• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුටුගැමුණු රජ්ජුරුවෝ හදපු රුවන්වැලි සෑ මළුවේ සිටින කවුද මේ භාතිය රජතුමා? Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දුටුගැමුණු රජ්ජුරුවෝ හදපු රුවන්වැලි සෑ මළුවේ සිටින කවුද මේ භාතිය රජතුමා? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන කෙනකුට සලපතළ මළුවේ තිබෙන බුදු මැඳුර පසුකොට ඉදිරියට යන විට රුවන්වැලි මහා සෑයට වන්දනා කරගෙන සිටින රජ කෙනකුගේ ප්‍රතිමාවක් හමුවේ. එනම් ඒ භාතිය රජතුමාගේ ප්‍රතිමාවයි.Sri Lanka Latest News

රුවන්වැලි මහා සෑයට ඉතාමත් ශ්‍රද්ධාවෙන් නොයෙකුත් පින්කම් සිදුකළ භාතිකාභය හෙවත් භාතිය රජතුමා හැම දවසක්ම උදෑසන ආහාර අනුභව කළේ රුවන්වැලි මහා සෑයට වන්දනා කිරීමෙන් පසුවයි. හවසටත් රුවන්වැලි මහා සෑයට වන්දනාමාන කිරීමෙන් පසුවයි ආහාර අනුභව කළේ. දවසක් රජතුමාට යෙදිලා තිබුණු රාජ්‍ය කටයුත්තක් නිසා හොඳටම හවස් වුණා. ඒ කටයුතු අවසන් කරලා රජතුමා කෙළින්ම මාලිගාවට ගිහින් ආහාර අනුභව කරන්න වාඩි වුණා. බත් පිඬ අතට ගන්නකොටම රජතුමාට මතක් වුණා අද මම රුවන්වැලි මහා සෑයට හවස්වරුවේ වන්දනා කළේ නැහැ නේද කියලා.

රජතුමා, ළඟ සිටිය රාජ පුරුෂයන්ගෙන් බත් පිඬක් අතේ තියාගෙන මෙහෙම ඇහැව්වා. ‘අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ කළේ නැහැ නේද’ කියල. එදා භාතිය රජතුමා තමන්ගේ මුත්තණුවන් හැටියට ගෞරවයෙන් පිළිගත්තේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් මේ උතුම් දාගැබයි.

රාජ පුරුෂයා රජතුමාට කියනවා ‘දේවයන් වහන්ස අද දාගැබ් වහන්සේ වන්දනා කළේ නැහැ’ කියලා. රජතුමා කලබලයට පත්වෙලා තමන් අනුභව කරන්න ගත්ත බත් පිඬ ආපහු රන් තලියට දමා නැගිට්ටා. ඉක්මනින්ම මාලිගාවෙන් එළියට ඇවිත් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න පිටත් වුණා. දකුණු වාසල් දොර ඇරවගෙන විහාරයට ඇතුවෙලා නැගෙනහිර දොරටුවෙන් චෛත්‍ය මළුවට ඇතුළු වුණා. කරුවල වැටිලා භාතිය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහාසෑය වන්දනා කළා. එදා රජතුමාට පුදුම සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා.

භාතිය රජතුමාට ඇහුණා කවුදෝ පිරිසක් බොහොම මිහිරි හඬින් පිරිත් සජ්ඣායනා කරනවා. මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන්ද කියලා රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බැලුවා. පිරිත් කියන කෙනෙක් දකින්න නැහැ. කිසිම භික්ෂුන් වහන්සේ නමක් පෙනෙන්න නැහැ. හොඳින් කන් යොමු කරගෙන සිටිද්දී මේ පිරිත් හඬ ඇහෙන්නේ චෛත්‍යයෙ ධාතු ගර්භයේ ඇතුළතින් කියලා රජතුමාට වැටහුණා.

එදා භාතිය රජතුමා නැඟෙනහිර වාහල් දොරටුව අසල නැවතිලා චෛත්‍යයට වන්දනා කරගෙන මෙවැනි අධිෂ්ඨානයක් කළා. ‘චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි පිරිත් සජ්ඣායනා කරන්නේ කවුද කියලා දැකගෙන මිසක් මම මෙතැනින් නැගිටින්නෙ නැහැ. මම මේ ආකාරයේ ශ්‍රද්ධාවකින් උදේ හවස චෛත්‍යයට වන්දනා කරනවා. ඒ ගුණානුභාවයෙන් මට මේ සිදුවීම දැකගන්න ලැබේවා’ කියලා රජතුමා අධිෂ්ඨානයක් කළා.

භාතිය රජතුමාගේ ගුණානුභාවයෙන් ශක්‍ර දෙවියන්ගේ ආසනය උණුවෙන්න පටන් ගත්තා. ශක්‍ර දෙවියන් හිත යොමුකරලා බැලුවා මොකක්ද කාරණය කියලා. ඒ ගැන වටහාගත් ශක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොව සිට වැඩම කොට රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි ඍර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ බව දැනුම් දුන්නා. ඍද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා ධාතු ගර්භය තුළට වැඩම කොට පිරිත් සජ්ඣායනා කරනවා. ඒ පිරිත් හඬ තමයි රජතුමාට අහන්න ලැබුණේ.
පිරිත් සජ්ඣායනා කරමින් සිටි රහතන් වහන්සේලා අතරින් එක් රහතන් වහසේ නමක් තවත් ඍද්ධිබල සම්පන්න තෙරුන් වහසේ නමකට පැවරුවා චෛත්‍යය මළුවේ සිටින රජතුමාව ගෙනැවිත් ධාතු ගර්භය වන්දවන්න කියලා. ඒ රහතන් වහන්සේ ඍද්ධිබලයෙන් ධාතු ගර්භයෙන් එළියට ඇවිත් භාතිය රජතුමාගේ අතින් අල්ලගෙන රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය ඇතුළට එක්කගෙන ගියා. රජතුමාගේ හිතේ හැටියට ධාතු ගර්භය වන්දනා කරගන්න සැලැසුවා. ආයෙමත් සලපතළ මළුවට ගෙනැවිත් ඇරලුවා.
ඍද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමකට තමන්ගේ ඍද්ධිබලයෙන් තව කෙනෙක්ව අහසින් වුණත් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂුවගේ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකය පෙන්වපු සිදුවීම ඔබ අහලා ඇති. අන්න ඒ ආකාරයට තමයි ඍද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමක් තම ඍද්ධි බලයෙන් භාතිය රජතුමන්ව අතින් අල්ලගෙන ධාතු ගර්භය වන්දනා කරවන්න ඇතුළට ගෙන ගියේ.

ධාතු ගර්භය තුළ සත් රුවනින් යුතුව නිමවා තිබෙන බුදුරජාණන් වහසේගේ ජීවිතය හා බැඳුණු බොහෝ සිදුවීම් රජතුමා නගරවාසීන්ටත් පෙන්නුවොත් හොඳයි කියලා කල්පනා කළා. රජතුමා රන්කරුවන් ලවා තමන් දැකපු රූප සකස් කරවලා රාජ මාලිගාවේ මිදුලේ සකස් කරපු මණ්ඩපයක් මත ධාතු ගර්භයෙහි ආකෘතියක් සකස් කළා. භාතිය රජතුමා වසරක් පාසාම නගරවාසීන්ට තමන් දුටු ඒ ධාතු ගර්භයෙහි සැලැස්ම ප්‍රදර්ශනය කරපු බවත් එය දැක සතුටට පත්වූ නගරවාසීන් අතර සිටි බොහෝ කුල දරුවන් පැවිදි වූ බවත් ථූපවංශයෙහි සඳහන් වෙලා තියෙනවා.

ඉතිහාසයෙහි ප්‍රථම වතාවට රුවන්වැලි මහා සෑය තරම් විශාල චෛත්‍යයක් මල්වලින් පුරවලා මල් ඔටුන්නක් ලෙස සරසලා තිසාවැවෙන් ජලය ගෙනැවිත් යන්ත්‍රානුසාරයෙන් කොත් කැරැල්ල තෙක් වතුර මලක ආකාරයට ජලය විදිමින් සතියක් පුරා පූජාවන් පවත්වපු එකම රජතුමා භාතිකාභය රජතුමා පමණයි.

රජතුමා ඒ පූජාව වෙනුවෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල ඉද්ද, දෑසමන් ආදී සුවඳ මල් වගා කෙරෙව්වා. දක්ෂ ශිල්පීන්ගේ දැනුම යොදාගෙන ජලය විදින යන්ත්‍රයක් සකස් කෙරෙව්වා. එකසිය විසි රියනක් උසින් යුතුව එදා දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්වැලි මහාසෑ මළුවේ සිට කොත් කැරැල්ලක් දක්වා මල් පුරවලා මල් ඔටුන්නක් ලෙස මල්වලින් වැසුවා. සතියක් පුරාම යන්ත්‍රානුසාරයෙන් ජලය ඉසිමින් චෛත්‍යයට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පූජාවන් සිදු කළා. එවැනි ශ්‍රද්ධාවන්ත රජ කෙනකුගේ ප්‍රතිමාවක් තමයි චෛත්‍යයෙහි සලපතළ මළුව තුළ ඔබට දකින්න ලැබෙන්නෙ.

එදා රජවරු රුවන්වැලි මහා සෑයට සිදුකළ ඒ පූජාවන් ගැන සිහිකරද්දි රුවන්වැලි මහාසෑයේ පූජනීයත්වය එදා රජවරු හොඳින්ම වටහගෙන සිටි බව මනාව පැහැදිලි වෙනවා.
මහාවංශයෙහි සඳහන් වෙන ආකාරයට බොහෝ රජවරු අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑයට පූජාවන් සිදුකොට තිබෙනවා. මහානාග නම් රජතුමා චෛත්‍යය වටා තිබුණු වැලි මළුව විශාල කරවලා තිවංක නම් ගල් වර්ගයක් මළුවේ අතුරා අලංකාරවත් ලෙස සකස් කළ බවත් සඳහන් වෙනවා.

බෞද්ධ භාවනා

SendShareShare
Previous Post

අඩි හත්සීයක් පහළට බැස්සා! මළමිනි ගෙනාවේ පිටේ බැඳගෙන! එක කඹයක් අල්ලන්න දෙසීයක් තුන්සීයක් ආවා! ටැක්සිවල ලෙඩ්ඩු ගෙනිච්චා! ලේ ගලද්දිත් මිනිස්සු බේරගත්තා! සුන්බුන් අතරින් මතුවුණු අපේ උන්ගේ මනුස්සකම! Sri Lanka Latest News

Next Post

ඩඩ්ලි ආණ්ඩුවක් එක්ක ගේම ඉල්ලයි! සුදු අරලිය හෝටලය බිමටම සමතලා කරන්න හදයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.