• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ කුමන්ත්‍රණයේ පසුබිම් කතාව මෙන්න! කවුද මේ සැලසුම මෙහෙයවන්නේ? Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්ට වැලිකඩට යන්න වුණේ මෙන්න මේ නිසා! සම්පූර්ණ විස්තරයම තියෙනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපතිට එරෙහි පැමිණිල්ලේ අරමුණ වත්මන් ජනාධිපතිවරයාට, ඇමැතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සේවය කිරීමට බැරි තත්ත්වයක් නිර්මාණය කර අරාජිකත්වය වර්ධනය කිරීමයි.Sri Lanka Latest News

මෙය පසුපස සිටින නිලධාරීන් මෙහෙයවන්නේ කවුරුද? ඇතැම් නිලධාරීන් ඉතා පැහැදිලිවම කාදිනල් හිමියන්ගේ අවශ්‍යතාව මත පත්කරන ලද බව සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළේය.

මෙය පසුපස ඇති වැඩසටහන දැන් පැහැදිලිය. එය මහා සැලැස්මක කොටසකි. එම මහා සැලැස්ම දැන් වසර ගණනාවකට පෙර සිට ක්‍රියාත්මක වෙමින් පවතින්නකි. එය මෙහෙයවන්නන් කවුරුද?

ජුලී චං, කාදිනල්, සහරාන්වාදීන්, ඇතැම් බෞද්ධ භික්ෂුන්, දෙමළ ඩයස්පෝරාව වැනි අය 2022 අරගලයේ ඉදිරිපස මෙන්ම පසුපසද සක්‍රීයව සිටියහ. 2022 අරගලය මෙම වැඩසටහනෙහි තීරණාත්මක සන්ධිස්ථානයක් බව මගේ මතයයි.

එය පරාජය වූයේ, එක පැත්තකින් මෙය මෙහෙයවන අයට එක් පැහැදිලි අරමුණක් නොතිබීමයි. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කළ මැදිහත්වීමයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදුන්නේ රාජපක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ සමගම රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවලද ජාතිකවාදී නැඹුරුව වැඩි විය. කෙසේ වෙතත්, ඔහු විසින් වැඩිදුරටත් කරන ලද නීති සම්පාදනයන් පැරණි යහපාලන රාමුව පුළුල් කළ ඒවා වූ අතර, අරාජිකවාදීන්ට ඉණිමං තබන ඒවා විය.

එයින් පසු මෙම අද්භූත බලවේගයේ වෛරය රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් ආණ්ඩුව වෙත යොමුවිය. රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා රජය ගන්නා ලද සියලු ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාව බලමුළුගැන්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරන ලදී.

රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා දැවැන්ත ක්‍රියාමාලාවක් ඉදිරියට ගෙන එන ලද අතර, කෙසේ වෙතත්, සියලු බාධක මධ්‍යයේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේ ආර්ථිකය ගොඩ ඒමේ මාර්ගය වෙත යොමුකර ගැනීමට රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් රජය සමත් විය. නැවත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්විය හැකි වාතාවරණයක් ද නිර්මාණය කරන ලදී.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් පරාජය කර ඔහුගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඉහත කී බලවේගය විසින් බලලෝභී ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරන ලදී. ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ජාතික ජන බලවේගය නම් ව්‍යුහය තුළට කුමන්ත්‍රණකාරීන් බුරුතු පිටින් රිංගවන ලද අතර, ඔවුහු මේ වනවිට ආණ්ඩුවේ මර්මස්ථානවල ස්ථානගත වී සිටිති. උදාහරණයක් ලෙස, 2019දී අතේ පත්තුවූ ගානියා බැනිස්ටර් කුමන්ත්‍රණයේ මෙහෙයුම්කරුවන් දැන් සිටින තැන් සොයාබලන්න. මේ හඳුනාගත හැකි ඇතැමකු පමණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට එල්ල කළ චෝදනාව ඔප්පු වුණත්, නැතත්, දැන් මතුවන්නේ කිසිදු දේශපාලකයකුට හෝ රාජ්‍ය නිලධාරියකුට රජය මෙහෙයවීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට බැරි තත්ත්වයක් නිර්මාණය වීමයි. විශේෂයෙන්ම, ජනාධිපතිවරයා කරන බොහෝ රාජකාරි ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ඔහුට විරුද්ධව එල්ල වන චෝදනා බවට පත්වීමේ අවදානමක් නිර්මාණය වී තිබේ.

මෙහි අරමුණ කුමක්ද? මෙමගින් දැනටත් නිර්මාණය වී තිබෙන අරාජිකත්වය තවදුරටත් ගැඹුරු කළ හැකිය. රටේ තැන තැන දිනපතා තුවක්කු පත්තු වන, මිනීමරන බියකරු තත්ත්වයක් නිර්මාණය කිරීමට වගකිව යුතු මූලික පත්කිරීම් කීපයක් පිටුපස සිටින්නේ කවුරුදැයි සිහිපත් කරන්න. මේවා පාර්ලිමේන්තුවේම හෙළිදරව් වූ කාරණාය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනේ අරමුණ වන්නේ 2022දී නිර්මාණය කරගැනීමට අසමත් වූ පූර්ණ අරාජිකත්වය නිර්මාණය කරගැනීමයි. දැනටමත් අර්ධ වශයෙන් අක්‍රිය කර ඇති රාජ්‍ය නිලධාරීන් සිරගත වීමේ බිය මත පූර්ණ අක්‍රියභාවයකට තල්ලු කර, රාජ්‍යය අකර්මණ්‍ය කර දැමීමට පුළුවන. එසේ කරන්නේ කුමටද? අපරිණත, දුර්වල පාලකයන් පිරිසක් පත්කර ගැනීමට 2022දී අසමත් වුවද, මේ වනවිට එවැනි ආණ්ඩුවක් පත්කර ගැනීමට එම බලවේගය සමත් වී ඇත. මෙය එම ආණ්ඩුවේ මුග්ධයන් දන්නේවත් නැත. ඔවුන්, ඓතිහාසික කුමන්ත්‍රණයක එක අවධියකදී පාවිච්චි වන කොන්ඩමයක් පමණක් බව ඔවුන් දන්නේ නැත. ජීවිත කාලය පුරාම ඇරියස් පිට ජීවත් වූ මෙම වියපත් වූ විප්ලවවාදීන් සිතන්නේ ඔවුන්ට සදාකාලිකව බලයේ සිටිය හැකි බවයි. ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ගේ ශරීරවලටවත් ගැළපෙන්නේ නැත.
පූර්ණ අරාජිකත්වයකින් ලොකුම වාසිය ලබාගත හැක්කේ බෙදුම්වාදීන්ටයි. රට බෙදන ප්‍රජාතාන්ත්‍රික ජනමත විචාරණයකට පහසුවෙන් පිවිසිය හැකි මාර්ගය එයයි. මෙම වැඩසටහන සඳහා එකතු වී සිටින බලවේගවලට තවත් විෂම වුවමනා රැසක් තිබිය හැකිය. ශ්‍රී ලංකා රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යය බිඳදැමීම වැඩිදෙනකුට අවශ්‍යය.

යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය කර සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය රාජ්‍යය තුළ ස්ථාපිත කළ රාජපක්ෂලාගෙනුත්, රාජපක්ෂලා ආරක්ෂා කිරීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහගෙනුත් පළිගැනීම මෙම වැඩසටහනේ අනිවාර්ය අංගයකි.

රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද, වඩා ප්‍රජාතාන්ත්‍රීකරණය කළ යුතු බවද අපගේද ස්ථාවරයයි. කෙසේ වෙතත්, ඒ, මේ අන්දමින් නොවේ. මේ මොහොතේ ශ්‍රී ලංකා ජනරජය ආරක්ෂා කරගත යුතුය. ඉදිරි ප්‍රතිසංස්කරණවලදී පවා ඒ සඳහා මූලිකත්වය දිය යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ

SendShareShare
Previous Post

ෆොන්සේකා හිර කිරීම සහ වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීම! Sri Lanka Latest News

Next Post

ගෝඨායි රනිලුයි කරපු වැරැද්ද! Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.