ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
දීර්ඝ සති අන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියට සංචාරකයන් බහුලව පැමිණි මෙම සති අන්ත නිවාඩුවේ (06) දිනය පුරාවට නුවරඑළිය නගර සීමාවේ උදෑසන සිට පානිය ජල සැපයුමේ තද දුඹුරු පැහැයෙන් මඩ වතුර ජල නළ ඔස්සේ පාරිභෝගික ජල සැපයුම්වලට ලැබීමෙන් නුවරඑළිය ප්‍රජාව ව්‍යාපාරිකයන් හෝටල් කර්මාන්තයේ නියලි පුද්ගලයන් සහ සංචාරකයක් දැඩි අපහසුතාවයට පත්විය ,Sri Lanka Latest News
(06) දින උදෑසන සිට මෙම තත්වය පැවැති අතර (07) වන දින උදෑසන වනවිටත් පානය කිරීමට සුදුසු තත්ත්වයේ ජලය නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති ,
මෙම තත්ත්වය පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ ජල කර්මාන්ත කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රී මහේස් රත්නසේකර මහතාගෙන් අප කළ විමසමකට ඔහු කියා (06) දිනයේ ප්‍රධාන ජල නලයක සිදුවූ දෝෂයක් පිළිසකර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති අතර හැකි විගසින් මෙම තත්ත්වය යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවයි .

















