පසුගියදා බණ්ඩාරගමදී ඝාතනයට ලක්වූ මාකඳුරේ මදූෂ්ගේ උපන්දින පාටියේදී ඩුබායි හිඳි අත්අඩංගුවට පත්වී ලංකාවට ගෙන ආ බන්ධනාගාර ජේලර්වරයා මීට සති තුනකට පමණ පෙරාතුව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාව අමතා තිබෙන බව වාර්තා වනවා.Sri Lanka Latest News
එහිදී ඔහුට බරපතල අනාවරණයන් රැසක් සිදුකිරීමට ඇති බව චමුදිතට පවසා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
ඉන් අනතුරුව අදාළ පටිගත කිරීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය ද දැනගෙන ඒ සඳහා සහභාගි වීමද ස්ථිර කර තිබේ.

නමුත් ඇමතුමෙන් දින දෙකකට පසුව ජේලර්වලයාට ඇති දැඩි බලපෑම් හේතුවෙන් එම පටිගත කිරීමට සහභාගි වීමට නොහැකි බව ද දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.
තම මරණයට පෙර ජේලර්වරයා විසින් චමුදිත සමරවික්‍රම මහතා සමඟ අනාවරණය කිරීමට සුදානම් වූයේ කුමක් පිළිබඳවදැයි විශාල සැකයක් මතු වී තිබෙනවා.










