සෞඛ්‍ය උපදෙස් ගැසට් මගින් ප්‍රකාශය පත් කිරීම කඩිනම් කරන ලෙසත්, සෞඛ්‍ය උපදෙස් ගැසට් මගින් ප්‍රකාශ වන්නේ නැති වුණොත් ඡන්දය පැවැත්වීම අසීරු බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ සඳහන් කළේය.
“කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් තිබේ කියා අප විශ්වාස කරන්නේ නැහැ. අවදානම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අප කරගෙන යනවා. එම නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොමැති වේ කියා සිතන අතර අවදානම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් හා සමාජ දූරස්ථභාවය පිළිපැදීමෙන් එය වළක්වාගත හැකියි. සෑම ඡන්ද රැස්වීමක හා සිදුකරන සෑම කාර්යකදී ම සෞඛ්‍ය උපදෙස්වලින් කරුණුවලින් දෙකක් හෝ පිළිපඳිනවා නම් අපට පුළුවන් මේ අවදානම තුරන් කරන්න. අප ජනතාවගෙන් හා දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවදානම තුරන්කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරන්න කියා. අනික් අතට අප නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර නොපමාව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න. නැතුව බොරුවට මුව ආවරණ පළදින්න කියා , අත්සෝදන්න , මීටරය දුරින් ඉන්න කියා කිව්වට වැඩක්වන්නේ නැහැ. එය ගැසට් මගින් ප්‍රකාශ කරන්න අත්‍යවශ්‍යමයි. එසේ නොමැති වුවහොත් ජන්දය පැවැත්වීම අසීරුයි”










