ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණියේය.Sri Lanka Latest News
එම කොට්ඨාසය විසින් සිදුකළ කැඳවීමකට අදාළව ඔහු මෙලෙස පැමිණ තිබේ.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මෙම විමර්ශනය සිදු කරන බව සඳහන්.
කෙසේවෙතත් පසුගිය දිනෙක යූටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරි කියා තිබුණේ රනිල් වික්රමසිංහ මහතා අද දින අත්අඩංගුවට ගනු ඇති බවකි.
එසේ නොවන්නේ නම් තම යූටියුබ් චැනලය වසා දමන බවද හෙතෙම කීය.










