිය ..

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

රනිල් සජිත්ව පරද්දපු හැටි බයි තක්සලාව දැක්ක හැටි! Sri Lanka Latest News

Next Post

චීනය හරිනිට එන්න කිව්වේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.