• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිකිණි පෙරහැර මංගල්ලයට ලකලෑස්ති වෙන දූනගහ කතාව! Sri Lanka Latest News

August 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වෙනදා ගියේ කෝටි 8යි! මේ පාර කෝටි 20ත් පැනලා! මහනුවර පෙරහැර වියදමත් මේ පාර තුන් ගුණයකින් නැගලා!
Share on WhatsAppShare on Facebook

මේ ගමේ නම දූනගහ. අපි විශ්වාස කරනවා දූනගහ කියන නම ලංකාව පුරා ඉන්න බොහෝ දෙනෙක් අහලා නැතුව ඇති කියලා. දූනගහ කියන්නේ එක්තරා විදිහකට අප්‍රකට ගමක්. හැබැයි දූනගහ පිහිටලා තියෙන්නේ කොළඹට කිලෝමීටර් 37ත් 40ත් අතර ප්‍රමාණයකට ඈතින්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් දූනගහ තියෙන්නේ කොළඹට කිට්ටුවෙන්. දූනගහ ඉඳලා මීගමුවට තියෙන්නේ කිලෝමීටර් 16යි. දිවුලපිටියට තියෙන්නේ කිලෝමීටර් 06යි. මීරිගමට තියෙන්නේ කිලෝමීටර් 20කටත් වඩා අඩු ප්‍රමාණයක්. මේක බස්නාහිර පළාතේ එක කොනක පිහිටා තියෙන ගම්මානයක්. අයිති වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට.Sri Lanka Latest News

මේ වෙලාවේ හදිසියේ දූනගහ ගැන ලියන්න තීරණය කළේ මේ ලිපිය ලියන දවස වෙනකොට දූනගහ ඉතා සශ්‍රීක, ඉතාම සුන්දර උත්සවයකට සූදානම් වෙන නිසා. දූනගහ පුරාණ බෝධි මහා විහාරස්ථානය, ඒ තුළ තියෙන දේවාල හතරේ මහ පෙරහැර පවත්වන්නට නියමිතයි. 23 වැනිදා, ඒ කියන්නේ සෙනසුරාදා, අපේ පත්තරේ පිටවෙන දවසේ මේ පෙරහැර ඉතාම සරුසාරව පැවැත්වෙනවා. රාත්‍රී හත විතර වෙද්දී දිවුලපිටිය ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ සිට පෙරහැර පිටත්වීමට නියමිතයි. අලි ඇතුන් සහිත විශාල පෙරහැරක් තමයි මේ පෙරහැර. මේ පෙරහැර සඳහා අනුශාසකත්වය ලබාදෙමින් කටයුතු කරන කීපදෙනෙක් ඉන්නවා. ඒ අයව සිහිපත් කළොත්, ඒ අය අතරින් මුල්තැන ගන්නවා පූජ්‍ය අලුතැපල ගුණරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ අලුතැපල ගනේකන්ද පුරාණ රජ මහා විහාරාධිකාරී, පල්ලිපිටිය අමරදර්ශී මහා පිරිවෙන්හි පරිවෙනාධිපති, දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීව වැඩවාසය කරනවා. දූනගහ පුරාණ මහා බෝධි විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රවේදී පල්ලිපිටියේ අමරදර්ශී මහා පිරිවෙණේ පරිවේනාචාර්ය, පූජ්‍ය තලගොල්ලේ ධම්මරතන හිමිත් ඇතුළුව අතිගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසකත්වය සහිතවයි මේ පෙරහැර ගමන් අරඹන්න සූදානම් වෙමින් ඉන්නේ.

ඉතින් මේ දූනගහ පෙරහැර ගැන කතාකරද්දී, දූනගහ පත්තිනි දෙව්පුරය ගැන ඔබට කිව යුතුයි. දූනගහ කියලා කියන්නේ පත්තිනි දෙවියන් සම්බන්ධව සඳහන් කරන, පත්තිනි හෑල්ලේ එන ගමක්. පත්තිනි හෑල්ල කියලා කියන්නේ පත්තිනි දෙවියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීම සම්බන්ධව මෙහි සඳහන් වෙලා තියෙනවා. පත්තිනි දෙවියන්ගේ පැමිණීමටත් වඩා පත්තිනි සලඹ ලංකාවට වැඩම කරවීම ගැන මෙහි සඳහන් වෙලා තියෙනවා. ඇතැම් අය කියනවා පත්තිනි දෙවියන් ලංකාවට වැඩම කළ බව. ඒ ගැන අපිට ඇත්තටම විස්තර නැහැ. පත්තිනි හෑල්ලේ කියනවා වත්තල් තොටට පත්තිනි දෙවියන් ගොඩ බැස්ස බව. වත්තල් තොට කියන්නේ වත්තලද, එහෙම නැත්නම් පානදුරද කියන එක සම්බන්ධව ගැටලුවක් තියෙනවා. පානදුර පැත්තෙත් වත්තල්ගොඩ කියලා ගමක් තියෙනවා. ඉතින් වත්තල් තොටට ගොඩගහපු පත්තිනි සලඹ නවගමුවට රැගෙන ආ බවත්, නවගමුවෙන් යළි දූනගහ, ගල්කන්ද, කෙටේවත්ත ආදී ප්‍රදේශවලට රැගෙන ගිය බවත් සඳහන් වෙලා තියෙනවා. මේ පත්තිනි දේව සලඹ ලංකාවට වැඩම වීම ගැන කතාව මම ඔබට කිව යුතුයි.

අපි අහලා තියෙනවා ගජබාහු රජ්ජුරුවෝ ගැන. පළමුවැනි ගජබාහු රජ්ජුරුවෝ තමයි මේ ගජබාහු විදිහට අපි හඳුන්වන්නේ. පළමුවැනි ගජබාහු රජ්ජුරුවෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්වෙලා ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 114 සිට 136 දක්වා.

පළමුවැනි ගජබාහු රාජ්‍යත්වයට පත්වුණාට පස්සේ, ඔහුගේ සිරිතක් තිබිලා තියෙනවා වෙස්වළාගෙන රාත්‍රී කාලයේදී මහජනතාව අතර සැරිසරන්න. එක් දවසක ඔහු සැරිසරද්දී මේ විදිහට, ඔහුට දැකගන්න ලැබිලා තියෙනවා එක මහලු කාන්තාවක් හඬමින් වැළපෙමින් රාත්‍රිය ගතකරන ආකාරය. ඉතින් මේ රජ්ජුරුවෝ ඇයගෙන් විමසනවා ‘ඇයි ඔබ දුකෙන් ඉන්නේ?’ කියලා. ඇය උත්තරයක් දෙනවා, කරිකාලන් කියන පාලකයා ලංකාව ආක්‍රමණය කරලා එහිදී තමන්ගේ පුතුන් දෙදෙනාවම ඉන්දියාවට රැගෙන ගියා කියලා.
හොයලා බලද්දී දැනගන්න හම්බ වෙනවා, ඉන්දියාවේ කාවේරි නදිය හරහා ඉදිකරන වේල්ල බඳින්න මේ කරිකාලන් කියන චෝල පාලකයා ලංකාව ආක්‍රමණය කරලා සිංහල වැසියන් 1,200ක් දෙනා ඉන්දියාවට රැගෙන ගියා කියලා. මේ ගැන මහාවංශයේ සඳහන් නොවුණට, සීලප්පදිකාරම්හි යම් විස්තරයක් සඳහන් වෙලා තියෙනවා. එළාර රජුගේ විස්තරත්, මේ සීලප්පදිකාරම්හි සඳහන් වෙලා තියෙන්නේ වැඩි විස්තරයක්. මේ ද්‍රවිඩ රජවරුන් සම්බන්ධව මෙහි සඳහන් වෙලා තියෙනවා. මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ වංකනාතක තිස්ස රජ්ජුරුවන්ගේ කාලේ කියලා තමයි දැනගන්න හම්බවෙන්නේ. වංකනාතක තිස්ස කියලා කියන්නේ ඇත්තටම පළමුවැනි ගජබාහුගේ පියා. මහමතා බිසවගේ සහ වංකනාතක තිස්සගේ පුතා තමයි පළමුවැනි ගජබාහු ලෙස රජ වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 110-113 කාලේ තමයි මේ වංකනාතක තිස්ස රජකම් කළායි කියලා සඳහන් වෙලා තියෙන්නේ ඉතිහාස කතා හොයලා බලද්දී.

මේ කතාව ගැන, මේ රැගෙන යාම ගැන ඇත්තටම කොහෙවත් සවිස්තර සඳහනක් නෑ. මහාවංශයෙත් නෑ, කොහෙවත් නෑ. නමුත් මේ කරිකාලන්ගේ පාලනය සම්බන්ධව තමයි සීලප්පදිකාරම්හි සඳහන් වෙලා තියෙන්නේ. කොහොම වුණත් කාවේරි නදිය හදන්නට මේ රැගෙන යාම ගැන ජනප්‍රවාද සාහිත්‍යයේ ඉතාම සවිස්තරාත්මකව සඳහන් වෙලා තියෙනවා.

මේ ගැන අහපු ගජබාහු, ඔහු කොච්චර සාර්ථක සහ කොච්චර ජවසම්පන්න පාලකයෙක්ද කියන එක ඔබට හොයාගන්න පුළුවන් වෙයි. ඉන්දියාව කියන මහා රටට එරෙහිව ඔහු යුද්ධ කරනවා. ඔහු තමයි නීලමහා යෝධයත් එක්ක ඉන්දියාවට ගියායි කියලා කියන්නේ. ජනප්‍රවාද සාහිත්‍යයේ කියනවා, නීල මහා යෝධයා විසින් යගදාවෙන් ගහලා වතුර දෙබෑ කරලා, මේ විදිහට ගියා, වැලි මිරිකා වතුර ගත්තා වගේ කතන්දර. ඒවා නම් අපි විශ්වාස කරනවා ජනප්‍රවාද සාහිත්‍යය වෙන්න ඇති කියලා. කෙසේ නමුත් ඔහු ඉන්දියාවට ගිහිල්ලා ආපහු එද්දී බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවත්, පත්තිනි දෙවියන්ගේ පා සලඹත් රැගෙන ආ බව ජනප්‍රවාද සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා.
ඉතින් මේ විදිහට මේ පැමිණි පිරිසගේ එක නැවතුමක් විදිහට සලකනවා දූනගහ කියන ප්‍රදේශය. දූනගහ ගැන සඳහන් වෙලා තියෙනවා පත්තිනි හෑල්ලෙත්. කොහොම වුණත් මේ පත්තිනි සලඹ රඳවපු, දූනගහ, කෙටේවත්ත, වලාන, තුම්මෝදර, ගනේගොඩ, ගල්කන්ද, එල්ලක්කල කියන ගම් හතක දේවාල තැනවූ බව සඳහන් වෙනවා. ඒ කියන්නේ නවගමුව ප්‍රධාන දේවාලයට අමතරව. ඒ අනුව දූනගහ කියලා කියන්නේ ප්‍රධාන පත්තිනි දෙව්පුරයක් විදියටයි අපි සලකන්නේ. මේ පත්තිනි දෙව්පුරයක් විදිහට මේ ප්‍රදේශය සලකනකොට තවත් එක සුවිශේෂ කාරණයක් වෙනවා, පත්තිනි දෙවියන් ඇදහීමම සුවිශේෂ කරගත්තු ප්‍රදේශයක් විදිහට දූනගහ හඳුන්වන්න පුළුවන්.

ඒකට හේතුව, දූනගහ වටපිටාවේ ඉන්නවා ප්‍රාදේශීය දෙවිවරු විශාල ප්‍රමාණයක්. අපි දන්නවා බොහෝ ගම්මානවල ප්‍රාදේශීය දෙවිවරුන් බිහිවුණා මුල්කාලීනව. හැබැයි දූනගහට අදාළව පත්තිනි පිරිසෙන් ප්‍රාදේශීය දෙවි කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ. දූනගහට ඉතාම කිට්ටුව තියෙන ගොඩිගමුවේ, ගෝටයිම්බර දේව ඇදහිල්ල ඉතාම සරුවට සිද්ධ වෙනවා. ගෝටයිම්බර දේව ඇදහිල්ල ගොඩිගමුවේ වගේම දාගොන්න ප්‍රදේශයේත් තියෙනවා. ගෝටයිම්බර දේවාල දෙකක් මේ ප්‍රදේශ දෙකේම තියෙනවා. දූනගහට ඉතාම ආසන්න ප්‍රදේශයක් වෙච්ච උඩුගම්පොළ ප්‍රදේශයේ සකල කලා වල්ලභ රජ්ජුරුවෝ රජකම් කළා. සකල කලා වල්ලභ රජ්ජුරුවන්ව තමයි පසුව අස්වානේ දෙවියන් විදිහට සලකන්නේ. ඒ වගේම අපි දන්නවා මාඔය මෙගොඩ, පැතිගොඩ කියන ප්‍රදේශයේ පැතිගොඩ අම්මා කියලා දෙවි කෙනෙක්ව ඇදහීමක් සිද්ධ වෙලා තියෙනවා.
විශේෂත්වය තමයි, මේ කිසිම විදිහකින් ප්‍රාදේශීය දෙවි කෙනෙක් දූනගහ අදහන්නේ නෑ. ඒකට හේතුව, දූනගහ පත්තිනි දෙවියන් ඇදහීම ක්‍රිස්තු වර්ෂ එකසිය ගණන් දක්වා දුරට දුවන්නට ඇතැයි කියලා විශ්වාස කරන්නට පුළුවන් නිසා.

නවගමුව පත්තිනි දෙව්පුරයක් විදිහට අප විසින් මතක තබා ගත්තාට, කිසිවෙක් දූනගහ, පත්තිනි දෙවියන් ඇදහීමේ සුවිශේෂ ස්ථානයක් විදිහට හඳුනාගෙන නැති බව තමයි අපිට දැනෙන්නේ. කොහොම නමුත් දූනගහ තමයි මේ විදිහට අපිට තවදුරටත් කතාබහ කරන්න පුළුවන් තරම් පත්තිනි දේව ඇදහිල්ලක් සහිත ප්‍රදේශයක් විදිහට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

දූනගහ තවත් එක සුවිශේෂ කාරණයක් වෙන්නේ, මේ දූනගහ ප්‍රදේශයේ විහාරස්ථාන ගොඩනැගෙන්නේ 1815, 1860 ගණන්වල. ඒ වගේම පල්ලිය 1500න් මෙහාපැත්තේ ගොඩනැගෙනවා. මේ සියලු ස්ථානවලට පෙර දේවාලයක් ඇදහෙමින්, පත්තිනි දෙවියන් අදහන්නට පටන් ගත්තා යැයි මේ ප්‍රදේශයේ මිනිස්සු අතර කතාබහක් තියෙනවා. ඒ විදිහට ගත්තම සත්පත්තිනි දෙව්පුරය විදිහට දූනගහ හඳුන්වන්නට පුළුවන්. මේ දූනගහ සත්පත්තිනි දෙව්පුරයේ ඉතිහාස කතාව බොහෝ විට ජනප්‍රවාද සාහිත්‍යයේ සඳහන් වෙන කරුණු කාරණා අතරින් මැකී ගිහිල්ලා තියෙනවා. දූනගහ වෙල හඳුන්වන්නෙත් ගජබා වේල කියලා. ඉතින් ඒ නිසා මේ පත්තිනි දෙව්පුරයේ කතාව අපි ඔබට කිව්වේ, මැකී ගිය මතකයන් යළි මතක් කර දෙන්නට. අපි ඇදහිලි සම්බන්ධව හොයා යමින් හිටියා පහුගිය කාලය පුරාවට. විවිධ ඇදහිලි ගැන අපි ඔබට කිව්වා. දැන් මේ කතා කරන්නෙත් එවැනි විචිත්‍රවත් ඇදහිල්ලක් ගැන. පත්තිනි දෙවියන් වෙනුවෙන් පුද පූජා කිරීම එදා සිටම සිද්ධ වෙනවා. මේ වතාවේ මේ මහ පෙරහැර සූදානම් වෙලා තියෙන්නෙත් දූනගහ සත්පත්තිනි දෙව්පුරයේ පත්තිනි දෙවියන් ඇදහීම සඳහායි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අර වර්ජන මේ වර්ජන බොරු ගර්ජන සහ තර්ජන! Sri Lanka Latest News

Next Post

‘සජිත්ට බෑ අනුරව පරද්දන්න..! සජිත්ට බෑ..!’ ජනාධිපතිවරණ වේදිකාවේදී රනිල් කරපු කතාවක්! සමාජ මාධ්‍යයේ හිටපු හැටියේ උඩට ආපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.