රනිල් සහ ගෝඨාභය දෙන්නම එකම වරදක් කළා. ගෝඨාභය ජනාධිපති කාලේ නෙමෙයි, ආරක්ෂක ලේකම් කාලේ. රනිල් ජනාධිපති කාලේ. දෙන්නම ජවිපෙ කීමට පෙරටුගාමීන්ට හිරිහැර කළා. ගෝඨාභය කුමාර් අත්අඩංගුවට ගත්තා, රනිල් ජනාධිපති කාලේ පෙරටුන්ට පන්න පන්නා ගැහුවා අන්තරේට ඇතුළුව. වසන්තලා හිරේ දැම්මා. හැබැයි ජවිපෙ ගැන කටයුතු කළේ ඉතාම ලිහිල්ව. ජවිපෙ රනිල්ගේ කාලේ ලයිසන්ලත් විරෝධතාකරුවන් වුණා. පෙරටුන්ට පැත්ත පළාතක එන්න දුන්නෙ නැහැ.
ඉහත සිදුවීම් දෙකේම විශේෂය තමා, ගෝඨාභය සහ රනිල් දෙන්නම, පෙරටුන්ට එරෙහිව යෙදෙව්වෙ ජවිපෙ. අනුර. ඔවුන්ගේ ඉල්ලීම මත ඒක වුණේ. තමන්ගෙ තරගකරුවා, තුන්වැනි පාර්ශ්වයක් හරහා ඉවත් කිරීම, දුර්වල කිරීම.Sri Lanka Latest News
ඒ කොහොම වුණත්, මේකෙ ප්‍රතිඵල ගෝඨාභයට ලැබුණේ අරගලයේදී. පෙරෙට්ටො තමා ලොකුම අනුරාගයකින් අරගලය කළේ සහ එහි සංවිධාන ව්‍යුහය වුණේ. ඔවුන් දේශපාලන සත්වයන් නිසා අනිත් සිවිල් චරිත පස්සට ගියා. දැම්මා.
රනිල්ට ඒක දැන් ලැබිලා තියෙනවා. රනිල්ට එන්නෙ බෘටස් විසින් සීසර්ට කළා වැනි ප්‍රහාරයක්. පස්සට පිහියෙන් ඇනීමක්. රනිල් කවදාවත් හිතුවෙ නැහැ, ඔහුව අල්ලල රිමාන්ඩ් කරයි කියල. අවුරුදු ගානක් යටිබිම්ගතව අනුර එක්ක දේශපාලනය කරපු අනුරගේ නායකත්වය යටතේ රනිල් කොහොම හිතයිද හිරේ යයි කියල.
රනිල් ජවිපෙ ඇතුළේ දේශපාලනය කියවල තිබුණේ නැහැ. එහි සැඟවුණු මුහුණු දැකලා තිබුණේ නැහැ. දවසක් මම චීනෙදි සුනිල් වටගලගෙන් ඇහුවා ඔහු එක්ක ඉන්න, මම කවදාවත් දැක නැති පුද්ගලයා කවුද කියල. ඔහු අර යට පක්ෂයේ කෙනෙක්. මම හිතන්නෙ ජවිපෙ සහ පෙරටු අතිශය අභ්‍යන්තරයේ එකයි. ඔවුන්ගේ මාලිමා මුහුණ ඉතා පිට පෙනුමක්. රනිල් හිතුවෙ අනුර එක්ක ඩීල් එක දාගෙන හිටියොත් හරි කියල. මට තව ගොඩක් මේ ඇතුළ ගැන කියන්න පුළුවන්. මම කැමැති නැහැ ඒකට. අවශ්‍යත් නැහැ.
ජවිපෙ සහ පෙරටු වෙනස තමා, පෙරටු අපට පේනවා, ජවිපෙ වෙස් මුහුණ විතරක් පේනවා. දේශපාලන පාඩම තමා, කවදාවත් අපට සතුරෙක් නොවන කෙනෙක්, ඒ කෙනාගේ සතුරාගේ අවශ්‍යතාවට දුර්වල කරන්න එපා.
මහින්ද පතිරණ










