හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය 26 වැනිදා කොළඹදී විරෝධතාවක් පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මාධ්‍යවේදීන් හමුමේ අදහස් දක්වා සිටියේ මෙලෙසයි.Sri Lanka Latest News
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එදා කබීර්ගෙන් ඇහුවා කෝ ආණ්ඩුව පෙරළනවද කියලා. මම පිටිපස්සේ ඉඳන් කිව්වා ඒක 2027 වෙනකම් පස්සට ගත්තා කියලා. මේ ඉන්නවා ලෝයර්ස්ලා හත්අට සීයක්. අරගලය වෙලාවේ අපිට එක ලෝයර් කෙනෙක් හිටියේ නෑ. ලෝයර්ස්ලා ඔක්කොම ආණ්ඩුව එකතු කරලා දුන්නා විපක්ෂයට. ලෝයර්ස්ලා 800ක් විතර එකතු කළා.
අපි කිව්වා ජනාධිපතිතුමාට ඒක 2027 වෙනකම් පිටිපස්සට ගත්තා කියලා. මට පේන්නේ දැන් 27ට පිටිපස්සට ගත්තේ නෑ 26ට පිටිපස්සට ගත්තා වගේ. මේක සුදාලා දාලා මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ, මං කිව්වනේ බල්ලොත් එක්ක බුදියගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා.
ඔබතුමාලා සන්ධානගත වෙනවද?
සන්ධානගත වෙන්නේ කාටද? චාමරටද? චාමර ජනාධිපති අපේක්ෂකයා නෙවෙයිනේ. අගමැති නෙවෙයිනේ. චාමර ඕනෙ පැත්තකට ඔට්ටුයි. චාමර ජනාධිපති වෙන්නෙත් නෑ. ජනාධිපති වෙන මිනිහෙකුට මම කියන්නේ ජනාධිපතිකම ගනිල්ලා. චාමර පිටිපස්සෙන් ගිහිල්ලා ඡන්ද ටික හදලා දෙන්නම්. එකතු වෙන්න ඕනේ චාමරද? මේකෙ එකතු වෙන්න ඕනේ සජිත්, නාමල් වගේ අපේක්ෂකයොනේ. බලාපොරොත්තු තියෙන මිනිස්සුනේ. බේරගන්න වෙලාවෙදි විපක්ෂයේ කාර්යභාරය දැනට හරියට කරනවා, පාර්ලිමේන්තුවෙත් හරියට කරනවා. ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතාකරන්න තියෙන දේවල් හැම දෙයක්ම කතාකරනවා. හැබැයි රිවස් කරන්නේ නෑ.
තව පුද්ගලයෙක් කියනවා ලොක්කා පිටින් දාලා ඔයාලව ගත්තා කියලා?
මමනෙ පළවෙනියටම ඇතුළේ හිටියේ. නඩු හතරයි. දවස් 52යි. පොදු දේපළ යටතේ. ඔය ඔක්කෝටම මම මුහුණ දුන්නා. ඒක මට ප්‍රශ්නයක් නෑ.
එතුමා ඒ වුණාට ඔබතුමා වෙනුවෙන් කතා කළානේ?
ඒකනේ මේ ඉන්නේ පණ දීලා. යුතුකම් දන්න උඩරට මිනිස්සු අපි. කළගුණ දන්නවා. අරගලය වෙලාවේ, තෙල් බින්දුවක් නැති වෙලාවේ රටේ ප්‍රශ්න මැද රට යම් තත්ත්වයකට ගෙනල්ලා තමයි භාරදුන්නේ. එදා ජනාධිපතිවරණයක් කරන්න පුළුවන් පිට්ටනිය කපලා දුන්නේ රනිල්. ඩොලර් බිලියන 6ක් එක්ක රට භාරදුන්නේ.
ඔය ගැම්ම දුන්නේ කවුද?
ඔයා දන්නවනේ කවුද ඒ වෙලාවේ පිටිපස්සේ හිටියේ කියලා. චාමර තමයි. ඉස්සරහටත් චාමරලා තමයි තීන්දු කරන්නේ මේ රටේ කවුද ඊළඟට හදන නායකයා කියලා.
ඒ කියන්නේ නාමල් මහත්තයද?
අපිට කවුද කියන එක ප්‍රශ්නයක් නෑ.










