• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆොන්සේකා හිර කිරීම සහ වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීම! Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම ඇතුළු වත්මන් දේශපාලනයේ ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාධ්‍ය හමුවේ පසුගියදා අදහස් පළකළා. ‘ජන පැතුමට වගකියන ජන බලයක්’ සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් දේවසිරි මහතා දැක්වූ එම අදහස්වලින් කොටසක් පහත සඳහන් වේ.Sri Lanka Latest News

‘සාමාන්‍යයෙන් අපිට බැලූබැල්මට පේන දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නේ බොහොම නෛතික සහ පාරදෘශ්‍ය ක්‍රියාවලියක් හරහා. ඒක අපි මීට කලින් දැක්ක සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ ඔහුට විරුද්ධව කරපු ක්‍රියාධර්මය වගේ ඔහුට, දඬුවම් කිරීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගය වගේ ක්‍රියාමාර්ගයක් නෙවෙයි. ඔහු ප්‍රකාශයක් සඳහා කැඳවලා නිසි පරිදි අත්අඩංගුවට ගත්තා.

දැන් ඊට විරුද්ධව ඇතිවෙලා තිබෙන විපක්ෂ එකතුව දිහා බැලුවම අපිට පේනවා දැනට ඇතිවෙලා තිබෙන දේශපාලන තත්ත්වය අපේ ඉතා දැඩි සැලකිල්ලට ලක්විය යුතු පාර්ශ්වයන් කීපයක්. මම හිතන්නේ එතැන ඉතාම වැදගත් දේ තමයි, මේ විපක්ෂ එකතුව මේ විදිහට සකස් වෙලා තියෙන්නේ ඇයි කියන එක. අපි දන්නවා 2015 යහපාලන ආණ්ඩුව පැවැතුණු කාලේ, රාජපක්ෂ පවුලේ පිරිස්, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වගේ අය අත්අඩංගුවට අරගෙන රඳවාගනු ලැබුවා. නමුත් ඒ අවස්ථාවෙත් දේශපාලන පළිගැනීම් කියලා සාකච්ඡා තිබුණට මම හිතන්නේ ඒ තරම්වත්, විශේෂයෙන්ම රාජපක්ෂ කඳවුර පවා මේ තරම් තැතිගැන්මකට ලක්වුණා කියලා හිතන්න බැහැ.

නමුත් මේ අවස්ථාවේ මේ ජාතික ජන බලවේගයට විරුද්ධව සිටින, විශේෂයෙන්ම දැනට දේශපාලන තලයේ පරාජිත බලවේග ඉතා විශාල තැතිගැන්මකට පත්වෙලා තිබෙන බව පේනවා. අකිල විරාජ් කාරියවසම් කියලා තියෙනවා තිබුණු ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඒගොල්ලෝ හැමෝම බියවිය යුතුයි, ඒගොල්ලෝ හැමෝ ළඟටම මේ මර්දනය එන්න ඉඩ තියෙනවා යනාදී වශයෙන්. ඒ වගේම දයාසිරි ජයසේකර කියලා තිබුණා මේක ප්‍රභූන් සහ නිර්ප්‍රභූන් අතර ගැටුමක් බවට පත්කරලා තිබෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රකාශ පිටිපස්සේ හැඟවීමක් තිබෙනවා. ඒක තමයි මේ එකතු වෙලා තියෙන පිරිස් විශාල තැතිගැන්මකට ලක්වෙලා තිබෙනවා. මේක මේ අයට මීට පෙර තිබුණු තැතිගැන්මක් නෙවෙයි. ඒ මොකද මේ අය යම්කිසි අවබෝධයකින් ඉන්න බව පේනවා. මොකද මේ හැමෝටම විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තරම් පසුබිමක් තිබෙනවා. දැන් ඔය පහුගිය කාලේ තිබුණු දෙයක් තමයි ඔය ෆයිල් විශාල ප්‍රමාණයක් අනුර කුමාර දිසානායක විපක්ෂයේ ඉන්නකොට ඉදිරිපත් කළා. ඒ ෆයිල්වලට මොනවද කරන්නේ කියලා උසුළු විසුළු කිරීම් කරමින් තිබුණා. නමුත් දැන් ඒ ෆයිල් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනකොට දැන් අපිට හිතාගන්න පුළුවන් මේ අයට එවැනි භීතියක් ඇතිවෙන බව.
ඉතින් මෙතැනදී මතක තබාගත යුතු වැදගත්ම දේ තමයි, මේ විපක්ෂ සන්ධානය මොකටද ගොඩනැගිලා තිබෙන්නේ කියන එක. ඒ අය මතුපිටින් ප්‍රකාශ කරන දේ තමයි, ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් ඇතිවෙමින් යනවා, ඒ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයට විරුද්ධව තමයි මේ සන්ධානය ඇතිවෙලා තියෙන්නේ කියන එක. මේක මම හිතන්නේ කිසිසේත්ම පිළිගත හැකි දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඒ අයම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන දේවල් සම්බන්ධයෙන් බලපුවාම එහි පරස්පරය අපිට පෙනෙනවා. එක පැත්තකින් ඒ අය කියනවා මේක මේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා දරන උත්සාහයක් කියලා. අනිත් අතට ඒගොල්ලෝ කියනවා, ඔය මාධ්‍ය සාකච්ඡාවේදී මනෝ ගනේෂන්ගේ කටින්ම ඒ සම්බන්ධව කියවුණා, රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගන්නවා නම් මීට වඩා දේවල් තිබෙනවා, බටලන්ද පිළිබඳ සිද්ධිය, මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සහ තවත් අය කියනවා පාස්කු ප්‍රහාරය වැනි සිද්ධීන්. මෙවැනි දේවල්වලට අත්අඩංගුවට ගන්න පුළුවන්, හැබැයි එහෙම තියෙද්දි ඇයි මේකට අත්අඩංගුවට ගත්තේ කියලා.

ඉතින් මම හිතන්නේ එහෙම කීමෙන්ම පෙනීයනවා මේක දේශපාලන පළිගැනීමක් විදිහට අර්ථකථනය කළ නොහැකි බව. දේශපාලන පළිගැනීමක් මත රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගැනීමට නම් අවශ්‍යතාව, ඒගොල්ලොම කියනවා නම් අර අනිත් කාරණා සම්බන්ධයෙන්, බටලන්ද සිදුවීම, පාස්කු ප්‍රහාරය, බැඳුම්කර සිදුවීම වගේ දේවල් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මෙයා අත්අඩංගුවට ගන්න පුළුවන්කම තියෙනවා කියලා, එහෙම නම් ඉතින් අපිට හිතාගන්න පුළුවන්, එහෙම නම් ඒ සම්බන්ධවත් අත්අඩංගුවට ගන්න පුළුවන්නේ කියලා. ඒක මේ පළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නම්. එතකොට අපිට අහන්න පුළුවන් එවැනි දේවල් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තා නම් දැන් මේ විපක්ෂ සන්ධානය ගොඩනැගෙන්නේ නැද්ද කියන ප්‍රශ්නය.

මම හිතන්නේ එතැන විශාල පරස්පරයක් තිබෙනවා. එතැනදී අපිට පේන දේ තමයි, මෙතැන තිබෙන්නේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා, මේ ඇතිවෙමින් තිබෙන දේශපාලන පෙළගැසීම නිසා මේ බලවේග විශාල භීතියකට පත්වෙලා තිබෙනවා කියන එක. ඒ නිසා මම හිතන්නේ ඉතා පැහැදිලිවම, අශුද්ධ සන්ධානයක් ගොඩනැගිලා තිබෙනවා. මේ සන්ධානය දිහා බලපුවාම මේ සන්ධානය කිසිසේත්ම කුමන ආකාරයකින් හෝ එකට කටයුතු කළ හැකි සන්ධානයක් නෙවෙයි. මේ සන්ධානයේ රාජපක්ෂවරු ඉන්නවා, අනිත් පැත්තෙන් මම හිතන්නේ චන්ද්‍රිකා කුමාරතුංගගෙත් සහයෝගය තියෙනවා, විමල් වීරවංශ ඉන්නවා, නිමල්කා ප්‍රනාන්දු වගේ අය ඉන්නවා. මේක කිසිසේත්ම දීර්ඝකාලීනව එක දිගට ගමන් කළ හැකි සන්ධානයක් නෙවෙයි. ඒ අයගේ දේශපාලන අභිමථාර්ථයන් දිහා බලපුවාම ඒ දේශපාලන අභිමථාර්ථයන් සම්පූර්ණයෙන්ම එකිනෙකට පරස්පරයි. මේක ඉතා දැඩි පරස්පර විරෝධයන්ගේ සන්ධානයක්. නමුත් ඒ අයට සිද්ධ වෙලා තිබෙනවා අර විශාල දේශපාලන සුනාමියට විරුද්ධව එක බෝට්ටුවකට නැගගන්න. මොකද, ඒගොල්ලෝ හැමෝටම යහපත් දේශපාලන අනාගතයක් නෙමෙයි උදාවෙලා තියෙන්නේ කියන එක පේන්න තියෙනවා.’

ෘ්ි්එය් ඛ්බන් භැඅි

SendShareShare
Previous Post

අපාට්මන්ට් එක වටකරලා ඉන්දුනීසියා පොලිසිය එක්ක සිටි ASP ඕලුගල සිංහලෙන් කතාකරද්දී පාතාලේ ගෝඩ්ෆාදර්ලා වගේ හිටපු කෙහෙල්බද්දර පද්මේට-කමාන්ඩෝ සලින්තට කලිසමේ ‘චූ’ ගිහින්! පූස් පැටව් වගේ ඇඹරිලා! I Sri Lanka Latest News

Next Post

මේ කුමන්ත්‍රණයේ පසුබිම් කතාව මෙන්න! කවුද මේ සැලසුම මෙහෙයවන්නේ? Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.