• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර දූතයෝ අරන් ගිය සුර දූතියෝ! බර වාහන මේ විදියට පාරේ යන්න පුළුවන්ද? Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මාර දූතයෝ අරන් ගිය සුර දූතියෝ! බර වාහන මේ විදියට පාරේ යන්න පුළුවන්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අහිංසක පාසල් දරුවන් නොසිතූ විදියට හදිසි අනතුරු නිසා ජීවිතය හැරයන පුවත් මේ කාලයේ වැඩිපුර අහන්න ලැබෙනවා. මේ සිදුවීම්වලට වැරදිකරුවන් කවුරු වුණත් ගොඩාක් වෙලාවට ඒ විදියට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවන්නේ අහිංසක දරු පැටවුන්ටයි.Sri Lanka Latest News

මවුපියන් තමන්ගේ දරුවන්ව වෑන් රථයකින් පාසල් යැව්වේ ‘අනේ පරිස්සමින් අපේ දරුවො ගිහින් එයි’ යන බලාපොරොත්තුවෙන්. ඔවුන් තමන්ගේ දරුවන්ව උදෑසනින්ම පාසල් වෑන් රථයට ඇරලෙව්වේ කොයිතරම් බලාපොරොත්තු හිතේ තියාගෙනද? දරුවෝ බස්වල පාසල් යනවාට වැඩිය වෑන් රථයකින් පාසල් ගියාම ආරක්ෂිතව ගෙදර එතැයි ඒ මවුපියන්ගේ හිතේ බලාපොරොත්තුවක් තියෙන්න ඇති.

ඒ බලාපොරොත්තුව සුන් කරමින් මේ කනගාටුදායක සිදුවීම පසුගිය 27 වැනිදා අපට අහන්න ලැබුණේ විලපොල මංසන්ධියේදියි. දුම්මලසුරිය සිට කුලියාපිටිය දක්වා ගමන් කරමින් තිබූ පාසල් දරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් එදින උදෑසන 7.15ට පමණ පල්ලේවෙල පාලම අසලදී ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා. මේ අනතුර නිසා මුළු රටම කම්පාවට පත්වුණා. කුලියාපිටිය දෙස සිට පැමිණි වැලි පැටවූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාසල් වෑන් රථයේ මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුව තිබුණේ.

මේ සිදුවීම සැලවීමත් සමග ප්‍රදේශවාසීන් සහ පොලිසිය වහාම එම ස්ථානයට ළඟා වුණේ තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල්ගත කිරීමේ අපේක්ෂාවෙන්. අනතුර සිදුවන විට පාසල් සිසුන් දෙදෙනකු සහ සිසුවියන් 12 දෙනකු වෑන් රථයේ ගමන් කරමින් සිට ඇති අතර, ඉන් සිසුවියන් දෙදෙනකු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබුණා. ඉතිරි දරුවන් 12 දෙනාගෙන් 08 දෙනකු කුලියාපිටිය ශික්ෂණ රෝහලටත්, 04 දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කිරීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ. අනතුර හේතුවෙන් වෑන් රථයේ රියැදුරුද එම ස්ථානයේදීම මියගොස් තිබුණා. අනතුරට පත් එම වෑන් රථය දකින ඕනෑම කෙනකුට සිතෙන්නේ මේ වෑන් රථයේ ගමන්ගත් දරුවන්ගේ ජීවිත ඉතිරිවෙලා තියේද යන්නයි. ඒ තරමටම වෑන් රථය සුනුවිසුනු වී තිබුණා.

මෙම අනතුර දුටු ත්‍රිරෝද රථ රියැදුරෙක් මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙවැන්නකි.
‘මම මේ අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ හිටියේ. මම මේ අනතුර දැක්කා. මම ඉක්මනට දුවලා ඉස්කෝලේ ළමයි ටික අරගෙන වාහනවලට පැටෙව්වා. ස්කූල් වෑන් එකේ රියැදුරු මහත්තයා මම බලන් ඉද්දිම බිමට ඇදගෙන වැටිලා එතැනම මියගියා ළමයිත් දෙන්නෙක් මැරුණා…’

අනතුරෙන් මියගොස් තිබුණේ කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 12 හැවිරිදි සහ 13 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකි. 13 හැවිරිදි සිසුවිය රිෂිනි නෙතුපමා කුලරත්න, කට්ටිමහර පන්සල අසල පදිංචිකාරියක් වූ අතර, ඇය පාසලේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත. අනෙක් සිසුවිය 12 හැවිරිදි වියේ පසුවූ අතර, ඇය පාසලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සෙනායා නිල්නෙතු වන අතර, ඇය පදිංචිව සිට තිබුණේ දුම්මලසූරිය කට්ටිමහර ප්‍රදේශයේයි. වෑන් රථ රියැදුරු වූයේ 67 හැවිරිදි නිලන්ත අතුකෝරල වන අතර, ඔහු දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට හේතු වූ ටිපර් රථ රියැදුරු 23 හැවිරිදි වර්ණකුලසූරිය සුලන්ත නිමේෂ් ප්‍රනාන්දු නමැති පුද්ගලයෙකු බවද පොලිසිය අනාවරණ කරගෙන ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේම පොලිසිය පැමිණ රියැදුරු රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූ අතර, පසුව ‘බී’ වාර්තාවක් මගින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ රියැදුරුගේ දැඩි නොසැලකිලිමත්කම නිසා අනතුර සිදුව ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ ටිපර් රථයේ අධික වේගය සහ රියැදුරාගේ නොසැලකිමත්කම මෙම ඛේදවාචකයට හේතු වී ඇති බවයි. සැකකාර රියැදුරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දක්නට ලැබී ඇති අතර, වැඩිදුර නිගමනයන් සඳහා ඔහුගේ ලේ සහ මුත්‍රා සාම්පල පරීක්ෂාවට ලක්කර තිබූ බවද පොලිසිය පවසා සිටියා. සැකකාර රියැදුරා පැය 24ක් නොනිදා අඛණ්ඩව සේවය කර ඇති බවද අනාවරණ වූ බවත්, අනතුරට ලක්වූ පාසල් වෑන් රථයේ රියැදුරු එම අනතුර වළක්වා ගන්නට දැඩි උත්සාහයක් දරා ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබුණා. තද තිරිංග සලකුණු හා වෑන් රථය පාලමේ වැටටම හේත්තු කර නවත්වා තිබීමෙන් වෑන් රථයේ රියැදුරු දරා තිබූ එම උත්සාහය පැහැදිලි වී තිබුණා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ උදේනි දිසානායක පවසා තිබුණේ මෙම අනතුර ඛේදවාචකයක් බවත්, ටිපර් රථය අධික වේගයෙන් ගමන් කර ඇති බවයි. මෙම කරුණු සැලකිල්ලට ගෙන කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විමර්ශන අවසන් වනතෙක් ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවීමට නියෝග කරනු ලැබුවා. අධිකරණය හමුවේ පොලිසිය ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා නොදෙන ලෙසයි. ඒ අනුව ටිපර් රථ රියැදුරු සැප්තැම්බර් 08 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවා.

අනතුරෙන් මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු පසුගිය 29 වැනිදා දුම්මලසූරිය කට්ටිමහර පොදු සුසාන භූමියේදී සිදුකරනු ලැබුවේ දහස් ගණනක් දෙනාගේ සෝසුම් මැදයි. සිසුවියන් දෙදෙනා අවසන් ගමන් ගියේ තම පාසලේ සහෝදර සිසුවියන්ගේ කර මතිනි.

මියගිය මිහිරි නෙතායා නිල්නෙතු දියණියගේ මව වන සොනාලි දිසානායක මහත්මිය හඬාවැටුණේ මෙලෙස පවසමිනි.
‘උදෙන්ම බත් කවලා කෑම එක බෑග් එකට දානකොට මාව ඉඹගෙන දුවලා ගිහින් වෑන් එකට නැග්ගේ ආය එන්නෙ නැති වෙන්නද මගේ සුදු මැණිකේ… දන්නව නම් ඔයාව ඉස්කෝලේ යවන්නේ නෑ රත්තරනේ… මේ සතියේ තියෙන කට්ටිමහර මංගල්‍යයෙන් මොනවද ඕනේ කියලා ඇහුවාම ලොකු බෝනික්කෙක් ඕනේ කියලා ඉල්ලුවා…’
වයඹ පළාත් භාර ප්‍රධාන ලේකම් ඩබ්.එම්.සී. වන්නිනායක සහ කුලියාපිටිය අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක, කුලියාපිටිය රෝහලට පැමිණ අනතුරෙන් තුවාල ලැබූ සිසුන්ගේ සුවදුක් විමසන්නට වුණා. අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි එහිදී මාධ්‍යයට පවසා සිටියේ මෙවැන්නකි.

‘මේ අනතුරට ලක්වෙලා තියෙන්නේ කුලියාපිටිය සෙන්ට්‍රල් එකේ සිසුන් තුන්දෙනෙකුත් සාරානාත් එකේ එක් සිසුවෙකුත්, විශාකා එකේ හතර දෙනෙකුත්, බෝයිස් ස්කූල් එකේ එක්කෙනෙකුත්, සුරදූත බාලිකාවේ හයදෙනකුත්. එයින් දෙදෙනෙක් මේ වෙනකොට මියගිහින් තියෙනවා. සමහර දරුවන්ගේ තත්ත්වය බරපතළයි. දරුවන් පාසල් යන වේලාවේදි බර වාහන ධාවනය නතර කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. මොකද මේ නැතිවෙන්නේ අපේ රටේ අනාගතේ. ඒ නිසා තමයි අපි මේ කැපවීම් සියල්ලම කරන්නේ. මේ දරුවන් කොතැන හිටියත් අපේ දරුවන් රටේ දරුවන්…’

අනතුරින් මියගිය රියැදුරු අවුරුදු ගණනාවක් පාසල් දරු දැරියන් ආරක්ෂිතව ප්‍රවාහනය කළ ආදරණීය පියෙකු බවයි මවුපියන් පවසා සිටියේ. ඔහු වසර 40කට අධික කාලයක් මුළුල්ලේ පාසල් ළමුන් සමග කාලය ගතකළ අයෙකු බවත්, තමන්ටත් වඩා ඔහු තම දරුවන් ආදරයෙන් රැකබලාගත් බවත් මවුපියන් පවසා සිටියා. සිය දරුවන් විදේශගත වූ පසු මේ පාසල් දරුවන් සතියේ දින පහේම පාසල් වෙත ප්‍රවාහනය කිරීම ඔහු සිදුකර තිබුණේ ඉතා ආශාවකිනි. වෑන් රථයේ ගමන් කළ දරුවන් ඔහුට ආදරයට අමතා තිබුණේ ‘රාජු මාමා’ යන නමිනුයි.

මිනිස්සු අනේක දුක් විඳලා වැලි ඇදලා ජීවත් වෙන එක ඇත්ත. ඒ වුණාට මේ ටිපර් රථ රියැදුරාට අනෙක් ජීවිතවල වටිනාකම නොදැනුණේ ඇයි? බොහෝ මිනිස්සු වාහන පදවද්දී ඉතා ආත්මාර්ථකාමීව කටයුතු කරනවා. අනෙකා ගැන හිතන්නේ නැහැ. මෙවැනිම අනතුරක් පසුගියදා බොරැල්ල කනත්ත මංසන්ධියේදිත් සිදුවුණා. ඒ අනතුරින් ජීවිත කිහිපයක්ම අහිමි වුණා.

මොනයම් හෝ වාහනයක් පදවන්නට සූදානම් වනවිට, ඔබ නිදිවර්ජිතව හෝ වෙහෙස මහන්සි වී සිටිනවා නම් වාහනය පැදවීම ගැන කිහිප වරක් සිතා බලන්න. ඒක තමන්ට විතරක් නෙවෙයි අනෙකාගේ ජීවිතයටත් කරන ලොකු යහපතක්. නොසැලකිලිමත්කම නිසා සිදුවන මෙවැනි අනතුරු හේතුවෙන් අහිංසක ජීවිත කීයක් නම් දිනකට රටට අහිමි වෙනවද? ඒ ගැන හිතා බලන්න. ආත්මාර්ථකාමීව හිතන එක නවත්තලා අනෙකාගේ ජීවිත අනතුරේ දාන්න කටයුතු කරන්න එපා කියලායි හැම රියැදුරෙකුගෙන්ම ඉල්ලන්නේ. රාජු මාමාත් සුරදූත බාලිකාවේ දියණියන් දෙදෙනාත් මතු උපදින භවයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවායි ‘මව්රට’ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රනිල්ගේ ෂෝ එක පෙන්නලා ආණ්ඩුව ගහපු ගේම් දන්නෙ නෑ නේද?මෙන්න පෙරටුගාමීන් හෙළිකරනවා !

Next Post

පද්මෙලා අල්ලන් ඇවිත් ජනාධිපති සම්මාන ගත්ත පොලිසියේ ඕලුගල – නිශාන්ත පළමු වරට කතා කරයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.