එක් පසෙකින් සත්ව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යද්දී තවත් පසෙකින් බිත්තර මිල පහළ යෑම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් පවා ඇතිවිය හැකි බව ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ඩී. ආර්. අලහකෝන් පවසනවා. Sri Lanka Latest News
ආහාර ද්‍රව්‍ය මිල සහ බිත්තර මිල අතර සබඳතාවක් නිර්මාණය කිරීමට රජය අසමත් වුවහොත් බිත්තර ගොවීන් ඉදිරියේදී බිත්තර නිෂ්පාදනයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.
මේ වන විට බිත්තර ගොවීන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බවත් ගොවියාට, වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට සාධාරණයක් වන පරිදි බිත්තර මිල පවත්වාගෙන යෑමට නිසි නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.










