• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පද්මෙලා අල්ලන් ඇවිත් ජනාධිපති සම්මාන ගත්ත පොලිසියේ ඕලුගල – නිශාන්ත පළමු වරට කතා කරයි! Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පද්මෙලා අල්ලන් ඇවිත් ජනාධිපති සම්මාන ගත්ත පොලිසියේ ඕලුගල – නිශාන්ත පළමු වරට කතා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුණු ගණයේ අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ඇතුළු තවත් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් පසුගියදා මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමග ඒ පිළිබඳ මෙරට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ අනුව එම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ සහ පාතාලය මැඬලීමට විශේෂ දායකත්වයක් ලබාදෙමින් සිටින සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා සහ සහකාර පොලිස් අධිකාරි ජානක කුමාර යන මහත්වරුන් සමග මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. පහත පළවන්නේ ක්‍ය්පමාසඑය් ක්‍මඑි යූටියුබ් නාලිකාවෙන් උපුටාගත් එම සාකච්ඡාවයි.Sri Lanka Latest News

ප්‍රශ්නය
ඩී.අයි.ජී. මහත්තයා, අපි කතාව පටන් ගමු. මේ වැඩේ කරන්න පුළුවන්ද බැරිද?

නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
අපිට පාතාලය නැති කරන්න පුළුවන්.
ප්‍රශ්නය
පුළුවන් වෙන්න එපැයි. උදේ උදේ දෙන්නෙක් මරනවා, හවස දෙන්නෙක් මරනවා, රෑට තව එක්කෙනෙක් මරනවා?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

චමුදිත මහත්තයා, මේ කල්ලි අතර තියෙන ගැටුමක්. ඉතින් ඒකට අපිට සැලැස්මක් තියෙනවා, අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඒ කටයුතු සිද්ධ කරනවා. අපි ඒක කරලා පෙන්නලත් තියෙනවා.
ප්‍රශ්නය
ඕලුගල මහත්තයා, දැන් පස්දේවා සහ වලස් කටා අත්අඩංගුවට ගත් බව සඳහන් වෙනවා කොහේ යනකොටද?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ගුවන්තොටුපොළේදී. තායිලන්තයට යන්න යනකොට.
ප්‍රශ්නය
දැන් ඒගොල්ලන්ගෙන් ලබාගත්ත තොරතුරුවලට අනුව, දැන් ඒගොල්ලෝ කෙහෙල්බද්දර පද්මේගේ ළඟම සමීපතමයන් කියලනේ කියන්නේ? ඉතින් මේකෙ අලුත්ම තත්ත්වය මොකක්ද?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ඇත්තටම ඔය තොරතුර පොලිස්පතිතුමාට ලබාදීලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන තමයි අපිට භාරදෙන්නේ. එතකොට අපි මේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම පස්දේවා තමයි අත්අඩංගුවට අරගෙන එන්නේ. අරගෙන ඇවිල්ලා විමර්ශනය කරනවා. ඒ විමර්ශනය කරන අවස්ථාවේ අපිට ගොඩක් තොරතුරු ලැබෙනවා. ඒ පුද්ගලයාගේ තොරතුරුත් එක්ක තමයි අපි වලස් කටා කියන පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ.
ප්‍රශ්නය
යූ.එල්. 406 තායිලන්ඩ් තමයි යන්නේ. ඒ කියන්නේ තායිලන්තයේ තමයි කෙහෙල්බද්දර පද්මේ ඉන්නේ?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

සමහර විට වෙන්න පුළුවන්.
ප්‍රශ්නය
එයා කියලා තියෙනවාලු මම නිතර පද්මේ හම්බවෙනවා. මම ඩුබායි යනවා, මම සිංගප්පූරු යනවා, මම ඕමාන් යනවා කියලා?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

දැන් මේ පුද්ගලයා එකොළොස් වතාවක් ලංකාවට ඇවිල්ලා රට ගිහිල්ලා තියෙනවා. ඔබ කියපු රටවල්වලට ගිහිල්ලා තියෙනවා. ඒ කීප අවස්ථාවකම, ට්‍රාන්සිට් එකක ඇරෙන්න, පද්මෙත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. එතකොට මේ හැම අවස්ථාවකම, මොකක් හෝ සිදුවීමක් වෙලා තියෙනවා රට තුළ.
ප්‍රශ්නය
ඒ කියන්නේ ගිහින් ආවට පස්සේද?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ගියාට පස්සේ.
ප්‍රශ්නය
ඒ කියන්නේ සෙට්-අප් කරලද ගිහිල්ලා තියෙන්නේ?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

සෙට් අප් කරලා. අපි විමර්ශනය කරනවා. මොහුගේ ගොඩක් දේවල් අපිට දැන් අනාවරණ වෙනවා. ඒවා අපිට මෙතැන කියන්න බෑ විමර්ශනය කරගෙන යන නිසා. ඒ කියන්නේ අපරාධවලට සම්බන්ධ ගොඩක් දේවල් අපිට අනාවරණ කරගන්න පුළුවන් වුණා.
ප්‍රශ්නය
ඔහු ළඟ තිබිලා එක්සයිස් පොතක් හමුවූ බවත්, ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන ඝාතන ලැයිස්තුව පිළිබඳ ඒකේ සඳහන් කරලා තියෙනවා කියලා කියනවා?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ඔව්. තුන් දෙනෙක් ගැන සඳහන් කරලා තිබුණා.
ප්‍රශ්නය
කවුද ඒ තුන් දෙනා?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ඒ තුන්දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තුන්දෙනෙක්. කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් ඒ අතර ඉන්නවා.
ප්‍රශ්නය
ඒ කියන්නේ මරන්න ඊළඟට ඉන්න ලැයිස්තුව? ඒ කියන්නේ කෙහෙල්බද්දර පත්මේලාගේ විරුද්ධවාදීන්ගේ ලැයිස්තුවද?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ඔව්.
ප්‍රශ්නය
එතකොට මේ ටෙලිෆෝන් කන්වර්සේෂන් ඇතුළේ තිබුණා කියලා කියනවා එස්.ටී.එෆ්. එකත් එක්ක ගනුදෙනු කරපු දෙන්නෙක්ගේ නම්, දේශපාලකයන්ගේ නම් සහ පොලිසියේ නම්. එස්.එම්.එස්. සහ ටෙලිෆෝන් සංවාද ඇතුළේ තිබුණා කියලා කියනවා නේද?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ඔව් විමර්ශනය කරගෙන යනවා. එහෙම අයගේ නම් තිබුණා.
ප්‍රශ්නය
දැන් ඒ ඉන්වෙස්ටිගේෂනුත් දැනට කෙරෙනවාද?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

දැනට කරගෙන යනවා. සමහර ඒවා මට ප්‍රකාශ කරන්න බෑ මාධ්‍යයට. නමුත් අපි විමර්ශනය කරගෙන යනවා.
ප්‍රශ්නය
චීෆ් ඉන්ස්පෙක්ටර් ලින්ටන්ට කුණුහරුප සහිත දුරකතන ඇමතුම ගැන පද්මේ මාධ්‍යයකට කියලා තියෙනවා මම කතා කළේ නෑ, මම එතැන ඉන්නැද්දී මගේ එක්කෙනෙක් තමයි කතා කළේ කියලා?

සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල
ඒක කෝල් කන්ෆරන්ස් එකක්. තුන්දෙනෙක් සම්බන්ධ වෙලා තිබුණේ.
ප්‍රශ්නය
කවුද ඒ තුන්දෙනා?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

අපි විශ්වාස කරනවා එක්කෙනෙක් අමින්ද රොෂාන් වීරසේකර නොහොත් ‘දරුන්’ කියන පුද්ගලයා බව. එතකොට ඔහු බන්ධනාගාරයෙන් පැනලා ගිහිල්ලා දැනට ඉන්නේ. ඔහුත් වෙන රටක ඉන්නේ. අනිත් එක්කෙනා පද්මේ, අනිත් එක්කෙනා සලින්ද කියලා අපි විශ්වාස කරනවා. අපි මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න රජයේ රස පරීක්ෂක වෙත යවලා තියෙනවා. අපි අධිකරණ නියෝග අරගෙන තියෙනවා.
ප්‍රශ්නය
ඇල්ටෝ ධර්මගෙන් මේ බැණුම් අහපු ඕ.අයි.සී.යි ලින්ටනුයි අතරේ, මොකක්ද ඒ පොලිසියේ පාලනයේ වෙච්ච වෙනස?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

සමස්තයක් පොලිසියේ, පොලිස් නිලධාරීන් බොහොම කොන්දක් තියෙන, ආත්මාභිමානයෙන් වැඩකරන අවංක නිලධාරීන්.
ප්‍රශ්නය
ගොඩක් අය කියන්නේ පාතාලයෙන් කෑවොත්, පාතාලයෙන් බිව්වොත් උගෙන් බැණුම් අහන්න වෙනවා කියලා?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

පාතාලයෙන් විතරක් නෙමෙයි, කාගෙන් කෑවත් බිව්වත් ඒකනේ ප්‍රතිචාරය.
ප්‍රශ්නය
වලස් කටාට සහ පස්දේවාට ආමි ජීප් එකකින් සිවිල් පිට සහ යුනිෆෝම් පිට ඇවිල්ලා ටී 56 දෙකක් දුන්නා කියන කතාව මොකක්ද?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

මට සමහර දේවල් මෙතැන ප්‍රකාශ කරන්න බෑ විමර්ශනය කරගෙන යන නිසා සහ විමර්ශනයට බාධාවක් වෙන නිසා. ඒ නිසා විමර්ශනයක් කරනවා. ඒකේ නිල ඇඳුමෙන් ආවා කියලා නෑ. නමුත් යුද හමුදා වාහනයක් ආවා කියලා ඔහු ප්‍රකාශ කරනවා.
ප්‍රශ්නය
පද්මේ – ඔස්මන්, සලින්ත – ගණේමුල්ල සංජීව, මේ තාත්තා මරපු එකේ පළිය ගන්නවා කියලා කියනවා. නමුත් ඇත්තටම ඒකද යන්නේ? ඩ්‍රග්ස්ද යන්නේ?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල
ඒ පුද්ගලයෝ ප්‍රකාශ කරනවා සමහර වෙලාවට ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා මම පටන් ගත්තේ මේක නිසා කියන එක. ඒක මම දන්නේ නෑ. නමුත් ඇත්තටම මේගොල්ලන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රචලිත කරගැනීම සඳහා, බලය රැකගැනීම සඳහා තමයි මේ දේවල් වෙන්නේ.
ප්‍රශ්නය
දැන් දැන් ඉන්න අයගෙන් බලපෑමක් නෑ කියලානේ කියන්නේ?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
නෑ. අඩුම ගානේ ට්‍රාන්සර් එකකටවත් බලපෑමක් නෑ. මම ඒක කියන්න ඕනේ.
ප්‍රශ්නය
හරි, ඒ කියන්නේ මීට කලින් බලපෑම් තිබිලා තියෙනවනේ?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

එහෙම වෙන්න පුළුවන්.
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල
පුද්ගලිකව වෙලා තියෙනවා.
ප්‍රශ්නය
මොනවද පුද්ගලිකව වෙලාතියෙනවා කියන්නේ?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

අපි ඇත්ත කතා කරන්න ඕනේ. නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා වගේ අබමල් රේණුවක බලපෑමක් ශ්‍රී ලංකා පොලිසියට මේ රජයෙන් නෑ.
ප්‍රශ්නය
ඉතින් ඇයි ඕගොල්ලන්ට කරන්න බැරි එහෙනම්?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

අපි කරනවා. අපේ පොලිස්පතිතුමාගේ තියෙනවා ප්ලෑන් එකක්. සිස්ටම් එකක් තියෙනවා. එතකොට අපි කරන කෙටිකාලීන ක්‍රියාමාර්ග ඕගොල්ලෝ මාධ්‍යයෙන් දකිනවා, රටම දකිනවා.
ප්‍රශ්නය
කොල්ලෝ කුරුට්ටෝ දෙන්නෙක් එනවා, වෙඩි තියනවා, විනාඩි 10කින් එස්.ටී.එෆ්. එකෙන් එනවා, ඒක රෑට ටීවී එකේ බලනවා, සී.සී.ටී.වී එකෙන් බලනවා….?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
මේ අපරාධ කල්ලියක් වැඩකරන විදිහට අපිට වැඩ කරන්න බෑ. ඔබතුමාම බලන්න, සහශ්‍රපුර වෙච්ච සිදුවීම පහුගිය දවස්වල, ඒගොල්ලන්ගේ ටාගට් එකට විතරක් නෙමෙයි, එතැන හිටපු අනිත් මිනිස්සුන්ටත් එක්කම තමයි වෙඩිතියලා තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකා පොලිසිය යන්නේ ටාගට් එක හොයාගෙන. නිසි ටාගට් එක ආපු වෙලාවට අපි නිසි ටාගට් එක ගන්නවා.
ප්‍රශ්නය
පාතාලයේ ලෝඩ් පකීර්ලා වගේ ඉන්න, ගෝඩ් ෆාදර්ලා වගේ ඉන්න සෙට් එක දැන් අයිඩෙන්ටිෆයි කරගත්තේ කවුද?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

ඔබතුමා කිව්වට පාතාලේ ගෝඩ් ෆාදර්ලා, පකීර්ලා කියලා, අපිට ඔය එක්කෙනෙක්වත් ගෝඩ් ෆාදර්ලවත්, පකීර්ලාවත් නෙමෙයි. අපි දන්නවා අපේ ඉස්සරහට ආවම කොහොමද දණගහගෙන ඉන්නේ කියන එක. ඔය කවුරුත් එහේ ඉඳලා දාන වැඩ අපේ අත්අඩංගුවට පත්වුණාම නෑ. ඒක පිළිගන්න.
ප්‍රශ්නය
අනේ අනේ සර් කියලා බැගෑපත් වෙනවද?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

ඔව්, ඊටත් එහා. අඬන අයත් ඉන්නවා. අපේ පෞද්ගලික අත්දැකීම්. කවුරුත් මරණයට බයයි, කවුරුත් නීතියට බයයි, කවුරුත් අධිකරණයට බයයි. ඒ අය අඬනවා බයවෙලා.
ප්‍රශ්නය
ඇයි මෙයගොල්ලන්ව ගන්න බැරි? පස්දේවා කියනවා නම් මම මෙච්චර ගිහිල්ලා හම්බවෙලා තියෙනවා කියලා…?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

ඔබතුමා තේරුම් ගන්න ඕනේ, ජාත්‍යන්තරව රටවල් අතර ටී්‍රටීස් අස්සන් කරලා තියෙනවා. ඒකට ජාත්‍යන්තර නීතීන් තියෙනවා. දැනට ඉතාමත් සාර්ථකව රතු වරෙන්තු, රතු නිවේදන නිකුත් කරලා, ඒ හරහා මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ කොහේ හරි අපි හිතමු මහනුවර ඉන්නවා නම් අපරාධකාරයා, අපිට ගිහිල්ලා බෙල්ලෙන් අල්ලන් එන්න පුළුවන්.
ප්‍රශ්නය
දැන් තායිලන්ඩ්, මැලේසියා බෝඩර් එකේදී අල්ලගන්න සී.අයි.ඩී. ටීම් එකක් ගියා, ගියාට බැරි වුණා, ෆේල් වුණා, මේගොල්ලෝ පැන්නා, සල්ලි දීලා පැන්නා, අහුවුණේ නෑ, විවිධ කතා කියැවෙන්න පටන් ගත්තා. ඇත්තටම ඇයි බැරි වුණේ?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

බලාගෙන, ඉවසගෙන ඉන්නකෝ, ඉදිරි කාලය තුළ අවශ්‍ය දේවල් සිද්ධ වෙයි. ඒ ක්‍රමවේදයන් බලපෑමකින් තොරව රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමෙන් ගරු ජනාධිපතිතුමා ඇතුළුව, විෂයභාර අමාත්‍යතුමාත් සිදුකරමින් ඒ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා.
ප්‍රශ්නය
පහුගිය දවස්වල ටී 56 සහ බෝම්බ 80ක් හොයා ගන්නවා?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ටී 56ක් හොයා ගන්නවා, කිරිබත්ගොඩ පොලීසියේ ක්‍රයිම් ඕ.අයි.සී.. හොයාගෙන විමර්ශනය කරගෙන යනකොට, වවුනියාවේ සෙට්ටිකුලම් ප්‍රදේශයේ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නවා, තව බෝම්බ 86ක් අත්අඩංගුවට ගන්නවා. මේ සියලු දේවල් කොළඹට එවන්න ලෑස්ති කරපුවා. මේකේ පිටිපස්සේ ඉන්නවා මට නම කියන්න බෑ, වවුනියාවේ දමිළ මන්ත්‍රීවරයෙක්.
ප්‍රශ්නය
දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවද එයා?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

එයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙමෙයි, පළාත් සභා මන්ත්‍රීවරයෙක්. පක්ෂයේ නම මට සඳහන් කරන්න බෑ විමර්ශන කරගෙන යන නිසා.
ප්‍රශ්නය
මාකඳුරේ මධුෂ් කොච්චර කල් හිටියද සී.අයි.ඩී. එකේ? සී.සී.ඩී එකට ගෙනල්ලා දවස් දෙකෙන් මැරුවා. කෝ ෆයිල් එක මාකඳුරේ මධුෂ්ගේ? ඉවරයිනේ…
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

ඒ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙනවා නේ.
ප්‍රශ්නය
එයා දේශපාලනඥයෝ ගැන කිව්වා, එයා වෙඩින්වලට සල්ලි දුන්න අය ගැන කිව්වා, ඔක්කොම ඉවරයිනේ…?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

නෑ එහෙම ඉවර වෙන එකක් නෑ. ඒ ෆයිල් එහෙමම තියෙනවා.
ප්‍රශ්නය
මාකඳුරේ මධුෂ්ගේ කොහෙද ඩී.අයි.ජී. මහත්තයා ඉන්වෙස්ටිගේෂන් එකක් යන්නේ? බොරු කතා කරන්න ඕනේ නෑ, අපි ඇත්ත කතා කරමු…?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

නෑ, ඒ විමර්ශනය යනවා. ඒක ඔබතුමා බලාගන්න. ඉදිරියේදී ඒවා සියල්ල හෙළිවෙයි. ඒ විමර්ශන පැවැත්වෙනවා.
ප්‍රශ්නය
හරක්කටා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවද? ඒ නිසානේ ආරක්ෂාව සපයන්න ඇත්තේ?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ඔව්. පස්දේවාට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විදිහට, වෙස් වළාගෙන ගිහිල්ලා කැමරා එකක් හොයලා දෙන්න කියලා. විමර්ශන කරන නිසා ගොඩක් දේවල් අනාවරණය කරගන්න බෑ.
ප්‍රශ්නය
ඒ කියන්නේ පස්දේවාට ඕඩර් එක එන්නේ පද්මෙගෙන්?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ඔව්. පැහැදිලිවම, පැහැදිලිවම.
ප්‍රශ්නය
මොන ආණ්ඩුව ආවත්, දේශපාලන ඇඟිලි ගැසීම් නැති වුණත්, මේ කොල්ලෝ කුරුට්ටෝ මරාගන්න එක නවත්තන්න බෑ…?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

නෑ, මේක අනිවාර්යයෙන් නතර කරන්න පුළුවන්. ඒ සඳහා පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ඉතාමත් සුබවාදී විදිහට සැලසුම්සහගතව යනවා.
ප්‍රශ්නය
සමහර අය ඇප ගත්ත ගමන් ලෝයර්ගේ වාහනේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ලෝයර්ගේ වාහනේ ගිහිල්ලා එතැනින් තමයි සමහර වෙලාවට පැනලා ගිහිල්ලා තියෙන්නේ මුහුදු මාර්ගවලින්?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

කාලයක් තිස්සේ මේ ඇති වෙච්ච, මේ පල් වෙච්ච මේක දැන් ශුද්ධ පවිත්‍ර වෙමින්නේ එන්නේ. ඉතින් ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේක නතර කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොලිසියට අනිවාර්යයෙන්ම තියෙනවා.
ප්‍රශ්නය
දැන් මෙතුමා කිව්වා අනේ මේ පකීර්ලා කිව්වට බන්ධනාගාරයට ආවම අඬනවා කියලා. දැන් ඒගොල්ලන්ගෙන් ආපු තොරතුරුවලට අනුව, ඔබට පේන පික්චර් එක මොකක්ද මොවුන් ගැන?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

ඔබ කියන මේ අපරාධ රැල්ල, අපරාධ කණ්ඩායම්, අපි පාතාල කියලා කියන්නේ නෑ, වැඩක් නෑනේ. කල්ලි නායකයන් බිහිවුණේ කොතැනින්ද? අපි ඇත්ත කතාකරනවා නම්, අපි රජයේ සේවකයෝ, ඔබතුමා මාධ්‍යවේදියෙක්. අතීතයේ යම් දේශපාලන, ඔක්කොම අය නෙමෙයි. දේශපාලන හරහා නෙමෙයිද මේ කට්ටිය බිහි වුණේ? ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජය පරාජයත් එක්ක ඒගොල්ලෝ ස්වාධීන වෙලා මුලින්ම කසිප්පු ජාවාරම, ඊළඟට මත් කුඩු, හෙරොයින්, ඔක්කොම ඇවිල්ලා ඒගොල්ලන්ගේ ස්වාධීනත්වයට වෙනම ගිය කණ්ඩායමක්. මම කියන්නේ හැම කෙනාම නෙමෙයි, සමහර දේශපාලනඥයෙකුගේ හරහා තමයි මේ පටන් අරගෙන තිබුණේ මේ කට්ටිය. එතකොට මේක කාලයක් තිස්සේ ආවා, වසර ගණනක් තිස්සේ ආවා. දැන් අපිට ඇත්තටම මේ රජයෙන් කිසිම බලපෑමක් නෑ. අද වෙනතුරුත් අහලවත් නෑ මේ පුද්ගලයාට මොකද කරන්නේ කියලා. අපිට ස්වාධීන හැකියාවක් තියෙනවා. පොලිස්පතිතුමාගේ නායකත්වය අපිට දෙනවා. එතකොට අපිට බයක් සැකක් නැහැ.
ප්‍රශ්නය
ඔය රැඳවුම් නියෝග මත තියාගෙන ඉන්න අපරාධකාරයෝ ගැන කිසිම දේශපාලකයෙක් කතා කරලා අහන්නේ නැද්ද?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

නෑ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ ඒ අයට ඒ විෂය අදාළත් නෑනේ. විෂය අදාළ නම් අපේ විෂයභාර අමාත්‍යතුමා විතරයි. එතුමාගෙන් කිසිම බලපෑමක් නෑ. ප්‍රෝග්‍රෙස් එක අපි වාර්තා කළ යුතුයි පොලිස්පතිතුමා හරහා. අපිට ඉතාමත් හොඳ ෆ්ලැට්ෆෝම් එකක් තුළ පරීක්ෂණ කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා මේ වෙනකොට.
ප්‍රශ්නය
ඒ කියන්නේ තමන්ට තමන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන් නිදහස් පරිසරයක් ඇවිල්ලා තියෙනවා? අත් දෙක ගැටගහලා, බැඳලා නෑ?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

නෑ. ඒක පැහැදිලිව අනාගතයේදී ඔබතුමාලාටත් දැනගන්න පුළුවන්. පිටිපස්සේ ඉන්නේ කවුද, කණ්ඩායම කවුද, මොකක්ද කියන එක.
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
යමෙක් වගකීමෙන් ප්‍රකාශ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ අනෙකුත් විමර්ශන කණ්ඩායම් දැන් ඒ ගැන විමර්ශනය කරගෙන යනවා. ඒක අනාවරණ වෙලා ඇති. මම කියන්නේ මේ දෙපාර්ශ්වය සම්බන්ධයෙන්.
ප්‍රශ්නය
අද පොලිසියට තියෙන ලොකුම ත්‍රෙට් එක, පාතාලයේ ඔය තුන්හතර දෙනාද? එහෙම නැත්නම් පොලිසියට තියෙන ලොකුම ත්‍රෙට් එක පොලිසියමද? ඔබතුමාලටත් තොරතුරු වාර්තා වෙලා ඇතිනේ?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

සෑම ආයතනයකම දූෂිත අය ඉන්න පුළුවන්. ඉඳලත් තියෙනවානේ.
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
අතේ ඇඟිලි පහ එක වගේ නෑනේ චමුදිත.
ප්‍රශ්නය
දැන් පොලිසියේ දූෂිතයෝ නෑ කියලද එතකොට කියන්නේ?

නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
පොලිසිය ඇතුළේ දූෂිතයෝ ඉන්න පුළුවන්, අපරාධකාරයෝ ඉන්න පුළුවන්, කවුද ඒගොල්ලන්ව අල්ලන්නේ? වෙනත් ආයතනයකින් ඇවිල්ලද? ස්කොට්ලන්ඩ් යාඩ්වලින් ඇවිල්ලද? නෑ. ශ්‍රී ලංකා පොලිසියේ අපිමයි. අපිම තමයි ඒවා අල්ලන්නේ.
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල
ඇත්තටම පහුගිය දවස්වල කරපු විමර්ශනවලදී, අපේ ඔපරේෂන්වලදී, අපේ පොලිස්පතිතුමාත් එක්ක ත්‍රිවිධ හමුදාපතිවරු තුන්දෙනාම එකතු වෙලා පුදුම සහයෝගයක් අපිට ලබාදීලා තියෙනවා. ඇත්තටම විරෝදාර රණවිරුවන්ව අපි සිහිකරන්න ඕනේ මේ අවස්ථාවේදී. මේකෙන් අතලොස්සක් තමයි මේවට සම්බන්ධ. හැම ආයතනයකම ඉන්නවානේ දූෂිතයෝ. එතකොට විශේෂයෙන්ම ආමි එකේ සක්‍රීය සේවයේ දැනට නැති අය තමයි ගොඩක්ම මේවට සම්බන්ධ වෙලා තිබුණේ.
ප්‍රශ්නය
හැබැයි සක්‍රීය සේවයේ ඉන්න අයත් ඉඳලා තියෙනවා?
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල

ඉඳලා තියෙනවා, කීප දෙනෙක්. ඉතින් අපි මේ සම්බන්ධයෙන් විමර්ශනය කරනවා.
ප්‍රශ්නය
සල්ලිද හේතුව?

සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල
පුද්ගලයෙක් අපි අත්අඩංගුවට ගත්තා, ආමි කමාන්ඩෝ එකේ ඉඳලා අයින් වෙච්ච කෙනෙක්, ඔහු ඩ්‍රග්ස්වලට ඇඩික්ට් වෙලා. එතකොට එයාව ප්‍රයෝජනයට අරගෙන තියෙනවා මුදල් ගෙවලා, ණය කරලා, ණයකාරයෙක් කරලා. එතකොට ඔහු හරහා සෙබළු කීප දෙනෙක් එකතුවෙලා තිබුණා, ආමි ඩෙසර්ටස්ලා. ඒ විමර්ශනවලදී ඇත්තටම යුද හමුදාපතිතුමා පුදුම සහයෝගයක් අපිට ලබාදුන්නා, ඒ නිලධාරීන්, සී.සී.එම්.පී එක. ඉතින් මේක වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා අපිට අවසන් කරන්න පුළුවන්.
ප්‍රශ්නය
අපිට වැදගත් ආණ්ඩුවේ අනාගතය නෙවෙයි, අපිට ඕනේ අපිට නිදහසේ රටේ යන්න පුළුවන්ද කියන කතාව විතරයි. ඒ සහතිකය දෙන්න පුළුවන්ද?
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයයි.
සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල
අනිවාර්යයෙන් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ඔබතුමාම බලාගන්න.
ප්‍රශ්නය
මම කාලය අහන්නේ නෑ, බංකුද, ඩෙස්ක්ද, ජෝක් වෙන්න ඕනේ නැති හින්දා…
නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

වැඩේ කරන්න පුළුවන්. නීතිය සාමය ආරක්ෂා කිරීමට පොලිසියට හැකියාවක් තියෙනවා, ශක්තියක් තියෙනවා. ඒ සඳහා කිසිදු බලපෑමකින් තොරව හොඳ ෆ්ලැට්ෆෝම් එකක් ඕපන් වෙලා තියෙනවා. ඉදිරියේ බලාගෙන ඉන්න චමුදිත මහත්මයා.


Chamuditha Cuts

SendShareShare
Previous Post

මාර දූතයෝ අරන් ගිය සුර දූතියෝ! බර වාහන මේ විදියට පාරේ යන්න පුළුවන්ද? Sri Lanka Latest News

Next Post

දරුවන්ට සලකන්න ඕනෙ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිට දීපු නියෝගය! Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.