• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලු රටම කතාවෙන මොකක් ද මේ කෙහෙල්බද්දර? Sri Lanka Latest News

September 7, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මුලු රටම කතාවෙන මොකක් ද මේ කෙහෙල්බද්දර? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය දවස්වල විවිධ කයි කතන්දර අස්සේ ඇහිච්ච නමක් තමයි කෙහෙල්බද්දර කියලා කියන්නේ. ඉතින් අපි හිතුවා විවිධ නම් ගම් එක්ක කියවෙච්ච කෙහෙල්බද්දරට ගිහිල්ලා බලන්න. ඇත්තටම කෙහෙල්බද්දර කියන්නේ මොන වගේ ගමක්ද? කොහේ තියෙන ගමක්ද? මේ වගේ දේවල් හිතන්න, හොයන්න වුණා.Sri Lanka Latest News

කෙහෙල්බද්දර කියලා කියන්නේ බොහොම අප්‍රකට ගමක්. ඇත්තටම කෙහෙල්බද්දර කියලා නම තියෙන ගම් වෙන තියෙනවා කියලත් අපි හිතන්නේ නෑ. සාමාන්‍යයෙන් එක නමකින් ගම් කීපයක් තිබුණත්, කෙහෙල්බද්දර කියන ගම, නැත්නම් කෙහෙල්බද්දර කියන නම තියෙන ගමක් වෙන තියෙනවාය කියලා අපිට හිතෙන්නෙවත් නැහැ. එහෙම නෑ කියන එක තමයි අපේ විශ්වාසය. ඉතින් කොහෙද මේ කෙහෙල්බද්දර තියෙන්නේ? කෙහෙල්බද්දර තියෙන්නේ ගම්පහ. ගම්පහට කිලෝමීටර් පහක් හයක් විතර දුරින් තමයි කෙහෙල්බද්දර පිහිටලා තියෙන්නේ. එහෙම නැත්නම් ගම්පහ ඉඳලා මීගමුවට යන පාර, 244 බස් මාර්ගයේ තමයි කෙහෙල්බද්දර තියෙන්නේ.

ගම්පහ ඉඳන් කෙළින්ම ඇවිල්ලා, උඩුගම්පළින් වමට හැරුණට පස්සේ, අපිට කෙහෙල්බද්දරට යන්න පුළුවන්. එහෙම නැත්නම් කොළඹ ඉඳන් එන කෙනෙකුට තවත් කීප විදිහක්ම තියෙනවා. එතැනින් තියෙන පහසු සහ ප්‍රධාන විදිහ තමයි, කොළඹ ඉඳලා ඇවිල්ලා ජාඇළින් වමට හැරිලා, මිනුවන්ගොඩ පාරේ, එහෙම නැත්නම් කුරුණෑගල පාරේ කෙළින්ම ඇවිල්ලා කොටුගොඩ පාලම ගාවින් දකුණු අත පැත්තට හැරුණම ඔබට පුළුවන් කෙහෙල්බද්දර පැත්තට යන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් මිනුවන්ගොඩ ඉඳලා ඇවිල්ලා විවිධ මාර්ග ඔස්සේ කෙහෙල්බද්දරට එන්න. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් මිනුවන්ගොඩ ඉඳන් ඇවිල්ලා කොටුගොඩ පාලම පෙනි පෙනී වමට හැරුණම එහෙම නැත්නම් කෙළින්ම ගියාම ඔබට කෙහෙල්බද්දරට යන්න පුළුවන්. එහෙම නැත්නම් මිනුවන්ගොඩින් උඩුගම්පළට ඇවිල්ලා, උඩුගම්පළින් දකුණු අත පැත්තට හැරිලත් යන්න පුළුවන්. කුරුණෑගල පැත්තෙන් එන කෙනෙකුටත් ඔය විදිහටම තමයි කෙහෙල්බද්දර කියන ගමට යන්න පුළුවන්කම තියෙන්නේ.

කෙහෙල්බද්දර කියලා කියන්නේ හරිම පුංචි ගමක් කියලා තමයි අපිට හිතෙන්නේ. කෙහෙල්බද්දරට අයිති වෙච්ච බස් නැවතුම් පොළක්වත් කෙහෙල්බද්දරදී අපි දැක්කේ නැහැ. කෙහෙල්බද්දර කියන නම තියෙන ඉස්කෝලයක්වත් කෙහෙල්බද්දර නෑ කියන එකයි අපිට හිතුණේ.

කෙහෙල්බද්දර වටේ තියෙන නැදගමුව, බටපොත, උඩුගම්පළ වගේ ප්‍රදේශවල පාසල් තියෙනවා. උඩුගම්පළ විශාල පාසලක් තියෙනවා, සෙනරත් පරණවිතාන මධ්‍ය මහා විද්‍යාලය කියන පැරණි පාසලක්, ජාතික පාසලක්. ප්‍රසන්න රණතුංග මහත්තයා බලයේ ඉන්න කාලේ තමන්ගේ සියලු බලය යොදවලා දියුණු කරපු පාසලක් තියෙනවා. නැදගමුවේ තියෙනවා පොඩි ඉස්කෝලයක්. ඊට අමතරව බටපොත කියන ගම වෙන පැත්තකින් තියෙනවා. මේ කොහොම වෙතත් මේ කෙහෙල්බද්දර කියන ගමේ නම කියැවෙන සින්දුවකුත් තියෙනවා. ඒ තමයි මේ ‘කෙහෙල්බද්දරින් බයිලා ඇහෙනවා’ කියලා කියනවා ‘රම්බරි කියපන් උඹේ නොම්බරේ’ කියන ගීතයේ. මේ ගීතය ගායනා කරන ගායකයාගේ ගමත් කෙහෙල්බද්දර. ඔහුගේ මුල් ගම. ඒ නිසා වෙන්න ඇති ඔහු මේ කෙහෙල්බද්දර ගැනත් කියන්නේ.

එතකොට කෙහෙල්බද්දර පාතාලයට සම්බන්ධව අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ කෙහෙල්බද්දර පද්මේ කියන නම. හැබැයි ඔහු ඒ නම පාවිච්චි කරලා, නැත්නම් ඒ නමින් ඔහුව හඳුන්වලා නෙමෙයි, අපේ මාධ්‍යවේදීන් සහ විවිධ පිරිස් විසින් තමයි මේ කෙහෙල්බද්දර කියන නම ඔහුට පටලවලා තියෙන්නේ. කෙහෙල්බද්දර පසුගිය කාලේ වෙඩිතැබීම්, මනුෂ්‍ය ඝාතන කීපයක්ම සිද්ධ වෙච්ච ප්‍රදේශයක්. ඒ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ යැයි සැක කෙරෙන්නේ සහ වෙනත් පාර්ශ්ව විසින් චෝදනා කරන්නේ ගණේමුල්ල සංජීව කියන පුද්ගලයාට. කෙහෙල්බද්දරදී විවිධ වශයෙන් පුද්ගලයෝ ඝාතනයට ලක් වුණා. කෙහෙල්බද්දර හෝ ඊට ආශ්‍රිතව විවිධ චරිත කීපයක නම් කියැවුණා. ඉන් එක්කෙනෙක් තමයි කළු ගාමිණී කියන නම. ඉන් පස්සේ පස් පොඩ්ඩා කියන නම. ඔහු ඇතුළු පිරිසක් ඝාතනය වෙනවා එක අවස්ථාවකදී. කළු ගාමිණී ඝාතනයට ලක් වෙනවා. මේ විදිහට කෙහෙල්බද්දර ප්‍රදේශය ආශ්‍රිතව කීපදෙනෙක්ම ඝාතනයට ලක්වුණා. සමහර අය ඍජුව පාතාලයට සම්බන්ධ යැයි චෝදනා ලබා තිබුණු අය. සමහර අය ඍජු හෝ වක්‍රව පාතාලයට සම්බන්ධ යැයි සැක කරන්න පුළුවන් අය. ඇතැම් අය පාතාලයට කිසිසේත්ම සම්බන්ධයක් තියෙන වගක්වත් ඔවුන් මියගියාට පස්සෙවත් හොයාගන්න බැරි වෙච්ච අය. ඒ අයව ඝාතනය කළේ එක්කෝ වැරදීමක් නිසා, නැත්නම් පළිගැනීමක් නිසා විය හැකියි. නමුත් ඒ විදිහට ඝාතන කීපයක් මේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
එතකොට කෙහෙල්බද්දර මේ මනුෂ්‍ය ඝාතනවලට ප්‍රධාන වශයෙන්ම බලපාන දේ විදිහට සලකන්නේ පස්. මේ පස් ව්‍යාපාරයක් කෙහෙල්බද්දර ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ බොරළු. බොරළු කපලා විකුණන එකට විවිධ අය තමන්ට ඒ බලය තියෙන්නේ තමන් සතුව කියලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒකට දේශපාලනික වශයෙන් සිද්ධ වෙච්ච අතපෙවීමක්, එහෙම නැත්නම් මැදිහත් වීමක් නිසා මේක මේ විදිහට සිද්ධ වුණාය කියලත් ඇතැම් අය කියනවා. දැන් මේ දේශපාලන අතපෙවීමේ කාරණාව ගැන අපිට විවිධ නම් ගැන, විවිධ තැන්වලදී අහන්න ලැබෙනවා. විවිධ චෝදනා වැඩියෙන්ම එල්ල වෙන්නේ රණතුංග පවුලට. රණතුංග පවුල තමයි මේ දේශපාලන චණ්ඩි විදිහට පිරිස් ඇති කරලා, ඒගොල්ලෝ තමයි මේ විදිහට පසුව විවිධ වෙස් ගෙන එළියේ තමන්ගේ චරිත නිරූපණය කරන්නේ කියලා මේ ප්‍රදේශයේ ඉන්න අය චෝදනා කරනවා.

කොහොම වෙතත් මේ ප්‍රදේශය, ප්‍රදේශයක් විදිහට කිසිසේත්ම දියුණු වෙලා නැති වීමත් හරි පුදුමාකාරයි. ඒකට හේතු වෙන්න ඇත්තේ නම් වටපිට ප්‍රදේශ දියුණු වෙද්දී, මේ පුංචි ප්‍රාදේශීය වටපිටාවක් දියුණු විය යුතුයි කියලා කිසි කෙනෙක් හිතන්නේ නැතුව ඇති වීම. නැත්නම් ඔබට සමහර විට හිතෙයි මේ කෙහෙල්බද්දර කියලා ඒ ලොකු ගමක්, ලොකු බස් නැවතුමක් තියෙන, ලොකු දේවල් ගොඩක් තියෙන තැනක් කියලා. නෑ, එහෙම මොකක්වත් නෑ. කෙහෙල්බද්දර පන්සලක් නම් තියෙනවා. හැබැයි ඊට වඩා වෙන තැනක් ගැන අපිට සඳහනක් වෙන්නේ නැහැ. කෙහෙල්බද්දර තියෙන පන්සල පමණයි කෙහෙල්බද්දර කියන නම සහිතව හඳුනාගන්න පුළුවන් ආයතනයක් විදිහට තියෙන්නේ. කිසි තැනක කෙහෙල්බද්දර කියන නමත් එක්ක නෑ. නමුත් කෙහෙල්බද්දර කියන නම අද වෙද්දී රටේ ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක් කෙහෙල්බද්දර කියන නම දන්නවා. කෙහෙල්බද්දර කියන නම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. නමුත් කෙහෙල්බද්දරට තවමත් එහෙම විශේෂ මැදිහත් වීමක්, පොලිසියක්, පොලිස් පෝස්ට් එකක්, ඒ කිසි දෙයක් කෙහෙල්බද්දර ඇතුළේ අපිට දකින්න ලැබුණේ නැහැ ඇවිදිද්දී.

කෙහෙල්බද්දරට අනන්‍ය වෙච්ච රැකියා හෝ වෘත්තීන් ගැන හඳුනාගන්න බැහැ. මේ පස් ව්‍යාපාරය අද වෙද්දී දකින්න ලැබෙන්නේ නැහැ. කෙහෙල්බද්දර පද්මේගේ පවුලේ අයට තිබිලා තියෙනවා හොඳ සරුසාර ලී ව්‍යාපාරයක්. ඔවුන් ලී මඩු කරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් ඒවත් දැන් විනාශ වෙලා ගිහිල්ලා, ඒවායේ දැන් නටබුන් තමයි ඉතිරි වෙලා තියෙන්නේ.

කෙහෙල්බද්දරදී එතරම් දකින්න නොලැබුණත්, කෙහෙල්බද්දර, බටපොත, විශේෂයෙන්ම නැදගමුව කියන ප්‍රදේශය ආශ්‍රිතව කජු කර්මාන්තය නම් හරි සරුවට සිද්ධ වෙනවා. කජු සුවඳ මේ පාරවල්වල ඇවිදිද්දී දැනෙනවා. කජු ගැන කතා කරද්දී අපි නිතර අහන්නේ බටලීය ගැන වුණාට, බටලීයට වඩා නැදගමුවේ කජු තියෙනවද කියලත් වෙලාවකට අපිට හිතෙනවා. හැබැයි මම කියන්නේ නැදගමුව ගැන. නැදගමුව කියන්නේ ටිකක් ලොකු පැත්තක්. සමහර විට කෙහෙල්බද්දරට වඩා නැදගමුව ලොකුයි, නැදගමුව ප්‍රසිද්ධයි. නැදගමුවේ භික්ෂුන් වහන්සේලාගේ නම් පවා අපිට අහන්න ලැබෙනවා. නැදගමුවේ පාසලකුත් තියෙනවා. නමුත් මේ ප්‍රදේශයෙන් නම් එහෙම මොකක්වත් අපිට දකින්න ලැබුණේ නැහැ. අපි ගියා ආවාය කියලා.

මේ නමත් එක්ක සම්බන්ධ වෙච්ච අපරාධ තමයි අපිට අන්තර්ජාලයක වුණත් මේ කෙහෙල්බද්දර කියන එක ගැන හෙව්වම දකින්න, අහන්න ලැබෙන්නේ. හැබැයි අද වෙද්දී කෙහෙල්බද්දර මිනිස්සු කවුරුත් එහෙම අපරාධවලට ඍජු හෝ වක්‍ර සම්බන්ධයක් තියෙන බවක් නම් අහන්න දකින්නවත් ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් කෙනකුට හිතෙන්න පුළුවන් මේ කෙහෙල්බද්දර කියන ප්‍රදේශයට ගියාට පස්සේ බොහොම භීතිය රජවෙන, භීෂණය පැතිරුණු ප්‍රදේශයක් කියලා. එහෙම කිසි දෙයක් නැහැ. සාමකාමී මිනිස්සු, එදිනෙදා තමන්ගේ රාජකාරි කරගෙන සතුටින් ජීවත් වෙන මිනිස්සු තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ. ඔවුන් අපරාධවලට සහාය දක්වන්නෙවත් නැහැ. ඒ ගැන ඔවුන් කතා කරන්නෙවත් නැහැ. ඔවුන් අර්ධ නාගරික ප්‍රදේශයක ඉන්න සාමාන්‍ය මධ්‍යමපාන්තික මිනිසුන්ගේ ලක්ෂණ පෙන්නුම් කරන බව තමයි අපිට දකින්න ලැබුණේ.
මේක යම් ඉතිහාසයක් සහිත ගමක් ද කියලත් අපිට හොයන්න හිතුණා. නමුත් ඒ ගැනත් ඇත්තටම අපිට එහෙම නිරවුල් සඳහනක් කොහෙදිවත් ලැබුණේ නැහැ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මාධ්‍යට වාරණය දාගෙන නුවරඑළියේ මහනගර සභාව ප්‍රදේශවාසීන්ටයි දෙස් විදෙස් සංචාරකයන්ට‌යි දවස් දෙකක් මඩවතුර පෙව්ව අපූරු කතාන්දරය ආණ්ඩුවේ ලොක්කන්ටවත් පේන්නේ නැද්ද? PHOTOS I Sri Lanka Latest News

Next Post

ඇල්ලේ අනතුරින් මියගියවුන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂනායක සජිත් තංගල්ලට ගිහින්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.